අනතුර දකිමු
හැම දෙනාම දන්නා පරිදි කුඩා දරුවන්හට යම්කිසි සිත් ඇදගන්නාසුළු යමක් දකින්නට ලැබුනහොත් ඒ දරුවා එයට තදින් බැදීයනු නිසැකයි..සමහරවිටක ඒ දෙය දරුවාට හානිදායක දෙයක් වුවත්, දරුවාගෙන් එය ඉවත් කිරීමට වඩිහිටියෙකු උත්සාහ කලහොත් දරුවා මහ හඩින් හඩා වටෙනු ඇත.. එයම ඉල්ලා වැලපෙනු ඇත.. මෙසේ වන්නේ ඇයි දැයි මදක් විමසා බැලුවහොත්, අපහට පෙනීයන්නේ දරුවා ඒ දෙයින් තමාට වන හානිය නොදන්නා නිසා මෙසේ වන බවයි.. ඒ ඉතා විෂ සහිත සර්පයෙකු වුවද වර්ණවත් නම් දරුවා ඒ සර්පයා ක්‍රීඩා කිරීම සදහා අල්ලා ගනු ඇත.. මක්නිසාදයත්, සර්පයා විෂ සහිත බවත් තමන්ට සර්පයාගෙන් අනතුරක් වියහැකි බවත් දරුවා නොදනී.. තවත් දරුවන් දැල්වෙන පහන් සිල ඇල්ලීමට යන්නේද මේ අයුරිනි.. සත්ධර්මයෙදී මේ තත්වය හදුන්වනු ලබන්නේ ආදීනව නොදන්නා බව ලෙසයි.. බොහෝ වැඩිහිටියන්ද මේ වැනි කුඩා දරුවන්ගෙන් වෙනස් වන්නේ මද වශයෙනි..වැඩිහිටියන් වන අප සර්පයන්ගෙන්, ගින්දරෙන් වන හානිය මනාව දැන සිටියත් යම් යම් දේ ආශ්වාද කිරීමෙන් වන හානිය නොදන්න බැවින් එවන් අයද කුඩාවුන් ගෙන් වෙනස් නොවේ.. මන්දයත් අවිද්‍යාවෙන් මුලාවී, ආශ්වාදයෙන් ඇලී ගොස් සිටින බැවිනි,, සර්පයාගෙන් වන හානිය නොදන්නා දරුවා ඒ සර්පයා වෙතින් අනතුරකට පත්වෙන ලෙසින්ම, ආදීනව නොදන්නා අඥාන වැඩිහිටියාද අනතුරට පත්වේ. මෙහිදී කුඩා දරුවා රැකබලා ගැනීමට වැඩිහිටියෙක් ඇත්නම් ඒ කුඩා දරුවා අනතුරට පත් නොවේ.. මේ ලෙසින්ම මේ අවිද්‍යාවෙන් මුලාවී ආශ්වාදයට ඇලී ඇති මේ හිත රැකබලා ගැනීමටද යමක් ඇත්නම්, මේ සිතද ආරක්ෂා වේ. මේ සිතට ආරක්ශකයන් නම් සතිය, නුවණ ද වීර්‍යය ද වේ. සතිය වීර්‍යය පවත්වන්නාහට ආදීනව වැටහේ.. .ඒ නිසාම ආශ්වාදයෙන් වන අනතුරෙන්ද වැලකේ... ඉතින් ඔබ අප හැම දෙනාම සතිය, නුවණ, වීර්‍යය පවත්වා ආදීනව දැක ආශ්වාදයෙන් මිදී සසර දුකින් මිදෙමු.. ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැම තෙරුවන් සරණයි..!
Labels:
අනතුර දකිමු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment