අවබෝධාත්මක විද්‍යාව -the Buddhist science

මිතුරනඔන්න අද නැවතත් අපි හමු උනා..සුපුරුදු දයාබරත්වයෙන්.අද නැවතත් අප සකච්චා කරන්නේ අවබෝධාත්මක විද්‍යාව .THE BUDDHIST SCIENCE'' වලින් ලෝකය දකින අයුරුයි. අප කලින් පෙනවා දුන්නා ද්‍රවය යනු ආපෝ. චුම්භක ශක්තිය තේජෝ තාප ශක්තිය . වායෝ, චාලක ශක්තිය 
.පඨවි, පෙර කියූ ශක්තීන් නිසා ඇතිවන අඩු හෝ වැඩි පීඩනය පමණක් බව.. අද අපි සාකච්චා කරන්නේ පෙර කී ශක්තීන් නැතහොත් ක්‍රියාකාරිත්වයන් එකිනෙකට බලපාන බවත් එක ශක්තියකට තනිව ක්‍රියාත්මක විය නොහැකි බවත්‍ ය. තවද බටහිර විද්‍යාවට හසු නොවූ කිසිදාක එයට හමුනොවන තවත් ශක්තියක්ද ඇති බවය.. ඒ නම් චිත්ත ශක්තියයි.. දැන් අප බලමු මේ ශක්තීන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවන්නේද කියා.. යම් විටක තේජෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය වැඩි වුවහොත් එය එය වායෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයටද බලපෑමක් ඇති කරයි.. සාමන්‍ය ලෙස කියනවානම් තාප ශක්තිය වැඩි වීමේදී චාලක ශක්තියද වැඩි වීම වේ.. මෙය මෙසේ වීමේදී ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය අඩු වීමද ඒ සමගම සිදුවේ.. එනම් ආකර්ශන ක්‍රියාකාරිත්වය දුර්වල වේ.. භෞතිකව සලකා බැලුවත් යම් චුම්භකයකට වැඩි තාපයක් සැපයුවහොත් එහි චුම්භක ගුනය හීන වේ. මෙසේ එක ධාතුවක ක්‍රියාකාරිත්වයක් අනෙකුත් ධාතූන්ගේ ක්‍රියාකාරිත්වයට බලපාන අතර කිසිදු ධාතුවකට ස්වාදීන ව ක්‍රියා කිරීමට නොහැකිවේ..වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ සියළු ක්‍රියාකාරිත්වයන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නාවූ තවත් ශක්තියක් ද ඇති බවය.. ඒ නම් චිත්ත ශක්තියයි.. බටහිර විද්‍යාවට කිසිසේත් හසු නොවූ මේ ශක්තිය පෙර කියූ සියළු ශක්තීන්ට වඩා ප්‍රබල ශක්තියකි.. මෙන්න මේ චිත්ත ශක්තිය තුල පෙර සියළුම ශක්තීන් ගැබ් වී ඇති නිසයි ශිත්ත ශක්තිය වඩාත් ප්‍රබල ශක්තිය වී ඇත්තේ.. යම් සිතක ද්වේශය උපදී නම් ඒ හේතුවෙන්ම තේජෝ ධාතුව එනම් තාප ශක්තිය උපදිනබව ඔබ හැම දෙනාම අත්දැකීමෙන්ම දන්නවා ඇති.. යම් සිතක මේ ද්වේශය ඇතිවූ විටක ඒ සිතේ කයේ ක්‍රියාකාරිත්වයද වැඩි වීම ද ඔබලාද අත් දැක ඇති.. මේ චිත්ත ශක්තිය තුලින් තාප ශක්තිය ඇති වීමත් ඒ නිසාම චාලක ශක්තිය ඇති වීමත් ය.. ඒ සමගම ඒ පුද්ගලයා අසලට කිසිවෙකුටත් යාමට නොහැකි වීම සිදුවේ.. ඔහු හෝ ඇය සමීප වන්නන් එලවා දමනු ඇත..මේ තාප ශක්තිය සහ චාලක ශක්තිය වැඩි වීම නිසා චුම්භක ශක්තිය දුර්වල වීමේ ප්‍රතිපලයයී.. එනම් ද්වේශය නිසා ආදරය රාගය වැනි බැඳීම් අඩු වී යෑමයි.. මෙන්න මේ අයුරිනුයි චිත්ත ශක්තිය අනෙකුත් ශක්තීන්ට බලපෑම් ඇති කරන්නේ.. එක පුද්ගලයයෙකුගේ චිත්ත ශක්තිය තුලින් ද්වේශය නිසා ඇති වූ තාප ශක්තියෙන් කලකට පෙර ජපානය දැවුන බව ඔබ සැම දන්නවා ඇති... මෙසේ අප සෑම දෙනාම තමන්ගේ සිත් තුල රාග ලබන්න මෝහ ගිනි නිවා ගැනීමෙන් ලබන්නාවූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අදුරෙන් එළියට 4

ඉතිං මිතුරනේ.. අදත් අප හමුවෙමු උතුම් සත්ධර්මය සමගින්.. ඊයේ අපි කතා කලේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ දේ නුවනින් මෙනෙහි කරමින් ආර්‍ය මාර්ගයේ ඉදිරියට යන අයුරුයි.. යම්කෙනෙකුට නිවනෙන් නිවීමට ඕනෑනම් චතුරාර්‍යය සත්‍යය දකින්නම වෙනවා.. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය.. මෙවා ඕන කෙනෙක් දන්නා දේවල්.. ඉතිං ඇයි එහෙනම් ඒ හැමෝම නිවන් දකින්නෙ නැත්තෙ?අපි හොයා බලමු ඒ ගැන.. දුක .දුක කිව්වම හැමෝම දන්නවා.. කිසිම දුකක් නොවිදපු කෙනෙක් හොයා ගන්නත් බැරිතරම්.. ඒත් ඇයි ඒ අයට දුක්ඛ ආර්‍ය සත්‍යය අවබෝධ නොවෙන්නේ? මිතුරනේ කාරනය මේකයි.. ඒ කිසි කෙනෙක් පූර්ණ වශයෙන් දුක දකින්නේ නෑ.. දකින්නේම දුකින් පොඩි කොටසක් පමනයි.. උදාහරනයක් ගත්තොත්.. ඔය ලෝකේ උතුරු කොනේ සාගරවල අයිස් කඳු පාවෙනව.. ඒත් මූදෙ වතුරට උඩින් පේන්නේ අයිස් කන්දෙ කුඩා කොටසක් විතරයි.. විශාල කොටසක් වතුර යටයි තියෙන්නේ.. අයිස් කන්ද කියන්නේ වතුර ට උඩින් උතියන කොටස විතරයි කියල හිතුවොත් වතුරෙ යට තියන කොටසෙ හපීල නැව් උනත් විනාශ වෙන්න පුළුවන්.. ඒ වගේම දුක කියන්නේ මේ සාමාන්‍යයෙන් පේන දුක විතරයි කියල ගත්තොත් සසර දුකට වැටෙනවා..මේ දවස් වල සමහරු අහනවා හැම වෙනස් වීමක්ම දුකක්ද කියල උදාහරනයක් සේ පෙන්වනවා.. ලෙඩක් හැදීල ඉදල සුව වෙන එකත් වෙනස් වීමක්.. ඒකත් දුකක්ද කියල.. උත්තරේ මේකයි.. මේ සුව වීමත් අනිත්‍යයි.. තාවකාලික සුව වීමක්.. මේන්න මේ තාවකාලික සුවයට රැවටීම තාවකාලික සුවයද දුකක් ලෙස නොදැකීම මයි දුකට හේතු වන්නේ ඔන්න ඕකයි හැමෝටම නොපෙනෙන සැගවුන දුක .අර අයිස් කන්දේ සැගවුන කොටස නොදැක අනතුරට පත්වෙන නැව් වගේ මේ ලෝකයේ සැගවුන දුක නොදක්කොත් සසර අනතුරට වැටෙනවා. ආර්‍ය මාර්ගය ප්‍රගුන කරන කෙනෙක් දැකිය යුත්තේ මෙන්න මේ සැගවුන දුකයි.. විදර්ශනා ප්‍රඥාවෙන් ඒ කියන්නේ විනිවිද යන නුවනින් යමෙක් දකින්නේ මෙන්න මේ සැගවුන දුකයි.. සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් මග පෙන්විය යුතු වන්නේ මේන්න මේ සැගවුන දුක දැක ගැනීමටයි... ඔබද සැබෑ කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරේ නිවැරදිව සදහම් අසමින් නිවරදිව තිලකුණු දකිමින් විනිවිද යන විදසුන් නුවනින් මේ සැගවුන දුක දකිත්වා.. උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝද කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. ඔබ සැමට තෙරුවණ් සරණයි

අදුරෙන් එළියට 3


ඔන්න මිතුරනේ. තවත් ලස්සන හැදෑවක අදත් ඔයාල හමුවෙන්නා ආවෙ හැමදාම වගේ සදහම් අමා මී ඔයාලත් එක්ක රසවිදින්නයි.. එදා අපි දැනගත්තා නොදන්නා බව දැන ගැනීමෙන්ම තමයි ආර්‍ය මාර්ගයට ඇතුල් වෙන්නෙ කියල.. අද අපි බලමු ඊටපස්සෙ මොකක්ද කලයුතු කියල.. නොදන්න බව දැන ගන්නා පුද්ගලයා ඊටපස්සෙ කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමුවෙන බවත් එදා අපි දැනගත්තා.. ඊට පස්සෙ එයා කල්‍යාණ මිත්‍රයා කියන දේ අහන් ඉන්න යොමු වෙනවා.. මොනවද කලයාණ මිත්‍රයා මෙයාට කියන්නෙ? අපි බලමු.. කල්‍යාණ මිත්‍රයා ඔහුට මෙන්න මෙහෙම කියනවා.. යාළුවේ.. ලෝකයේ දුකක් කියල දෙයක් තියනවා.. ඔය පේන දුක නොවෙයි.. නොපෙනෙන දුකකුත් තියනව.. කියල පෙනවා දෙනවා.. ඒක මෙන්න මේ වගේ ඔයාල දන්නව ඇති සමහරු බත් කනකොට කොච්චි මිරිස් කනවා. කඳුලු පෙර පෙරා කට දදා කොච්චි මිරිස් කනවා.. එයාලට හිතෙන්නේම එයාල සැපක් විදිනවා කියලමයි.. ඒත් ටිකක් හරි නුවනක් තියන කෙනෙකුට වැටහෙනවා ඒක සැපක් නොවේ.. දුකක් විතරයි කියල.. අන්න ඒ වගේ කල්‍යාණ මිත්‍රයා මිනිසුන් සැප හැටියට දකින පංච කාම ආශ්වාදයත් දුකක් ලෙස පෙන්වා දෙනවා.. අර කොච්චි කන පුද්ගලයා කොච්චි කෑම දුකක් ලෙස නොදකිනවා වාගේ සාමාන්‍ය මිනිසා පංච කාම ආශ්වාදයේ දුක නොදකින බව පෙන්වා දෙනවා.. ඒ නිසාම ජීවිතයේ බොහෝ දුක් විදීමට සිදුවන බව පෙන්වා දෙනවා.. මේ දුකට හේතුව එවා දුකක් බව නොදන්නා නිසා ඒවට ඇතිකරගන්නා ආශාව බව පෙන්වා දෙනවා.. ආශාවන් ගෙන් ඉවත් වීමෙන් දුක නැති කලහැකි බව පෙන්වා දෙනවා.. ඒ සදහා ක්‍රමයක් ද ඇති බව පෙන්වා දෙනවා.. මෙසේ කල්‍යාණ මිත්‍රයාගෙන් සදහම් අසන ඒ පුද්ගලයා ඒ ඇසූ දේවල් නුවණින් මෙනෙහි කරනවා.. එවිට ඔහුට මෙසේ වැටහෙනවා.. අනේ නොදන්නව උනාට මමත් දුකෙන් ඉදල තියෙන්නෙ.. හරියට ලෙඩක් හැදුන කෙනෙක් තමන් ලෙඩින් කියල නොදන්නවා වාගේ කියලා.. එයා මෙහෙමත් දකිනවා.. අනේ මම වගේම අනික් අයත් දුකින්නේ.. මෙසේ දකින ඔහුගේ සිතේ මෛත්‍රී කරුණා ඇති වෙනවා.. මෙසේ තමන් ද අනෙක් අයද දුකින් කියා වැටහී යාමෙන් මෙත් සිත් ඇති කරගන්නා ඒ පුද්ගලයා ඒ නිසාම සතුන් මැරීමෙන් සොරකම් කිඑරීමෙන් ආදී පව්කම් වලින් වැලකෙනවා.. මෙසේ සිල්වත් වූ ඒ පුද්ගලයාගේ සිත සන්සුන් වෙනවා.. සමාධිමත් වෙනවා.. සමාධිමත් සිත් ඇති ඒ පුද්ගලයා විදසුන් වඩා සියළු කෙලෙස් ගිණි නිවීමෙන් සැනසුන ඒ අමා මහ නිවනින් නිවී සැනසෙනවා.. අප ද කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින් ඇසූ සදහම් නුවණින් මෙනෙහි කරමින් සම්මා දිට්ඨියට පැමින සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි...!

අඳුරෙන් එළියට 2

පින්වත් යහළුවනේ.. අද අපි අළුත් විදියකට පටන් ගමු.. කොහොමද ඒ? අපි ධර්ම මාර්ගයේ යෑම අරඹන්නේ කොහොමද? අපි එතනින් පටන් ගමු.. අපි දහම් මග පටන් ගන්නේ දන්නා තැනින්ද? නොදන්නා තැනින්ද? අපි දහම් මග පටන් ගන්නේ නොදන්නා තැනින්.. ඇයි මෙහෙම කියන්නේ? අපි දහම් මග පටන් ගතයුත්තේම සද්ධාවෙන්,,භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ගැන ඇතිකරගන්නා වූ විශ්වාසයෙන්.. මෙය ඇරඹෙන්නේම ''මම කිසිත් නොදනිමි '' භාග්‍යවතුන් වහන්සේ සියල්ල දනිති..''මේ අයුරිනි.. මෙසේ අප මූලික වශයෙන් දැනගත යුත්තේ අප කිසිත් නොදන්නා බවයි... යමෙක් තමන් නොදන්නා බව දැනගත් විට නොදන්නා දෙය දැන ගනීමේ කැමත්ත[ඦන්ද] ඇතිවේ.. නොදන්න දෙය දැන ගනිමි යන අධිෂ්ටානය [චිත්ත] ඇතිවේ.. නොදන්නා දෙය දැනගන්නා තුරු අධිෂ්ටානය අතනොහරිමි.. යන වීර්‍යය  [වීර්‍යය] ඇති වේ.. නොදන්නා දෙය දැන ගනීම සඳහා විමසිලිමත් වීම [වීමංසා] ඇති වේ.. මේ විමසිලිමත් වීම ප්‍රඥාවේ ආරම්භයයි.. මුලින් ඇතිකරගත් සද්ධාවට අනතුරුව නොදන්නා බව දැනගන්නාවූ ප්‍රඥාවද ඒ සඳහා අවශ්‍ය වීර්‍යය ද ඇති  කරගනී.. මේ නොදන්නා දෙය දැන ගැනීම සඳහා සන්සුන් මනසක්ද [සමාධි]මනා අවධිමත්මත් [සති] බවක්ද අවශ්‍ය බව දැන ගනී. මෙලෙස ඉතා සුළුවෙන්හෝ සද්ධා ප්‍රඥා වීර්‍යය සමාධි සති යන පංච ඉන්ද්‍රිය ධර්ම ඇතිකරගන්නා තැනත්තා එතැන් සිට දහම් මග අරඹයි.. ඔහු හෝ ඇය එතැන් සිට කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය අසමින්  තමන් නොදන්නේ කුමක්දැයි නුවණින් විමසා බලයි.. කොහොමද විමසා බලන්නේ ,, හටගන්නා තැන අනුව,උපදින තැන අනුව විමසා බලයි.. මොනවද හටගන්නේ? මොනවද උපදින්නේ? කෙළෙස් හටගන්න තැන අනුව කෙළෙස් උපදින තැන අනුව නුවණින් විමසා බලයි.. ඒ අනුවම උපන් කෙලෙස් නැතිවන ලෙසද නූපන් කෙළෙස් නූපදින ලෙසද නූපන් ගුණදහම් උපදින ලෙසද උපන් ගුනදහම් සුරැකෙන ලෙසද ජීවිතය පවත්වයි.. මේ උතුම් වූ සොවන් වීමේ මාර්ගයයි.. ඉතින් පින්වත් මිතුරනේ.. අපද නොදන්න තැනින් අරඹා කල්‍යාණ මිත්‍ර ඇසුරේ සත්ධර්මය ශ්‍රවණය කරමින් ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ඊටම අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙමින් නිවන් මග වඩමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අවබෝධයෙන් විද්‍යාවට

ඔන්න යහළුවනේ.. අදත් මම ආවා ඔයාලත් එක්ක සදහම් අමාව බෙදා ගන්න.. මේ කාලේ බොහෝ දෙනෙක් කරන්නේ විද්‍යාව තුලින් සත්ධර්මය දකින්න.. අද අපි එහි අනික් පසවන සත්ධර්මය තුලින් විද්‍යාව දකිමු.. සත්ධර්මය තුලින් ලෝකය සහ සත්වයා දකිමු.. මෙහිදී විද්‍යාවට අනුව ලෝකය තුල ශක්තීන් ඇති බවත් ඒ ශක්තීන් ස්කන්දයන් බවටද ස්කන්දයන් ශක්තිය බවටද පරිවර්තනය වන බව පැවසේ.. අපි දැන් ඒවා මොනවාද, ඒවා ගැන බුදු දහමේ නිර්වචනය වන්නේ කෙසේදැයි ව
විමසා බලමු..තාප ශක්තිය,මෙය සත්ධර්මය තුල තේජෝ ධාතුව ලෙස සඳහන් වේ..චාලක ශක්තිය.. මෙය වායෝ ධාතුවයි.චුම්භක ශක්තිය.. මෙය ආපෝ ධාතුවයි.. දැන් තවත් එක ධාතුවක් ඉතිරිව ඇත,පඨවි ධාතුව.පඨවි ධාතුව යනු පෙර කියූ ශක්තීන් මගින් ඇතිකරනු ලබන පීඩනයයි.. සත්ධර්මයට අනුව ධාතූන් යනු ද්‍රව්‍ය නොවේ.. ක්‍රියාකාරිත්වයන්ය. වෙනස්වන සුළුය.. ක්‍රියාකාත්වයක් යනු ශක්තියකි.. ඒ අනුව සතර මාහා ධාතූන් යනු ද්‍රව්‍ය නොව ක්‍රියාකාත්වයන් පමනකි..මේ ආපෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයනම් ආකර්ශනය කිරීම සහ විකර්ශනය කිරීමයි.. චුම්භක ශක්තියේ ක්‍රියාකාරිත්වයද මෙයමයි.. වායෝ ධාතුවේ ක්‍රියා කාරිත්වය හැකිලීම පිම්බීම හමායාමයි.. එනම් චලනයයි.. එනම් චාලක ශක්තියයි.. තේජෝ ධාතුවේ ක්‍රියාකාරිත්වය උනුසුම සහ සිසිලයි.. මෙය තාප ශක්තියයි.. අපි දැන් මේවාගේ හටගැනීම මදක් සලකා බලමු.. ආපෝ ස්වභාවයේ එනම් චුම්භක ස්වභාවයේ ආකර්ශන ලක්ෂනයෙන්  හැකිලීමෙන් උනුසුම් ස්වභාවය ඇතිවේ.. උනුසුම් ස්වභාවය නිසා චලනය වන්නාවූ හමා යන්නාවූ වායෝ ස්වභාය ඇතිවේ.. මේ උනුසුම් ස්වභාවය සහ චලනය වන ස්වභාය නිසා හටගන්නාවූ ස්වභාවය නම් පීඩන ස්වභාවය නම්වූ පඨවි ධාතුවයි.. පඨවි ධාතුව අපට දැනෙන්නේම පීඩනක් ලෙසටයි..මේ හැම ධාතුවක්ම අඩු වැඩි වීමෙන් සංකලනය වීමෙන් ලෝකය නිර්මානය වේ. විද්‍යාවේ සදහන් වායූන් සමග මෙහි සදහන් වායෝ ධාතුව පටලවා නොගන්න.. ඒ ඔනෑම වායුවක පෙර සඳහන් සතරමහා ධාතූන්ම ඇතුලත්ව ඇත.. මේ සතර මහා ධාතූන් යම් තැනක ඇත්ද එතැන සියළු ශක්තීන් එක්‍ රැස් වී ඇත.. මෙය විභව ශක්තිය යනුවෙන් විද්‍යාවේ සඳහන් වේ..දැන් මේ සතර මහා ධාතූන් ඇති වීමේ අද්‍යාමික පදනම විමසා බලමු.. තෘශ්නාව ඇති වීමෙන් රාග.. ද්වේශ ඇතිවේ.. මේ තෘශ්නාවට අයත් රාගය නිසාම ආපෝ ධාතුව ඇතිවේ..රාගයේ ද්වයතාව වන ද්වේශය ඇතිවීමෙන් තේජෝ ධාතුව ඇති වේ.. මෝහය නිසාම ඇතිවන නොසන්සුන් [උද්ධච්ච කුක්කුච්ච] බව සහ මුරන්ඩු [ථම්බ]බව නිසා වායෝ ධාතුව සහ පඨවි ධාතුව ඇතිවේ.. තවද මේ සතර මහා ධාතූන් සමග ඇතිවන උපාදාය රූපවන [වර්ණ,ඝන්ධ, රස, ඕජා,] වලින් එකක් වන වර්ණ රූපය නම් ආලෝක ශක්තියයි.. මෙසේ සැලකීමේදී සත්වයා සෑදී ඇති මේ සතර මහා ධාතූන් හුදෙක් ද්‍රව්‍ය නොව ශක්තීන් ලෙස හදුනා ගත හැක.. විද්‍යාඥයන් මේ සතර මහා ධාතුන් මේ ශක්තීන් ද්‍රව්‍ය බවට ස්කන්ධයන් බවට පත්වේයැයි සිතීම නිසාම ඔවුන්ට සත්‍ය වටහා ගැනීමට නොහැකි වී ඇත.. ඇත්තෙන්ම බුදු දහම යනුවෙන් වෙනම දෙයක් නැත..බුදු සමිදු දේශනා කලේ විශ්වයේ සදා පවත්නා සදාතනික සත්‍යයයි.. මෙයයි සත්ධර්මය ලෙස හදුන්වන්නේ.. මේ විශ්වයේ පරම සත්‍යයට බුදු දහම යන ලේබලය ඇලවූවොත් වන්නේ විශ්වයේ උත්තරීතර පරම සත්‍ය දැන ගැනීමට වටහා ගැනීමට අන්‍යාගමිකයන්ට ඇති අවස්ථාව ඇහිරී යෑමයි.. අප ලෝකයාට මේ සත්ධර්මය හදුන්වාදියයුතු වන්නේ විශ්වයේ සෑම ජාතිකයෙකුටම සෑම ආගමිකයෙකුටම එකසේ බලපාන්නාවූ විශ්වයේ ඇති පරම සත්‍ය ලෙසටයි..මෙය ආගමක් නොවේ.. දර්ශනවාදයකුත් නොවේ.. මෙය විශ්වයේ පරම සත්‍යයයි.. මෙය SCIENTIFIC BUDDHISM විද්‍යාත්මක බුදු දහම නොවේ.. BUDDHIST SCIENCE අවබෝධාත්මක විද්‍යාව වේ.. භාග්‍යවතුන් වහන්සේ ''විජ්ජා උදපාදි'' යයි දේශනා කලේ මෙයටයි.. THE SCIENCE එකම විද්‍යාව නම් මෙයමයි.. සියල්ලොම මේ උතුම් විද්‍යාව අවබෝධ කොට ඒ අමා නිවනෙන්ම නිවෙත්වා.. සැමට තෙරුවන් සරණයි..!

මරණය මැරීම

ඔන්න මිතුරනේ මම අදත් ආවා දම් අමා පැන් පොදක් අරන් ඔයාලට.. ඔයාල දන්නවත් ඇති දිව්‍ය ලෝකෙ තියනවලු එක්තරා පානයක් අමෘතය කියල.. ඉතිං දෙවිවරු හිතනවාලු මේ අමෘතය කියන බීම පානය කලාම නොමැරී ඉන්න පුළුවන් කියල..ඒක පානය කලාට පස්සෙ ඒ දෙවිවරු හිතා ගන්නව තමන් අමරනීයයි කියල.. ඔය මේ ලෝකේ තියන සුරාවටත් සමහරු හිතන්නෙ අමෘතය කියල ඒව බිව්වම මිනිස්සුන්ටත් තමන් මැරෙන බව අමතක වෙනවනේ.. අන්න ඒ වගේ තමයි දෙව් ලොව තියනවයි කියන අ
මෘතයත්.. ඒක බිව්වට දෙවියෝ අමරනීය වෙන්නෙ නෑ.මුලා වෙනවා විතරයි.. ඒත් අපේ බුදු හාමුදුරුවෝ මුලු තුන් ලෝකෙටම හොයා දුන්නා ඇත්තටම අමරනීයවන අමෘත පානයක්.. ඒ තමයි සදහම් අමා පානය.. සමහර ආගම් වල තියනවා දෙවියන් අමෘතය සොයා ගත්තෙ කිරි සයුරෙන්ලු.. අපේ බුදු හාමුදුරුවෝ මේ සදහම් අමා පැන් සොයා ගත්තේ සසර සයුරෙන්.. අද මම ඔයාලට ගෙනාවෙ අන්න ඒ අපේ බුදු හාමුදුරුවො සොයාගත් සදහම් අමා අමා නදියෙන් අමා පැන් පොදක්.. අපට මරණයෙන් මිදෙන්න බැරි අපි මරණය මරන්න නොදන්න නිසා. අවිද්‍යාව නිසා.. අද අපි අද මේ නොමැරීමේ සුවය ගැන සදහන් උතුම් ගාථා රත්නයක් ගැන සොයා බලමු.. ඔයා හැම දෙනාම අහල ඇති මේ ගාථාව.. කියවල බලන්න මොකද හිතෙන්නෙ කියල. ''අනිච්චාවත සංඛාරා.. උප්පාද වය ධම්මිනෝ.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. තේසං වූපසමෝ සුඛෝ '' මොකද හිතෙන්නෙ? මළ ගෙදරක් මතක් වෙනව නේද? ඒත් මෙහි ඇත්තේ මරණය මරා අමරනීය වීමේ සුවය පිලිබඳවයි.දැන් ඒ ගැන ටිකක් සොයා බලමු.. මෙයයි ඒ ගාථාවේ කෙටි තේරුම.. අනිච්චාවත සංඛාරා.. හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය.. උප්පාද වය ධම්මිනෝ...ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය.. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. ඉපදුන සියල්ල නැසීයයි.. තේසං වූපසමෝ සුඛෝ.. මේන්න මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.. දැන් අපි මේ ධර්මතාවය අපගේ ජීවිතය තුලින් දැකීමට උත්සාහ කරමු.. යමෙක් මේ වෙනස්වන ස්වභාවයට අයත් දෙයකට ආශා කිරීමත් සමගම ඒ දෙය අයත් කරගැනීමට උත්සාහ කරයි.. නැතහොත් අයත් කරගනී..යම් දෙයක් කෙනෙක් අයත් කරගැනීමත් සමගම ඒ දෙය ඒ පුද්ගලයා නැසී යෑමේ දී අයත් කරගත් දෙය කැඩී බිදී යෑමේදී ඇතිවෙන දුකත් ඒ පුද්ගලයාට හිමිවේ.. උදාහරනයක් ලෙස කීවොත් සමහර වෙලද දැන්වීම්වල දැක්වෙනවා අපෙන් මේ දෙය මිලදී ගත්තොත් මෙන්න මේ දෙය නොමිලේ දෙනවා කියා.. ඉතිං අපි යමක්, කෙනෙක් හිමිකරගත්තොත් අපට නොමිලේම ලැබෙන තෑග්ග නම් මරණ දුකමයි.. අපතුල ඇති නොදන්නා කම නිසා අප යමක් ආශාවෙන් අයත්කරගනීමම මරණ දුකත් ලං කරගැනීමක් ලෙස නොදකී.. ප්‍රඥාවන්තයා යමක් ආශාවෙන් අයත් කරගනීමම මරණ දුක නොමිලයේ ලබා ගැනීමක් ලෙස නුවනින් දැක වෙනස්වනසුළු මැරණ ස්වභාවයට අයත් කිසිවකට ආශාවෙන් නොබැදේ.. ඒ නිසාම ඒ පුද්ගලා තුල ඉපදීමේ ස්වභාවය පහල නොවේ.. ඉපදීමේ ස්වභාවය පහලකර නොගැනීමේ හේතුවෙන්ම හේ මරණ දුකටද පත්නොවේ.. ඒ උතුම් ආර්‍යයන් වහන්සේ ඉපදීම් මියායෑම් වලින් තොරවූ ඉපදීම් මියායෑම් වලින් සංසිදුන ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසේ.. අපද ඉපදෙන මියයන ස්වභාවයෙන් යුතු කිසිවකට ආශා නොකිරීමෙන් අමරනීයවූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි..!

අඳුරෙන් එළියට..

ඔන්න මිතුරනේ අදත් මම සදහම් අමාවෙන් බිඳු කීපයක් හෝ ඔබ වෙනුවෙන් තිළින කරන්නයි මේ සැරසෙන්නේ..ඔයාල දන්නවා අඳුරු වටපිටාවකදී අපට බොහෝ අනතුරු වෙන්න පුලුවන් බව.. අන්න ඒ අඳුරටත් වඩා අපට අනතුරු දායක අඳුරක් ගැනයි අද කතා කරන්න යන්නේ.. ඒ අවිද්‍යා අන්දකාරය නම් අඳුරයි.. උදාහරනයක් ලෙස යම්කෙනෙකුට අඳුරේදී නොවටිනා දේ වටිනා ලෙස පෙනී යන්න පුලුවන්.. සඳ එලියය වැටී දිදුලන බුලත් හපයකට රතු මැනිකකැයි රවටුන මිනිසා මෙන් අවිද්‍යා  අන්දකාරයෙන් වැසුන මිනිසා නිසරු දේ සරු දේ ලෙස ගෙන තමන් ගේ වටිනා මිනිස් දිවිය නාස්ති කරගැනීමට හැකිය..
මීටත් වඩා භයානක කරුනනම් අවිදු අඳුරෙන් වැසුන මිනිසා තමන්ට අනතුරු දායක දේවල් වල ඇති අනතුර නොදැකීමයි..
උදාහරනයක් ලෙස අඳුරු පරිසරයදී සර්පයෙකු දැක කඹ කෑල්ලකැයි සිතා එයට තෘශ්නා කොට අනතුරට පත්වීමයි.. අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂනය නම් ආදීනව සගවන ලක්ෂනයයි.. මේ නිසාම අවිද්‍යාව නිසාම තෘශ්නාව ඇතිවේ.. ඔබ සෑම දෙනාම බොහෝ විට දැක ඇති පදික වේදිකාවල ඉටිරෙදි ආවරන යට විකිනීමට තබා ඇති රතුම රතු ඇපල් නැවුම් කොළ පැහැයෙන් බබලන පලා කොළ එළවවළු යනාදිය.. හොඳින් බලන්න කොළ පැහැයෙන් බබලන එළවළු වලට ඉහලින් ඇති ආවරන ඉටි කොලය මොන පැහැයද කියා.. නිසැකවම එය කොළ පැහැ ඉටි කොලයක් වීමට පුලුවන්.. කොළ පැහැති ඉටි කොලය නිසා වේලී මැලවී ගිය පලා කොලද ඔබට දිස් වන්නේ මේ දැන් නෙලාගත් පලා කොල ලෙසය.ඔබද ඉතා සතුටින් මේ මැලවුන පලාකොල අළුත් ඒවා සේ සිතා ගෙදර ගෙන යයි.. පුද්ගලයන් තුල අවිද්‍යාවෙ කාර්‍යද මෙසේමයි.. සැබවින්ම නැති දෙයක් ඇති කොට පෙන්වීම මයි.. වේගයෙන් කැරකැවෙන පංකා පෙති නිසලව පවතිනවා පෙනෙනවාක් මෙන් ඉතා වේගයෙන් ඇතිව නැතිවයන දේවල් සැබවින්ම පවතින දේවල් ලෙස මවා පෙන්වන්නේ මේ අවිද්‍යාවේ ක්‍රියාකාරිත්වය නිසයි.. ඔන්න ඔය නිසයි පුද්ගලයන් තමන්ට පෙනෙන දැනෙන සෑම දෙයම වෙනස් නොවන දේ යයි මුලාවෙන් ගන්නේ.. දැන් අප බලමු යම් තරුණයෙකුට රූමත් ගැහැණු ලමයෙක් දක්නට ලැබෙනවා එවිට ඔහුට මෙවන් සිතිවිල්ලක් පහල වීමට පුලුවන්.අනේ මේ ගැහැණු ළමයා මිතුරු කර ගැනීමට ඇත්නම් යනුවෙනුයි.. එහෙත් ඇයගෙන් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුන නිසා ඔහු ඉතා ශෝක වෙනවා.. ඒත් ඊලග දිනයේ ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ දැරිය පිළිකා රෝගයෙන් පෙලෙන බවත් තව වැඩි කලක් ජීවත් වීමට නොලැබෙන බවත්‍ ය.. පුල්දුමයකට මෙන් ඒ සමගම ඒ තරුණයාට ඒ දැරිය ගැන තිබූ කැමත්ත ක්ශනයකින් නැති වී යනු ඇත.. ඒ සමගම තරුණිය මිතුරු කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු තුල තිබූ ශෝකයද පහව යනු ඇත.මෙහිදී සිදුවූ දෙයනම් තරුණයා තුල තරුණිය ගැන තිබූ
අවිද්‍යාවෙන් ඇති වූ නිත්‍ය සංඥාව නැතිවී ඒ නිසාම ඇතිවූ තෘශ්නාව දුරු වීමයි..
අපද අවිද්‍යා තෘශ්නා දෙකින් මිදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු. ඔබ සැමට තෙරුවන්වන් සරණයි..!

විදසුන් ඇස 6

ඔන්න අද අපි යලිත් හමු වුනා.. විදසුන් ඇස තුලින් සසර දුක නිවන මග දකින්නට.. විදර්ශනා කියන්නේ ඇති සේ පෙනෙන නැති දේ තුලින් ඇති දේ ඇති ලෙසින් දැකීමයි.. මේ නැති දේ ඇති ලෙස දැකීමෙන්මයි දුකට හේතුවන තෘස්ශ්නාව හටගන්නේ.. අප විදසුන් ඇසින් දකින්නේ ඉන්නවා, තියනවා කියා හිතන මේ කිසි දෙයක් සැබැවින්ම පවතින දේවල් නොව වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාකාරිත්වයක් පමනක් බවයි..යමෙක් මේ වේගයෙන් ඇතිවන නැතිවන ක්‍රියාකාරිත්වය මම, ම
ගේ, හෝ ද්‍රව්‍ය, පුද්ගල ලෙස ගෙන ඇලීම් ගැටීම් ඇතිකර ගැනීම මුලාවක් පමනක් බවයි.. මෙසේ මේ ඇතිව නැතිවන ක්‍රියාකාරිත්වය මම හෝ මගේ ලෙස ගැනීමෙන් දුක උපදින අයුරු දැන් විමසා බලමු...අප යම්කිසි අප කැමහි තත්වයක් උපදවා ගැනීමට වෙහෙස වීමට සිදුවේ.. නමුත් අප කැමති තත්වය ලෙස උපදින්නේම දුකකි.. එනම් පංච උපාදානස්කන්දයකි..[ජාතිපි දුක්ඛා] ඒවා දුකක් වන්නේ බොහෝ වෙහෙස වී උපදවා ගත්තත් ඒවාගේ මුලින් තිබූ අප කැමති තත්වයන් වේගයෙන් වෙනස් වී [පිය විප්පයෝගෝ දුක්ඛෝ] අප අකමැති තත්වයකට [අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ] පත්වන නිසයි.. සරල උදාහරනකින් දක්වනවානම් යම් තරුණයකු හෝ තරුනියක බෝහෝ වෙහෙස වී.. දෙමාපිය වැඩිහිටියෙන්ගේ ඇනුම් බැනුම් පවා අසමින් තමන් කැමති ප්‍රෙම්වතියක හෝ පෙම්වතෙකු ලබා ගනී..එහෙත් ඔහු හෝ ඇය ලබාගත් පසුව තමන් ප්‍රියකල ස්වභාවයන් ඇය හෝ ඔහු තුල නැතිබව දැක [යම්පිච්චං නලභති තම්පි දුක්ඛං] දුකට පත්වේ.. මාව රැවටුවා යයි ගැටුම් ඇති කර ගනී..
මෙහිදී සිදුවී ඇති සැබෑ දෙයනම් මුලින් තිබූ ප්‍රියකල තත්වය අනිත්‍යවී යෑමයි..
මෙසේ වෙනස් වී යන තත්වයන් තමන්ට කැමති අයුරින් පාලනය කිරීමට යැමෙන් වෙහෙසට පත්වේ.. මෙය උපායාස දුක්ඛයයි
.යමෙක් විදසුන් නුවනින් වටහා ගන්නේ සෑම දෙයක්ම වෙනස්වනසුලු බවත්,වෙනවනසුලු දෙයට ආශා කිරීම දුකක් බවත්, අනිත්‍ය වූ කිසිවක් තමන්ට කැමති ලෙස පාලනය කල නොහැකි බවත්‍ ය
. මෙසේ විදසුන් ඇසින් ලොව දකින පුද්ගලයා අනිත්‍ය වූ කිසිවක් සමග නොඇලෙයි.. කිසිවක් සමග නොගැටෙයි. කිසිවක් පාලනය කිරීමට නොයයි.. සසර දුක හදන තෘශ්නාවෙන් මිදී පරම සැනසුම වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙයි.. අපද සම්බුදු සසුනක් පවතින කලක පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදසුන් වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..! 

චතුසත්‍ය 4

ගොඩාක් දවසකින් ඔන්න අද ඔයාල එක්ක හමුවෙන්න ආවා සත්ධර්මයත් සමගින්.. අද අපි කතා කරන්න යන්නේ චතුරාර්‍ය සත්‍යයට අයත් දුක්ඛ ආර්‍ය සත්‍යය ගැනයි, අද අපි බලමු මේ දුක්ඛ සත්‍යයේ ලක්ෂන මොනවාද කියා.. ඒ කියන්නේ දුක අපට සංවේදනය වෙන හැටි.. මේ දුක අපට දනෙන අපිට වැටහෙනම ආකාරය පෙලීමයි.. පීඩනය පත්වීමයි.. අපතුල යම් දුකක් ඇත්නම් ඒ දුක මේ පෙලීමේ ලක්ෂනයෙන් යුක්තයි.. අපට ඇතිවන ශාරීරික හෝ මානසික පීඩාවකදී අපට මේ ලක්ෂනය හොදින්ම දැකගන්න පුලුවන්..අපි කැමති යමක් සිදු නොවීමේදීත් කැමති තත්වයන් වෙනස් වී යෑමේදීත්,අකමැති තත්වයන් ඇති වීමේදීත් මේ තත්වය ඇති වේ..දුක්ඛ සත්‍යයේ දෙවෙනි ලක්ෂනය නම් සංතාප ලක්ෂනයයි.. අපි හැමෝම දන්නවා යම්තැනක පීඩනය වැඩි වේනම් එතැන නිසැකවම උශ්නත්වයත් වැඩි වේ.. මෙතැනදිත් වන්නේ එයමයි.. අප පීඩනයකට පත්වේනම්, සංතාපයට පත්වීමද සිදුවේ.. දුක්ඛ සත්‍යයේ තුන්වන ලක්ෂනයනම් සංස්කාර ලක්ෂනයනයයි.. එනම් සුවයක්, ආශ්වාදයක් සකස් කරගැනීමට දුක් විදීමට සිදුවේ..ඇතිකරගත් ආශ්වාදය වෙනස් නොවී පවත්වා ගැනීමට වෙහෙසවීමට සිදුවේ.. මේ සංස්කාර දුකඛයයි.. අවසාන මෙන්ම වැඩියෙන්ම දුක් සහගත ලක්ෂනය නම්
 බොහෝ දුක්විද සකස් කරගත් තාවකාලික සුවයද වෙනස් වී යාමයි.. එනම් විපරිනාම ලක්ෂනයයි.. යමක් අනිත්‍ය නම් දුකක් යයි සදහන් වන්නේ දුක්ඛ සත්‍යයට අයත් මෙන්න මේ ලක්ෂනය නිසයි,,, දුක්ඛ සත්‍යයේ තුන්වන ලක්ෂනය හෙවත් සංස්කාර ලක්ෂනය දුකක් වන්නේද මෙන්න මේ වෙනස් වී යෑමේ ලක්ෂනය නිසාමයි.. මන්ද? අප අපට කැම්ති ලෙස දුක් මහන්සි වී සකස් කරගන්නා සෑම දෙයක්ම මේ වෙනස් වීයෑමේ ස්වභාවය නිසා දුකක් බවට පත් වීමයි.. කැමති සේ පවත්වාගත නොහැකි අනාත්ම ලක්ෂනයට හේතු වන්නේ මෙන්න මේ සෑම දෙයක්ම වෙනස් වී යෑම නම් වූ විපරිනාම ලක්ෂනය නිසයි, දුක්ඛාර්‍ය සත්‍යයට අයත් වටසට යාමේ දුක,ලෙඩ වීමේ දුක, මිය යෑමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක,කැමති දේ නොලැබීමේ දුක වීමට එක් ප්‍රධාන හේතුවක් නම් මේ විපරිනාම දුක්ඛ්‍යයි.. අපද වෙනස් වීයන, සකස් කිරීමට සිදුවන පෙලීමට, තැවීමට හේතුවන දේවල් වලට ඇති තෘශ්නාවෙන් මිදී සියළු දුක් නිමා කොට ලබන ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

විදසුන් ඇස 5



සැනසුමට සදහම..

1

විදසුන් ඇස 4

අද අපි බලමු, අප විදසුන් වඩන්නේ කුමක් සඳහාද එයින් සිදුවන්නේ කුමක්ද විදසුන් වැඩීමේ ප්‍රතිඵලය කුමක්ද කියා.. මූලික වශයෙන් අප විදසුන් වැඩිය යුත්තේ අප හැම දෙනාම තුල ඇති වැරදි සංඥ තුනක් දුරු කරගැනීම සඳහායි.. අප දැන් බලමු මොනවද මේ වැරදි සංඥාවන් සහ ඒවා නිසා ඇතිවෙන  අනිටු ප්‍රතිඵල මොනවාද යන්න.. මේවානම්, අනිත්‍යයේ නිත්‍ය සංඥාව, දුක්ඛයේ සුඛ සංඥාව, අනාත්මයේ ආත්ම සංඥාව යි.. මේ අනිත්‍යයේ නිත්‍ය සංඥාව නිසා ඒ කියන්නේ වෙනස්වන තත්වයන් වෙනස් නොවන ලෙස වැරදි ලෙස හඳුනා  ගැනීම නිසා ආශ්වාදයේ ඇලීම නම් වූ කාමච්ඦන්දය ඇතිවේ.. මේ නිසාම ආශ්වාදය දුකක් සේ නොගන්නාවූ සුඛ සංඥාවද, ඒ ඇතිකරගන්නාවූ සුඛ සංඥාව  තමන්ට කැමති පරිදි හැසිරවිය හැකිය යන ආත්ම සංඥාවද ඇතිවේ..තමන්ට කැමති පරිදි සියල්ල හැසිරවිය හැකිය යන ආත්ම සංඥාව නිසා ද්වේෂය ඇතිවේ.. අප විදසුන් වැඩීමේදී ලබන අවබෝධයනම්, සෑම දෙයක්ම  ඇතිවීම්, නැතිවීම් යන ස්වභාවයෙන් යුතු බවත්, මේ ඇතිවන නැතිවන ස්වභාවයට ඇලීම, ගැටීම දුකක් බවත්.. මේ ඇතිව නැතිවන ස්වභාවය තමන්ට හෝ කිසිවෙකුට පාලනය කල නොහැකිබවත්ය. මෙසේ විදසුන් නුවණින් මේ  ඇතිවීම් නැතිවීම් ස්වභාවය  ඇලීමකින් ගැටීමකින් තොරව උපේක්ෂාවෙන් දැකිය හැකිනම් ඒ පුද්ගලයා තුල දැල්වෙන රාග ගිනි නිවී යයි.. ද්වේශ ගිනි නිවී යයි.. මේ හැම දේම නිත්‍යයි, සුඛයි, ආත්මයි, යනුවෙන් ගන්නා මෝහ ගිනි නිවී යයි..මෙසේ සසර දුක් ගිනි සදහටම නිවී යෑමෙන් ඒ අමා නිවන් සුව මේ ජීවිතයේදීම  අත්විදියි.. උතුම් බුද්ධෝත්පාද සමයදී පමනක් දැකීමට ලැබෙන මේ විදර්ශනා භාවනව වඩා ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!

මිත්‍යාවෙන් මිදෙමු

මේ සමාජයේ බොහෝදෙනා මිත්‍යාව සත්‍යය ලෙසත්, සත්‍යය මිත්‍යාව ලෙසත් වැරදි ලෙස මුලාවේම ඇලී සිටිති.. අද අප සාකච්චා කිරීමට යන්නේ මෙන්න මේ ගැනයි. සාමාන්‍ය ජනයාගෙන් බොහෝ දෙනෙකු දුකට හේතුව ලෙස දකින්නේ ග්‍රහ බලපෑම්, අනවින, කොඩිවින කිරීම් යනාදී මිත්‍යා විශ්වාසයන්‍ ය. මෙහි වඩාත් සංවේගජනක කාරණය වන්නේ මේ අයගෙන් බහුතරය බෞද්ධයන් වීමයි. අද අපි බලමු සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා දෘශ්ටියට එකග වියහැකිද කියා..භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සත්ධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ සූත්‍රපිටකයට අයත් චුල්ල කම්ම විභංග සූත්‍රය යමෙක් පිලිගන්නවානම් සැබෑ බෞද්ධයෙකුට මේ මිත්‍යා පිලිගත නොහැක.. චුල්ල කම්ම විභංග සූත්‍රයට අනුව යමෙක් අඩු ආයුෂයෙන් මියයන්නේ ඔහු හෝ ඇය පෙර භවයේදී සත්ව ඝාතනය කොට සිදුකරගනු ලැබූ අකුසලයක විපාකයක් නිසයි.. යමෙක් නිරතුරුවම රෝග පීඩා ආදියෙන් පෙලීමට ලක්වන්නේ ඔහු හෝ ඇය පෙර භවයකදී සිදු කරනු ලැබූ සත්ව හිංසා අකුසල කර්මය නිසයි.. යනාදී අයුරිනි.. නමුත්, මිත්‍යා දෘශ්ටියෙන් අන්ධ වූ සමහරෙකු සිතන්නේ අඩු ආයුශයෙන් මියයන්නේ ඒරාෂ්ටක අපල නිසා බවයි.. නැතහොත් යම් කෙනෙකු විසින් කොඩිවින කිරීම නිසා බවයි.. මෙසේ මිත්‍යා දෘෂ්ටියකට යටවීමේ භයානක ප්‍රතිඵල නම් කේන්දර කරුන්වන්ට ශාස්ත්‍ර කරුවන්ට නිකරුනේ මුදල් නාස්ති කිරීමයි.. ඒටත් වඩා භයානක ප්‍රතිඵලයක් නම් යම් ශාස්ත්‍ර කරුවෙකු විසින් යමෙකුට කොඩිවිනයක්කර ඇති බව කියා සිටියහොත් එය සිදුකරන්නට ඇත්තේ අසවලුන් විසින්ය ය නෑදෑයෙකු තරහ කාරයෙකු විසින්‍ය යන වැරදි නිගමනයට පත්ව ඔවුන් විසින් සැකකරනු ලබන පුද්ගලයන්ට වෛර කිරීමට පෙලඹීමය මේ හේතුවෙන් මනුශ්‍ය ඝාතන පවා සිදු වීමට ඉඩ ඇත..මිත්‍යා දෘශ්ටිකයන් නිරයගාමී වන බවද සත්ධර්මයේ දැක්වේ,  සත්ධර්මයට අනුව මිත්‍යා දෘශ්ටිය නිසා මිත්‍යා සංකල්ප [කාම සිතිවිලි, තරහ සිතිවිලි, හිංසා සිතිවිලි]ඇති වීමෙන් මෙය සිදුවේ.. මේ මිත්‍යා දෘශ්ටි වලට හසුවීමෙන් පුද්ගලයන් මානසිකව ඇද වැටීමටත්, ඒ නිසාම ශාරීරික රෝග පීඩා ආදියට ගොදු
රුවීමත් සිදුවේ, මේ නිසාම මිත්‍යා දෘශ්ටියන්ට ගොදුරු වන්නන්ගේ ලව්කික ජීවිතයේ දියුනුව නැති වෙන අතර කිසිම අධ්‍යාත්මික දියුනුවක් සලසා ගැනීමටද නොහැකිවනු ඇත.. ඉතින්, ඔබ අප සැම දෙනාම මේ නිසරු මිත්‍යා දෘෂ්ටි වලින් මිදී ලව්කික මෙන්ම අධ්‍යාත්මික දියුනුවත් ඇතිකර ගනිමු.. අවසන ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

සැබෑ අනතුර දකිමු..

මේ කාලය බොහෝ අනතුරු බහුල කාලයක් ලෙසයි සැලකෙන්නේ ඉතින්.. අද අපි කතා කරන්න යන්නේ අපට ඇති සැබෑ අනතුර ගැනයි.. වාහන අනතුරු, ස්වාභාවික අනතුරු, සතුරන්ගෙන් වන අනතුරු මේ ආදී බොහෝ අනතුරු වලින් ආරක්ශාවීම සදහා සමහරු හදිසි අනතුරු රක්ෂනයන්ද ලබා ගනිති.. නමුත්, අපට ඇති සැබෑ අනතුරින් ගැලවීම සඳහා මේ කිසිවක් ප්‍රයෝජනවත් නොවේ.. දැන් අපි බලමු මේ සැබෑ අනතුර කුමක්ද කියා.. අපට ඇති සැබෑ අනතුර නම් සතර අපායේ වැටීමේ අනතුරයි

. මේ සැබෑ අනතුරින් මිදීමේ නිසැක උපායනම් සත්ධර්ම මාර්ගය මිස වෙනයමක් නොවේ.. මේ අනතුර ගැන උදාහරනයකින් කියනවානම්, සිහි කල්පනාවක් නොමැතිව රිය පදවන රියදුරෙකු නිසැකවම රිය අනතුරකට පත්ව ජීවිතය හානි වීමේ අනතුරක් ඇත.. අපද මේ ජීවිත යාත්‍රාව පැද යාමේදී සිහි කල්පනාව නොමැති වුවහොත් අනතුරකට පත්වනු නිසැකය.. රිය පදවන රියැදුරා මහමග ඇති ආකර්ශනීය දේ වලට ආශාවෙන් ඒ දේ වලට අවධානය යොමු කලහොත් හෝ අනෙක් රියදුරන්ගේ නොමනා ක්‍රියා ගැන ද්වේෂයෙන් පසුවුවහොත් අනතුරකට පත් වීම නිසැකය..
අපද ජීවත් වීමේ දී අපට අරමුනු වන දේවලට ඇලී ගියහොත්හෝලැබෙන අරමුණු වලට ගැටුනහොත්  ජීවිත යාත්‍රාව අනතුරකට පත්වී සතර අපාය නමැති දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
. මේ නිසා අප හැමදෙන ජීවිත යාත්‍රාව පැදවිමේදී සිහි කල්පනාවෙන් කටයුතු කොට අපට ඇති සැබෑ අනතුරින්  අත්මිදෙමු.. සදා සැනසීම වූ ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි..!

අනතුර දකිමු

හැම දෙනාම දන්නා පරිදි කුඩා දරුවන්හට යම්කිසි සිත් ඇදගන්නාසුළු යමක් දකින්නට ලැබුනහොත් ඒ දරුවා එයට තදින් බැදීයනු නිසැකයි..සමහරවිටක ඒ දෙය දරුවාට හානිදායක දෙයක් වුවත්, දරුවාගෙන් එය ඉවත් කිරීමට වඩිහිටියෙකු උත්සාහ කලහොත් දරුවා මහ හඩින් හඩා වටෙනු ඇත.. එයම ඉල්ලා වැලපෙනු ඇත.. මෙසේ වන්නේ ඇයි දැයි මදක් විමසා බැලුවහොත්, අපහට පෙනීයන්නේ දරුවා ඒ දෙයින් තමාට වන හානිය නොදන්නා නිසා මෙසේ වන බවයි.. ඒ ඉතා විෂ සහිත සර්පයෙකු වුවද වර්ණවත් නම් දරුවා ඒ සර්පයා ක්‍රීඩා කිරීම සදහා අල්ලා ගනු ඇත.. මක්නිසාදයත්, සර්පයා විෂ සහිත බවත් තමන්ට සර්පයාගෙන් අනතුරක් වියහැකි  බවත් දරුවා නොදනී.. තවත් දරුවන් දැල්වෙන පහන් සිල ඇල්ලීමට යන්නේද මේ අයුරිනි.. සත්ධර්මයෙදී මේ තත්වය හදුන්වනු ලබන්නේ ආදීනව නොදන්නා බව ලෙසයි.. බොහෝ වැඩිහිටියන්ද මේ වැනි කුඩා දරුවන්ගෙන් වෙනස් වන්නේ මද වශයෙනි..වැඩිහිටියන්  වන අප සර්පයන්ගෙන්, ගින්දරෙන් වන හානිය මනාව දැන සිටියත් යම් යම් දේ ආශ්වාද කිරීමෙන් වන හානිය නොදන්න බැවින් එවන් අයද කුඩාවුන් ගෙන් වෙනස් නොවේ.. මන්දයත් අවිද්‍යාවෙන් මුලාවී, ආශ්වාදයෙන් ඇලී ගොස් සිටින බැවිනි,, සර්පයාගෙන් වන හානිය නොදන්නා දරුවා ඒ සර්පයා වෙතින් අනතුරකට පත්වෙන ලෙසින්ම, ආදීනව නොදන්නා අඥාන වැඩිහිටියාද අනතුරට පත්වේ. මෙහිදී කුඩා  දරුවා රැකබලා ගැනීමට වැඩිහිටියෙක් ඇත්නම් ඒ කුඩා දරුවා අනතුරට පත් නොවේ.. මේ ලෙසින්ම මේ අවිද්‍යාවෙන් මුලාවී ආශ්වාදයට ඇලී  ඇති මේ හිත රැකබලා ගැනීමටද යමක් ඇත්නම්, මේ සිතද ආරක්ෂා වේ. මේ සිතට ආරක්ශකයන් නම් සතිය, නුවණ ද වීර්‍යය ද වේ. සතිය වීර්‍යය පවත්වන්නාහට ආදීනව වැටහේ.. .ඒ නිසාම ආශ්වාදයෙන් වන අනතුරෙන්ද වැලකේ... ඉතින් ඔබ අප හැම දෙනාම සතිය, නුවණ, වීර්‍යය පවත්වා ආදීනව දැක ආශ්වාදයෙන් මිදී සසර දුකින් මිදෙමු.. ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. ඔබ සැම තෙරුවන් සරණයි..!

චතුසත්‍ය 3

අද අපි සාකච්චා කිරීමට යන්නේ චතුරාර්‍ය සත්‍යයේ ඉතිරි සත්‍ය දෙක ගැනයි.. අපි ඊයේ දුක්ඛ සත්‍යය නිවැරදි ලෙස වටහාගන්නා අයුරුත්, සමුදය සත්‍යය නිවැරදි ලෙස වටහා ගන්න අයුරුත් පෙන්වා දුන්නා. ඉතින් අපි අද බලමු කෙසේ මේ දුක නැතිකල හැකිද? එසේ හැකිනම් කෙලෙසද එය කරන්නේ කියා.. අප බොහෝ දෙනා දුක නැති කිරීම සඳහා යොදා ගන්නා වැරදි ක්‍රම නිසා වන්නේ ඒ දුක තවත් වැඩි වීම පමණයි.. බොහෝ දෙනා දුක නැති කිරීම සඳහා යොදා ගන්නා

සුලබ ක්‍රමයනම් ආශ්වාදයක් සෙවීමයි.. මෙය සැබැවින්ම පිපාසයට ලුනු වතුර පානය කිරීමක් වැනිය.. මෙයින් තාවකාලික සුවයක් ලැබුනද නැවත දුක නැගී එන්නේ තිබුනාටද වඩා ප්‍රබලවය.. මන්ද? ආශ්වාදය යනු දුකට හේතුව වන තන්හාවට ඇතුලත් කාම තන්හාව වීමයි.. සැබවින්ම දුකින් මිදීම යනු යම් යම් දේ වලට ඇති ආශාවෙන් මිදීමයි.. උදාහරනයක් ලෙස අපට යම් දෙයක් හෝ පුද්ගලයෙක් හිමි කරගැනීමට නොහැකි වීම නිසා දුක ඇති වූයේනම් ඒ දුක නැති කර ගැනීමේ එකම මගනම් ඒ පුද්ගලයා හෝ දෙය පිලිබඳව ඇති ආශාව දුරු කිරීමයි.. යම් දුකක් ඇති වීමට ඇති හේතුව නැතිකල කල්හී ඒ හේතුව නිසා ඇති වූ ඵලයද නැතිව යයි.. යමකට හේතුවූ තත්වය ඉවත් නොකර ඒ නිසා ඇති වූ ඵලය ඉවත්කල නොහැක.. මෙය මෙන්න මේ උදාහරනයෙන් වටහා ගැනීමට උත්සාහ කරමු.. යමෙකුට යම් එලිමහන් භූමියකට සූර්‍යාලෝකය ලැබීමට අවශ්‍ය වුවත් එතැනට විශාල සෙවනැල්ලක් වැටීම නිසා දුකට පත්වේ.. ඉන්පසු ඔහු ඉදලක් රැගෙන සෙවනැල්ල පිසදා ඉවත් කිරීමට උත්සාහ කරයි..කොපමන පිස දැමුවත් සෙවනැල්ල ඉවත්ව නොයයි.. නැවතත් ඔහු උදැල්ලක් රැගෙන කොටමින් සෙවනැල්ල සහිත පස් ඉවත් කොට සෙවනැල්ල ඉවත් කිරීම උත්සාහ කරයි. නමුත් තවමත් සෙවනැල්ල එසේම පවතී.. මෙයට හෙතුව කුමක්ද? සෙවනැල්ල වැටීමට හේතුවූ ගස තවමත් එතැනම පැවතීමයි.. පසුව මෙය නිවැරදිව තේරුම් ගත් ඒ තැනත්තා සෙවනැල්ල වැටීමට හේතුවූ ඒ ගස කපා ඉවත් කිරීමත් සමගම සෙවනැල්ලද ඉවත්ව යයි.. ඉතින් ඔබ අප සැමද සසර දුකට හේතුවන්නාවු ඒ තෘශ්නාව ඉවත්කොට ඒ තෘශ්නාව
හේතුවෙන් අති වුනාවු දුකෙහි නිවීම නම්වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැම දෙනාටම තෙරුවන් සරණයි,,!

දිරියෙන් ඉදිරියට..!