නිවන් මග3

පින්වත් මිතුරු මිතුරියනි.. සුන්දර උදෑසනක සුපුරුදු ලෙස අප යලිත් හමුවන්නේ සදහම් සිසිලෙන් සිත නිවා සනසා ගැනීමටයි.. අදත් අප ඒ සොඳුරු නිවන් මගෙහි තවත් පැතිකඩක් පිලිබඳව.. නිවන් මග යනු සිල,සමාධි ප්‍රඥා, යන මූලික කරුනු තුනෙනුයි.. එහෙම නැතිනම් ගුණ නුවණ, යන දෙකිනුයි.. මෙහි ගුණ යනු සීලය සහ සමාධියයි.. නුවණ යනු ප්‍රඥාවයි.. අපි දැන් සීල සමාධි අංග දෙකටම උපකාරී වෙන සම්මා සංකප්ප ගැන තව දුරටත් විමසා බලමු.. මෙහිදී

 අව්‍යාපාද සංකප්ප යනු මෛත්‍රියයි..මෛත්‍රිය යන්නේ කොටස් දෙකකි.එනම් අනුන් සමග නොගැටී සිටීම සහ අන්‍යයන්ට යහපතක් වනවා දැකීමට කැමති බවයි.. යහපතක් කිරීමට කැමති බවයි... නමුත් යම් යම් අවස්ථාවන්හී දී, අප අන්‍යයන්ට යහපතක් කිරීමට යාම ම ඔවුන්ට අපහසුවක් වීමට ඉඩ තිබේ..
මෙහිදී අපතුල කරුණාව (අවිහිංසා සංකප්ප.)තිබුනේ නම් අප අන්‍යයන් අපහසුවට පත් කරමින් ඔවුන්ට උදව් කිරීමට නොයනු ඇත.
. ඌදාහරනයක් ලෙස ගහහොත් අපට පෙනීයනව යම් කෙනෙක් ආහාරයක් නැතිව බඩ ගින්නෙ ඉන්නෙ කියල ..ඉතිං අපි ඒ අය ලගට ගිහින් කියනවා අපි කෑම ටිකක් කමු නේද කියල.. ඒත් ඒ පුද්ගලය අපට කියනවා මම කෑම ගත් ගමන් ආවෙ ඒ නිසා මට බඩගිනි නැතෙයි කියා.. ඒත් අපි ඒ පුද්ගලයාට නැවත් නැවත කිව්වොත් කමක් නෑ අපි කෑම පොඩ්ඩක් කමු කියල ඒක ඒ පුද්ගලයාට පීඩාවක් වීමට ඉඩ ඇත.. මෙහිදී වන්නේ අපතුල මෛත්‍රිය තිබුනත් කරුණාව නොතිබීමයි.. යම් ලෙසකට අප තුල මෛත්‍රී කරුණා දෙකම පිහිටා තිබුනානම් ඒ පුද්ගලයා අපහසුවට පත් කරමින් අපෙන් කෑම ටිකක් කන්න යැයි නැවත් නැවත ඉල්ලීම් නොකරනු ඇත.. මීලග කාරණය වන්නේ අපතුල කරුණාව ඇතත් මෛත්‍රිය නොතිබීමයි.. උදාහරනයක් ලෙස ගතහොත්, අපගේ ගෙදර ඇති කරන පූසා ලේණෙකු අල්ල්වා ගන සිටිනු අප දකී.. අප ලේණාව පූසාගෙන් බේරා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථකවී ලේණා මියයයි.. අපට මෙහිදී ලේණා ගැන මහත් කරුණාවක් ඉපදුනත් පූසා ගැන ඇති වන්නේ ද්වේශයකි.. මේ නිසාම අප පූසා තදින් පහර දීමට පවා පෙලභෙනු ඇත.
. මෙහිදී අපතුල කරුණාව මෙන්ම මෛත්‍රියද තිබුනේනම් පූසා වෙතින් ලේණා මරණයට පත් වුවද අප පූසාට පහර නොදෙනු ඇත..
මේ සිද්ධීන් දෙකම මේ අයුරින් සිදු වීමට හේතුව නම් අප තුල නෙක්ඛම්ම සංකප්ප නොතිබීමයි... පළමු සිද්ධියේදී අප ඒ පුද්ගලයා කෑම අනවශ්‍යයයි කියා සිටියදී පවා ඒ පුද්ගලයාට කෑම දීමට පෙලඹුනේ ඒ උදව්ව කිරීමේ සතුට විඳීමේ කැමත්ත නිසයි..
අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් උපේක්ෂාවෙන් යුතුව නැවත ඉල්ලීම් නොකර සිටිනු ඇත.
දෙවෙනි අවස්ථාවේදී සිදු වූයේ ලේණා බේරා ගැනීමේ සතුට අහිමි වී යෑමෙන් අප තුල ද්වේශයක් පහල වීම නිසා පූසාට පහර දීමයි.. දෙවෙනි අවස්ථාවේදීද අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් අප පූසාට පහර නොදෙනු ඇත..
මේවා මෙසේ වීමට හේතුව නම් අපතුල ගුණ තිබුනද නුවණ නොතිබීමයි.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනි.. අප ගුණ නුවණ දෙකම වඩා නිවන් මග සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි,,,!

No comments:

Post a Comment