නිවන්මග 10


පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි සදා සැනසීම උදා කරදෙන උතුම් සදහම් මග ගැන තවත් යමක් ගැන විමසා බලමු..ඒ අමා නිවනට ඒකායන මාර්ගය වූ උතුම් සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව යොදාගෙන ආර්‍ය මාර්ගය වඩන්නේ කොහොමද කියල විමසා බලමු.. යමෙක් තම සිරුර ගැන මනා ලෙස සිහි නුවන පවත්වන්නේ නම්
 (කායානුපස්සනාව )ඒ පුද්ගලයාට තමා තුල ඇතිවන්නාවූ වේදනාවන් ගැන මනා සිහි නුවනින් දැක ගැනීමට හැකිවනු ඇත..මෙය මෙසේ (වේදනානුපස්සනාව)දැනගැනීමේ ප්‍රයෝජනය කුමක්ද?යමෙක් මෙසේ තමාතුල පහලවන්නාවූ වේදනාවන් සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ තමන් තුල පහලවන්නාවූ වේදනා හේතු කොටගෙන පහලවන ඇලීම් ගැටීම් මුලාවීම් ද දැකගත හැකිවනු ඇත.. මේ චිත්තානුපස්සනාවයි.. මෙවා මෙසේ සිහි නුවනින් දැක ගන්නා පුද්ගලයා හට මේ නිසාම තමන් තුල හට ගන්නා නීවරනද නීවරන ද, නීවරන නැති වීමෙන් පසු වැඩෙන සප්ත බොජ්ජංගද දැකගත හැකිවනු ඇත.. දැන් අපි බලමු මේව මෙහෙම වෙන්නේ කොහොමද කියල.. යමෙක් කය ගැන මනා සිහි නුවන පවත්වන විට තමන්ගේ කයේ ඇති වන වේදනා මනා සිහි නුවනින් දකින්න පුලුවන් වෙනවා,,( දුක් වේදනාවක් නම් දුක් වේදනවක් යයි සිහි නුවනින් දැන ගනී.. සුඛ වේදනාව ද, මැදිහත් වේදනාවද, මේ ලෙසම සිහි නුවනින් දැන ගනී..) ඒ වේදනා නිසා තමන් තුල ඇලීම්, ගැටීම් ඇති වන බවත් දකිනව.. (සරාග සිතක් නම් සරාග සිතක් යයි සිහි නුවනින් දැන ගනී ද්වේශ සිතක්, මෝහ සිතක් මේ ලෙස ) යමෙක් දුක් වේදනාවක් විදීනම් ඒ වේදනාව නිසා තමන් තුල ද්වේශ සිතක් උපදින බව සිහි නුවනින් දකින්නාට මෙහෙම මෙනෙහි කරන්න හැකි වෙනවා.. මේ දුක් වේදනාව මට ඇති වෙන විදිහටම තමයි අනිත් අය තුලත් දුක් වේදනාව ඇති වෙන්නේ.. ඒ නිසාම මම මේ වේදනාව නිසා ඇතිවූ ද්වේශයෙන් අනිත් අය පීඩාවට පත් කරන්න හොද නෑ..යමෙක් මෙන්න මේ විදියට තමන් තුල ඇතිවූ වේදනා ගැනත්,ඒ නිසා ම ඇති වූ ද්වේශය ගැනත්, නුවනින් විමසා බලන්නේ නම්,මේ වේදනාව නිසා තමන් තුල පහල වූ ද්වේශය ද පහවී යනු ඇති..සුඛ වේදනව නිසා රාග සිතක් පහල උනා නම් ඒ බවද සිහි නුවනින් දැන ගන්නව..එහෙම දන ගන්න පුද්ගලයා ඒ නිසාම රාග සිත නිසා අනුන්ට හෝ තමන්ට වෙන්න පුලුවන් හානිය සිහි නුවනින් දැක ගන්නව.. මෙසේ සිහි නුවනින් කයද, වේදනාවන් ද, ඒ නිසාම ඇති වන කෙළෙස් සිත් ද සිහි නුවනින් දකින්නා හට, ඒ කෙළෙස් සිත් සංසිදීමෙන් තමන් තුල සප්ත බොජ්ජංග ඇති වන බව සිහි නුවනින් දකිනවා.. කායික තත්වයන්ගේ ද, වේදනාවන් ගේද, වේදනවන්ගේ ද, ඒ නිසා ඇති වන සිත වලද ඇති වීම් දකිනවා, නැති වීම් දකිනවා.. පංච උපාදානස් කන්දයන්ගේ ඇති වීම්,නැති වීම් ද දකිනවා..මේ උතුම් විදර්ශනාවයි..නැතිනම් ධම්මානුපස්සනාවයි..මෙසේ සිහි නුවන පවත්වනා හට තමන් තුල පහල වන්නාවූ දුක් දොම්නස් නැති කරගන්න හැකි වෙනවා..ශෝකය ද,හැඩීම් වැලපීම් නැති කරගැනීමට හැකි වෙනවා.. ඒ අමා නිවනින් නිවී සැනසීමට ද හැකි වෙනවා.. ඔබ අප සෑම දෙනාම මේ උතුම් සතිපට්ඨාන ය වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment