විදසුන් ඇස 9

පින්වත් මිතුරු තවත් සුවබර ඔන්න අපි යලිත් හමුවෙනවා උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.. උතුම් ශ්‍රී සත්ධර්මයේ පමණක් දක්නට ලැබෙන විදසුන් වැඩීම ගැන විමසා බලමු තවදුරටත්.. යමෙක් නිවැරදි ලෙස විදසුන් වඩන්නේනම් ඒ පුද්ගලයා ආරය මාර්ගය ප්‍රගුන කරන්නෙක් වේ.. සම්මා දිට්ටියට පත්වූවෙක් වේ.. අප මදක් විමසා බලමු කොහොමද එහෙම වෙන්නෙ කියල.. යමෙක් නිවැරදි ලෙස විදසුන් වඩන්නේ නම් යමක් හෝ යමෙක් වෙනස් නොවේ යම් තත්වයක් වෙනස් නොවේ යන දැක්ම දුකට හේතුවන බව නුවණින් දකී.. ඒක වෙන්නේ මෙහෙමයි.. යමෙක් තමන් කැමති ස්වභාවයක් වෙනස් නොවේ යන නිත්‍ය සංඥාව ගත්තොත් ඒ ස්වභාවය වෙනස් වී යනවිට දුකට පත්වේ..යමෙක් තමන් අකමැති තත්වයක් වෙනස් නොවේ යන නිත්‍ය සංඥාව ගත්තොත් ඒ නිසාම දුකට පත්වේ.. මෙසේ වන්නේ නිත්‍ය සංඥාව තෘශ්නාවෙන් උපාදානය කිරීමෙනි.. තෘශ්නාව නම් ඇලීම සහ ගැටීමයි.. යමෙක් කැමති තත්වයක් වෙනස් නොවේ යයි හැගීමක් ඇතිකර ගත්තොත් ඒ කැමති තත්වයට ආශාවෙන් ඇලීමක් ඇතිකර ගනී..ඒ කැමති තත්වය වෙනස් වී යෑමෙන් ඒ පුද්ගලයා දුකට පත් වේ.. යමෙක් තමන් අකමැති තත්වයක් වෙනස් හැඟීමක් ඇතිකර ගත්තොත් ඒ තත්වය නොවෙනස්ව පවතින තෙක් ඒ නිසාම ද්වේශයෙන් ගැටීමට යයි.. යමෙක් මේ කැමති ස්වභාවය ද, අකමැති ස්වභාවය ද, වෙනස් වේ යයි විදසුන් නුවණින් දකීනම් ඒ පුද්ගලයා ට  නොඇලී නොගැටී සිටීමට හැකියාවක් ලැබේ.. එනම් හරි දැකීමට පත්වීම නිසා හරි සිතීම් ඇති වේ.. එනම් සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප ඇතිවේ. චතුරාර්‍ය සත්‍ය සත්‍ය ඥාණ ලෙස දැකීම නම් වේ.. දැන් අප විදසුන් ඇසෙන් මේ විදසුන් සම්මා දිට්ඨිය ඇතිවන්නේ කොහොම  කියල බලමු.. විදසුන් වඩන යෝගියා විදසුන් ඇස තුලින් දකින්නේ වෙනස් වීම හෝ නොවෙනස් වීම තෘශ්නාවෙන් උපාදාන කිරීම නිසා දුක උපදින බවයි.. මේ දුක්ඛ ආර්‍ය සත්‍ය දැකීමයි.. මේ දුක්ඛ යට හේතුව කැමති හෝ අකමැති තත්වයන් නිත්‍ය ලෙසගෙන ඒ නිත්‍ය තත්වය තෘශ්නාවෙන් උපාදානය කිරීම දුකට හේතුව යයි  විදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය දැකීමයි.. ඒ කැමති හෝ අකමැති තත්වයන් නිත්‍ය යයි තෘශ්නාවෙන් උපාදානය නොකිරීමම දුකෙන් මිදීම යයි වීදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ නිරෝධ ආර්‍ය සත්‍ය දැකීමයි.. යමෙක් දුකෙන් මිදීමේ මාර්ගය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීමම දුකින් මිදීමේ මාර්ගය ලෙස විදසුන් නුවණින් දකී.. මේ දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්‍ය සත්‍යය යි.. මෙසේ විදසුන් නුවණින් සම්මා දිට්ඨිය ඇතිකරගන්නා විදර්ශනා යෝගියා සම්මත්ත නියාමය නම් වන්නාවූ ද, දහම් ඇස නම් වන්නාවූද  උතුම් සෝතාපත්ති ඵලයට පත්වේ.. ඔබ සැම දෙනාද මේ උතුම් විදසුන් වැඩීමෙන්, කෙළෙසුන් කැඩීමෙන් ඒ අමා නිවන් සුව වහ වහා ලගා කරගනිත්වා.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment