විදසුන් ඇස 4
අද අපි බලමු, අප විදසුන් වඩන්නේ කුමක් සඳහාද එයින් සිදුවන්නේ කුමක්ද විදසුන් වැඩීමේ ප්‍රතිඵලය කුමක්ද කියා.. මූලික වශයෙන් අප විදසුන් වැඩිය යුත්තේ අප හැම දෙනාම තුල ඇති වැරදි සංඥ තුනක් දුරු කරගැනීම සඳහායි.. අප දැන් බලමු මොනවද මේ වැරදි සංඥාවන් සහ ඒවා නිසා ඇතිවෙන අනිටු ප්‍රතිඵල මොනවාද යන්න.. මේවානම්, අනිත්‍යයේ නිත්‍ය සංඥාව, දුක්ඛයේ සුඛ සංඥාව, අනාත්මයේ ආත්ම සංඥාව යි.. මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව නිසා ඒ කියන්නේ වෙනස්වන තත්වයන් වෙනස් නොවන ලෙස වැරදි ලෙස හඳුනා ගැනීම නිසා ආශ්වාදයේ ඇලීම නම් වූ කාමච්ඦන්දය ඇතිවේ.. මේ නිසාම ආශ්වාදය දුකක් සේ නොගන්නාවූ සුඛ සංඥාවද, ඒ ඇතිකරගන්නාවූ සුඛ සංඥාව තමන්ට කැමති පරිදි හැසිරවිය හැකිය යන ආත්ම සංඥාවද ඇතිවේ..තමන්ට කැමති පරිදි සියල්ල හැසිරවිය හැකිය යන ආත්ම සංඥාව නිසා ද්වේෂය ඇතිවේ.. අප විදසුන් වැඩීමේදී ලබන අවබෝධයනම්, සෑම දෙයක්ම ඇතිවීම්, නැතිවීම් යන ස්වභාවයෙන් යුතු බවත්, මේ ඇතිවන නැතිවන ස්වභාවයට ඇලීම, ගැටීම දුකක් බවත්.. මේ ඇතිව නැතිවන ස්වභාවය තමන්ට හෝ කිසිවෙකුට පාලනය කල නොහැකිබවත්ය. මෙසේ විදසුන් නුවණින් මේ ඇතිවීම් නැතිවීම් ස්වභාවය ඇලීමකින් ගැටීමකින් තොරව උපේක්ෂාවෙන් දැකිය හැකිනම් ඒ පුද්ගලයා තුල දැල්වෙන රාග ගිනි නිවී යයි.. ද්වේශ ගිනි නිවී යයි.. මේ හැම දේම නිත්‍යයි, සුඛයි, ආත්මයි, යනුවෙන් ගන්නා මෝහ ගිනි නිවී යයි..මෙසේ සසර දුක් ගිනි සදහටම නිවී යෑමෙන් ඒ අමා නිවන් සුව මේ ජීවිතයේදීම අත්විදියි.. උතුම් බුද්ධෝත්පාද සමයදී පමනක් දැකීමට ලැබෙන මේ විදර්ශනා භාවනව වඩා ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment