විදසුන් වැඩීම පිලිබඳව ලියවෙන ලිපි මාලාවේ 5 වන කොටසයි මේ ආරම්භ වන්නේ.. අදත් අප සාකච්චා කිරීමට යන්නේ විදසුන් වැඩීමෙන් කුමක් සිදුවේද? එහි ප්‍රයෝජනය කුමක්ද? යන්න්න සලකා බැලීමටයි.. යමෙක් නිවැරදිව විදසුන් වඩනවානම් එහි නිසැක ප්‍රතිඵලය දුක නිවීමයි..චතුරාර්යසත්යාවබෝධ වීමයි.. දැන් අපි ක් විදසුන් වැඩීමෙන් එය සිදුවන්නේ කෙලෙසකද කියා.. යමෙක් සියළු සංස්ඛාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකීද.. ඔහු හෝ ඇය තුල තිබූ නිත්‍ය සංඥාව ඉවත්වේ.. යමක් නිත්‍ය ලෙස අල්ලා ගැනීමෙන් දුක උපදිනබව තමන් තුලින්ම දකී.. මේ දුකම සුවයක් සේ ගන්නා සුඛ සංඥාව ඉවත්වී යයි.. අනිත්‍ය වූ යමක් නිත්‍යලෙස ගන්නාවූ අයෙක්ට දුකක්ම වූ පංච උපාදානස්ඛන්දයක්ම උපදිනබව විදසුන් නුවනින් දකී.. ජාතිපි දුක්ඛා ඉපදුන යම් තත්වයකට නිත්‍ය යයි බැදී යන්නේනම් ඒ තත්වය වෙනස්වී යෑමේදී ජරාපි දුක්ඛා ලෙසද, ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ ලෙසද, ඉන්පසු ප්‍රිය තත්වය නැසී වැනසී යෑම මරනංපි දුක්ඛං ලෙසද, ඉන්පසු ඇතිවෙන අප්‍රිය තත්වය අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ ලෙසද දුක්ඛ ආර්ය සත්‍යලෙස දකී.. මෙසේ අනිත්‍ය, දුක්ඛ, වශයෙන් සම්මර්ශනය කරන්නාවූ විදර්ශනා යෝගියාට මේ වෙනස්වීම පාලනය කලනොහැක්කක් සේද, පාලනයකල හැකි බලයක් නැතිබවද දැකීමෙන් ආත්ම සංඥාව පහවී අනාත්ම සංඤව පහලවේ.. මේ ආත්ම සංඥාව නිසාම යං පිච්චං නලභති තම්පි දුක්ඛං නම්වූ කැමති දේ නොලැබීමේ දුක පහලවන බව විදසුන් නුවනින් දකී.. ඒ සමගම නොවෙනස් වීම ට ඇලී යාම දුකට සුඛලෙස ගෙන ඇලී යෑම, සෑම දෙයම තමන්ට කැමති ලෙස පැවැත්වීමට හැකියැයි ආත්ම සංඥාවට ඇලීයෑම දුකට හේතුව වූ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ලෙස විදසුන් නුවනින් දකී.. අනිත්‍ය සංඥාව තුලින් නිත්‍ය සංඥාව නිරුද්ධ වීමෙන් ද දුක්ඛ සංඥාව තුලින් සුඛ සංඥාව නිරුද්ධ වීමෙන්ද අනාත්ම සංඥාව තුලින් ආත්ම සංඥාව නිරුද්ධ අ සියලු දුක් නිරුද්ධ වනබව දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ලෙසද විදසුන් නුවණින් දකී.. මෙසේ සතියෙන්, වීර්යයයෙන් විදසුන් වැඩිමම දුක්ඛ නිරෝධගාමිනි පටිපදා ආර්ය සත්‍ය ලෙසද විදසුන් නුවනින් දකී.. මේසේ විදසුන් විදසුන් වඩන යෝගියා චතුරාර්ය සත්‍යාවබෝධයෙන් සියලු දුක් කෙලවර කොට ඒ අමා නිවනෙන් නිවී යයි. අපද ඒ උතුම් විදසුන් වඩා ඒ අමා නිවනෙන් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..
No comments:
Post a Comment