අවබෝධයෙන් විද්‍යාවට

ඔන්න යහළුවනේ.. අදත් මම ආවා ඔයාලත් එක්ක සදහම් අමාව බෙදා ගන්න.. මේ කාලේ බොහෝ දෙනෙක් කරන්නේ විද්‍යාව තුලින් සත්ධර්මය දකින්න.. අද අපි එහි අනික් පසවන සත්ධර්මය තුලින් විද්‍යාව දකිමු.. සත්ධර්මය තුලින් ලෝකය සහ සත්වයා දකිමු.. මෙහිදී විද්‍යාවට අනුව ලෝකය තුල ශක්තීන් ඇති බවත් ඒ ශක්තීන් ස්කන්දයන් බවටද ස්කන්දයන් ශක්තිය බවටද පරිවර්තනය වන බව පැවසේ.. අපි දැන් ඒවා මොනවාද, ඒවා ගැන බුදු දහමේ නිර්වචනය වන්නේ කෙසේදැයි ව
විමසා බලමු..තාප ශක්තිය,මෙය සත්ධර්මය තුල තේජෝ ධාතුව ලෙස සඳහන් වේ..චාලක ශක්තිය.. මෙය වායෝ ධාතුවයි.චුම්භක ශක්තිය.. මෙය ආපෝ ධාතුවයි.. දැන් තවත් එක ධාතුවක් ඉතිරිව ඇත,පඨවි ධාතුව.පඨවි ධාතුව යනු පෙර කියූ ශක්තීන් මගින් ඇතිකරනු ලබන පීඩනයයි.. සත්ධර්මයට අනුව ධාතූන් යනු ද්‍රව්‍ය නොවේ.. ක්‍රියාකාරිත්වයන්ය. වෙනස්වන සුළුය.. ක්‍රියාකාත්වයක් යනු ශක්තියකි.. ඒ අනුව සතර මාහා ධාතූන් යනු ද්‍රව්‍ය නොව ක්‍රියාකාත්වයන් පමනකි..මේ ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයනම් ආකර්ශනය කිරීම සහ විකර්ශනය කිරීමයි.. චුම්භක ශක්තියේ ක්‍රියාකාරිත්වයද මෙයමයි.. වායෝ ධාතුවේ ක්‍රියා කාරිත්වය හැකිලීම පිම්බීම හමායාමයි.. එනම් චලනයයි.. එනම් චාලක ශක්තියයි.. තේජෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය උනුසුම සහ සිසිලයි.. මෙය තාප ශක්තියයි.. අපි දැන් මේවාගේ හටගැනීම මදක් සලකා බලමු.. ආපෝ ස්වභාවයේ එනම් චුම්භක ස්වභාවයේ ආකර්ශන ලක්ෂනයෙන්  හැකිලීමෙන් උනුසුම් ස්වභාවය ඇතිවේ.. උනුසුම් ස්වභාවය නිසා චලනය වන්නාවූ හමා යන්නාවූ වායෝ ස්වභාය ඇතිවේ.. මේ උනුසුම් ස්වභාවය සහ චලනය වන ස්වභාය නිසා හටගන්නාවූ ස්වභාවය නම් පීඩන ස්වභාවය නම්වූ පඨවි ධාතුවයි.. පඨවි ධාතුව අපට දැනෙන්නේම පීඩනක් ලෙසටයි..මේ හැම ධාතුවක්ම අඩු වැඩි වීමෙන් සංකලනය වීමෙන් ලෝකය නිර්මානය වේ. විද්‍යාවේ සදහන් වායූන් සමග මෙහි සදහන් වායෝ ධාතුව පටලවා නොගන්න.. ඒ ඔනෑම වායුවක පෙර සඳහන් සතරමහා ධාතූන්ම ඇතුලත්ව ඇත.. මේ සතර මහා ධාතූන් යම් තැනක ඇත්ද එතැන සියළු ශක්තීන් එක්‍ රැස් වී ඇත.. මෙය විභව ශක්තිය යනුවෙන් විද්‍යාවේ සඳහන් වේ..දැන් මේ සතර මහා ධාතූන් ඇති වීමේ අද්‍යාමික පදනම විමසා බලමු.. තෘශ්නාව ඇති වීමෙන් රාග.. ද්වේශ ඇතිවේ.. මේ තෘශ්නාවට අයත් රාගය නිසාම ආපෝ ධාතුව ඇතිවේ..රාගයේ ද්වයතාව වන ද්වේශය ඇතිවීමෙන් තේජෝ ධාතුව ඇති වේ.. මෝහය නිසාම ඇතිවන නොසන්සුන් [උද්ධච්ච කුක්කුච්ච] බව සහ මුරන්ඩු [ථම්බ]බව නිසා වායෝ ධාතුව සහ පඨවි ධාතුව ඇතිවේ.. තවද මේ සතර මහා ධාතූන් සමග ඇතිවන උපාදාය රූපවන [වර්ණ,ඝන්ධ, රස, ඕජා,] වලින් එකක් වන වර්ණ රූපය නම් ආලෝක ශක්තියයි.. මෙසේ සැලකීමේදී සත්වයා සෑදී ඇති මේ සතර මහා ධාතූන් හුදෙක් ද්‍රව්‍ය නොව ශක්තීන් ලෙස හදුනා ගත හැක.. විද්‍යාඥයන් මේ සතර මහා ධාතුන් මේ ශක්තීන් ද්‍රව්‍ය බවට ස්කන්ධයන් බවට පත්වේයැයි සිතීම නිසාම ඔවුන්ට සත්‍ය වටහා ගැනීමට නොහැකි වී ඇත.. ඇත්තෙන්ම බුදු දහම යනුවෙන් වෙනම දෙයක් නැත..බුදු සමිදු දේශනා කලේ විශ්වයේ සදා පවත්නා සදාතනික සත්‍යයයි.. මෙයයි සත්ධර්මය ලෙස හදුන්වන්නේ.. මේ විශ්වයේ පරම සත්‍යයට බුදු දහම යන ලේබලය ඇලවූවොත් වන්නේ විශ්වයේ උත්තරීතර පරම සත්‍ය දැන ගැනීමට වටහා ගැනීමට අන්‍යාගමිකයන්ට ඇති අවස්ථාව ඇහිරී යෑමයි.. අප ලෝකයාට මේ සත්ධර්මය හදුන්වාදියයුතු වන්නේ විශ්වයේ සෑම ජාතිකයෙකුටම සෑම ආගමිකයෙකුටම එකසේ බලපාන්නාවූ විශ්වයේ ඇති පරම සත්‍ය ලෙසටයි..මෙය ආගමක් නොවේ.. දර්ශනවාදයකුත් නොවේ.. මෙය විශ්වයේ පරම සත්‍යයයි.. මෙය SCIENTIFIC BUDDHISM විද්‍යාත්මක බුදු දහම නොවේ.. BUDDHIST SCIENCE අවබෝධාත්මක විද්‍යාව වේ.. භාග්‍යවතුන් වහන්සේ ''විජ්ජා උදපාදි'' යයි දේශනා කලේ මෙයටයි.. THE SCIENCE එකම විද්‍යාව නම් මෙයමයි.. සියල්ලොම මේ උතුම් විද්‍යාව අවබෝධ කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. සැමට තෙරුවන් සරණයි..!

1 comment: