චතුසච්ච 5

ඔන්න පින්වත් මිතුරු මිතුරියනේ.. ගොඩාක් දවසකට පස්සෙ අපි ආයෙත් හමුවෙනවා උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.. අද අපි හොයල බලමු චතුරාර්‍ය සත්‍යයට අයත් නිරෝධ සත්‍යය ගැන.. මේ ගැන සඳහන් වන උතුම් ගාථාවක් තියනවා.. අපි ඒ ගාතාවෙ මොනවද තියෙන්නේ කියල බලමු. මෙන
්න ඒ ගාථාව "ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමථෝ.. සබ්බූපධි පටිනිස්සග්ගෝ..තන්හක්ඛයෝ.. විරාගෝ.. නිරෝධෝ.. නිබ්බානං.. දැන් අපි බලමු ඒ උතුම් නිරෝධ සත්‍යය ගැන මේ ගාථාවේ සඳහන් වන කාරනය සහ මෙය යම් ආර්‍යයන් වහන්සේ නමක් අත්විදින ආකාරය ගැන.. මොකද කියන වානම් සත්ධර්මයේ ඇත්තේ දුක්ඛ සත්‍යය පිරිසිද දැකිය යුතු දෙයක් බව, සමුදය සත්‍යය ප්‍රහානය කලයුතු දෙයක් බව. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක් බව.. අන්න ඒකයි අද අපි සොයා බලන්න යන්නේ.. ඒතං සන්තං ඒතං පනීතං යදිදං, මෙයම ශාන්තයි.. ඒ කියන්නේ නොසන්සුන් කම දුරුවී සන්සිදී යනසුලුයි... මෙයම ප්‍රනීතයි..ඒ කියන්නෙ අතිශයින් සුවදායකයි.. යදිදං සබ්බ සංඛාර සමථෝ.. මොකක් නිසාද මේ ශාන්ත බව සහ අතිශයින් සුවදායක බව ඇතිවන්නේ? සියළු සංස්ඛාරයන් සිදී යන නිසයි.. ඉතිං කොහොමද ඒක වෙන්නේ? කාය සංඛාර (ආශ්වාස ප්‍රශ්වාස )සංසිදී යනවා.. ශාන්ත වෙනවා.. වචී සංඛාර අරමුනු සිතට පැන නැගීම, අරමුනෙහි සිත හැසිරීමසංසිදී යනවා.(විතක්ක, විචාර.)මෙහිදී කාය සංඛාර වචී සංඛාර සංසිදීම නිසා වේදනා සංඥා (මනෝ සංඛාර )සංසිදී යනවා දැන් අපි බලමු සබ්බූපධි පටිනිස්සග්ගෝ ගැන.. මෙන්න මේ නිසාම පංච උපාදානස්ඛන්දයන් අත හැරී යනවා.. මහා බරකින් නිදහස් උනාක්මෙන්.. .. තන්හඛ්ඛයෝ.. මෙය වන්නේ තෘශ්නාව ක්ශය වීමත් සමගමයි..තෘශ්නාව ක්ශය වීමත් සමගම ආශාවෙන් ඇලීයාම,උපාදානය (විරාගෝ) නැති වෙනවා.. මේ සමගම භවය සකස් වීම නවතිනවා.. (නිරෝධෝ ) මේ පෙර කී සියල්ල නිරුද්ධ වීම සමගම නිවීම වෙනවා..නිබ්බාණං.. මෙන්න මෙයයි පින්වත් මිතුරු මිතුරියනි නිරෝධ සත්‍යය.. මෙයයි සියළුම ආර්‍යයන් වහන්සේ ලා මගපල සාක්ෂාත් කිරීමේදී අත් විදින්නේ.. පින්වත් ඔබ සෑම දෙනාටත් ඒ අමා නිවන්සුව මේ ජීවිතයේදීම අත්විදීමට ලැබේවා.. සැමට තෙරුවන් සරණයි..!

නිවන්මග 10


පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි සදා සැනසීම උදා කරදෙන උතුම් සදහම් මග ගැන තවත් යමක් ගැන විමසා බලමු..ඒ අමා නිවනට ඒකායන මාර්ගය වූ උතුම් සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව යොදාගෙන ආර්‍ය මාර්ගය වඩන්නේ කොහොමද කියල විමසා බලමු.. යමෙක් තම සිරුර ගැන මනා ලෙස සිහි නුවන පවත්වන්නේ නම්
 (කායානුපස්සනාව )ඒ පුද්ගලයාට තමා තුල ඇතිවන්නාවූ වේදනාවන් ගැන මනා සිහි නුවනින් දැක ගැනීමට හැකිවනු ඇත..මෙය මෙසේ (වේදනානුපස්සනාව)දැනගැනීමේ ප්‍රයෝජනය කුමක්ද?යමෙක් මෙසේ තමාතුල පහලවන්නාවූ වේදනාවන් සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ තමන් තුල පහලවන්නාවූ වේදනා හේතු කොටගෙන පහලවන ඇලීම් ගැටීම් මුලාවීම් ද දැකගත හැකිවනු ඇත.. මේ චිත්තානුපස්සනාවයි.. මෙවා මෙසේ සිහි නුවනින් දැක ගන්නා පුද්ගලයා හට මේ නිසාම තමන් තුල හට ගන්නා නීවරනද නීවරන ද, නීවරන නැති වීමෙන් පසු වැඩෙන සප්ත බොජ්ජංගද දැකගත හැකිවනු ඇත.. දැන් අපි බලමු මේව මෙහෙම වෙන්නේ කොහොමද කියල.. යමෙක් කය ගැන මනා සිහි නුවන පවත්වන විට තමන්ගේ කයේ ඇති වන වේදනා මනා සිහි නුවනින් දකින්න පුලුවන් වෙනවා,,( දුක් වේදනාවක් නම් දුක් වේදනවක් යයි සිහි නුවනින් දැන ගනී.. සුඛ වේදනාව ද, මැදිහත් වේදනාවද, මේ ලෙසම සිහි නුවනින් දැන ගනී..) ඒ වේදනා නිසා තමන් තුල ඇලීම්, ගැටීම් ඇති වන බවත් දකිනව.. (සරාග සිතක් නම් සරාග සිතක් යයි සිහි නුවනින් දැන ගනී ද්වේශ සිතක්, මෝහ සිතක් මේ ලෙස ) යමෙක් දුක් වේදනාවක් විදීනම් ඒ වේදනාව නිසා තමන් තුල ද්වේශ සිතක් උපදින බව සිහි නුවනින් දකින්නාට මෙහෙම මෙනෙහි කරන්න හැකි වෙනවා.. මේ දුක් වේදනාව මට ඇති වෙන විදිහටම තමයි අනිත් අය තුලත් දුක් වේදනාව ඇති වෙන්නේ.. ඒ නිසාම මම මේ වේදනාව නිසා ඇතිවූ ද්වේශයෙන් අනිත් අය පීඩාවට පත් කරන්න හොද නෑ..යමෙක් මෙන්න මේ විදියට තමන් තුල ඇතිවූ වේදනා ගැනත්,ඒ නිසා ම ඇති වූ ද්වේශය ගැනත්, නුවනින් විමසා බලන්නේ නම්,මේ වේදනාව නිසා තමන් තුල පහල වූ ද්වේශය ද පහවී යනු ඇති..සුඛ වේදනව නිසා රාග සිතක් පහල උනා නම් ඒ බවද සිහි නුවනින් දැන ගන්නව..එහෙම දන ගන්න පුද්ගලයා ඒ නිසාම රාග සිත නිසා අනුන්ට හෝ තමන්ට වෙන්න පුලුවන් හානිය සිහි නුවනින් දැක ගන්නව.. මෙසේ සිහි නුවනින් කයද, වේදනාවන් ද, ඒ නිසාම ඇති වන කෙළෙස් සිත් ද සිහි නුවනින් දකින්නා හට, ඒ කෙළෙස් සිත් සංසිදීමෙන් තමන් තුල සප්ත බොජ්ජංග ඇති වන බව සිහි නුවනින් දකිනවා.. කායික තත්වයන්ගේ ද, වේදනාවන් ගේද, වේදනවන්ගේ ද, ඒ නිසා ඇති වන සිත වලද ඇති වීම් දකිනවා, නැති වීම් දකිනවා.. පංච උපාදානස් කන්දයන්ගේ ඇති වීම්,නැති වීම් ද දකිනවා..මේ උතුම් විදර්ශනාවයි..නැතිනම් ධම්මානුපස්සනාවයි..මෙසේ සිහි නුවන පවත්වනා හට තමන් තුල පහල වන්නාවූ දුක් දොම්නස් නැති කරගන්න හැකි වෙනවා..ශෝකය ද,හැඩීම් වැලපීම් නැති කරගැනීමට හැකි වෙනවා.. ඒ අමා නිවනින් නිවී සැනසීමට ද හැකි වෙනවා.. ඔබ අප සෑම දෙනාම මේ උතුම් සතිපට්ඨාන ය වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමු..

 පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි ටිකක් වෙනස් දෙයක් කතා කරන්නයි  යන්නේ..ඒ තමයි වත්මන් සමාජයේ සත්ධර්මයේ නාමයෙන් පැතිරෙන්නාවූ මිත්‍යා මතයක් ගැන..අපි ටිකක් ඒ ගැන සොයා බලමු.. අපි හැමෝම දන්නවා භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකාන්හයෙන් ඇත යන අන්තයත්, ඒකාන්තයෙන් නැත අන්තයන් ප්‍රතික්ෂේප කල බව.. වර්ථමානයේ ඇතැමුන් මෙන්න මේ ඒකාන්තයෙන් ඇත යනකාරණය සහ ඒකාන්තයෙන් නැත යන කාරණය සමග ඇතිවීම සහ නැතිවීම යන කාරණා සමාන ලෙසින් සලකා ඇතිවීම සහ නැති වීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වැරදි දෘෂ්ටියකට බැසගනී.. දැන්  අපි බලමු මේ කාරණා දෙක සමාන ද, අසමාන ද, කියල.. මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකාන්තයෙන් ඇත යන්නෙන් අදහස් වන්නේ ශාස්තවත දෘශ්ටියයි, එනම් නොවෙනස් වූ සදාකාලික ආත්මයක් ඇත යන්නයි..නමුත් ඇති වීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ මේ අදහසට හාත්පසින්ම විරුද්ධ හේතුන් ඇති වීම නිසා ඵල ඇති වීමයි.. මිත්‍යා දෘශ්ටියක් වූ ඒකාන්තයෙන් නැත යනු උච්ඦේද දෘෂ්ටියයි.. එනම් ජීවත්ව සිටින සත්වයෙකු මියයෑමෙන් පසු සියල්ල අවසානය යන්නයි.. නමුත් "නැතිවීම" නම් ඇතිවීමට හේතුවූ තත්වයන් නැති වීම නිසා එයින් ඇතිවූ ඵලයද නැතිවී යෑමයි..සත්ධර්මයේ පෙන්වා  දෙන්නේ හේතු ඵල ක්‍රියාකාරිත්වයෙන් හටගන්නාවූ ධර්මතාවයක් වන ඇතිවීම සහ නැතිවීමයි..  මෙය කිසිසෙත්ම මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකානත්යෙන් ම නැත යන අන්තයට සමාන නැත.. මෙහි භයානක ප්‍රතිපලය නම් මේ හේතුවෙන් ඉහත ලෙස වැරදි දෘෂ්ටිහත වූවන් හේතුපල ධර්මයද, විදර්ශනාවද මේ නිසා අවුල් කරගැනීමයි.. ඉතා කරුණාවෙන් කියන වගනනම්, මෙය මෙසේ පෙන්වා දුන්නේ දෘෂ්ටිගත වූවන් ගේ දෘෂ්ටිය නිවැරදි කිරීමට නොව, අලුතෙන්  කෙනෙක් දෘෂ්ටිගත වීමෙන් වැලක්වීම සදහා බවයි.. සියළු දෙනාම මිත්‍යාදෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ටියට පැමිනෙත්වා..! සියළුම දෙනා ඒ අමා නිවනින් නිවී සැනසෙත්වා..! ඔබ සැමට තෙරුවන් සරණයි..!

නිවන් මග9

පින්වත් මිතුරු මිතුරියනි.. ඔබ සැම සමග සදහම් මිහිර විදගන්නට ඔන්න මම අදත් ආවා වෙනදා වගේම.. බොදුනුවන්වන අපි හැමෝගෙම අවසන් ඉලක්කය වන්නේ මොකද්ද ඇහුවොත් හැමෝම කියාවි නිවන් දකින්නයි කියල.. ඉතින් මොකද්ද හැබෑට මේ නිවන? අපට මේ ජීවිතේදිම නිවන් සුව අත්
 විදින්න පුලුවන්ද? අපි ටිකක් හොයල බලමු ඒ ගැන.. මිතුරු මිතුරියනේ. ඉතාම සරලව කියනවනම්..නිවන යනු නිවීමයි.. ඉතිං නිවෙන්න නම් දැවෙන්න එපායයි? ඉතිං ඒ කියන්නෙ අපි දැවෙනවාද? ඔව් අපි දැවෙනවානෙ.. ඒකනේ නිවන ඕන වෙන්නේ .. කොහොමද අපි දැවෙන්නේ? අපි ආශාවෙන් දැවෙනවා ද්වේශයෙන් දැවෙනවා.. මෝහයෙන් දැවෙනවා.. ඊලග ප්‍රශ්නෙ .. කොහොමද ඉතිං නිවෙන්නෙ.. මුලින්ම තමන් දැවෙන බව දැනගන්න ඕනෑ.. ඊලගට දැවීමට හේතුව දැන ගන්න ඕනෑ.. ඊට පස්සේ එයාට වැටහෙනවා හේතුවෙන් මිදීමෙන් නොදැවී ඉන්න පුලුවන් කියල.. දැන් අපි බලමු අපි දැවෙන්නේ මොකක් නිසාද කියල.. අපි ආශාවෙන් දැවෙනවා.. ද්වේශයෙන් දැවෙනව.. මෝහයෙන් දැවෙනවා.. නිවීමේ මුල්ම පියවර තමයි සීලය.. සීලයෙන් අපට යම් තරමක් නිවෙන්න පුලුවන්.. කොහොමද ඒ? අපි සතුන් මැරීමෙන් වැලකුනොත්.. අප නිවෙනවා.. මොකද කියනවා නම් සතෙක් මැරීමේදී අප තුල ඇති වන්නේ ද්වේෂයයි. ද්වේශයෙන් ඇති වන්නේ දැවීමයි..යමෙක් සොරකම් කරන්නේ තමන් යම් දෙයකට ආශා කිරීම නිසයි.. ආශාවෙන් දැවීම නිසයි..සොරකම් කිරීමේදීද ඉන්පසුවද සොරකම් කල පුද්ගලයාට ඇති වන්නේ බියයි.. බිය යනු ද්වේශයමයි.. ඉතින් යමෙක් සොරකම් නොකරනවා නම් එවැනි දැවීම් නොවේ.. නිවීමම වේ.. කාමයෙ වරදවා හැසිරෙන්නේම රාගයෙන් දැවීම නිසාමයි.. සිල්වත් පුද්ගලයා කාමයේ වරදවා නොහැසිරීමෙන් රාගයෙන් නොදැවේ.. බොරු කීම නිසාද, කේලාම් කීම නිසාද.. පරුශ වචන කීම නිසාද ද්වේශයෙන් දැවීම වේ.. නිසරු කතා කියමින් ඉන්නේ ආශ්වාදය සදහාම නිසා එයින් ආශාවෙන් දැවීම වේ.. මෙසේ පව් කරන්නා රාගයෙන් ද දැවේ.. ද්වේශයෙන්ද දැවේ.. සිල්වත් පුද්ගලයා තමා දැවෙන්නේ පව් කිරිම නිසා යයි නුවණින් දැක දැවීමට හේතුවන්නා වූ පව් නොකොට ඒ දැවීම් වලින් නිවේ.. මේ සීලයෙන් නිවීමයි.. මේ ලගට න්නිවීම ඇති කරගන්නා ක්‍රමය නම් සන්සුන් සිතක් ඇතිකර ගැනීමයි... නොසන්සුන් සිතක් ඇත්තා රාගයෙන් දැවේ.. ද්වේශයෙන් දැවේ..මේ නිසාම පසුතැවිල්ලෙන් දැවේ.. යමෙක් යම් භාවනාවකින් සමාධියක් වඩා සිත සන්සුන් කරගනීද ඒ පුද්ගලයා පෙර කිව් ලෙස නොදැවේ.. නිවී සැනසීමෙන් කල් යවයි.. මේ සමාධීය තුලින් නිවීමයි.. අප දැවෙන තුන්වන ආකාරය නම් මෝහයෙන් දැවීමයි.. අපි කැමති කෙනෙක් හෝ යමක් වෙනස් නොවේ.. නොකැඩේ.. නොමැරෙයි කියා මෝහයෙන් සිතුවොත් ඒ කැමති අය වෙනස් වීමෙන් මිය යාමෙන් දේවල් කැඩී බිදී යෑමෙන් ශෝකයෙන් දැවීමට පත්වේ.. යමෙක් හැම දෙයක්ම තමන්ට කැමති කැමති අයුරින් පාලනය කිරීමට පුලුවන් යැයි මෝහයෙන් සිතුවොත් එසේ කිරීමට නොහැකි වීමෙන් ද්වේහයෙන් දැවේ.. මේ තත්වයෙන් මිදී මෝහයෙන් ඇතිවන දැවීම නිවා ගන්නේ (අනිත්‍යයි ම දෙයක්ම වෙනස්වන සුළුයි (අනිත්‍යයි) වෙනස් නොවේ යයි සිතා ගත්තොත් දුකයි.. කැමති ලෙස පාලනයකල නොහැකියි.. (අනාත්මයි) යනුවෙන් විදසුන් නුවණින් දැකීමෙනුයි.. මේ ප්‍රඥාව තුලින් නිවීමයි.. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වඩමින් ක්‍රමයෙන් සිත නිවීමට පත්කර ගන්නාහට අවසානයෙදී ඒ අමා නිවනින් සදහටම නිවී සැනසීමට පත් වීමට හැකිවේ.. මෙය පිරිනිවනයි.. පූර්ණ ලෙස නිවීමයි.. අප සෑම දෙනාමද සීල සමාධි ප්‍රඥා දියුනු කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!

විදසුන් ඇස 9

පින්වත් මිතුරු තවත් සුවබර ඔන්න අපි යලිත් හමුවෙනවා උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.. උතුම් ශ්‍රී සත්ධර්මයේ පමණක් දක්නට ලැබෙන විදසුන් වැඩීම ගැන විමසා බලමු තවදුරටත්.. යමෙක් නිවැරදි ලෙස විදසුන් වඩන්නේනම් ඒ පුද්ගලයා ආරය මාර්ගය ප්‍රගුන කරන්නෙක් වේ.. සම්මා දිට්ටියට පත්වූවෙක් වේ.. අප මදක් විමසා බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.. යමෙක් නිවැරදි ලෙස විදසුන් වඩන්නේ නම් යමක් හෝ යමෙක් වෙනස් නොවේ යම් තත්වයක් වෙනස් නොවේ යන දැක්ම දුකට හේතුවන බව නුවණින් දකී.. ඒක වෙන්නේ මෙහෙමයි.. යමෙක් තමන් කැමති ස්වභාවයක් වෙනස් නොවේ යන නිත්‍ය සංඥාව ගත්තොත් ඒ ස්වභාවය වෙනස් වී යනවිට දුකට පත්වේ..යමෙක් තමන් අකමැති තත්වයක් වෙනස් නොවේ යන නිත්‍ය සංඥාව ගත්තොත් ඒ නිසාම දුකට පත්වේ.. මෙසේ වන්නේ නිත්‍ය සංඥාව තෘශ්නාවෙන් උපාදානය කිරීමෙනි.. තෘශ්නාව නම් ඇලීම සහ ගැටීමයි.. යමෙක් කැමති තත්වයක් වෙනස් නොවේ යයි හැගීමක් ඇතිකර ගත්තොත් ඒ කැමති තත්වයට ආශාවෙන් ඇලීමක් ඇතිකර ගනී..ඒ කැමති තත්වය වෙනස් වී යෑමෙන් ඒ පුද්ගලයා දුකට පත් වේ.. යමෙක් තමන් අකමැති තත්වයක් වෙනස් හැඟීමක් ඇතිකර ගත්තොත් ඒ තත්වය නොවෙනස්ව පවතින තෙක් ඒ නිසාම ද්වේශයෙන් ගැටීමට යයි.. යමෙක් මේ කැමති ස්වභාවය ද, අකමැති ස්වභාවය ද, වෙනස් වේ යයි විදසුන් නුවණින් දකීනම් ඒ පුද්ගලයා ට  නොඇලී නොගැටී සිටීමට හැකියාවක් ලැබේ.. එනම් හරි දැකීමට පත්වීම නිසා හරි සිතීම් ඇති වේ.. එනම් සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප ඇතිවේ. චතුරාර්‍ය සත්‍ය සත්‍ය ඥාණ ලෙස දැකීම නම් වේ.. දැන් අප විදසුන් ඇසෙන් මේ විදසුන් සම්මා දිට්ඨිය ඇතිවන්නේ කොහොම  කියල බලමු.. විදසුන් වඩන යෝගියා විදසුන් ඇස තුලින් දකින්නේ වෙනස් වීම හෝ නොවෙනස් වීම තෘශ්නාවෙන් උපාදාන කිරීම නිසා දුක උපදින බවයි.. මේ දුක්ඛ ආර්‍ය සත්‍ය දැකීමයි.. මේ දුක්ඛ යට හේතුව කැමති හෝ අකමැති තත්වයන් නිත්‍ය ලෙසගෙන ඒ නිත්‍ය තත්වය තෘශ්නාවෙන් උපාදානය කිරීම දුකට හේතුව යයි  විදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය දැකීමයි.. ඒ කැමති හෝ අකමැති තත්වයන් නිත්‍ය යයි තෘශ්නාවෙන් උපාදානය නොකිරීමම දුකෙන් මිදීම යයි වීදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍ය දැකීමයි.. යමෙක් දුකෙන් මිදීමේ මාර්ගය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීමම දුකින් මිදීමේ මාර්ගය ලෙස විදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්‍ය සත්‍යය යි.. මෙසේ විදසුන් නුවණින් සම්මා දිට්ඨිය ඇතිකරගන්නා විදර්ශනා යෝගියා සම්මත්ත නියාමය නම් වන්නාවූ ද, දහම් ඇස නම් වන්නාවූද  උතුම් සෝතාපත්ති ඵලයට පත්වේ.. ඔබ සැම දෙනාද මේ උතුම් විදසුන් වැඩීමෙන්, කෙළෙසුන් කැඩීමෙන් ඒ අමා නිවන් සුව වහ වහා ලගා කරගනිත්වා.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

නිවන් මග 8

පින්වත් මිතුරු මිතුරියනි.. අද මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්? අපි ඇත්තෙන්ම දුකට කැමතිද? හැමෝම කීයාවි අපිනම් අකමැතියි කියල.. නමුත් ඇත්ත තත්වයනම් අප නොදැනුවත්ව හෝ කැමති වන්නේම දුකට බවයි.. කොහොමද ඒ කියල පොඩ්ඩක් හොයලබලමු.. අපි හැමෝම දන්නවා
පොඩි දරුවෝ බෙහෙත් බොන්න අකමැතියි..ගොඩක් බෙහෙත් ජාති තිත්තයි නිසා.. මෙන්න මේ නිසා ගොඩක් තිත්ත බෙහෙත් පෙති හදන්නේ පැනිරස පිට වැස්මකුත් සමග.. ඉතිං ළමයින්ට ඒ බෙහෙත් පෙති දැනෙන්නෙ පැනිරස දේවල් හැටියට.. අන්න ඒ වැරදි වැටහීම නිසා ළමයි ඉතා කැමැත්තෙන් මේ තිත්ත බෙහෙත් බොනවා.. ඒත් පොඩ්ඩක් වැඩි වෙලා දිවේ තිබුනොත් බෙහෙත් පෙත්තේ සීනි කවරය දිය වෙලා තිත්ත මතු වෙනවා.. අපිත් ඔන්න ඔය වගේ රැවටීමකට හසු වෙලා තමයි දුක් සහිත කයකට සහ මනසකට කැමති වී ඇත්තේ.. බුදු රජාණන්වහසේ දේශනා කරන්නේ ලෝකය යනු දුකම බවයි.. සත්ධර්මයට අනුව, ලෝකය යනු ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන සයයි.. ඉතින් අපි මේ ලෝක සය දකින්නේ දුක ලෙස නොවෙයි.. හරියට දිව්‍ය ලෝක සය වගේ ප්‍රිය මිහිරි ලෙසයි අප මේ ආයතන සය දකින්නේ.. ඒත් ඇත්ත වශයෙන්ම මේ ආයතන සය පෙර කියපු පැනිරස කවරයකින් වසා ඇති තිත්ත බෙහෙත් පෙති වගේමයි.. අතීත භවයේදී මේ ආයතන සය ප්‍රිය මිහිරි ලෙස වැරදියට දැක ඒවාට ආශා කිරීමෙන් හටගත් කර්මයන් හී විපාක ලෙසිනුයි අපට මේ ආයතන සය ලැබී ඇත්තේ.. චුට්ටක් කල්පනා කරල බලන්නකෝ.. මේ ජීවිතයේ අපි යම් දුකක් වින්දානම් ඒ දුක වින්දේම මේ ආයතන සය නිසා නේද කියලා? මේ ආයතන සයේ යම් සුළු ආශ්වාදයකුත් නැත්තේම නෑ තමයි.. ඒත් මේ ආයතන නිසා අපට ලැබෙන දුක් ගැන සලකා බලද්දී ඒවායින් ලැබෙන ආශ්වාදය ඉතාම සුළු දෙයක් බව පෙනී යනවා.. මේකට උපමාවක් කියනවානම් හරියට, වැඩි මුදලක් වියදම් කරල නොවටිනා බඩුවක් ගත්තා වගෙයි.. ගත්තේ බාල බඩුවක් ගත්තු දවසේ ඉදල කැඩෙනව, හරියට අපට ඕනෑ විදියට වැඩ කරන්නේ නෑ.. අළුත්වැඩියා කරන්න සල්ලි වියදම් වෙනවා විතරයි.. ඉතිං අපේ කියල අපි ආසා කරන මේ ආයත්න සයත් නිතරම ලෙඩ වෙන.. කෑම බීම නිතරම සපයන්න වෙන එහෙම කලත් අපට ඕනෑ ලෙස පාවිච්චි කරන්න බැරි, බාල බඩු වගේමයි නේද? අපි වැඩි මිලක් දීල බාල බඩු ගන්නේ නොදන්නා කම නිසයි.. ඒ වගේම බොහෝ දුක් ඇති මේ ආයතන සයට අපි නැවත, නැවත, ආශා කරන්නේ නොදන්නා කම(අවිද්‍යාව) නිසාමයි.. මේ ආයතන සය කියන්නේ අතීත කර්මයක් විපාකයක්.. දැන් අපිත් සමහර වෙලාවට මොකක්හරි කරදරයක් උනාම කියන්නේ "හරිම විපාකයක් තමයි" කියල.. ඇත්තටම කියනවානම් මෙ ආයතන සයත් "හරිම විපාකයක්" තමයි.. මේ ආයතන වලට ලැබෙන අරමුනු වලට බැදී යෑම නිසා.. අපට කෙළෙස් ඇති වෙනවා.. ඒම ඇතිවෙන කෙළෙස් වලින් ඇතිවන පීඩනය නිසා කරන ක්‍රියා නිසා අපට බොහෝ ඇනුම් බැනුම් අහන්න වෙනව.. සමහරවිට දඩුවම් විදින්න වෙනවා.. හිරේ යන්න වෙනවා.. සමහර විට මැරුම් කන්නත් වෙනවා.. මේ ඔක්කෝටම වඩා භයානකම කාරනය නම් එසේ කෙළෙස් ඇති වීමෙන් කරනු ලබන ක්‍රියා හේතුවෙන් කල්ප ගනනාවක් අපායේ භයානක දුක් පීඩා විදින්න වෙනවා.. ඒත් අපට මේ භයානක තත්වයෙන් ගැලවීමකුත් තියනවා.. ඒ තමයි ශ්‍රී සත්ධර්මයේ පිහිට.. සත්ධර්මය තුලින් අපට මේ ආයතන සය දුකක් ලෙස දැකීමට හැකි වෙනවා.. මේ දුකට හේතුව ආයතන සහ එයි ලැබෙන අරමුනු ප්‍රිය මිහිරි ලෙස දැකීමේ තෘශ්නාව බව වටහ ගැනීමට හැකි වෙනවා..මේ දුකින් මිදීම නම් ආයතන සයට සහ ඒවගෙන් ලැබෙන අරමුනු වලට ඇති තෘශ්නාවෙන් මිදීමම බව වටහා ගැනීමට හැකි වෙනවා.. ආයතන නිසා ඇතිවන දුකින් මිදීමේ මාර්ගයක් ඇති බවද වටහා ගැනීමට හැකි වෙනවා.. ඉතින් පින්වත් මිතුරු මිතුරියනි.. අපද මේ ආයතනද, අරමුනුද, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදසුන් නුවණින් දැක ආයතන වලට ඇති ආශාව දුරුකොට චතුරාර්‍යසත්‍යාවබෝධ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!

නිවන්මග 7


පින්වත් මිතුරු මිතුරියනි.. අදත් මම ඔයාල හමුවෙන්න ආවේ සදහම් අමා මී ඔබ සමග රසවිදින්නයි.. අද අපි සකාච්චා කිරීමට යන්නේ සදහම් මග යන්නාවූ කෙකෙන් වීම ගැනයි.. මේ සදහම් මාර්ගයේ හික්මෙන්නා ගැන සඳහන් වන්නේ සේඛ පුද්ගලයා ලෙසයි.. මූලිකවම සේඛ පුද්ගලයෙකුවීම සඳහා තිසරණයේ පිහිටිය යුතු අතර ඉන්පසු සිදුකලයුතු කාර්‍යයන් ගැනයි ඊලගට කතා කරන්න යන්නේ.. භාග්‍යවතුන් වහන්සේ සේඛ්iඅ පුද්ගලයා ට අනුශාසන කරන්නේ මේ ලෙසටයි.. "න නිමිත්තග්ගහී හෝති.. න අනුවයංජනග්ගාහී හෝතී.. " ලෙසටයි.. අපි දැන් මේ මොකද්ද කියල ටිකක් හොයා බලමු.. අපි යම් කෙනෙන් හෝ දෙයක් දකින විට අනේ මෙයානම් හරි ලස්සනයි.. මේක නම් හරි ලස්සනයි.. යනුවෙන් තමන් ගත් අරමුන ප්‍රිය මිහිරි ලෙසින් ගනී.. මේ නිසා ගත් අරමුන හිතේ කාවදී.. මෙන්න මෙය නිමිති ගැනීම ලෙස සැලකේ.. යමක් හෝ දෙයක් ප්‍රිය මිහිරි ලෙස ගැනීමත් සමගම තමන් ගත් අරමුන ගැන වැඩි දුරටත් සොයා බැලීමට පටන් ගනී.. ඉන්පසු තමන් ගත් අරමුන කොටස් වශයෙන් බලමින් ඒවාද ප්‍රිය මිහිරි ලෙස ගනී.. උදාහරනයක් ලෙස තමන් ගත් අරමුන තරුන ගැහැණු ළමයෙකු නම් ඇයගේ හිසකෙස්ද සමේ පැහැයද.. ඇයගේ සිනාවද ප්‍රිය මිහිරි ලෙස ගනී.. ඒවාද සිතට කාවද්දාගනී.. මෙසේ සම්පූර්න ලෙසටද කොටස් වශයෙන්ද තමන් දුටු අරමුන ප්‍රිය මිහිරි ලෙස ගැනීම නිසා තෘශ්නාව උපදී.. මෙය සතිපට්ඨාන සූත්‍රයේ මේලෙසින් සදහන් වේ.. චක්ඛුං ලෝකේ පියරූපං සාතරූප, එත්ථේසා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති,එත්ථ නිසතිමානා නිවීසතී. ඇස යන ලෝකය ප්‍රිය මිහිරි ය,, එසේ ගැනීම නිසා ඒ තන්හාව හටගැනීම් වශයෙන් මෙහි හටගනී.. ඒ තන්හාව මෙහි තැන්පත් වීම් වශයෙන් මෙහි තැන්පත් වේ'' මෙන්න මේ නිසයි ලැබෙන අරමුනු ප්‍රිය මිහිරි ලෙස ගනිමින් ඒවා නිමිති අනුනිමිති ලෙස නොගන්නයයි දේශනාවෙ ඇත්තේ.. අද අපි සාකච්චා කරන අනෙක් කරුන නම් සේඛ පුද්ගලයා මේ අරමුනු උපයෝගී කරගනිමින් සම්මා දිට්ටිය ඇති කරගන්නා ආකාරයයි.. සම්මා දිට්ටි සූත්‍රයට අනුව සම්මා දිට්ටියට පත් වීමේ එක් ක්‍රමයක් නම් ආහාරය පූර්න වශයෙන් දැන ගැනීමයි.. එනම් ආහාරයේ චතුරාර්‍ය සත්‍ය දැකීමයි.. ආහාරම් සතර වර්ගයකි.. 1 කබලිකාරාහාරය.. 2 ඵස්සාහාරය.. 3මනෝසඤ්චේතනාහාරය.. 4විඤ්ඤාණාහාරය.. මේ අයුරින් ආහාර දැනගනී ..ආහාර සමුදය දැනගනී.. ආහාර නිරෝධය දැනගනී.. ආහාර නිරුද්ධ වීමේ මාර්ගය දැන ගනී.. මෙහි ආහාර සමුදය නම් මේ ආහාර ප්‍රිය මිහිරි ලෙස ගැනීමේ නන්දි රාගය සහ ඦන්ද රාගයයි..ආහාර නිරෝධය නම් ප්‍රිය මිහිරි ලෙස ගන්නා ඦන්ද රාගය සහ නන්දි රාගය දුරු කිරීමයි.. මෙන්න මේ සතර ආහාරය නිරුද්ධ වීමේ මාර්ගය යි අද කතා කරන්න යන්නේ..මේ ආහාරනම් අපගන්නා අරමුනු සහ ඒවා දැන ගැනීම, ඒවා විදීම, සහ ඒවා සිහිකිරීමයි.. අප අරමුනක් ගැනීමේදී ගන්නා අරමුන අනිත්‍ය ලෙස ද, නිත්‍ය ලෙස සැලකුවහොත් දුකක් වන්බවද,කැමති ලෙස පැවැතිවිය නොහැකි බවද එසේ කලහැක්කෙක් නොමැති බවද විදසුන් නුවනින් දකී.. මෙසේ විදසුන් නුවනින් දැකීමම ආහාර නිරුද්ධ කිරීමේ මාර්ගයයි.. මෙසේ විදසුන් වැඩීමේදී කබලිංකාහාරයෙන් ඇතිවෙන පංච කාම යේ නොඇලේ ..ඵස්සාහාරයෙන් ඇතිවන ඇලීම් ගැටීම් ආදී වේදණාවන්ගේ නොඇලේ.. මනෝසඤ්චේතනා නිසා ඇතිවන තෘශ්නාවෙ නොඇලේ.. වින්ග්ඤාණාහාරය නිසා හටගන්නා නාම රූපයේ නොඇලේ.. මෙසේ විදසුන් වඩන්නා හට සත්ධර්මයේ සදහන් වන්නේ අනිමිත්තවිහාරී පුද්ගලයා ලෙසටයි..නිමිත්තක වාසය නොකරන්න ලෙසටයි.. අපද මෙසේ විදසුන් වඩමින් අනිමිත්තසාරී පුද්ගලයෙක්ව වසමින් ආහාරය තුලින් සම්මා දිට්ටිය උපදවා ගනිමු..අවසානයේ දී උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධකොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.....

ද්වයතාව2




පින්වත් මිතුරු මිතුරියනි.. සුවබර නැවුම් උදෑසනක ඔබ අප යලිත් වරක් හමුවන්නේ සියළු දුක් නිමාකරවන උතුම් ශ්‍රී සත්ධර්මයත් සමගින්..! ඉතිං මම යමක් ඔබෙන් අහන්නම්? ඔබ දුකට කැමතිද? අකමැතිද? නිසැකවම ඔබ කියාවි.. කව්ද අප්පේ දුකට කැමති? අපි හැමෝම දුකට අකම
ැති කියල.. ඒත් මම යෝජනා කරනවා මෙහෙම.., බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා හැරුනුකොට ඔබ මම ඇතුළු අපි හැමෝම දුකට කැමතියි කියල.. ඇයි මම එහෙම කියන්නෙ? කියල ඔයාල හිතාවි.. දැන් අපි බලමු ඇයි මම එහෙම කියන්නෙ කියල.. ඔයා අපි හැමෝම දෙයක් ලැබෙනවට කැමති නේද? යහලුවෙක් යෙහෙලියක් ලැබෙනවට, බිරියක්, සැමියෙක් ලැබෙනවට, දරුවෙක් ලැබෙනවට හැමෝම කැමතියි.. යාන වාහන බඩු මුට්ටු ලැබෙනවට කැමතියි.. ඒත් දුකට අකමැතියි.. ඒත් අකමැති උනත් දුක ලැබෙනවා.. මොකද්ද මේකට හේතුව? හේතුව මෙන්න මේකයි.. කලින් කිව් පුද්ගලයන්ට දේවල් වලට දේවල් වලට කැමති කියන්නෙම අප දුකට කැමති උනා කියන එකමයි.. කොහොමද එහෙම වෙන්නෙ? අපි යමෙක්ට,යමකට,කැමති වෙනවා කියන්නෙම ඒ පුද්ගලයා ඒ දෙය අපේ හිතතුල උපදිනවා.. ඉපදීම දුකක් කියලයි සත්ධර්මයේ සදහන් වන්නේ.. මේ ඉපදීම නිසා ඇතිවන ඊලග තත්වය වන්නේ ජාරාවට පත් වීම සහ මියයෑම යි.. අප පෙර කිව් පුද්ගලයන්ට සහ දේවල් වලට කැමති වීම නිසාම ඒ අය ලෙඩ වෙනවිට , වයසට යනවිට, මිය යනවිට.. කැමති දේවල් පරන වනවිට කැඩෙන බිදෙන විට, නැතිවෙන විට අපි දුකට පත්වෙනවා.. පෙර කිව් අය අපට කැමති ලෙස නොසිටින විට, අපට අකීකරු වනවිට.. දුකට පත් වෙනවා.. ඔන්න ඔය දුක් සියල්ල අපට ලැබෙන්නේ අපි පෙර කිව් පුද්ගලයන්, දේවල් ලබාගැනීමට කැමති වීම නිසයි..(ජාතිපි දුක්ඛා) ඉපදීම දුකක් කියල සත්ධර්මයේ දැක්වෙන්නේ ඔන්න ඔය නිසයි..ඔයාල බොහෝ විට දැකල ඇති සමහර වෙලද දැන්වීම් වලින් ප්‍රචාරය කරනවා.. ඔවුන්ගේ යම් නිෂ්පාදනයක් මිලදී ගත්තොත් එකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා කියල.. මෙන්න මේකත් හරියටම ඒ වගේමයි.. එකකට කැමති උනොත් තව කීපයක් නොමිලේ ලැබෙනවා.. ඉපදීමට කැමති උනොත් වයසට යෑමේ දුක සහ මිය යෑමේ දුක නොමිලේම ලැබෙනවා.. මෙන්න මේ ද්වයතාව නිසා එක පැත්තක් ඇතිවිට අනික් අනෙක් පැත්තද ඇතිවේ.. සුවයක් අපේක්ෂා කලවිට ඒ සමගම දුක ද උපදී.. නිත්‍ය අපේක්ෂා කලවිට ඒ සමගම අනිත්‍ය ද උපදී.. මෙසේ මේ අන්ත දෙක නුවණින් දකින ආර්‍ය ශ්‍රාවකයා අන්ත දෙකම අත්හැර මද්‍යම ප්‍රතිපදාවට පිවිසෙයි.. නිවනට එකම මගයයි දේශනාවෙ සදහන්වන සතිපට්ඨාන සූත්‍රයේ මෙය මෙසේ සදහන්වේ.. වීර්‍යයෙන්, නුවණින්, සතියෙන් යුතුව ලෝකයට ඇලීමෙන්, ගැටීමෙන් තොරව වාසය කරයි යනුවෙනි.. යම් විටක යමෙක් ඇලීම නුසුදුසුයි සිතා නෙක්ඛම්මය යයි වරදවා ගෙන ගැටීමට යයි.. යමෙක් ගැටීම නුසුදුසු යයි සිතා අව්‍යාපාද අවිහිංසා යයි වරදවා රාගයට හසුවෙයි.. යමෙක් මේ දෙකම නුසුදුසු යයි සිතා මෝඩ උපේක්ෂාවට යයි.. නිවැරදි වීර්‍යයෙන් යුතුව නුවණින් යුතුව සතිය පවත්වන ආර්‍යය ශ්‍රාවකයා ඇලිම් ගැටීම අන්ත දෙකක් බවත් මේ අන්ත දෙකම අනිත්‍ය බවත්, නිත්‍ය ලෙස ගැනීමම දුකක් බවත් මමත්වයෙන් පාලනය කලහැක්කක් නොවන බවත් දැක විදර්ශනා උපේක්ෂාවට පත් වේ.. මෙයම නිවනට මගවේ.. අප සැමද මේ අන්ත දෙක අතහැර විදර්ශනා උපේක්ෂාවෙන් යුතුව නිවන් මග වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..




විදසුන් ඇස 8

පින්වත් මිතුරු මිතුරියනි.. ඔන්න අප නැවතත් හමු උනා සුපුරුදු සෙනෙහසින්.. සදහම් මිහිර විඳගැනීමේ  අදහසින් ඔබ සැම සමගින්..දුක නිවා ගැනීමට, සදා සැනසීමට ඇති එකම මගනම් මේ උතුම් සත්ධර්මයමයි.. ඉතින් මේ සඳහා සත්ධර්මයේ පමනක් දක්නට ලැබෙන භාවනාවක් වන විදසුන් වැඩීම ගැනයි අදත් අප විමසා බැලීමට යන්නේ..නවක විදසුන් යෝගියෙකු මේ විදසුන් වැඩීම අරඹන්නේ මහත් උද්යෝගයකින්..ඔහුට හෝ ඇයට වුවමනා වෙනවා ඉක්මනින්ම තිලකුණු දැකීමට.. ඒ සඳහා බොහෝ විට දෙනුලබන කමටහන නම් ආනාපාන නිමිත්තේ සිත පවත්වාගන යන ලෙසටයි.විදසුන් යෝගියා ඉතා උනන්දුවෙන් කැමත්තෙන් විදසුන් වැඩීම ආනාපාන නිමිත්තේ සිත පිහිටුවා ගනී.. නමුත් මෙහිදී සිදු වන්නේ නවක යෝගියා අපේක්ෂා නොකල දෙයකි.. නවක යෝගියාගේ සිත අතීතයට යයි..අනාගතයට යයි..නිමිත්තේ සිත නොපිහිටීම නිසා නවක යෝගියා දුකට පත්වේ.. භාවනාව නොවැඩේ යයි කලකිරීමට පත්වේ.. නමුත් මෙහිදී වන්නේ පවතින යථාර්තය වන අනිත්‍ය ස්වභාවය සහ දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය තමා තුලින් දැකීමයි.. මෙහිදී නවක යෝගියාගේ ගුරුන්වහන්සේ මෙම තත්වය භාවනා නොවැඩීමක් නොව විදසුන් වැඩීමේ ආරභය බව පෙන්වා දෙනු ලබයි.. ගුරු ඇසුරකින් තොරව විදසුන් වැඩිය නොහැකියයි කියා ඇත්තේ මෙන්න මේ නිසයි.. යමෙක් විදසුන් වඩන්නේ කුමක් සදහා ද කියා ඇසුවොත් දියයුතු පිලිතුර වන්නේ විදසුන් වඩන්නේ චතුරාර්‍ය සත්‍යාවබෝධයට බවයි.. ඉතින් අප සොයා බලමු විදසුන් වැඩීම තුලින් චතුරාර්‍ය සත්‍යාවබෝධ වන්නේ කොහොමද කියල.. විදසුන් වඩන නවක යෝගියා තුල ඇති නිත්‍ය තත්වයට ඇති තෘශ්නාව නිසාම නිමිත්ත අනිත්‍ය වීම නිසා දුක ඇතිවීම සිදුවේ.. නිමිත්ත තමාට කැමති ලෙසින් පවත්වාගත හැකියයි නවක යෝගියා තුල ඇති ආත්ම සංකල්පය නිසාම දුකට පත්වේ.. මෙහිදී විදසුන් වැඩීම තුලින් නවක යෝගියාට තමන් තුල දුක ඉපදීමට හේතුව දකින්න පුලුවන් වෙනවා.. එයනම් භාවනා නිමිත්ත නිත්‍ය ලෙස පවත්වාගන යෑමේ තෘශ්නාවම දුකට හේතුවූ බවයි.. මෙහිදී නිමිත්ත තමන්ට කැමති ලෙස පාලනය කලහැකි යන ආත්ම සංකල්පයද තමන් තුලින් දැකීමට පුලුවන් වෙනවා.. මෙසේ ත්‍රිලක්ශනය මනාව වැටහී යෑමෙන් නිත්‍යට ඇති තෘශ්නාව  දුරු කිරීමෙන් දුකෙන් මිදිය හැකි යයි අවබෝධයට පත්වේ.. තෘශ්නාව දුරු කිරීමේ සහ දුකින් මිදීමේ මග මේ උතුම් විදසුන් වැඩීම ම යයි අවබෝධයට පත්වේ.. මේ නම් මුල් වරට චතුරාර්‍ය සත්‍ය දැකීමෙන් මිත්‍යා දිට්ඨිය දුරුවී සම්මා දිට්ඨියට පත්වීම නම් වූ උතුම් සෝතාපන්න ඵලයයි.. මෙය දස්සනා පහාතබ්බා ලෙස සබ්බාසව සූත්‍රයේ දැක්වේ.. ඔබ අප හැම දෙනාම මේ උතුම් විදසුන් වඩා ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

නිවන් මග3

පින්වත් මිතුරු මිතුරියනි.. සුන්දර උදෑසනක සුපුරුදු ලෙස අප යලිත් හමුවන්නේ සදහම් සිසිලෙන් සිත නිවා සනසා ගැනීමටයි.. අදත් අප ඒ සොඳුරු නිවන් මගෙහි තවත් පැතිකඩක් පිලිබඳව.. නිවන් මග යනු සිල,සමාධි ප්‍රඥා, යන මූලික කරුනු තුනෙනුයි.. එහෙම නැතිනම් ගුණ නුවණ, යන දෙකිනුයි.. මෙහි ගුණ යනු සීලය සහ සමාධියයි.. නුවණ යනු ප්‍රඥාවයි.. අපි දැන් සීල සමාධි අංග දෙකටම උපකාරී වෙන සම්මා සංකප්ප ගැන තව දුරටත් විමසා බලමු.. මෙහිදී

 අව්‍යාපාද සංකප්ප යනු මෛත්‍රියයි..මෛත්‍රිය යන්නේ කොටස් දෙකකි.එනම් අනුන් සමග නොගැටී සිටීම සහ අන්‍යයන්ට යහපතක් වනවා දැකීමට කැමති බවයි.. යහපතක් කිරීමට කැමති බවයි... නමුත් යම් යම් අවස්ථාවන්හී දී, අප අන්‍යයන්ට යහපතක් කිරීමට යාම ම ඔවුන්ට අපහසුවක් වීමට ඉඩ තිබේ..
මෙහිදී අපතුල කරුණාව (අවිහිංසා සංකප්ප.)තිබුනේ නම් අප අන්‍යයන් අපහසුවට පත් කරමින් ඔවුන්ට උදව් කිරීමට නොයනු ඇත.
. ඌදාහරනයක් ලෙස ගහහොත් අපට පෙනීයනව යම් කෙනෙක් ආහාරයක් නැතිව බඩ ගින්නෙ ඉන්නෙ කියල ..ඉතිං අපි ඒ අය ලගට ගිහින් කියනවා අපි කෑම ටිකක් කමු නේද කියල.. ඒත් ඒ පුද්ගලය අපට කියනවා මම කෑම ගත් ගමන් ආවෙ ඒ නිසා මට බඩගිනි නැතෙයි කියා.. ඒත් අපි ඒ පුද්ගලයාට නැවත් නැවත කිව්වොත් කමක් නෑ අපි කෑම පොඩ්ඩක් කමු කියල ඒක ඒ පුද්ගලයාට පීඩාවක් වීමට ඉඩ ඇත.. මෙහිදී වන්නේ අපතුල මෛත්‍රිය තිබුනත් කරුණාව නොතිබීමයි.. යම් ලෙසකට අප තුල මෛත්‍රී කරුණා දෙකම පිහිටා තිබුනානම් ඒ පුද්ගලයා අපහසුවට පත් කරමින් අපෙන් කෑම ටිකක් කන්න යැයි නැවත් නැවත ඉල්ලීම් නොකරනු ඇත.. මීලග කාරණය වන්නේ අපතුල කරුණාව ඇතත් මෛත්‍රිය නොතිබීමයි.. උදාහරනයක් ලෙස ගතහොත්, අපගේ ගෙදර ඇති කරන පූසා ලේණෙකු අල්ල්වා ගන සිටිනු අප දකී.. අප ලේණාව පූසාගෙන් බේරා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථකවී ලේණා මියයයි.. අපට මෙහිදී ලේණා ගැන මහත් කරුණාවක් ඉපදුනත් පූසා ගැන ඇති වන්නේ ද්වේශයකි.. මේ නිසාම අප පූසා තදින් පහර දීමට පවා පෙලභෙනු ඇත.
. මෙහිදී අපතුල කරුණාව මෙන්ම මෛත්‍රියද තිබුනේනම් පූසා වෙතින් ලේණා මරණයට පත් වුවද අප පූසාට පහර නොදෙනු ඇත..
මේ සිද්ධීන් දෙකම මේ අයුරින් සිදු වීමට හේතුව නම් අප තුල නෙක්ඛම්ම සංකප්ප නොතිබීමයි... පළමු සිද්ධියේදී අප ඒ පුද්ගලයා කෑම අනවශ්‍යයයි කියා සිටියදී පවා ඒ පුද්ගලයාට කෑම දීමට පෙලඹුනේ ඒ උදව්ව කිරීමේ සතුට විඳීමේ කැමත්ත නිසයි..
අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් උපේක්ෂාවෙන් යුතුව නැවත ඉල්ලීම් නොකර සිටිනු ඇත.
දෙවෙනි අවස්ථාවේදී සිදු වූයේ ලේණා බේරා ගැනීමේ සතුට අහිමි වී යෑමෙන් අප තුල ද්වේශයක් පහල වීම නිසා පූසාට පහර දීමයි.. දෙවෙනි අවස්ථාවේදීද අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් අප පූසාට පහර නොදෙනු ඇත..
මේවා මෙසේ වීමට හේතුව නම් අපතුල ගුණ තිබුනද නුවණ නොතිබීමයි.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනි.. අප ගුණ නුවණ දෙකම වඩා නිවන් මග සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි,,,!

නිවන්මග 2

පින්වත් මිතුරනේ අපි යලිත් හමුව්වෙන වෙලාව සුපුරුදු දයාබරත්වයෙන්.. දහම් අමා මී රස විදින වෙලාවයි මේ.. අපි හැම දෙනාටම ඕන කරන්නේ නිවෙන්න.. නිවෙන්න ඕනා වෙන්නේ දැවෙන නිසානේ.. මොනවද ඉතිං දැවෙන්නෙ? කයින් කරන දේ වලින් දැවෙනව.. පිට කරන වචනයෙන් දැවෙනවා. සිත සිතා දැවෙනවා.. ඉතිං අපි මුලින්ම වටහා ගන්න ඕන අපි දැවෙන බව.. අන්න එතනිනුයි නිවෙන මග ඇරඹෙන්නේ.. මේකට කියන්නේ හරි දැකීම කියල.. ඊට පස්සේ හරියට හිතල හරියට ඉදි
රි වැඩ කලාම නිවනෙන් නිවෙන්න පුලුවන් අපි හැමෝටම.. අපි නිවීම අරඹන්න ඕන හික්මීමෙන්.. සංවර වීමෙන් අපි සෑහෙන්න සිසිල් වෙනවා.. මුලින්ම අපි සිසිල් කරගන්නේ කයයි වචනයයි.. ඒ කියන්නේ කයෙන් කරන ක්‍රියා සිසිල් කරගන්නවා..පිටකරන වචන සිසිල් කරගන්නවා.. එතකොට අපි දැන්නෙත් නෑ.. අපි නිසා අනිත් අය දැර්වෙන්නෙත් නෑ.. ඔන්න ඔය සිසිල් කර ගැනීමේ ක්‍රමය තමයි සීලය කියන්නේ.. ඔය සීලයේ කොටස් දෙකක් තියනවනේ.. එකක් නරක දේ නොකර සිටීම.. ඒකට කියන්නේ වාරිත්‍ර සීලය.. අනික හොද දේ කිරීම.. ඒකට කියන්නේ චාරිත්‍ර සීලය.. උදාහරනයක් ලෙස ගත්තොත්.. අපි සතුන් නොමරනවා වෙන්න පුළුවන්. හිංසා නොකරනවා වෙන්නත් පුළුවන්.. ඒත් අපි සත්වයන්ට කරුණාව දක්වන්නෙ නැත්නම්, ඔවුන් මැරීම ගැන, හිංසා කිරීම ගැන ලජ්ජවට පත්නොවනම් සීලයේ කරන කොටස (චාරිත්‍ර සීලය) සම්පූරන නොවේ.. මේ උදාහරනයත් සලකා බලමු.. යමෙක් අන් අයෙකුගේ වටිනා වස්තුවක් අනාරක්ෂිතව තිබෙනු දකී.. ඒ පුද්ගලයා ඒ දෙය සොරකම් නොකරයි.. එහෙත් ඒ දෙයෙහි ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවේ.. මේ නිසා මේ පුද්ගලයාගෙන් ඒ සීලය සම්පූර්න නොවේ.. මෙයට හේතුව කුමක්දැයි සොයා බලමු.. මේ කය වචනයේ සංවරයට (සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ) හේතුවන්නේ සම්මා සංකප්පයයි.. (සම්මා සංකප්ප නම් නෙක්ඛම්ම සංකප්ප,) එනම් (නෙක්ඛම්ම සංකප්ප.) ආශ්වාදයෙන් මිදීමේ සිතුම්. (අව්‍යාපාද සංකප්ප,) මෛත්‍රිය, සහ (අවිහිංසා සංකප්ප.) කරුණාව යි.. යමෙක් තුල නෙක්ඛම්ම සංකප්ප පමණක් තිබී අව්‍යාපාද අවිහිංසා සංකප්ප නැතිවූ විට වාරිත්‍ර සීලය රකී.. නොකලයුතු දෙය නොකරයි.. නමුත් කලයුතු දෙයද නොකරයි මන්ද වාරිත්‍ර සීලය ඇත්තේම මෛත්‍රී කරුණා නිසාමයි.. යමෙක් තුල සම්මා සංකප්ප ඇතිද ඒ පුද්ගලයා නොකලයුතු දේ නොකරයි.. කලයුතු දෙය කරයි.. මේ ලෙසින් උතුම් සීලය සම්පූර්න කොට සමාධියද සම්පූර්න කොට විදසුනද වඩා ඒ උතුම් නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.

නිවන් මග 1


පින්වත් මිතුරනි..ඔන්න අදත් අප හමු උනා අමා නිවන් සුව සලසන ඒ  උතුම් නිවන් මග ගැන මදක් විමසා බැලීමට.අද අප විමසා බැලීමට යන්නේ ඒ අමා නිවන් මගේ ප්‍රායෝගික  තලය වන..සතර සතිපට්ඨානය ගැන මදක් විමසා බැලීමටයි.
.යමෙක් තමන්ගේ කය ගැනත් කයට ලැබෙන අරමුණු ගැනත් සිහි නුවනින් සිටීනම් ඒ පුද්ගලයාට ඒ අරමුනු වලට වහල් නොවී ..ඒ අරමුනු සමග ඇලීම් ගැටීම්, වලට නොයා සිටිය හැකිය .. මේ ඒ පුද්ගලයා තුල වැඩෙන කායානුපස්සනාවයි..  යමෙක් ඒ අයුරින් තමාට ලැබෙන අරමුනු ගැන සිහි නුවණින් සිටීනම් ,ඒ අරමුණු නිසා සුව වේදනා දුක් වේදනා,මැදිහත් වේදනා  ඇතිවන බව සිහි නුවණින් දැක ගැනීමට හැකිවේ .. , ඒ පුද්ගලයා තුල වැඩෙන වේදනානුපස්සනාවයි.. යමෙක් තමන් තුල සැප වේදනා.. දුක් වේදනා .. මැදිහත් වේදනා .. පහල වන බව සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ වේදනාවන් නිසා තම සිත තුල ඇලීම්,ගැටීම්,නැතහොත් රාග ගිනි සිළු ද්වේෂ ගිනි සිළු දැල්වීගන එන අයුරු සිහි නුවනින් දැකිය හැකිය ..  මේ  ඒ පුද්ගලයා තුල වැඩෙන චිත්තානුපස්සනාවයි ..යමෙක් තමා තුල මෙසේ රාග ගිනි,ද්වේෂ ගිනි ඇවිලීගන එන අයුරු සිහි නුවනින් දැකීමට හැකිනම් ඒ පුද්ගලයාට ඒ කෙළෙස්  ගිනි ජාලාවක් වීමට පෙර  නිවා ගත හැකිය..එමෙන්ම ඒ පුද්ගලයාට  ඒ ඇලීම් ගැටීම්, තමන් තුල ඇති නිවන ආවරනය කරන්නාවූ නීවරන බවට පත්වන බවත් සිහි නුවනින් දැකිය හැකිය.....මේ ඒ පුද්ගලයා තුල වැඩෙන ධම්මානුපස්සනාවයි ..  ..
මෙසේ අවම වශයෙන් දවස් සතක් හෝ උපරිම වශයෙන් අවුරුදු සතක් හෝ මේ උතුම් සති පට්ඨාන භාවනව වඩන්නේනම් ඒ පුද්ගලයා  නිසැක වශයෙන්ම අරිහත් ඵලයට හෝ අනාගාමී ඵලයට පත්වන බව  භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති..ඔබ සැම දෙනාද මේ උතුම් සති පට්ඨාන භාවනව ප්‍රගුන කොට ඒ අමා නිවනෙන් නිවී සැනසේවා.ඔබ සැම දෙනාට තෙරුඉවන් සරණයි ..!.   

විදසුන් ඇස7

ඇස7 ඔන්න මිතුරනේ අදත් මම ආව ඔයාලත් එක්ක සදහම් අමා බිඳුවක් බෙදා හදා ගැනීම පිනිස. අද අපි සලකා බැලීමට යන්නේ සංසාරේ අප අතරමං කිරීමට හේතුවන්නාවූ සංකල්ප තුනක් ගැන.. ඒ තමයි..මේවා මගේ මේ මම මේ මගේ ආත්මය යන වැරදි සංකල්ප තුන..අපි දන්නවා ස්වාභාවික පරිසරය
ේ ඇති ක්‍රියා කාරිත්ව වන අව්ව වැස්ස, සුලඟ, වගේ තත්වයන් අපි කවුරුවත් මගේ කියා නොසකන බව.. ඒ නිසාම ඒවා පාලනය කිරීමට නොයන බව මොකදකියනවානම් අපි දන්නවා ස්වභාවික ක්‍රියාකාරිත්වයන් අපට පාලනය නොකලහැකි බව.ඉතින් අපි මේ කාරනයම උපයෝගී කරගෙන අපතුල ඇති මගේ යන සංකල්පය ඉවත් කර ගන්නා හැටියි.. අද කතා කරන්නේ.. 


අපි කලින් කිවුවා අප යම් දෙයක් ක්‍රියාකාරිත්වයක් ලෙස දුටුවොත් ඒවා මගේ කොට නොසලකන බව... ඒවා තමන්ට කැමති ලෙස පාලය කිරීමට නොයන බව..
ඉතින් යමෙක් විදසුන් නුවනින් මේ පංච උපාදානස්කන්දය හුදෙක් ක්‍රියාකාරිත්වයක් ලෙස දුටුවොත් ඒ කිසිවක් මගේ ලෙස නොගනියි..
මම ලෙස නොගනියි.. වේගයෙන් ඇතිව නැතිව යන ක්‍රියාකාරිත්වයක් තමන්ට පාලනය කලනොහැකිබව වටහාගනී.. වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයකට මම යැයි සිතා ගැනීම අනුවන කමක් බව වටහා ගනී.. එසේ වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයකට මම යැයි ගතහොත් එයම දුකක් වන බව නුවනින් වටහා ගනී.. එසේ වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයක් පාලනය කිරීමට යෑමද දුකක් බවත් නිශ්පල ක්‍රියාවක් බවත් නුවනින් වටහා ගනී.. මෙසේ වන්නේ විදසුන් වදන යෝගියා සෑම දෙයක් ම අනිත්‍ය සංඥාවෙන් ගන්නා නිසා ඔහුතුල තිබූ නිත්‍ය සංඥාව නැතිව යන නිසාය.. මේ බව සත්ධර්මයේ සදහන් වන්නේ
අනිච්චානුපස්සි විහරත..නිච්ච සංඥා පජහත.
.
අනිත්‍ය අනුව දකිමින් නිත්‍ය සංඥාව දුරලන ලෙසයි
අපද මේ
උතුම් විදසුන් වඩා කෙලෙසුන් කඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.
. සැමට තෙරුවන් සරණයි..!

අවබෝධාත්මක විද්‍යාව -the Buddhist science

මිතුරනඔන්න අද නැවතත් අපි හමු උනා..සුපුරුදු දයාබරත්වයෙන්.අද නැවතත් අප සකච්චා කරන්නේ අවබෝධාත්මක විද්‍යාව .THE BUDDHIST SCIENCE'' වලින් ලෝකය දකින අයුරුයි. අප කලින් පෙනවා දුන්නා ද්‍රවය යනු ආපෝ. චුම්භක ශක්තිය තේජෝ තාප ශක්තිය . වායෝ, චාලක ශක්තිය 
.පඨවි, පෙර කියූ ශක්තීන් නිසා ඇතිවන අඩු හෝ වැඩි පීඩනය පමණක් බව.. අද අපි සාකච්චා කරන්නේ පෙර කී ශක්තීන් නැතහොත් ක්‍රියාකාරිත්වයන් එකිනෙකට බලපාන බවත් එක ශක්තියකට තනිව ක්‍රියාත්මක විය නොහැකි බවත්‍ ය. තවද බටහිර විද්‍යාවට හසු නොවූ කිසිදාක එයට හමුනොවන තවත් ශක්තියක්ද ඇති බවය.. ඒ නම් චිත්ත ශක්තියයි.. දැන් අප බලමු මේ ශක්තීන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවන්නේද කියා.. යම් විටක තේජෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය වැඩි වුවහොත් එය එය වායෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයටද බලපෑමක් ඇති කරයි.. සාමන්‍ය ලෙස කියනවානම් තාප ශක්තිය වැඩි වීමේදී චාලක ශක්තියද වැඩි වීම වේ.. මෙය මෙසේ වීමේදී ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය අඩු වීමද ඒ සමගම සිදුවේ.. එනම් ආකර්ශන ක්‍රියාකාරිත්වය දුර්වල වේ.. භෞතිකව සලකා බැලුවත් යම් චුම්භකයකට වැඩි තාපයක් සැපයුවහොත් එහි චුම්භක ගුනය හීන වේ. මෙසේ එක ධාතුවක ක්‍රියාකාරිත්වයක් අනෙකුත් ධාතූන්ගේ ක්‍රියාකාරිත්වයට බලපාන අතර කිසිදු ධාතුවකට ස්වාදීන ව ක්‍රියා කිරීමට නොහැකිවේ..වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ සියළු ක්‍රියාකාරිත්වයන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නාවූ තවත් ශක්තියක් ද ඇති බවය.. ඒ නම් චිත්ත ශක්තියයි.. බටහිර විද්‍යාවට කිසිසේත් හසු නොවූ මේ ශක්තිය පෙර කියූ සියළු ශක්තීන්ට වඩා ප්‍රබල ශක්තියකි.. මෙන්න මේ චිත්ත ශක්තිය තුල පෙර සියළුම ශක්තීන් ගැබ් වී ඇති නිසයි ශිත්ත ශක්තිය වඩාත් ප්‍රබල ශක්තිය වී ඇත්තේ.. යම් සිතක ද්වේශය උපදී නම් ඒ හේතුවෙන්ම තේජෝ ධාතුව එනම් තාප ශක්තිය උපදිනබව ඔබ හැම දෙනාම අත්දැකීමෙන්ම දන්නවා ඇති.. යම් සිතක මේ ද්වේශය ඇතිවූ විටක ඒ සිතේ කයේ ක්‍රියාකාරිත්වයද වැඩි වීම ද ඔබලාද අත් දැක ඇති.. මේ චිත්ත ශක්තිය තුලින් තාප ශක්තිය ඇති වීමත් ඒ නිසාම චාලක ශක්තිය ඇති වීමත් ය.. ඒ සමගම ඒ පුද්ගලයා අසලට කිසිවෙකුටත් යාමට නොහැකි වීම සිදුවේ.. ඔහු හෝ ඇය සමීප වන්නන් එලවා දමනු ඇත..මේ තාප ශක්තිය සහ චාලක ශක්තිය වැඩි වීම නිසා චුම්භක ශක්තිය දුර්වල වීමේ ප්‍රතිපලයයී.. එනම් ද්වේශය නිසා ආදරය රාගය වැනි බැඳීම් අඩු වී යෑමයි.. මෙන්න මේ අයුරිනුයි චිත්ත ශක්තිය අනෙකුත් ශක්තීන්ට බලපෑම් ඇති කරන්නේ.. එක පුද්ගලයයෙකුගේ චිත්ත ශක්තිය තුලින් ද්වේශය නිසා ඇති වූ තාප ශක්තියෙන් කලකට පෙර ජපානය දැවුන බව ඔබ සැම දන්නවා ඇති... මෙසේ අප සෑම දෙනාම තමන්ගේ සිත් තුල රාග ලබන්න මෝහ ගිනි නිවා ගැනීමෙන් ලබන්නාවූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අදුරෙන් එළියට 4

ඉතිං මිතුරනේ.. අදත් අප හමුවෙමු උතුම් සත්ධර්මය සමගින්.. ඊයේ අපි කතා කලේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ දේ නුවනින් මෙනෙහි කරමින් ආර්‍ය මාර්ගයේ ඉදිරියට යන අයුරුයි.. යම්කෙනෙකුට නිවනෙන් නිවීමට ඕනෑනම් චතුරාර්‍යය සත්‍යය දකින්නම වෙනවා.. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය.. මෙවා ඕන කෙනෙක් දන්නා දේවල්.. ඉතිං ඇයි එහෙනම් ඒ හැමෝම නිවන් දකින්නෙ නැත්තෙ?අපි හොයා බලමු ඒ ගැන.. දුක .දුක කිව්වම හැමෝම දන්නවා.. කිසිම දුකක් නොවිදපු කෙනෙක් හොයා ගන්නත් බැරිතරම්.. ඒත් ඇයි ඒ අයට දුක්ඛ ආර්‍ය සත්‍යය අවබෝධ නොවෙන්නේ? මිතුරනේ කාරනය මේකයි.. ඒ කිසි කෙනෙක් පූර්ණ වශයෙන් දුක දකින්නේ නෑ.. දකින්නේම දුකින් පොඩි කොටසක් පමනයි.. උදාහරනයක් ගත්තොත්.. ඔය ලෝකේ උතුරු කොනේ සාගරවල අයිස් කඳු පාවෙනව.. ඒත් මූදෙ වතුරට උඩින් පේන්නේ අයිස් කන්දෙ කුඩා කොටසක් විතරයි.. විශාල කොටසක් වතුර යටයි තියෙන්නේ.. අයිස් කන්ද කියන්නේ වතුර ට උඩින් උතියන කොටස විතරයි කියල හිතුවොත් වතුරෙ යට තියන කොටසෙ හපීල නැව් උනත් විනාශ වෙන්න පුළුවන්.. ඒ වගේම දුක කියන්නේ මේ සාමාන්‍යයෙන් පේන දුක විතරයි කියල ගත්තොත් සසර දුකට වැටෙනවා..මේ දවස් වල සමහරු අහනවා හැම වෙනස් වීමක්ම දුකක්ද කියල උදාහරනයක් සේ පෙන්වනවා.. ලෙඩක් හැදීල ඉදල සුව වෙන එකත් වෙනස් වීමක්.. ඒකත් දුකක්ද කියල.. උත්තරේ මේකයි.. මේ සුව වීමත් අනිත්‍යයි.. තාවකාලික සුව වීමක්.. මේන්න මේ තාවකාලික සුවයට රැවටීම තාවකාලික සුවයද දුකක් ලෙස නොදැකීම මයි දුකට හේතු වන්නේ ඔන්න ඕකයි හැමෝටම නොපෙනෙන සැගවුන දුක .අර අයිස් කන්දේ සැගවුන කොටස නොදැක අනතුරට පත්වෙන නැව් වගේ මේ ලෝකයේ සැගවුන දුක නොදක්කොත් සසර අනතුරට වැටෙනවා. ආර්‍ය මාර්ගය ප්‍රගුන කරන කෙනෙක් දැකිය යුත්තේ මෙන්න මේ සැගවුන දුකයි.. විදර්ශනා ප්‍රඥාවෙන් ඒ කියන්නේ විනිවිද යන නුවනින් යමෙක් දකින්නේ මෙන්න මේ සැගවුන දුකයි.. සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් මග පෙන්විය යුතු වන්නේ මේන්න මේ සැගවුන දුක දැක ගැනීමටයි... ඔබද සැබෑ කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරේ නිවැරදිව සදහම් අසමින් නිවරදිව තිලකුණු දකිමින් විනිවිද යන විදසුන් නුවනින් මේ සැගවුන දුක දකිත්වා.. උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝද කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. ඔබ සැමට තෙරුවණ් සරණයි

අදුරෙන් එළියට 3


ඔන්න මිතුරනේ. තවත් ලස්සන හැදෑවක අදත් ඔයාල හමුවෙන්නා ආවෙ හැමදාම වගේ සදහම් අමා මී ඔයාලත් එක්ක රසවිදින්නයි.. එදා අපි දැනගත්තා නොදන්නා බව දැන ගැනීමෙන්ම තමයි ආර්‍ය මාර්ගයට ඇතුල් වෙන්නෙ කියල.. අද අපි බලමු ඊටපස්සෙ මොකක්ද කලයුතු කියල.. නොදන්න බව දැන ගන්නා පුද්ගලයා ඊටපස්සෙ කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමුවෙන බවත් එදා අපි දැනගත්තා.. ඊට පස්සෙ එයා කල්‍යාණ මිත්‍රයා කියන දේ අහන් ඉන්න යොමු වෙනවා.. මොනවද කලයාණ මිත්‍රයා මෙයාට කියන්නෙ? අපි බලමු.. කල්‍යාණ මිත්‍රයා ඔහුට මෙන්න මෙහෙම කියනවා.. යාළුවේ.. ලෝකයේ දුකක් කියල දෙයක් තියනවා.. ඔය පේන දුක නොවෙයි.. නොපෙනෙන දුකකුත් තියනව.. කියල පෙනවා දෙනවා.. ඒක මෙන්න මේ වගේ ඔයාල දන්නව ඇති සමහරු බත් කනකොට කොච්චි මිරිස් කනවා. කඳුලු පෙර පෙරා කට දදා කොච්චි මිරිස් කනවා.. එයාලට හිතෙන්නේම එයාල සැපක් විදිනවා කියලමයි.. ඒත් ටිකක් හරි නුවනක් තියන කෙනෙකුට වැටහෙනවා ඒක සැපක් නොවේ.. දුකක් විතරයි කියල.. අන්න ඒ වගේ කල්‍යාණ මිත්‍රයා මිනිසුන් සැප හැටියට දකින පංච කාම ආශ්වාදයත් දුකක් ලෙස පෙන්වා දෙනවා.. අර කොච්චි කන පුද්ගලයා කොච්චි කෑම දුකක් ලෙස නොදකිනවා වාගේ සාමාන්‍ය මිනිසා පංච කාම ආශ්වාදයේ දුක නොදකින බව පෙන්වා දෙනවා.. ඒ නිසාම ජීවිතයේ බොහෝ දුක් විදීමට සිදුවන බව පෙන්වා දෙනවා.. මේ දුකට හේතුව එවා දුකක් බව නොදන්නා නිසා ඒවට ඇතිකරගන්නා ආශාව බව පෙන්වා දෙනවා.. ආශාවන් ගෙන් ඉවත් වීමෙන් දුක නැති කලහැකි බව පෙන්වා දෙනවා.. ඒ සදහා ක්‍රමයක් ද ඇති බව පෙන්වා දෙනවා.. මෙසේ කල්‍යාණ මිත්‍රයාගෙන් සදහම් අසන ඒ පුද්ගලයා ඒ ඇසූ දේවල් නුවණින් මෙනෙහි කරනවා.. එවිට ඔහුට මෙසේ වැටහෙනවා.. අනේ නොදන්නව උනාට මමත් දුකෙන් ඉදල තියෙන්නෙ.. හරියට ලෙඩක් හැදුන කෙනෙක් තමන් ලෙඩින් කියල නොදන්නවා වාගේ කියලා.. එයා මෙහෙමත් දකිනවා.. අනේ මම වගේම අනික් අයත් දුකින්නේ.. මෙසේ දකින ඔහුගේ සිතේ මෛත්‍රී කරුණා ඇති වෙනවා.. මෙසේ තමන් ද අනෙක් අයද දුකින් කියා වැටහී යාමෙන් මෙත් සිත් ඇති කරගන්නා ඒ පුද්ගලයා ඒ නිසාම සතුන් මැරීමෙන් සොරකම් කිඑරීමෙන් ආදී පව්කම් වලින් වැලකෙනවා.. මෙසේ සිල්වත් වූ ඒ පුද්ගලයාගේ සිත සන්සුන් වෙනවා.. සමාධිමත් වෙනවා.. සමාධිමත් සිත් ඇති ඒ පුද්ගලයා විදසුන් වඩා සියළු කෙලෙස් ගිණි නිවීමෙන් සැනසුන ඒ අමා මහ නිවනින් නිවී සැනසෙනවා.. අප ද කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ සදහම් නුවණින් මෙනෙහි කරමින් සම්මා දිට්ඨියට පැමින සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි...!

අඳුරෙන් එළියට 2

පින්වත් යහළුවනේ.. අද අපි අළුත් විදියකට පටන් ගමු.. කොහොමද ඒ? අපි ධර්ම මාර්ගයේ යෑම අරඹන්නේ කොහොමද? අපි එතනින් පටන් ගමු.. අපි දහම් මග පටන් ගන්නේ දන්නා තැනින්ද? නොදන්නා තැනින්ද? අපි දහම් මග පටන් ගන්නේ නොදන්නා තැනින්.. ඇයි මෙහෙම කියන්නේ? අපි දහම් මග පටන් ගතයුත්තේම සද්ධාවෙන්,,භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ගැන ඇතිකරගන්නා වූ විශ්වාසයෙන්.. මෙය ඇරඹෙන්නේම ''මම කිසිත් නොදනිමි '' භාග්‍යවතුන් වහන්සේ සියල්ල දනිති..''මේ අයුරිනි.. මෙසේ අප මූලික වශයෙන් දැනගත යුත්තේ අප කිසිත් නොදන්නා බවයි... යමෙක් තමන් නොදන්නා බව දැනගත් විට නොදන්නා දෙය දැන ගනීමේ කැමත්ත[ඦන්ද] ඇතිවේ.. නොදන්න දෙය දැන ගනිමි යන අධිෂ්ටානය [චිත්ත] ඇතිවේ.. නොදන්නා දෙය දැනගන්නා තුරු අධිෂ්ටානය අතනොහරිමි.. යන වීර්‍යය  [වීර්‍යය] ඇති වේ.. නොදන්නා දෙය දැන ගනීම සඳහා විමසිලිමත් වීම [වීමංසා] ඇති වේ.. මේ විමසිලිමත් වීම ප්‍රඥාවේ ආරම්භයයි.. මුලින් ඇතිකරගත් සද්ධාවට අනතුරුව නොදන්නා බව දැනගන්නාවූ ප්‍රඥාවද ඒ සඳහා අවශ්‍ය වීර්‍යය ද ඇති  කරගනී.. මේ නොදන්නා දෙය දැන ගැනීම සඳහා සන්සුන් මනසක්ද [සමාධි]මනා අවධිමත්මත් [සති] බවක්ද අවශ්‍ය බව දැන ගනී. මෙලෙස ඉතා සුළුවෙන්හෝ සද්ධා ප්‍රඥා වීර්‍යය සමාධි සති යන පංච ඉන්ද්‍රිය ධර්ම ඇතිකරගන්නා තැනත්තා එතැන් සිට දහම් මග අරඹයි.. ඔහු හෝ ඇය එතැන් සිට කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින්  තමන් නොදන්නේ කුමක්දැයි නුවණින් විමසා බලයි.. කොහොමද විමසා බලන්නේ ,, හටගන්නා තැන අනුව,උපදින තැන අනුව විමසා බලයි.. මොනවද හටගන්නේ? මොනවද උපදින්නේ? කෙළෙස් හටගන්න තැන අනුව කෙළෙස් උපදින තැන අනුව නුවණින් විමසා බලයි.. ඒ අනුවම උපන් කෙලෙස් නැතිවන ලෙසද නූපන් කෙළෙස් නූපදින ලෙසද නූපන් ගුණදහම් උපදින ලෙසද උපන් ගුනදහම් සුරැකෙන ලෙසද ජීවිතය පවත්වයි.. මේ උතුම් වූ සොවන් වීමේ මාර්ගයයි.. ඉතින් පින්වත් මිතුරනේ.. අපද නොදන්න තැනින් අරඹා කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය ශ්‍රවණය කරමින් ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ඊටම අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙමින් නිවන් මග වඩමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අවබෝධයෙන් විද්‍යාවට

ඔන්න යහළුවනේ.. අදත් මම ආවා ඔයාලත් එක්ක සදහම් අමාව බෙදා ගන්න.. මේ කාලේ බොහෝ දෙනෙක් කරන්නේ විද්‍යාව තුලින් සත්ධර්මය දකින්න.. අද අපි එහි අනික් පසවන සත්ධර්මය තුලින් විද්‍යාව දකිමු.. සත්ධර්මය තුලින් ලෝකය සහ සත්වයා දකිමු.. මෙහිදී විද්‍යාවට අනුව ලෝකය තුල ශක්තීන් ඇති බවත් ඒ ශක්තීන් ස්කන්දයන් බවටද ස්කන්දයන් ශක්තිය බවටද පරිවර්තනය වන බව පැවසේ.. අපි දැන් ඒවා මොනවාද, ඒවා ගැන බුදු දහමේ නිර්වචනය වන්නේ කෙසේදැයි ව
විමසා බලමු..තාප ශක්තිය,මෙය සත්ධර්මය තුල තේජෝ ධාතුව ලෙස සඳහන් වේ..චාලක ශක්තිය.. මෙය වායෝ ධාතුවයි.චුම්භක ශක්තිය.. මෙය ආපෝ ධාතුවයි.. දැන් තවත් එක ධාතුවක් ඉතිරිව ඇත,පඨවි ධාතුව.පඨවි ධාතුව යනු පෙර කියූ ශක්තීන් මගින් ඇතිකරනු ලබන පීඩනයයි.. සත්ධර්මයට අනුව ධාතූන් යනු ද්‍රව්‍ය නොවේ.. ක්‍රියාකාරිත්වයන්ය. වෙනස්වන සුළුය.. ක්‍රියාකාත්වයක් යනු ශක්තියකි.. ඒ අනුව සතර මාහා ධාතූන් යනු ද්‍රව්‍ය නොව ක්‍රියාකාත්වයන් පමනකි..මේ ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයනම් ආකර්ශනය කිරීම සහ විකර්ශනය කිරීමයි.. චුම්භක ශක්තියේ ක්‍රියාකාරිත්වයද මෙයමයි.. වායෝ ධාතුවේ ක්‍රියා කාරිත්වය හැකිලීම පිම්බීම හමායාමයි.. එනම් චලනයයි.. එනම් චාලක ශක්තියයි.. තේජෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය උනුසුම සහ සිසිලයි.. මෙය තාප ශක්තියයි.. අපි දැන් මේවාගේ හටගැනීම මදක් සලකා බලමු.. ආපෝ ස්වභාවයේ එනම් චුම්භක ස්වභාවයේ ආකර්ශන ලක්ෂනයෙන්  හැකිලීමෙන් උනුසුම් ස්වභාවය ඇතිවේ.. උනුසුම් ස්වභාවය නිසා චලනය වන්නාවූ හමා යන්නාවූ වායෝ ස්වභාය ඇතිවේ.. මේ උනුසුම් ස්වභාවය සහ චලනය වන ස්වභාය නිසා හටගන්නාවූ ස්වභාවය නම් පීඩන ස්වභාවය නම්වූ පඨවි ධාතුවයි.. පඨවි ධාතුව අපට දැනෙන්නේම පීඩනක් ලෙසටයි..මේ හැම ධාතුවක්ම අඩු වැඩි වීමෙන් සංකලනය වීමෙන් ලෝකය නිර්මානය වේ. විද්‍යාවේ සදහන් වායූන් සමග මෙහි සදහන් වායෝ ධාතුව පටලවා නොගන්න.. ඒ ඔනෑම වායුවක පෙර සඳහන් සතරමහා ධාතූන්ම ඇතුලත්ව ඇත.. මේ සතර මහා ධාතූන් යම් තැනක ඇත්ද එතැන සියළු ශක්තීන් එක්‍ රැස් වී ඇත.. මෙය විභව ශක්තිය යනුවෙන් විද්‍යාවේ සඳහන් වේ..දැන් මේ සතර මහා ධාතූන් ඇති වීමේ අද්‍යාමික පදනම විමසා බලමු.. තෘශ්නාව ඇති වීමෙන් රාග.. ද්වේශ ඇතිවේ.. මේ තෘශ්නාවට අයත් රාගය නිසාම ආපෝ ධාතුව ඇතිවේ..රාගයේ ද්වයතාව වන ද්වේශය ඇතිවීමෙන් තේජෝ ධාතුව ඇති වේ.. මෝහය නිසාම ඇතිවන නොසන්සුන් [උද්ධච්ච කුක්කුච්ච] බව සහ මුරන්ඩු [ථම්බ]බව නිසා වායෝ ධාතුව සහ පඨවි ධාතුව ඇතිවේ.. තවද මේ සතර මහා ධාතූන් සමග ඇතිවන උපාදාය රූපවන [වර්ණ,ඝන්ධ, රස, ඕජා,] වලින් එකක් වන වර්ණ රූපය නම් ආලෝක ශක්තියයි.. මෙසේ සැලකීමේදී සත්වයා සෑදී ඇති මේ සතර මහා ධාතූන් හුදෙක් ද්‍රව්‍ය නොව ශක්තීන් ලෙස හදුනා ගත හැක.. විද්‍යාඥයන් මේ සතර මහා ධාතුන් මේ ශක්තීන් ද්‍රව්‍ය බවට ස්කන්ධයන් බවට පත්වේයැයි සිතීම නිසාම ඔවුන්ට සත්‍ය වටහා ගැනීමට නොහැකි වී ඇත.. ඇත්තෙන්ම බුදු දහම යනුවෙන් වෙනම දෙයක් නැත..බුදු සමිදු දේශනා කලේ විශ්වයේ සදා පවත්නා සදාතනික සත්‍යයයි.. මෙයයි සත්ධර්මය ලෙස හදුන්වන්නේ.. මේ විශ්වයේ පරම සත්‍යයට බුදු දහම යන ලේබලය ඇලවූවොත් වන්නේ විශ්වයේ උත්තරීතර පරම සත්‍ය දැන ගැනීමට වටහා ගැනීමට අන්‍යාගමිකයන්ට ඇති අවස්ථාව ඇහිරී යෑමයි.. අප ලෝකයාට මේ සත්ධර්මය හදුන්වාදියයුතු වන්නේ විශ්වයේ සෑම ජාතිකයෙකුටම සෑම ආගමිකයෙකුටම එකසේ බලපාන්නාවූ විශ්වයේ ඇති පරම සත්‍ය ලෙසටයි..මෙය ආගමක් නොවේ.. දර්ශනවාදයකුත් නොවේ.. මෙය විශ්වයේ පරම සත්‍යයයි.. මෙය SCIENTIFIC BUDDHISM විද්‍යාත්මක බුදු දහම නොවේ.. BUDDHIST SCIENCE අවබෝධාත්මක විද්‍යාව වේ.. භාග්‍යවතුන් වහන්සේ ''විජ්ජා උදපාදි'' යයි දේශනා කලේ මෙයටයි.. THE SCIENCE එකම විද්‍යාව නම් මෙයමයි.. සියල්ලොම මේ උතුම් විද්‍යාව අවබෝධ කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. සැමට තෙරුවන් සරණයි..!

මරණය මැරීම

ඔන්න මිතුරනේ මම අදත් ආවා දම් අමා පැන් පොදක් අරන් ඔයාලට.. ඔයාල දන්නවත් ඇති දිව්‍ය ලෝකෙ තියනවලු එක්තරා පානයක් අමෘතය කියල.. ඉතිං දෙවිවරු හිතනවාලු මේ අමෘතය කියන බීම පානය කලාම නොමැරී ඉන්න පුළුවන් කියල..ඒක පානය කලාට පස්සෙ ඒ දෙවිවරු හිතා ගන්නව තමන් අමරනීයයි කියල.. ඔය මේ ලෝකේ තියන සුරාවටත් සමහරු හිතන්නෙ අමෘතය කියල ඒව බිව්වම මිනිස්සුන්ටත් තමන් මැරෙන බව අමතක වෙනවනේ.. අන්න ඒ වගේ තමයි දෙව් ලොව තියනවයි කියන අ
මෘතයත්.. ඒක බිව්වට දෙවියෝ අමරනීය වෙන්නෙ නෑ.මුලා වෙනවා විතරයි.. ඒත් අපේ බුදු හාමුදුරුවෝ මුලු තුන් ලෝකෙටම හොයා දුන්නා ඇත්තටම අමරනීයවන අමෘත පානයක්.. ඒ තමයි සදහම් අමා පානය.. සමහර ආගම් වල තියනවා දෙවියන් අමෘතය සොයා ගත්තෙ කිරි සයුරෙන්ලු.. අපේ බුදු හාමුදුරුවෝ මේ සදහම් අමා පැන් සොයා ගත්තේ සසර සයුරෙන්.. අද මම ඔයාලට ගෙනාවෙ අන්න ඒ අපේ බුදු හාමුදුරුවො සොයාගත් සදහම් අමා අමා නදියෙන් අමා පැන් පොදක්.. අපට මරණයෙන් මිදෙන්න බැරි අපි මරණය මරන්න නොදන්න නිසා. අවිද්‍යාව නිසා.. අද අපි අද මේ නොමැරීමේ සුවය ගැන සදහන් උතුම් ගාථා රත්නයක් ගැන සොයා බලමු.. ඔයා හැම දෙනාම අහල ඇති මේ ගාථාව.. කියවල බලන්න මොකද හිතෙන්නෙ කියල. ''අනිච්චාවත සංඛාරා.. උප්පාද වය ධම්මිනෝ.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. තේසං වූපසමෝ සුඛෝ '' මොකද හිතෙන්නෙ? මළ ගෙදරක් මතක් වෙනව නේද? ඒත් මෙහි ඇත්තේ මරණය මරා අමරනීය වීමේ සුවය පිලිබඳවයි.දැන් ඒ ගැන ටිකක් සොයා බලමු.. මෙයයි ඒ ගාථාවේ කෙටි තේරුම.. අනිච්චාවත සංඛාරා.. හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය.. උප්පාද වය ධම්මිනෝ...ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. ඉපදුන සියල්ල නැසීයයි.. තේසං වූපසමෝ සුඛෝ.. මේන්න මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.. දැන් අපි මේ ධර්මතාවය අපගේ ජීවිතය තුලින් දැකීමට උත්සාහ කරමු.. යමෙක් මේ වෙනස්වන ස්වභාවයට අයත් දෙයකට ආශා කිරීමත් සමගම ඒ දෙය අයත් කරගැනීමට උත්සාහ කරයි.. නැතහොත් අයත් කරගනී..යම් දෙයක් කෙනෙක් අයත් කරගැනීමත් සමගම ඒ දෙය ඒ පුද්ගලයා නැසී යෑමේ දී අයත් කරගත් දෙය කැඩී බිදී යෑමේදී ඇතිවෙන දුකත් ඒ පුද්ගලයාට හිමිවේ.. උදාහරනයක් ලෙස කීවොත් සමහර වෙලද දැන්වීම්වල දැක්වෙනවා අපෙන් මේ දෙය මිලදී ගත්තොත් මෙන්න මේ දෙය නොමිලේ දෙනවා කියා.. ඉතිං අපි යමක්, කෙනෙක් හිමිකරගත්තොත් අපට නොමිලේම ලැබෙන තෑග්ග නම් මරණ දුකමයි.. අපතුල ඇති නොදන්නා කම නිසා අප යමක් ආශාවෙන් අයත්කරගනීමම මරණ දුකත් ලං කරගැනීමක් ලෙස නොදකී.. ප්‍රඥාවන්තයා යමක් ආශාවෙන් අයත් කරගනීමම මරණ දුක නොමිලයේ ලබා ගැනීමක් ලෙස නුවනින් දැක වෙනස්වනසුළු මැරණ ස්වභාවයට අයත් කිසිවකට ආශාවෙන් නොබැදේ.. ඒ නිසාම ඒ පුද්ගලා තුල ඉපදීමේ ස්වභාවය පහල නොවේ.. ඉපදීමේ ස්වභාවය පහලකර නොගැනීමේ හේතුවෙන්ම හේ මරණ දුකටද පත්නොවේ.. ඒ උතුම් ආර්‍යයන් වහන්සේ ඉපදීම් මියායෑම් වලින් තොරවූ ඉපදීම් මියායෑම් වලින් සංසිදුන ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසේ.. අපද ඉපදෙන මියයන ස්වභාවයෙන් යුතු කිසිවකට ආශා නොකිරීමෙන් අමරනීයවූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අඳුරෙන් එළියට..

ඔන්න මිතුරනේ අදත් මම සදහම් අමාවෙන් බිඳු කීපයක් හෝ ඔබ වෙනුවෙන් තිළින කරන්නයි මේ සැරසෙන්නේ..ඔයාල දන්නවා අඳුරු වටපිටාවකදී අපට බොහෝ අනතුරු වෙන්න පුලුවන් බව.. අන්න ඒ අඳුරටත් වඩා අපට අනතුරු දායක අඳුරක් ගැනයි අද කතා කරන්න යන්නේ.. ඒ අවිද්‍යා අන්දකාරය නම් අඳුරයි.. උදාහරනයක් ලෙස යම්කෙනෙකුට අඳුරේදී නොවටිනා දේ වටිනා ලෙස පෙනී යන්න පුලුවන්.. සඳ එලියය වැටී දිදුලන බුලත් හපයකට රතු මැනිකකැයි රවටුන මිනිසා මෙන් අවිද්‍යා  අන්දකාරයෙන් වැසුන මිනිසා නිසරු දේ සරු දේ ලෙස ගෙන තමන් ගේ වටිනා මිනිස් දිවිය නාස්ති කරගැනීමට හැකිය..
මීටත් වඩා භයානක කරුනනම් අවිදු අඳුරෙන් වැසුන මිනිසා තමන්ට අනතුරු දායක දේවල් වල ඇති අනතුර නොදැකීමයි..
උදාහරනයක් ලෙස අඳුරු පරිසරයදී සර්පයෙකු දැක කඹ කෑල්ලකැයි සිතා එයට තෘශ්නා කොට අනතුරට පත්වීමයි.. අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂනය නම් ආදීනව සගවන ලක්ෂනයයි.. මේ නිසාම අවිද්‍යාව නිසාම තෘශ්නාව ඇතිවේ.. ඔබ සෑම දෙනාම බොහෝ විට දැක ඇති පදික වේදිකාවල ඉටිරෙදි ආවරන යට විකිනීමට තබා ඇති රතුම රතු ඇපල් නැවුම් කොළ පැහැයෙන් බබලන පලා කොළ එළවවළු යනාදිය.. හොඳින් බලන්න කොළ පැහැයෙන් බබලන එළවළු වලට ඉහලින් ඇති ආවරන ඉටි කොලය මොන පැහැයද කියා.. නිසැකවම එය කොළ පැහැ ඉටි කොලයක් වීමට පුලුවන්.. කොළ පැහැති ඉටි කොලය නිසා වේලී මැලවී ගිය පලා කොලද ඔබට දිස් වන්නේ මේ දැන් නෙලාගත් පලා කොල ලෙසය.ඔබද ඉතා සතුටින් මේ මැලවුන පලාකොල අළුත් ඒවා සේ සිතා ගෙදර ගෙන යයි.. පුද්ගලයන් තුල අවිද්‍යාවෙ කාර්‍යද මෙසේමයි.. සැබවින්ම නැති දෙයක් ඇති කොට පෙන්වීම මයි.. වේගයෙන් කැරකැවෙන පංකා පෙති නිසලව පවතිනවා පෙනෙනවාක් මෙන් ඉතා වේගයෙන් ඇතිව නැතිවයන දේවල් සැබවින්ම පවතින දේවල් ලෙස මවා පෙන්වන්නේ මේ අවිද්‍යාවේ ක්‍රියාකාරිත්වය නිසයි.. ඔන්න ඔය නිසයි පුද්ගලයන් තමන්ට පෙනෙන දැනෙන සෑම දෙයම වෙනස් නොවන දේ යයි මුලාවෙන් ගන්නේ.. දැන් අප බලමු යම් තරුණයෙකුට රූමත් ගැහැණු ලමයෙක් දක්නට ලැබෙනවා එවිට ඔහුට මෙවන් සිතිවිල්ලක් පහල වීමට පුලුවන්.අනේ මේ ගැහැණු ළමයා මිතුරු කර ගැනීමට ඇත්නම් යනුවෙනුයි.. එහෙත් ඇයගෙන් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුන නිසා ඔහු ඉතා ශෝක වෙනවා.. ඒත් ඊලග දිනයේ ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ දැරිය පිළිකා රෝගයෙන් පෙලෙන බවත් තව වැඩි කලක් ජීවත් වීමට නොලැබෙන බවත්‍ ය.. පුල්දුමයකට මෙන් ඒ සමගම ඒ තරුණයාට ඒ දැරිය ගැන තිබූ කැමත්ත ක්ශනයකින් නැති වී යනු ඇත.. ඒ සමගම තරුණිය මිතුරු කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු තුල තිබූ ශෝකයද පහව යනු ඇත.මෙහිදී සිදුවූ දෙයනම් තරුණයා තුල තරුණිය ගැන තිබූ
අවිද්‍යාවෙන් ඇති වූ නිත්‍ය සංඥාව නැතිවී ඒ නිසාම ඇතිවූ තෘශ්නාව දුරු වීමයි..
අපද අවිද්‍යා තෘශ්නා දෙකින් මිදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන්වන් සරණයි..!

විදසුන් ඇස 6

ඔන්න අද අපි යලිත් හමු වුනා.. විදසුන් ඇස තුලින් සසර දුක නිවන මග දකින්නට.. විදර්ශනා කියන්නේ ඇති සේ පෙනෙන නැති දේ තුලින් ඇති දේ ඇති ලෙසින් දැකීමයි.. මේ නැති දේ ඇති ලෙස දැකීමෙන්මයි දුකට හේතුවන තෘස්ශ්නාව හටගන්නේ.. අප විදසුන් ඇසින් දකින්නේ ඉන්නවා, තියනවා කියා හිතන මේ කිසි දෙයක් සැබැවින්ම පවතින දේවල් නොව වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාකාරිත්වයක් පමනක් බවයි..යමෙක් මේ වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාකාරිත්වය මම, ම
ගේ, හෝ ද්‍රව්‍ය, පුද්ගල ලෙස ගෙන ඇලීම් ගැටීම් ඇතිකර ගැනීම මුලාවක් පමනක් බවයි.. මෙසේ මේ ඇතිව නැතිවන ක්‍රියාකාරිත්වය මම හෝ මගේ ලෙස ගැනීමෙන් දුක උපදින අයුරු දැන් විමසා බලමු...අප යම්කිසි අප කැමහි තත්වයක් උපදවා ගැනීමට වෙහෙස වීමට සිදුවේ.. නමුත් අප කැමති තත්වය ලෙස උපදින්නේම දුකකි.. එනම් පංච උපාදානස්කන්දයකි..[ජාතිපි දුක්ඛා] ඒවා දුකක් වන්නේ බොහෝ වෙහෙස වී උපදවා ගත්තත් ඒවාගේ මුලින් තිබූ අප කැමති තත්වයන් වේගයෙන් වෙනස් වී [පිය විප්පයෝගෝ දුක්ඛෝ] අප අකමැති තත්වයකට [අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ] පත්වන නිසයි.. සරල උදාහරනකින් දක්වනවානම් යම් තරුණයකු හෝ තරුනියක බෝහෝ වෙහෙස වී.. දෙමාපිය වැඩිහිටියෙන්ගේ ඇනුම් බැනුම් පවා අසමින් තමන් කැමති ප්‍රෙම්වතියක හෝ පෙම්වතෙකු ලබා ගනී..එහෙත් ඔහු හෝ ඇය ලබාගත් පසුව තමන් ප්‍රියකල ස්වභාවයන් ඇය හෝ ඔහු තුල නැතිබව දැක [යම්පිච්චං නලභති තම්පි දුක්ඛං] දුකට පත්වේ.. මාව රැවටුවා යයි ගැටුම් ඇති කර ගනී..
මෙහිදී සිදුවී ඇති සැබෑ දෙයනම් මුලින් තිබූ ප්‍රියකල තත්වය අනිත්‍යවී යෑමයි..
මෙසේ වෙනස් වී යන තත්වයන් තමන්ට කැමති අයුරින් පාලනය කිරීමට යැමෙන් වෙහෙසට පත්වේ.. මෙය උපායාස දුක්ඛයයි
.යමෙක් විදසුන් නුවනින් වටහා ගන්නේ සෑම දෙයක්ම වෙනස්වනසුලු බවත්,වෙනවනසුලු දෙයට ආශා කිරීම දුකක් බවත්, අනිත්‍ය වූ කිසිවක් තමන්ට කැමති ලෙස පාලනය කල නොහැකි බවත්‍ ය
. මෙසේ විදසුන් ඇසින් ලොව දකින පුද්ගලයා අනිත්‍ය වූ කිසිවක් සමග නොඇලෙයි.. කිසිවක් සමග නොගැටෙයි. කිසිවක් පාලනය කිරීමට නොයයි.. සසර දුක හදන තෘශ්නාවෙන් මිදී පරම සැනසුම වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙයි.. අපද සම්බුදු සසුනක් පවතින කලක පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදසුන් වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..! 

චතුසත්‍ය 4

ගොඩාක් දවසකින් ඔන්න අද ඔයාල එක්ක හමුවෙන්න ආවා සත්ධර්මයත් සමගින්.. අද අපි කතා කරන්න යන්නේ චතුරාර්‍ය සත්‍යයට අයත් දුක්ඛ ආර්‍ය සත්‍යය ගැනයි, අද අපි බලමු මේ දුක්ඛ සත්‍යයේ ලක්ෂන මොනවාද කියා.. ඒ කියන්නේ දුක අපට සංවේදනය වෙන හැටි.. මේ දුක අපට දනෙන අපිට වැටහෙනම ආකාරය පෙලීමයි.. පීඩනය පත්වීමයි.. අපතුල යම් දුකක් ඇත්නම් ඒ දුක මේ පෙලීමේ ලක්ෂනයෙන් යුක්තයි.. අපට ඇතිවන ශාරීරික හෝ මානසික පීඩාවකදී අපට මේ ලක්ෂනය හොදින්ම දැකගන්න පුලුවන්..අපි කැමති යමක් සිදු නොවීමේදීත් කැමති තත්වයන් වෙනස් වී යෑමේදීත්,අකමැති තත්වයන් ඇති වීමේදීත් මේ තත්වය ඇති වේ..දුක්ඛ සත්‍යයේ දෙවෙනි ලක්ෂනය නම් සංතාප ලක්ෂනයයි.. අපි හැමෝම දන්නවා යම්තැනක පීඩනය වැඩි වේනම් එතැන නිසැකවම උශ්නත්වයත් වැඩි වේ.. මෙතැනදිත් වන්නේ එයමයි.. අප පීඩනයකට පත්වේනම්, සංතාපයට පත්වීමද සිදුවේ.. දුක්ඛ සත්‍යයේ තුන්වන ලක්ෂනයනම් සංස්කාර ලක්ෂනයනයයි.. එනම් සුවයක්, ආශ්වාදයක් සකස් කරගැනීමට දුක් විදීමට සිදුවේ..ඇතිකරගත් ආශ්වාදය වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙසවීමට සිදුවේ.. මේ සංස්කාර දුකඛයයි.. අවසාන මෙන්ම වැඩියෙන්ම දුක් සහගත ලක්ෂනය නම්
 බොහෝ දුක්විද සකස් කරගත් තාවකාලික සුවයද වෙනස් වී යාමයි.. එනම් විපරිනාම ලක්ෂනයයි.. යමක් අනිත්‍ය නම් දුකක් යයි සදහන් වන්නේ දුක්ඛ සත්‍යයට අයත් මෙන්න මේ ලක්ෂනය නිසයි,,, දුක්ඛ සත්‍යයේ තුන්වන ලක්ෂනය හෙවත් සංස්කාර ලක්ෂනය දුකක් වන්නේද මෙන්න මේ වෙනස් වී යෑමේ ලක්ෂනය නිසාමයි.. මන්ද? අප අපට කැම්ති ලෙස දුක් මහන්සි වී සකස් කරගන්නා සෑම දෙයක්ම මේ වෙනස් වීයෑමේ ස්වභාවය නිසා දුකක් බවට පත් වීමයි.. කැමති සේ පවත්වාගත නොහැකි අනාත්ම ලක්ෂනයට හේතු වන්නේ මෙන්න මේ සෑම දෙයක්ම වෙනස් වී යෑම නම් වූ විපරිනාම ලක්ෂනය නිසයි, දුක්ඛාර්‍ය සත්‍යයට අයත් වටසට යාමේ දුක,ලෙඩ වීමේ දුක, මිය යෑමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක,කැමති දේ නොලැබීමේ දුක වීමට එක් ප්‍රධාන හේතුවක් නම් මේ විපරිනාම දුක්ඛ්‍යයි.. අපද වෙනස් වීයන, සකස් කිරීමට සිදුවන පෙලීමට, තැවීමට හේතුවන දේවල් වලට ඇති තෘශ්නාවෙන් මිදී සියළු දුක් නිමා කොට ලබන ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

විදසුන් ඇස 5



සැනසුමට සදහම..

1

විදසුන් ඇස 4

අද අපි බලමු, අප විදසුන් වඩන්නේ කුමක් සඳහාද එයින් සිදුවන්නේ කුමක්ද විදසුන් වැඩීමේ ප්‍රතිඵලය කුමක්ද කියා.. මූලික වශයෙන් අප විදසුන් වැඩිය යුත්තේ අප හැම දෙනාම තුල ඇති වැරදි සංඥ තුනක් දුරු කරගැනීම සඳහායි.. අප දැන් බලමු මොනවද මේ වැරදි සංඥාවන් සහ ඒවා නිසා ඇතිවෙන  අනිටු ප්‍රතිඵල මොනවාද යන්න.. මේවානම්, අනිත්‍යයේ නිත්‍ය සංඥාව, දුක්ඛයේ සුඛ සංඥාව, අනාත්මයේ ආත්ම සංඥාව යි.. මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව නිසා ඒ කියන්නේ වෙනස්වන තත්වයන් වෙනස් නොවන ලෙස වැරදි ලෙස හඳුනා  ගැනීම නිසා ආශ්වාදයේ ඇලීම නම් වූ කාමච්ඦන්දය ඇතිවේ.. මේ නිසාම ආශ්වාදය දුකක් සේ නොගන්නාවූ සුඛ සංඥාවද, ඒ ඇතිකරගන්නාවූ සුඛ සංඥාව  තමන්ට කැමති පරිදි හැසිරවිය හැකිය යන ආත්ම සංඥාවද ඇතිවේ..තමන්ට කැමති පරිදි සියල්ල හැසිරවිය හැකිය යන ආත්ම සංඥාව නිසා ද්වේෂය ඇතිවේ.. අප විදසුන් වැඩීමේදී ලබන අවබෝධයනම්, සෑම දෙයක්ම  ඇතිවීම්, නැතිවීම් යන ස්වභාවයෙන් යුතු බවත්, මේ ඇතිවන නැතිවන ස්වභාවයට ඇලීම, ගැටීම දුකක් බවත්.. මේ ඇතිව නැතිවන ස්වභාවය තමන්ට හෝ කිසිවෙකුට පාලනය කල නොහැකිබවත්ය. මෙසේ විදසුන් නුවණින් මේ  ඇතිවීම් නැතිවීම් ස්වභාවය  ඇලීමකින් ගැටීමකින් තොරව උපේක්ෂාවෙන් දැකිය හැකිනම් ඒ පුද්ගලයා තුල දැල්වෙන රාග ගිනි නිවී යයි.. ද්වේශ ගිනි නිවී යයි.. මේ හැම දේම නිත්‍යයි, සුඛයි, ආත්මයි, යනුවෙන් ගන්නා මෝහ ගිනි නිවී යයි..මෙසේ සසර දුක් ගිනි සදහටම නිවී යෑමෙන් ඒ අමා නිවන් සුව මේ ජීවිතයේදීම  අත්විදියි.. උතුම් බුද්ධෝත්පාද සමයදී පමනක් දැකීමට ලැබෙන මේ විදර්ශනා භාවනව වඩා ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!

මිත්‍යාවෙන් මිදෙමු

මේ සමාජයේ බොහෝදෙනා මිත්‍යාව සත්‍යය ලෙසත්, සත්‍යය මිත්‍යාව ලෙසත් වැරදි ලෙස මුලාවේම ඇලී සිටිති.. අද අප සාකච්චා කිරීමට යන්නේ මෙන්න මේ ගැනයි. සාමාන්‍ය ජනයාගෙන් බොහෝ දෙනෙකු දුකට හේතුව ලෙස දකින්නේ ග්‍රහ බලපෑම්, අනවින, කොඩිවින කිරීම් යනාදී මිත්‍යා විශ්වාසයන්‍ ය. මෙහි වඩාත් සංවේගජනක කාරණය වන්නේ මේ අයගෙන් බහුතරය බෞද්ධයන් වීමයි. අද අපි බලමු සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා දෘශ්ටියට එකග වියහැකිද කියා..භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සත්ධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ සූත්‍රපිටකයට අයත් චුල්ල කම්ම විභංග සූත්‍රය යමෙක් පිලිගන්නවානම් සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා පිලිගත නොහැක.. චුල්ල කම්ම විභංග සූත්‍රයට අනුව යමෙක් අඩු ආයුෂයෙන් මියයන්නේ ඔහු හෝ ඇය පෙර භවයේදී සත්ව ඝාතනය කොට සිදුකරගනු ලැබූ අකුසලයක විපාකයක් නිසයි.. යමෙක් නිරතුරුවම රෝග පීඩා ආදියෙන් පෙලීමට ලක්වන්නේ ඔහු හෝ ඇය පෙර භවයකදී සිදු කරනු ලැබූ සත්ව හිංසා අකුසල කර්මය නිසයි.. යනාදී අයුරිනි.. නමුත්, මිත්‍යා දෘශ්ටියෙන් අන්ධ වූ සමහරෙකු සිතන්නේ අඩු ආයුශයෙන් මියයන්නේ ඒරාෂ්ටක අපල නිසා බවයි.. නැතහොත් යම් කෙනෙකු විසින් කොඩිවින කිරීම නිසා බවයි.. මෙසේ මිත්‍යා දෘෂ්ටියකට යටවීමේ භයානක ප්‍රතිඵල නම් කේන්දර කරුන්වන්ට ශාස්ත්‍ර කරුවන්ට නිකරුනේ මුදල් නාස්ති කිරීමයි.. ඒටත් වඩා භයානක ප්‍රතිඵලයක් නම් යම් ශාස්ත්‍ර කරුවෙකු විසින් යමෙකුට කොඩිවිනයක්කර ඇති බව කියා සිටියහොත් එය සිදුකරන්නට ඇත්තේ අසවලුන් විසින්ය ය නෑදෑයෙකු තරහ කාරයෙකු විසින්‍ය යන වැරදි නිගමනයට පත්ව ඔවුන් විසින් සැකකරනු ලබන පුද්ගලයන්ට වෛර කිරීමට පෙලඹීමය මේ හේතුවෙන් මනුශ්‍ය ඝාතන පවා සිදු වීමට ඉඩ ඇත..මිත්‍යා දෘශ්ටිකයන් නිරයගාමී වන බවද සත්ධර්මයේ දැක්වේ,  සත්ධර්මයට අනුව මිත්‍යා දෘශ්ටිය නිසා මිත්‍යා සංකල්ප [කාම සිතිවිලි, තරහ සිතිවිලි, හිංසා සිතිවිලි]ඇති වීමෙන් මෙය සිදුවේ.. මේ මිත්‍යා දෘශ්ටි වලට හසුවීමෙන් පුද්ගලයන් මානසිකව ඇද වැටීමටත්, ඒ නිසාම ශාරීරික රෝග පීඩා ආදියට ගොදු
රුවීමත් සිදුවේ, මේ නිසාම මිත්‍යා දෘශ්ටියන්ට ගොදුරු වන්නන්ගේ ලව්කික ජීවිතයේ දියුනුව නැති වෙන අතර කිසිම අධ්‍යාත්මික දියුනුවක් සලසා ගැනීමටද නොහැකිවනු ඇත.. ඉතින්, ඔබ අප සැම දෙනාම මේ නිසරු මිත්‍යා දෘෂ්ටි වලින් මිදී ලව්කික මෙන්ම අධ්‍යාත්මික දියුනුවත් ඇතිකර ගනිමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

සැබෑ අනතුර දකිමු..

මේ කාලය බොහෝ අනතුරු බහුල කාලයක් ලෙසයි සැලකෙන්නේ ඉතින්.. අද අපි කතා කරන්න යන්නේ අපට ඇති සැබෑ අනතුර ගැනයි.. වාහන අනතුරු, ස්වාභාවික අනතුරු, සතුරන්ගෙන් වන අනතුරු මේ ආදී බොහෝ අනතුරු වලින් ආරක්ශාවීම සදහා සමහරු හදිසි අනතුරු රක්ෂනයන්ද ලබා ගනිති.. නමුත්, අපට ඇති සැබෑ අනතුරින් ගැලවීම සඳහා මේ කිසිවක් ප්‍රයෝජනවත් නොවේ.. දැන් අපි බලමු මේ සැබෑ අනතුර කුමක්ද කියා.. අපට ඇති සැබෑ අනතුර නම් සතර අපායේ වැටීමේ අනතුරයි

. මේ සැබෑ අනතුරින් මිදීමේ නිසැක උපායනම් සත්ධර්ම මාර්ගය මිස වෙනයමක් නොවේ.. මේ අනතුර ගැන උදාහරනයකින් කියනවානම්, සිහි කල්පනාවක් නොමැතිව රිය පදවන රියදුරෙකු නිසැකවම රිය අනතුරකට පත්ව ජීවිතය හානි වීමේ අනතුරක් ඇත.. අපද මේ ජීවිත යාත්‍රාව පැද යාමේදී සිහි කල්පනාව නොමැති වුවහොත් අනතුරකට පත්වනු නිසැකය.. රිය පදවන රියැදුරා මහමග ඇති ආකර්ශනීය දේ වලට ආශාවෙන් ඒ දේ වලට අවධානය යොමු කලහොත් හෝ අනෙක් රියදුරන්ගේ නොමනා ක්‍රියා ගැන ද්වේෂයෙන් පසුවුවහොත් අනතුරකට පත් වීම නිසැකය..
අපද ජීවත් වීමේ දී අපට අරමුනු වන දේවලට ඇලී ගියහොත්හෝලැබෙන අරමුණු වලට ගැටුනහොත්  ජීවිත යාත්‍රාව අනතුරකට පත්වී සතර අපාය නමැති දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
. මේ නිසා අප හැමදෙන ජීවිත යාත්‍රාව පැදවිමේදී සිහි කල්පනාවෙන් කටයුතු කොට අපට ඇති සැබෑ අනතුරින්  අත්මිදෙමු.. සදා සැනසීම වූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි..!