අදුරෙන් එළියට 4

ඉතිං මිතුරනේ.. අදත් අප හමුවෙමු උතුම් සත්ධර්මය සමගින්.. ඊයේ අපි කතා කලේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ දේ නුවනින් මෙනෙහි කරමින් ආර්‍ය මාර්ගයේ ඉදිරියට යන අයුරුයි.. යම්කෙනෙකුට නිවනෙන් නිවීමට ඕනෑනම් චතුරාර්‍යය සත්‍යය දකින්නම වෙනවා.. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය.. මෙවා ඕන කෙනෙක් දන්නා දේවල්.. ඉතිං ඇයි එහෙනම් ඒ හැමෝම නිවන් දකින්නෙ නැත්තෙ?අපි හොයා බලමු ඒ ගැන.. දුක .දුක කිව්වම හැමෝම දන්නවා.. කිසිම දුකක් නොවිදපු කෙනෙක් හොයා ගන්නත් බැරිතරම්.. ඒත් ඇයි ඒ අයට දුක්ඛ ආර්‍ය සත්‍යය අවබෝධ නොවෙන්නේ? මිතුරනේ කාරනය මේකයි.. ඒ කිසි කෙනෙක් පූර්ණ වශයෙන් දුක දකින්නේ නෑ.. දකින්නේම දුකින් පොඩි කොටසක් පමනයි.. උදාහරනයක් ගත්තොත්.. ඔය ලෝකේ උතුරු කොනේ සාගරවල අයිස් කඳු පාවෙනව.. ඒත් මූදෙ වතුරට උඩින් පේන්නේ අයිස් කන්දෙ කුඩා කොටසක් විතරයි.. විශාල කොටසක් වතුර යටයි තියෙන්නේ.. අයිස් කන්ද කියන්නේ වතුර ට උඩින් උතියන කොටස විතරයි කියල හිතුවොත් වතුරෙ යට තියන කොටසෙ හපීල නැව් උනත් විනාශ වෙන්න පුළුවන්.. ඒ වගේම දුක කියන්නේ මේ සාමාන්‍යයෙන් පේන දුක විතරයි කියල ගත්තොත් සසර දුකට වැටෙනවා..මේ දවස් වල සමහරු අහනවා හැම වෙනස් වීමක්ම දුකක්ද කියල උදාහරනයක් සේ පෙන්වනවා.. ලෙඩක් හැදීල ඉදල සුව වෙන එකත් වෙනස් වීමක්.. ඒකත් දුකක්ද කියල.. උත්තරේ මේකයි.. මේ සුව වීමත් අනිත්‍යයි.. තාවකාලික සුව වීමක්.. මේන්න මේ තාවකාලික සුවයට රැවටීම තාවකාලික සුවයද දුකක් ලෙස නොදැකීම මයි දුකට හේතු වන්නේ ඔන්න ඕකයි හැමෝටම නොපෙනෙන සැගවුන දුක .අර අයිස් කන්දේ සැගවුන කොටස නොදැක අනතුරට පත්වෙන නැව් වගේ මේ ලෝකයේ සැගවුන දුක නොදක්කොත් සසර අනතුරට වැටෙනවා. ආර්‍ය මාර්ගය ප්‍රගුන කරන කෙනෙක් දැකිය යුත්තේ මෙන්න මේ සැගවුන දුකයි.. විදර්ශනා ප්‍රඥාවෙන් ඒ කියන්නේ විනිවිද යන නුවනින් යමෙක් දකින්නේ මෙන්න මේ සැගවුන දුකයි.. සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් මග පෙන්විය යුතු වන්නේ මේන්න මේ සැගවුන දුක දැක ගැනීමටයි... ඔබද සැබෑ කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරේ නිවැරදිව සදහම් අසමින් නිවරදිව තිලකුණු දකිමින් විනිවිද යන විදසුන් නුවනින් මේ සැගවුන දුක දකිත්වා.. උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝද කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. ඔබ සැමට තෙරුවණ් සරණයි

1 comment:

  1. බොහොම ස්තුතියි වටිනා සරල blog එකක්

    ReplyDelete