මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමු..
පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි ටිකක් වෙනස් දෙයක් කතා කරන්නයි යන්නේ..ඒ තමයි වත්මන් සමාජයේ සත්ධර්මයේ නාමයෙන් පැතිරෙන්නාවූ මිත්‍යා මතයක් ගැන..අපි ටිකක් ඒ ගැන සොයා බලමු.. අපි හැමෝම දන්නවා භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකාන්හයෙන් ඇත යන අන්තයත්, ඒකාන්තයෙන් නැත අන්තයන් ප්‍රතික්ෂේප කල බව.. වර්ථමානයේ ඇතැමුන් මෙන්න මේ ඒකාන්තයෙන් ඇත යනකාරණය සහ ඒකාන්තයෙන් නැත යන කාරණය සමග ඇතිවීම සහ නැතිවීම යන කාරණා සමාන ලෙසින් සලකා ඇතිවීම සහ නැති වීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වැරදි දෘෂ්ටියකට බැසගනී.. දැන් අපි බලමු මේ කාරණා දෙක සමාන ද, අසමාන ද, කියල.. මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකාන්තයෙන් ඇත යන්නෙන් අදහස් වන්නේ ශාස්තවත දෘශ්ටියයි, එනම් නොවෙනස් වූ සදාකාලික ආත්මයක් ඇත යන්නයි..නමුත් ඇති වීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ මේ අදහසට හාත්පසින්ම විරුද්ධ හේතුන් ඇති වීම නිසා ඵල ඇති වීමයි.. මිත්‍යා දෘශ්ටියක් වූ ඒකාන්තයෙන් නැත යනු උච්ඦේද දෘෂ්ටියයි.. එනම් ජීවත්ව සිටින සත්වයෙකු මියයෑමෙන් පසු සියල්ල අවසානය යන්නයි.. නමුත් "නැතිවීම" නම් ඇතිවීමට හේතුවූ තත්වයන් නැති වීම නිසා එයින් ඇතිවූ ඵලයද නැතිවී යෑමයි..සත්ධර්මයේ පෙන්වා දෙන්නේ හේතු ඵල ක්‍රියාකාරිත්වයෙන් හටගන්නාවූ ධර්මතාවයක් වන ඇතිවීම සහ නැතිවීමයි.. මෙය කිසිසෙත්ම මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකානත්යෙන් ම නැත යන අන්තයට සමාන නැත.. මෙහි භයානක ප්‍රතිපලය නම් මේ හේතුවෙන් ඉහත ලෙස වැරදි දෘෂ්ටිහත වූවන් හේතුපල ධර්මයද, විදර්ශනාවද මේ නිසා අවුල් කරගැනීමයි.. ඉතා කරුණාවෙන් කියන වගනනම්, මෙය මෙසේ පෙන්වා දුන්නේ දෘෂ්ටිගත වූවන් ගේ දෘෂ්ටිය නිවැරදි කිරීමට නොව, අලුතෙන් කෙනෙක් දෘෂ්ටිගත වීමෙන් වැලක්වීම සදහා බවයි.. සියළු දෙනාම මිත්‍යාදෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ටියට පැමිනෙත්වා..! සියළුම දෙනා ඒ අමා නිවනින් නිවී සැනසෙත්වා..! ඔබ සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment