අදුරෙන් එළියට 3


ඔන්න මිතුරනේ. තවත් ලස්සන හැදෑවක අදත් ඔයාල හමුවෙන්නා ආවෙ හැමදාම වගේ සදහම් අමා මී ඔයාලත් එක්ක රසවිදින්නයි.. එදා අපි දැනගත්තා නොදන්නා බව දැන ගැනීමෙන්ම තමයි ආර්‍ය මාර්ගයට ඇතුල් වෙන්නෙ කියල.. අද අපි බලමු ඊටපස්සෙ මොකක්ද කලයුතු කියල.. නොදන්න බව දැන ගන්නා පුද්ගලයා ඊටපස්සෙ කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමුවෙන බවත් එදා අපි දැනගත්තා.. ඊට පස්සෙ එයා කල්‍යාණ මිත්‍රයා කියන දේ අහන් ඉන්න යොමු වෙනවා.. මොනවද කලයාණ මිත්‍රයා මෙයාට කියන්නෙ? අපි බලමු.. කල්‍යාණ මිත්‍රයා ඔහුට මෙන්න මෙහෙම කියනවා.. යාළුවේ.. ලෝකයේ දුකක් කියල දෙයක් තියනවා.. ඔය පේන දුක නොවෙයි.. නොපෙනෙන දුකකුත් තියනව.. කියල පෙනවා දෙනවා.. ඒක මෙන්න මේ වගේ ඔයාල දන්නව ඇති සමහරු බත් කනකොට කොච්චි මිරිස් කනවා. කඳුලු පෙර පෙරා කට දදා කොච්චි මිරිස් කනවා.. එයාලට හිතෙන්නේම එයාල සැපක් විදිනවා කියලමයි.. ඒත් ටිකක් හරි නුවනක් තියන කෙනෙකුට වැටහෙනවා ඒක සැපක් නොවේ.. දුකක් විතරයි කියල.. අන්න ඒ වගේ කල්‍යාණ මිත්‍රයා මිනිසුන් සැප හැටියට දකින පංච කාම ආශ්වාදයත් දුකක් ලෙස පෙන්වා දෙනවා.. අර කොච්චි කන පුද්ගලයා කොච්චි කෑම දුකක් ලෙස නොදකිනවා වාගේ සාමාන්‍ය මිනිසා පංච කාම ආශ්වාදයේ දුක නොදකින බව පෙන්වා දෙනවා.. ඒ නිසාම ජීවිතයේ බොහෝ දුක් විදීමට සිදුවන බව පෙන්වා දෙනවා.. මේ දුකට හේතුව එවා දුකක් බව නොදන්නා නිසා ඒවට ඇතිකරගන්නා ආශාව බව පෙන්වා දෙනවා.. ආශාවන් ගෙන් ඉවත් වීමෙන් දුක නැති කලහැකි බව පෙන්වා දෙනවා.. ඒ සදහා ක්‍රමයක් ද ඇති බව පෙන්වා දෙනවා.. මෙසේ කල්‍යාණ මිත්‍රයාගෙන් සදහම් අසන ඒ පුද්ගලයා ඒ ඇසූ දේවල් නුවණින් මෙනෙහි කරනවා.. එවිට ඔහුට මෙසේ වැටහෙනවා.. අනේ නොදන්නව උනාට මමත් දුකෙන් ඉදල තියෙන්නෙ.. හරියට ලෙඩක් හැදුන කෙනෙක් තමන් ලෙඩින් කියල නොදන්නවා වාගේ කියලා.. එයා මෙහෙමත් දකිනවා.. අනේ මම වගේම අනික් අයත් දුකින්නේ.. මෙසේ දකින ඔහුගේ සිතේ මෛත්‍රී කරුණා ඇති වෙනවා.. මෙසේ තමන් ද අනෙක් අයද දුකින් කියා වැටහී යාමෙන් මෙත් සිත් ඇති කරගන්නා ඒ පුද්ගලයා ඒ නිසාම සතුන් මැරීමෙන් සොරකම් කිඑරීමෙන් ආදී පව්කම් වලින් වැලකෙනවා.. මෙසේ සිල්වත් වූ ඒ පුද්ගලයාගේ සිත සන්සුන් වෙනවා.. සමාධිමත් වෙනවා.. සමාධිමත් සිත් ඇති ඒ පුද්ගලයා විදසුන් වඩා සියළු කෙලෙස් ගිණි නිවීමෙන් සැනසුන ඒ අමා මහ නිවනින් නිවී සැනසෙනවා.. අප ද කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ සදහම් නුවණින් මෙනෙහි කරමින් සම්මා දිට්ඨියට පැමින සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි...!

No comments:

Post a Comment