
අද අපි තරමක් වෙනස් මාතෘකාවක් සාකච්චා කරමු.ඒ තමයි ආමිසයෙන් ප්‍රතිපත්තියට යන්නයි. ඔයාල හිතන්නෙ භාග්‍යවතුන් වහන්සේට මල් පහන්. සුවඳ දුම් පූජාකොට වන්දනා කිරීම ආමිස පූජාවක් පමනයි කියල නේද? අපි දැන් බලමු මේවා ආමිස පූජාවක් පමණක්මද කියා.. අපි භාග්‍යවතුන් වහන්සේට ම පූජා කිරීමේදී කියනු ලබන ගාථාව මදක් සිහි කොට බලමු.. පුජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං.. පුප්ඵං මිලායාති යථාහි ධම්මේ කායෝ තථායාති
විනාස භාවං.. මේ ගාථාවෙන් කියවෙන්නේ පුදමි බුදු සමිදුට මේ මල්.. ඉන් ලැබේවා අම නිවන්.. මේ මල් මැලවෙන සේ මේ කයද යයි වැනසී. යන්නයි.. ඉතින් බලන්න බුදු සමිදු උදෙසා මල් පුදන මේ ගාථාව තුල වටිනා භාවනාවන් දෙකක් ඇතුලත් වී ඇති අයුරු.. ඒ වටිනා භාවනා දෙකනම් බුද්ධානුස්සතියත්, අසුබයත් යන භාවනා දෙකයි.. තව දුරටත් විමසා බැලුවහොත් අප නුවනින් දකිනවානම්, සඳුන් කූරු දැවී යන අයුරු තුලින්ද පොල් තෙල් පහනේ දැල්ල තුලින්ද යමෙකුට අනිත්‍ය දකිනත් පුලුවන්.. අප වන්දනා කිරීමට යොදා ගන්නා තව ගාථාවක් විමසා බැලුවහොත් ඒ තුල බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව,
අසුබ භාවනාව සහ මරණානුස්සතියද යන සතර කමටහන්ද දැකිය හැකිය. මේ ගාථාවනම්, '' නමාමි බුද්ධං ගුණසාගරන්තං[බුද්ධානුස්සති භාවනාව].සත්තා
No comments:
Post a Comment