චතුසච්ච 5

ඔන්න පින්වත් මිතුරු මිතුරියනේ.. ගොඩාක් දවසකට පස්සෙ අපි ආයෙත් හමුවෙනවා උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.. අද අපි හොයල බලමු චතුරාර්‍ය සත්‍යයට අයත් නිරෝධ සත්‍යය ගැන.. මේ ගැන සඳහන් වන උතුම් ගාථාවක් තියනවා.. අපි ඒ ගාතාවෙ මොනවද තියෙන්නේ කියල බලමු. මෙන
්න ඒ ගාථාව "ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමථෝ.. සබ්බූපධි පටිනිස්සග්ගෝ..තන්හක්ඛයෝ.. විරාගෝ.. නිරෝධෝ.. නිබ්බානං.. දැන් අපි බලමු ඒ උතුම් නිරෝධ සත්‍යය ගැන මේ ගාථාවේ සඳහන් වන කාරනය සහ මෙය යම් ආර්‍යයන් වහන්සේ නමක් අත්විදින ආකාරය ගැන.. මොකද කියන වානම් සත්ධර්මයේ ඇත්තේ දුක්ඛ සත්‍යය පිරිසිද දැකිය යුතු දෙයක් බව, සමුදය සත්‍යය ප්‍රහානය කලයුතු දෙයක් බව. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක් බව.. අන්න ඒකයි අද අපි සොයා බලන්න යන්නේ.. ඒතං සන්තං ඒතං පනීතං යදිදං, මෙයම ශාන්තයි.. ඒ කියන්නේ නොසන්සුන් කම දුරුවී සන්සිදී යනසුලුයි... මෙයම ප්‍රනීතයි..ඒ කියන්නෙ අතිශයින් සුවදායකයි.. යදිදං සබ්බ සංඛාර සමථෝ.. මොකක් නිසාද මේ ශාන්ත බව සහ අතිශයින් සුවදායක බව ඇතිවන්නේ? සියළු සංස්ඛාරයන් සිදී යන නිසයි.. ඉතිං කොහොමද ඒක වෙන්නේ? කාය සංඛාර (ආශ්වාස ප්‍රශ්වාස )සංසිදී යනවා.. ශාන්ත වෙනවා.. වචී සංඛාර අරමුනු සිතට පැන නැගීම, අරමුනෙහි සිත හැසිරීමසංසිදී යනවා.(විතක්ක, විචාර.)මෙහිදී කාය සංඛාර වචී සංඛාර සංසිදීම නිසා වේදනා සංඥා (මනෝ සංඛාර )සංසිදී යනවා දැන් අපි බලමු සබ්බූපධි පටිනිස්සග්ගෝ ගැන.. මෙන්න මේ නිසාම පංච උපාදානස්ඛන්දයන් අත හැරී යනවා.. මහා බරකින් නිදහස් උනාක්මෙන්.. .. තන්හඛ්ඛයෝ.. මෙය වන්නේ තෘශ්නාව ක්ශය වීමත් සමගමයි..තෘශ්නාව ක්ශය වීමත් සමගම ආශාවෙන් ඇලීයාම,උපාදානය (විරාගෝ) නැති වෙනවා.. මේ සමගම භවය සකස් වීම නවතිනවා.. (නිරෝධෝ ) මේ පෙර කී සියල්ල නිරුද්ධ වීම සමගම නිවීම වෙනවා..නිබ්බාණං.. මෙන්න මෙයයි පින්වත් මිතුරු මිතුරියනි නිරෝධ සත්‍යය.. මෙයයි සියළුම ආර්‍යයන් වහන්සේ ලා මගපල සාක්ෂාත් කිරීමේදී අත් විදින්නේ.. පින්වත් ඔබ සෑම දෙනාටත් ඒ අමා නිවන්සුව මේ ජීවිතයේදීම අත්විදීමට ලැබේවා.. සැමට තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment