
. මේ සැබෑ අනතුරින් මිදීමේ නිසැක උපායනම් සත්ධර්ම මාර්ගය මිස වෙනයමක් නොවේ.. මේ අනතුර ගැන උදාහරනයකින් කියනවානම්, සිහි කල්පනාවක් නොමැතිව රිය පදවන රියදුරෙකු නිසැකවම රිය අනතුරකට පත්ව ජීවිතය හානි වීමේ අනතුරක් ඇත.. අපද මේ ජීවිත යාත්‍රාව පැද යාමේදී සිහි කල්පනාව නොමැති වුවහොත් අනතුරකට පත්වනු නිසැකය.. රිය පදවන රියැදුරා මහමග ඇති ආකර්ශනීය දේ වලට ආශාවෙන් ඒ දේ වලට අවධානය යොමු කලහොත් හෝ අනෙක් රියදුරන්ගේ නොමනා ක්‍රියා ගැන ද්වේෂයෙන් පසුවුවහොත් අනතුරකට පත් වීම නිසැකය..
අපද ජීවත් වීමේ දී අපට අරමුනු වන දේවලට ඇලී ගියහොත්හෝලැබෙන අරමුණු වලට ගැටුනහොත් ජීවිත යාත්‍රාව අනතුරකට පත්වී සතර අපාය නමැති දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
. මේ නිසා අප හැමදෙන ජීවිත යාත්‍රාව පැදවිමේදී සිහි කල්පනාවෙන් කටයුතු කොට අපට ඇති සැබෑ අනතුරින් අත්මිදෙමු.. සදා සැනසීම වූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment