නිවන් මග 1


පින්වත් මිතුරනි..ඔන්න අදත් අප හමු උනා අමා නිවන් සුව සලසන ඒ  උතුම් නිවන් මග ගැන මදක් විමසා බැලීමට.අද අප විමසා බැලීමට යන්නේ ඒ අමා නිවන් මගේ ප්‍රායෝගික  තලය වන..සතර සතිපට්ඨානය ගැන මදක් විමසා බැලීමටයි.
.යමෙක් තමන්ගේ කය ගැනත් කයට ලැබෙන අරමුණු ගැනත් සිහි නුවනින් සිටීනම් ඒ පුද්ගලයාට ඒ අරමුනු වලට වහල් නොවී ..ඒ අරමුනු සමග ඇලීම් ගැටීම්, වලට නොයා සිටිය හැකිය .. මේ ඒ පුද්ගලයා තුල වැඩෙන කායානුපස්සනාවයි..  යමෙක් ඒ අයුරින් තමාට ලැබෙන අරමුනු ගැන සිහි නුවණින් සිටීනම් ,ඒ අරමුණු නිසා සුව වේදනා දුක් වේදනා,මැදිහත් වේදනා  ඇතිවන බව සිහි නුවණින් දැක ගැනීමට හැකිවේ .. , ඒ පුද්ගලයා තුල වැඩෙන වේදනානුපස්සනාවයි.. යමෙක් තමන් තුල සැප වේදනා.. දුක් වේදනා .. මැදිහත් වේදනා .. පහල වන බව සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ වේදනාවන් නිසා තම සිත තුල ඇලීම්,ගැටීම්,නැතහොත් රාග ගිනි සිළු ද්වේෂ ගිනි සිළු දැල්වීගන එන අයුරු සිහි නුවනින් දැකිය හැකිය ..  මේ  ඒ පුද්ගලයා තුල වැඩෙන චිත්තානුපස්සනාවයි ..යමෙක් තමා තුල මෙසේ රාග ගිනි,ද්වේෂ ගිනි ඇවිලීගන එන අයුරු සිහි නුවනින් දැකීමට හැකිනම් ඒ පුද්ගලයාට ඒ කෙළෙස්  ගිනි ජාලාවක් වීමට පෙර  නිවා ගත හැකිය..එමෙන්ම ඒ පුද්ගලයාට  ඒ ඇලීම් ගැටීම්, තමන් තුල ඇති නිවන ආවරනය කරන්නාවූ නීවරන බවට පත්වන බවත් සිහි නුවනින් දැකිය හැකිය.....මේ ඒ පුද්ගලයා තුල වැඩෙන ධම්මානුපස්සනාවයි ..  ..
මෙසේ අවම වශයෙන් දවස් සතක් හෝ උපරිම වශයෙන් අවුරුදු සතක් හෝ මේ උතුම් සති පට්ඨාන භාවනව වඩන්නේනම් ඒ පුද්ගලයා  නිසැක වශයෙන්ම අරිහත් ඵලයට හෝ අනාගාමී ඵලයට පත්වන බව  භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති..ඔබ සැම දෙනාද මේ උතුම් සති පට්ඨාන භාවනව ප්‍රගුන කොට ඒ අමා නිවනෙන් නිවී සැනසේවා.ඔබ සැම දෙනාට තෙරුඉවන් සරණයි ..!.   

No comments:

Post a Comment