
පින්වත් මිතුරු මිතුරියනි.. සුවබර නැවුම් උදෑසනක ඔබ අප යලිත් වරක් හමුවන්නේ සියළු දුක් නිමාකරවන උතුම් ශ්‍රී සත්ධර්මයත් සමගින්..! ඉතිං මම යමක් ඔබෙන් අහන්නම්? ඔබ දුකට කැමතිද? අකමැතිද? නිසැකවම ඔබ කියාවි.. කව්ද අප්පේ දුකට කැමති? අපි හැමෝම දුකට අකම
ැති කියල.. ඒත් මම යෝජනා කරනවා මෙහෙම.., බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා හැරුනුකොට ඔබ මම ඇතුළු අපි හැමෝම දුකට කැමතියි කියල.. ඇයි මම එහෙම කියන්නෙ? කියල ඔයාල හිතාවි.. දැන් අපි බලමු ඇයි මම එහෙම කියන්නෙ කියල.. ඔයා අපි හැමෝම දෙයක් ලැබෙනවට කැමති නේද? යහලුවෙක් යෙහෙලියක් ලැබෙනවට, බිරියක්, සැමියෙක් ලැබෙනවට, දරුවෙක් ලැබෙනවට හැමෝම කැමතියි.. යාන වාහන බඩු මුට්ටු ලැබෙනවට කැමතියි.. ඒත් දුකට අකමැතියි.. ඒත් අකමැති උනත් දුක ලැබෙනවා.. මොකද්ද මේකට හේතුව? හේතුව මෙන්න මේකයි.. කලින් කිව් පුද්ගලයන්ට දේවල් වලට දේවල් වලට කැමති කියන්නෙම අප දුකට කැමති උනා කියන එකමයි.. කොහොමද එහෙම වෙන්නෙ? අපි යමෙක්ට,යමකට,කැමති වෙනවා කියන්නෙම ඒ පුද්ගලයා ඒ දෙය අපේ හිතතුල උපදිනවා.. ඉපදීම දුකක් කියලයි සත්ධර්මයේ සදහන් වන්නේ.. මේ ඉපදීම නිසා ඇතිවන ඊලග තත්වය වන්නේ ජාරාවට පත් වීම සහ මියයෑම යි.. අප පෙර කිව් පුද්ගලයන්ට සහ දේවල් වලට කැමති වීම නිසාම ඒ අය ලෙඩ වෙනවිට , වයසට යනවිට, මිය යනවිට.. කැමති දේවල් පරන වනවිට කැඩෙන බිදෙන විට, නැතිවෙන විට අපි දුකට පත්වෙනවා.. පෙර කිව් අය අපට කැමති ලෙස නොසිටින විට, අපට අකීකරු වනවිට.. දුකට පත් වෙනවා.. ඔන්න ඔය දුක් සියල්ල අපට ලැබෙන්නේ අපි පෙර කිව් පුද්ගලයන්, දේවල් ලබාගැනීමට කැමති වීම නිසයි..(ජාතිපි දුක්ඛා) ඉපදීම දුකක් කියල සත්ධර්මයේ දැක්වෙන්නේ ඔන්න ඔය නිසයි..ඔයාල බොහෝ විට දැකල ඇති සමහර වෙලද දැන්වීම් වලින් ප්‍රචාරය කරනවා.. ඔවුන්ගේ යම් නිෂ්පාදනයක් මිලදී ගත්තොත් එකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා කියල.. මෙන්න මේකත් හරියටම ඒ වගේමයි.. එකකට කැමති උනොත් තව කීපයක් නොමිලේ ලැබෙනවා.. ඉපදීමට කැමති උනොත් වයසට යෑමේ දුක සහ මිය යෑමේ දුක නොමිලේම ලැබෙනවා.. මෙන්න මේ ද්වයතාව නිසා එක පැත්තක් ඇතිවිට අනික් අනෙක් පැත්තද ඇතිවේ.. සුවයක් අපේක්ෂා කලවිට ඒ සමගම දුක ද උපදී.. නිත්‍ය අපේක්ෂා කලවිට ඒ සමගම අනිත්‍ය ද උපදී.. මෙසේ මේ අන්ත දෙක නුවණින් දකින ආර්‍ය ශ්‍රාවකයා අන්ත දෙකම අත්හැර මද්‍යම ප්‍රතිපදාවට පිවිසෙයි.. නිවනට එකම මගයයි දේශනාවෙ සදහන්වන සතිපට්ඨාන සූත්‍රයේ මෙය මෙසේ සදහන්වේ.. වීර්‍යයෙන්, නුවණින්, සතියෙන් යුතුව ලෝකයට ඇලීමෙන්, ගැටීමෙන් තොරව වාසය කරයි යනුවෙනි.. යම් විටක යමෙක් ඇලීම නුසුදුසුයි සිතා නෙක්ඛම්මය යයි වරදවා ගෙන ගැටීමට යයි.. යමෙක් ගැටීම නුසුදුසු යයි සිතා අව්‍යාපාද අවිහිංසා යයි වරදවා රාගයට හසුවෙයි.. යමෙක් මේ දෙකම නුසුදුසු යයි සිතා මෝඩ උපේක්ෂාවට යයි.. නිවැරදි වීර්‍යයෙන් යුතුව නුවණින් යුතුව සතිය පවත්වන ආර්‍යය ශ්‍රාවකයා ඇලිම් ගැටීම අන්ත දෙකක් බවත් මේ අන්ත දෙකම අනිත්‍ය බවත්, නිත්‍ය ලෙස ගැනීමම දුකක් බවත් මමත්වයෙන් පාලනය කලහැක්කක් නොවන බවත් දැක විදර්ශනා උපේක්ෂාවට පත් වේ.. මෙයම නිවනට මගවේ.. අප සැමද මේ අන්ත දෙක අතහැර විදර්ශනා උපේක්ෂාවෙන් යුතුව නිවන් මග වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..
No comments:
Post a Comment