
අපි හැමදෙනාටම වගේ බලපොරොත්තු ඉලක්ක, තිබෙනවා.. නමුත් තමන් බලාපොරොත්තුවන අරමුණ වෙත ලගා වෙන්නේ මින් ඉතා අඩු පිරිසක්.. මෙයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ඔවුන් අරමුන වෙත ලගාවීමට පෙර ඔවුන්ගේ අධිෂ්ටානය බිද වැටීමයි. බොහෝ දෙනෙක් බොහෝ දේ අදිටන් කොටගත්තත් නොබෝ කලකින්ම ඔවුන්ගේ ඒ අදිටන් සිදී බිදී යන්නේ වැල්ලේ තැනූ සෙල්ලම් ගෙවල්මෙනි. මෙයට බොහෝ සෙයින් හේතු වන්නේ තමන්ගේ හැකියාවන් පිලිබඳව තමන් තුල හෝ විශ්වාසයක් නොමැති වීම සහ තමා අරමුනු කරන්නාවූ ඉලක්කයේ වටිනාකම පිලිබදව හැඟීමක් තමා තුල නොමැති වීමයි.භෞතික ඉලක්කයන් මෙන්ම අධ්‍යාත්මික ඉලක්කයන්ද සපුරා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකිවන්නේ තමන් ලඟා වීමට බලාපොරොත්තුවන ඉලක්කය පිලිබඳ යම් හැඟීමක්හෝ ඔවුන්ට නොමැති වීම නිසයි.. අපි අද සාකච්චා කිරීමට යන්නේ බෞද්ධ අප හැමදෙනෙකුම ලඟා වීමට නිරතුරුව ප්‍රාර්ථනා කරන්නාවූ ඒ අම නිවන දැකීමට නම් කෙබඳු අධිෂ්ටානයක් තිබිය යුතුද ඒ සදහා කෙසේ ක්‍රියා කලයුතුද යන්නයි.. යම් අයෙකු නිවන් අවබෝධයට කැමැත්තක් අධිෂ්ටානයක් ඇත්නම් තමන් ලඟා වීමට අධිෂ්ටාන කරනාවූ අරමුන කොතරම් ශ්‍රේෂ්ට දැයි
කොතරම් අගනා දැයි හොදින් වටහා ගත යුතුයි, .අන්න එතකොටයි අපට ඒ අරමුන කරා යන ගමනේදී හමුවන ඕනෑම බාධකයක්, ඕනෑම දුෂ්කරතාවයක් හමුවේ තමන්ට පසුනොබා දිරියෙන් ඉදිරියට යා හැක්කේ. මේ සදහා මනා කැප වීමක් අත්‍යාවශ්‍ය වේ. සත්ධර්මය ජීවිතයේ කොටසක් නොව සත්ධර්මයම ජීවිතය කරගත්තවුන්ට පමණක් මෙවැනි ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවේ.. මෙයින් අප අදහස් කරන්නේ දිනපතා පන්සල් යාම වැනි දෙයක් නොවේ.. තමන් අසා හෝ කියවා දැනගත් සත්ධර්මය තමන්ගේ ජීවිතය තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.. තමන් ලඟා වීමට අදහස් කරන අරමුන වෙත ලඟාවීමේ මාර්ගය සහ තමන්ගේ ජීවිතය අතර හිඩැසක්, පරතරයක් තබා නොගැනීමයි.. මෙසේ සත්ධර්ම මාර්ගය සහ තමන් සැබැවින්ම ජීවත්වන ක්‍රමය අතර පරතරයක් ඇති වුවහොත් වන හානිය උදාහරනයක් මාර්ගයෙන් ගැනීමට බලමු.. යම් ගල් පර්වතයක හෝ කොන්ක්‍රීට් වහලයක සුලු පැල්මක් ඇති වුවහොත්, ඒ පැල්ම තුල නුග හෝ බෝ වැනි ගසක කුඩා ඇටයක් පැලවුවහොත් කුමක්ද සිදුවන්නේ? කලකදී අර කුඩා නුග පැලය හෝ බෝ පැලය ලොකු ගසක් බවට පත්වීමේදී එය පැලවූ පැල්ම වඩා ලොකු විවරයක් වී ඒ මහා පර්වතය පුපුරා යනු ඇත.. ඒ කොන්ක්‍රීට් වහලය කැඩී බිම පතිත වනු ඇත.. මෙසේම අපගේ ජීවිතයත් සත්ධර්මයත් අතර පරතරයක් ඇති වුවහොත් ඒ පරතරය අතරින් කෙලෙස් වැඩී ගොස් අප දහම් මගින් වෙන්වී යනු ඇත.. එය එසේ නොවීම සඳහා සත්ධර්මය ජීවිතය තුලින් දකිමු.. ඒ අමා නිවන ට පත්වීමේ අධිෂ්ටානය නොබිදී පවත්වා ගනිමින් මතු යම් දිනකදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු..ඔබ සැමට තෙරුවන් සරණයි..
No comments:
Post a Comment