ගේ, හෝ ද්‍රව්‍ය, පුද්ගල ලෙස ගෙන ඇලීම් ගැටීම් ඇතිකර ගැනීම මුලාවක් පමනක් බවයි.. මෙසේ මේ ඇතිව නැතිවන ක්‍රියාකාරිත්වය මම හෝ මගේ ලෙස ගැනීමෙන් දුක උපදින අයුරු දැන් විමසා බලමු...අප යම්කිසි අප කැමහි තත්වයක් උපදවා ගැනීමට වෙහෙස වීමට සිදුවේ.. නමුත් අප කැමති තත්වය ලෙස උපදින්නේම දුකකි.. එනම් පංච උපාදානස්කන්දයකි..[ජාතිපි දුක්ඛා] ඒවා දුකක් වන්නේ බොහෝ වෙහෙස වී උපදවා ගත්තත් ඒවාගේ මුලින් තිබූ අප කැමති තත්වයන් වේගයෙන් වෙනස් වී [පිය විප්පයෝගෝ දුක්ඛෝ] අප අකමැති තත්වයකට [අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ] පත්වන නිසයි.. සරල උදාහරනකින් දක්වනවානම් යම් තරුණයකු හෝ තරුනියක බෝහෝ වෙහෙස වී.. දෙමාපිය වැඩිහිටියෙන්ගේ ඇනුම් බැනුම් පවා අසමින් තමන් කැමති ප්‍රෙම්වතියක හෝ පෙම්වතෙකු ලබා ගනී..එහෙත් ඔහු හෝ ඇය ලබාගත් පසුව තමන් ප්‍රියකල ස්වභාවයන් ඇය හෝ ඔහු තුල නැතිබව දැක [යම්පිච්චං නලභති තම්පි දුක්ඛං] දුකට පත්වේ.. මාව රැවටුවා යයි ගැටුම් ඇති කර ගනී..
මෙහිදී සිදුවී ඇති සැබෑ දෙයනම් මුලින් තිබූ ප්‍රියකල තත්වය අනිත්‍යවී යෑමයි..
මෙසේ වෙනස් වී යන තත්වයන් තමන්ට කැමති අයුරින් පාලනය කිරීමට යැමෙන් වෙහෙසට පත්වේ.. මෙය උපායාස දුක්ඛයයි
.යමෙක් විදසුන් නුවනින් වටහා ගන්නේ සෑම දෙයක්ම වෙනස්වනසුලු බවත්,වෙනවනසුලු දෙයට ආශා කිරීම දුකක් බවත්, අනිත්‍ය වූ කිසිවක් තමන්ට කැමති ලෙස පාලනය කල නොහැකි බවත් ය
. මෙසේ විදසුන් ඇසින් ලොව දකින පුද්ගලයා අනිත්‍ය වූ කිසිවක් සමග නොඇලෙයි.. කිසිවක් සමග නොගැටෙයි. කිසිවක් පාලනය කිරීමට නොයයි.. සසර දුක හදන තෘශ්නාවෙන් මිදී පරම සැනසුම වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙයි.. අපද සම්බුදු සසුනක් පවතින කලක පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදසුන් වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment