මෘතයත්.. ඒක බිව්වට දෙවියෝ අමරනීය වෙන්නෙ නෑ.මුලා වෙනවා විතරයි.. ඒත් අපේ බුදු හාමුදුරුවෝ මුලු තුන් ලෝකෙටම හොයා දුන්නා ඇත්තටම අමරනීයවන අමෘත පානයක්.. ඒ තමයි සදහම් අමා පානය.. සමහර ආගම් වල තියනවා දෙවියන් අමෘතය සොයා ගත්තෙ කිරි සයුරෙන්ලු.. අපේ බුදු හාමුදුරුවෝ මේ සදහම් අමා පැන් සොයා ගත්තේ සසර සයුරෙන්.. අද මම ඔයාලට ගෙනාවෙ අන්න ඒ අපේ බුදු හාමුදුරුවො සොයාගත් සදහම් අමා අමා නදියෙන් අමා පැන් පොදක්.. අපට මරණයෙන් මිදෙන්න බැරි අපි මරණය මරන්න නොදන්න නිසා. අවිද්‍යාව නිසා.. අද අපි අද මේ නොමැරීමේ සුවය ගැන සදහන් උතුම් ගාථා රත්නයක් ගැන සොයා බලමු.. ඔයා හැම දෙනාම අහල ඇති මේ ගාථාව.. කියවල බලන්න මොකද හිතෙන්නෙ කියල. ''අනිච්චාවත සංඛාරා.. උප්පාද වය ධම්මිනෝ.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. තේසං වූපසමෝ සුඛෝ '' මොකද හිතෙන්නෙ? මළ ගෙදරක් මතක් වෙනව නේද? ඒත් මෙහි ඇත්තේ මරණය මරා අමරනීය වීමේ සුවය පිලිබඳවයි.දැන් ඒ ගැන ටිකක් සොයා බලමු.. මෙයයි ඒ ගාථාවේ කෙටි තේරුම.. අනිච්චාවත සංඛාරා.. හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය.. උප්පාද වය ධම්මිනෝ...ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. ඉපදුන සියල්ල නැසීයයි.. තේසං වූපසමෝ සුඛෝ.. මේන්න මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.. දැන් අපි මේ ධර්මතාවය අපගේ ජීවිතය තුලින් දැකීමට උත්සාහ කරමු.. යමෙක් මේ වෙනස්වන ස්වභාවයට අයත් දෙයකට ආශා කිරීමත් සමගම ඒ දෙය අයත් කරගැනීමට උත්සාහ කරයි.. නැතහොත් අයත් කරගනී..යම් දෙයක් කෙනෙක් අයත් කරගැනීමත් සමගම ඒ දෙය ඒ පුද්ගලයා නැසී යෑමේ දී අයත් කරගත් දෙය කැඩී බිදී යෑමේදී ඇතිවෙන දුකත් ඒ පුද්ගලයාට හිමිවේ.. උදාහරනයක් ලෙස කීවොත් සමහර වෙලද දැන්වීම්වල දැක්වෙනවා අපෙන් මේ දෙය මිලදී ගත්තොත් මෙන්න මේ දෙය නොමිලේ දෙනවා කියා.. ඉතිං අපි යමක්, කෙනෙක් හිමිකරගත්තොත් අපට නොමිලේම ලැබෙන තෑග්ග නම් මරණ දුකමයි.. අපතුල ඇති නොදන්නා කම නිසා අප යමක් ආශාවෙන් අයත්කරගනීමම මරණ දුකත් ලං කරගැනීමක් ලෙස නොදකී.. ප්‍රඥාවන්තයා යමක් ආශාවෙන් අයත් කරගනීමම මරණ දුක නොමිලයේ ලබා ගැනීමක් ලෙස නුවනින් දැක වෙනස්වනසුළු මැරණ ස්වභාවයට අයත් කිසිවකට ආශාවෙන් නොබැදේ.. ඒ නිසාම ඒ පුද්ගලා තුල ඉපදීමේ ස්වභාවය පහල නොවේ.. ඉපදීමේ ස්වභාවය පහලකර නොගැනීමේ හේතුවෙන්ම හේ මරණ දුකටද පත්නොවේ.. ඒ උතුම් ආර්‍යයන් වහන්සේ ඉපදීම් මියායෑම් වලින් තොරවූ ඉපදීම් මියායෑම් වලින් සංසිදුන ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසේ.. අපද ඉපදෙන මියයන ස්වභාවයෙන් යුතු කිසිවකට ආශා නොකිරීමෙන් අමරනීයවූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment