පින්වත් මිතුරනි.. අද අප විමසා බැලීමට යන්නේ අප සත්ධර්මයෙන් නිසි ප්‍රයෝජන ගන්නවාද යන්නයි, මේ කාලයේ බොහෝ දෙනා විහාරස්ථාන වෙත යනු ලබන්නේ එක්කෝ පවුලේ කෙනෙකු අසනීප වී බෝධි පූජාවක් පැවැත්වීමටය.එසේත් නැතිනම් පවුලේ දරුවෙකු විභාගයකට යෑම සදහා සෙත් කවියක් ලියවා ගැනීමටයි. සමහර විටක කේන්දරයක් බලවා ගැනීම සඳහාත් පන්සලකට යෑමට පුලුවන්.. නමුත් අප බලමු භාග්‍යවතුන් වහන්සේ නමක විසින් ශ්‍රී සත්ධර්මය දේශනා කරනු ලැබූවේ ක
ුමක් සඳහාද කියා.. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේම දේශනා කලේ කුමක්දැයි සලකා බලමු.. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති.. අවබෝධකල භාග්‍යවතුන් වහන්සේ අවබෝධය පිනිස ධර්මය දේශනා කරති.. ඉතින් බලන්න අවබෝධය පිනිස දේශනාකල දහමක් අනවබෝධයෙන් පාවිච්චි කරන හැටි.. අද කාලයේ බොහෝ බෞද්ධයන් පිරිත් භාවිතා කරනු ලබන්නේ යම් යම් දේ සිදුකරගතහැකි මන්ත්රලෙස මිස අන්අයුරකින් නොවේ..මේ චතුරාර්ය සත්‍යය න්‍යාය අප මනාව හදුනාගන්නේ නම් එය ආද්‍යාත්මික කරුනු සඳහා පමනක් නොව ලෞකික ජීවිතයේ ඇතිවන ප්‍රශ්න නිවැරදිව නිරාකරනය කරගැනීමටද මේ න්‍යාය යොදා ගතහැකිය.. උදාහරනයක්ලෙස; ප්රශ්නය, ප්‍රශ්නයට හේතුව, පිලිතුර, පිලිතුරට ලගා වීමේ ක්‍රමය ලෙස දැක්විය හැකිය.. දැන් සත්ධර්මය දේශන කිරීමේ දෙවෙනි හේතුව බලමු.. දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති.. තම සිත දමනය කොටගත් [හික්මවාගත්] භාග්‍යවතුන් වහන්සේ දමනයවීම සදහා ධර්මය දේශනා කරති.. සත්ධර්මය තුලින් පෙන්වාදෙනලෙස යමෙක් අවබෝධය පිනිස දහම් අසන්නේනම් ඒ පුද්ගලයා නිරායාසයෙන්ම හික්මුනු දමනය වූ සිත්සතන් ඇත්තෙක්වනු ඇත. යමෙක් දහමට අනුව හික්මෙන්නේනම් ඒ පුද්ගලයා සැනසුන ශාන්තවූ ඉන්ද්‍රියන් ඇත්තෙකු වනු ඇත.. භාග්‍යවතුන් වහන්සේ මීලගට දේශනා කරන්නේ ඒ ගැනයි..සන්තෝ සෝ භගවා සමතාය ධම්මං දේසේති.. ශාන්තවූ භාග්‍යවතුන් වහන්සේ ශාන්ත වීම පිනිස දහම දෙසති.. අද සමාජයේ පුද්ගලයන් කොපමන නොසන්සුන්ද යන්න දැකීමෙන් ඔවුන් සත්ධර්මයෙන් නිසි ප්‍රයෝජන නොගන්නන්බව හොදින් වටහාගත හැකිය. මීලගට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තින්නෝ සෝ භගවා තරනාය ධම්මං දේසේති යනුවෙනි.. සසර සයුර තරනය කල භාග්‍යවතුන් වහන්සේ සසර සයුර තරනය කිරීම ගන දේශනා කරති.. වත්මන් කල බෝහෝ දෙනා දහම භාවිත නොකරනම කොටස මෙයයි.. සත්ධර්මය ඇත්තේ සසරින් මිදීම පිනිසයයි බොහෝ දෙනෙකුට හැගීමක් හෝ නොමැත.. භාග්‍යවතුන් වහන්සේ සත්ධර්ම්ය දේශනා කිරීමට හේතුවූ අවසන් කරුන නම් පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බනාය ධම්මං දේසේති.. පිරිනිවුන භාග්යාවතුන් වහන්සේ පිරිනිවීම පිනිස දහම දෙසති .!මෙන්න මේ කරුනු 5 සඳහා ය භග්‍යවතුන් වහන්සේ ශ්‍රී සත්ධර්මය දෙශ්නා කරන ලද්දේ. ඉතින් අප සැම දෙනා මේ උතුම් ශ්‍රී සත්ධර්මය හොදින් පුහුනු කොට ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.
No comments:
Post a Comment