නිවන්මග 7


පින්වත් මිතුරු මිතුරියනි.. අදත් මම ඔයාල හමුවෙන්න ආවේ සදහම් අමා මී ඔබ සමග රසවිදින්නයි.. අද අපි සකාච්චා කිරීමට යන්නේ සදහම් මග යන්නාවූ කෙකෙන් වීම ගැනයි.. මේ සදහම් මාර්ගයේ හික්මෙන්නා ගැන සඳහන් වන්නේ සේඛ පුද්ගලයා ලෙසයි.. මූලිකවම සේඛ පුද්ගලයෙකුවීම සඳහා තිසරණයේ පිහිටිය යුතු අතර ඉන්පසු සිදුකලයුතු කාර්‍යයන් ගැනයි ඊලගට කතා කරන්න යන්නේ.. භාග්‍යවතුන් වහන්සේ සේඛ්iඅ පුද්ගලයා ට අනුශාසන කරන්නේ මේ ලෙසටයි.. "න නිමිත්තග්ගහී හෝති.. න අනුවයංජනග්ගාහී හෝතී.. " ලෙසටයි.. අපි දැන් මේ මොකද්ද කියල ටිකක් හොයා බලමු.. අපි යම් කෙනෙන් හෝ දෙයක් දකින විට අනේ මෙයානම් හරි ලස්සනයි.. මේක නම් හරි ලස්සනයි.. යනුවෙන් තමන් ගත් අරමුන ප්‍රිය මිහිරි ලෙසින් ගනී.. මේ නිසා ගත් අරමුන හිතේ කාවදී.. මෙන්න මෙය නිමිති ගැනීම ලෙස සැලකේ.. යමක් හෝ දෙයක් ප්‍රිය මිහිරි ලෙස ගැනීමත් සමගම තමන් ගත් අරමුන ගැන වැඩි දුරටත් සොයා බැලීමට පටන් ගනී.. ඉන්පසු තමන් ගත් අරමුන කොටස් වශයෙන් බලමින් ඒවාද ප්‍රිය මිහිරි ලෙස ගනී.. උදාහරනයක් ලෙස තමන් ගත් අරමුන තරුන ගැහැණු ළමයෙකු නම් ඇයගේ හිසකෙස්ද සමේ පැහැයද.. ඇයගේ සිනාවද ප්‍රිය මිහිරි ලෙස ගනී.. ඒවාද සිතට කාවද්දාගනී.. මෙසේ සම්පූර්න ලෙසටද කොටස් වශයෙන්ද තමන් දුටු අරමුන ප්‍රිය මිහිරි ලෙස ගැනීම නිසා තෘශ්නාව උපදී.. මෙය සතිපට්ඨාන සූත්‍රයේ මේලෙසින් සදහන් වේ.. චක්ඛුං ලෝකේ පියරූපං සාතරූප, එත්ථේසා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති,එත්ථ නිසතිමානා නිවීසතී. ඇස යන ලෝකය ප්‍රිය මිහිරි ය,, එසේ ගැනීම නිසා ඒ තන්හාව හටගැනීම් වශයෙන් මෙහි හටගනී.. ඒ තන්හාව මෙහි තැන්පත් වීම් වශයෙන් මෙහි තැන්පත් වේ'' මෙන්න මේ නිසයි ලැබෙන අරමුනු ප්‍රිය මිහිරි ලෙස ගනිමින් ඒවා නිමිති අනුනිමිති ලෙස නොගන්නයයි දේශනාවෙ ඇත්තේ.. අද අපි සාකච්චා කරන අනෙක් කරුන නම් සේඛ පුද්ගලයා මේ අරමුනු උපයෝගී කරගනිමින් සම්මා දිට්ටිය ඇති කරගන්නා ආකාරයයි.. සම්මා දිට්ටි සූත්‍රයට අනුව සම්මා දිට්ටියට පත් වීමේ එක් ක්‍රමයක් නම් ආහාරය පූර්න වශයෙන් දැන ගැනීමයි.. එනම් ආහාරයේ චතුරාර්‍ය සත්‍ය දැකීමයි.. ආහාරම් සතර වර්ගයකි.. 1 කබලිකාරාහාරය.. 2 ඵස්සාහාරය.. 3මනෝසඤ්චේතනාහාරය.. 4විඤ්ඤාණාහාරය.. මේ අයුරින් ආහාර දැනගනී ..ආහාර සමුදය දැනගනී.. ආහාර නිරෝධය දැනගනී.. ආහාර නිරුද්ධ වීමේ මාර්ගය දැන ගනී.. මෙහි ආහාර සමුදය නම් මේ ආහාර ප්‍රිය මිහිරි ලෙස ගැනීමේ නන්දි රාගය සහ ඦන්ද රාගයයි..ආහාර නිරෝධය නම් ප්‍රිය මිහිරි ලෙස ගන්නා ඦන්ද රාගය සහ නන්දි රාගය දුරු කිරීමයි.. මෙන්න මේ සතර ආහාරය නිරුද්ධ වීමේ මාර්ගය යි අද කතා කරන්න යන්නේ..මේ ආහාරනම් අපගන්නා අරමුනු සහ ඒවා දැන ගැනීම, ඒවා විදීම, සහ ඒවා සිහිකිරීමයි.. අප අරමුනක් ගැනීමේදී ගන්නා අරමුන අනිත්‍ය ලෙස ද, නිත්‍ය ලෙස සැලකුවහොත් දුකක් වන්බවද,කැමති ලෙස පැවැතිවිය නොහැකි බවද එසේ කලහැක්කෙක් නොමැති බවද විදසුන් නුවනින් දකී.. මෙසේ විදසුන් නුවනින් දැකීමම ආහාර නිරුද්ධ කිරීමේ මාර්ගයයි.. මෙසේ විදසුන් වැඩීමේදී කබලිංකාහාරයෙන් ඇතිවෙන පංච කාම යේ නොඇලේ ..ඵස්සාහාරයෙන් ඇතිවන ඇලීම් ගැටීම් ආදී වේදණාවන්ගේ නොඇලේ.. මනෝසඤ්චේතනා නිසා ඇතිවන තෘශ්නාවෙ නොඇලේ.. වින්ග්ඤාණාහාරය නිසා හටගන්නා නාම රූපයේ නොඇලේ.. මෙසේ විදසුන් වඩන්නා හට සත්ධර්මයේ සදහන් වන්නේ අනිමිත්තවිහාරී පුද්ගලයා ලෙසටයි..නිමිත්තක වාසය නොකරන්න ලෙසටයි.. අපද මෙසේ විදසුන් වඩමින් අනිමිත්තසාරී පුද්ගලයෙක්ව වසමින් ආහාරය තුලින් සම්මා දිට්ටිය උපදවා ගනිමු..අවසානයේ දී උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධකොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.....

No comments:

Post a Comment