අඳුරෙන් එළියට 2

පින්වත් යහළුවනේ.. අද අපි අළුත් විදියකට පටන් ගමු.. කොහොමද ඒ? අපි ධර්ම මාර්ගයේ යෑම අරඹන්නේ කොහොමද? අපි එතනින් පටන් ගමු.. අපි දහම් මග පටන් ගන්නේ දන්නා තැනින්ද? නොදන්නා තැනින්ද? අපි දහම් මග පටන් ගන්නේ නොදන්නා තැනින්.. ඇයි මෙහෙම කියන්නේ? අපි දහම් මග පටන් ගතයුත්තේම සද්ධාවෙන්,,භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ගැන ඇතිකරගන්නා වූ විශ්වාසයෙන්.. මෙය ඇරඹෙන්නේම ''මම කිසිත් නොදනිමි '' භාග්‍යවතුන් වහන්සේ සියල්ල දනිති..''මේ අයුරිනි.. මෙසේ අප මූලික වශයෙන් දැනගත යුත්තේ අප කිසිත් නොදන්නා බවයි... යමෙක් තමන් නොදන්නා බව දැනගත් විට නොදන්නා දෙය දැන ගනීමේ කැමත්ත[ඦන්ද] ඇතිවේ.. නොදන්න දෙය දැන ගනිමි යන අධිෂ්ටානය [චිත්ත] ඇතිවේ.. නොදන්නා දෙය දැනගන්නා තුරු අධිෂ්ටානය අතනොහරිමි.. යන වීර්‍යය  [වීර්‍යය] ඇති වේ.. නොදන්නා දෙය දැන ගනීම සඳහා විමසිලිමත් වීම [වීමංසා] ඇති වේ.. මේ විමසිලිමත් වීම ප්‍රඥාවේ ආරම්භයයි.. මුලින් ඇතිකරගත් සද්ධාවට අනතුරුව නොදන්නා බව දැනගන්නාවූ ප්‍රඥාවද ඒ සඳහා අවශ්‍ය වීර්‍යය ද ඇති  කරගනී.. මේ නොදන්නා දෙය දැන ගැනීම සඳහා සන්සුන් මනසක්ද [සමාධි]මනා අවධිමත්මත් [සති] බවක්ද අවශ්‍ය බව දැන ගනී. මෙලෙස ඉතා සුළුවෙන්හෝ සද්ධා ප්‍රඥා වීර්‍යය සමාධි සති යන පංච ඉන්ද්‍රිය ධර්ම ඇතිකරගන්නා තැනත්තා එතැන් සිට දහම් මග අරඹයි.. ඔහු හෝ ඇය එතැන් සිට කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින්  තමන් නොදන්නේ කුමක්දැයි නුවණින් විමසා බලයි.. කොහොමද විමසා බලන්නේ ,, හටගන්නා තැන අනුව,උපදින තැන අනුව විමසා බලයි.. මොනවද හටගන්නේ? මොනවද උපදින්නේ? කෙළෙස් හටගන්න තැන අනුව කෙළෙස් උපදින තැන අනුව නුවණින් විමසා බලයි.. ඒ අනුවම උපන් කෙලෙස් නැතිවන ලෙසද නූපන් කෙළෙස් නූපදින ලෙසද නූපන් ගුණදහම් උපදින ලෙසද උපන් ගුනදහම් සුරැකෙන ලෙසද ජීවිතය පවත්වයි.. මේ උතුම් වූ සොවන් වීමේ මාර්ගයයි.. ඉතින් පින්වත් මිතුරනේ.. අපද නොදන්න තැනින් අරඹා කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය ශ්‍රවණය කරමින් ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ඊටම අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙමින් නිවන් මග වඩමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment