අඳුරෙන් එළියට..

ඔන්න මිතුරනේ අදත් මම සදහම් අමාවෙන් බිඳු කීපයක් හෝ ඔබ වෙනුවෙන් තිළින කරන්නයි මේ සැරසෙන්නේ..ඔයාල දන්නවා අඳුරු වටපිටාවකදී අපට බොහෝ අනතුරු වෙන්න පුලුවන් බව.. අන්න ඒ අඳුරටත් වඩා අපට අනතුරු දායක අඳුරක් ගැනයි අද කතා කරන්න යන්නේ.. ඒ අවිද්‍යා අන්දකාරය නම් අඳුරයි.. උදාහරනයක් ලෙස යම්කෙනෙකුට අඳුරේදී නොවටිනා දේ වටිනා ලෙස පෙනී යන්න පුලුවන්.. සඳ එලියය වැටී දිදුලන බුලත් හපයකට රතු මැනිකකැයි රවටුන මිනිසා මෙන් අවිද්‍යා  අන්දකාරයෙන් වැසුන මිනිසා නිසරු දේ සරු දේ ලෙස ගෙන තමන් ගේ වටිනා මිනිස් දිවිය නාස්ති කරගැනීමට හැකිය..
මීටත් වඩා භයානක කරුනනම් අවිදු අඳුරෙන් වැසුන මිනිසා තමන්ට අනතුරු දායක දේවල් වල ඇති අනතුර නොදැකීමයි..
උදාහරනයක් ලෙස අඳුරු පරිසරයදී සර්පයෙකු දැක කඹ කෑල්ලකැයි සිතා එයට තෘශ්නා කොට අනතුරට පත්වීමයි.. අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂනය නම් ආදීනව සගවන ලක්ෂනයයි.. මේ නිසාම අවිද්‍යාව නිසාම තෘශ්නාව ඇතිවේ.. ඔබ සෑම දෙනාම බොහෝ විට දැක ඇති පදික වේදිකාවල ඉටිරෙදි ආවරන යට විකිනීමට තබා ඇති රතුම රතු ඇපල් නැවුම් කොළ පැහැයෙන් බබලන පලා කොළ එළවවළු යනාදිය.. හොඳින් බලන්න කොළ පැහැයෙන් බබලන එළවළු වලට ඉහලින් ඇති ආවරන ඉටි කොලය මොන පැහැයද කියා.. නිසැකවම එය කොළ පැහැ ඉටි කොලයක් වීමට පුලුවන්.. කොළ පැහැති ඉටි කොලය නිසා වේලී මැලවී ගිය පලා කොලද ඔබට දිස් වන්නේ මේ දැන් නෙලාගත් පලා කොල ලෙසය.ඔබද ඉතා සතුටින් මේ මැලවුන පලාකොල අළුත් ඒවා සේ සිතා ගෙදර ගෙන යයි.. පුද්ගලයන් තුල අවිද්‍යාවෙ කාර්‍යද මෙසේමයි.. සැබවින්ම නැති දෙයක් ඇති කොට පෙන්වීම මයි.. වේගයෙන් කැරකැවෙන පංකා පෙති නිසලව පවතිනවා පෙනෙනවාක් මෙන් ඉතා වේගයෙන් ඇතිව නැතිවයන දේවල් සැබවින්ම පවතින දේවල් ලෙස මවා පෙන්වන්නේ මේ අවිද්‍යාවේ ක්‍රියාකාරිත්වය නිසයි.. ඔන්න ඔය නිසයි පුද්ගලයන් තමන්ට පෙනෙන දැනෙන සෑම දෙයම වෙනස් නොවන දේ යයි මුලාවෙන් ගන්නේ.. දැන් අප බලමු යම් තරුණයෙකුට රූමත් ගැහැණු ලමයෙක් දක්නට ලැබෙනවා එවිට ඔහුට මෙවන් සිතිවිල්ලක් පහල වීමට පුලුවන්.අනේ මේ ගැහැණු ළමයා මිතුරු කර ගැනීමට ඇත්නම් යනුවෙනුයි.. එහෙත් ඇයගෙන් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුන නිසා ඔහු ඉතා ශෝක වෙනවා.. ඒත් ඊලග දිනයේ ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ දැරිය පිළිකා රෝගයෙන් පෙලෙන බවත් තව වැඩි කලක් ජීවත් වීමට නොලැබෙන බවත්‍ ය.. පුල්දුමයකට මෙන් ඒ සමගම ඒ තරුණයාට ඒ දැරිය ගැන තිබූ කැමත්ත ක්ශනයකින් නැති වී යනු ඇත.. ඒ සමගම තරුණිය මිතුරු කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු තුල තිබූ ශෝකයද පහව යනු ඇත.මෙහිදී සිදුවූ දෙයනම් තරුණයා තුල තරුණිය ගැන තිබූ
අවිද්‍යාවෙන් ඇති වූ නිත්‍ය සංඥාව නැතිවී ඒ නිසාම ඇතිවූ තෘශ්නාව දුරු වීමයි..
අපද අවිද්‍යා තෘශ්නා දෙකින් මිදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන්වන් සරණයි..!

No comments:

Post a Comment