චතුසත්‍යය 2


අද අපි සාකච්චා කිරීමට යන්නේ චතුරාර්‍ය සත්‍යයේ ඉතිරි සත්‍ය දෙක ගැනයි.. අපි ඊයේ දුක්ඛ සත්‍යය නිවැරදි ලෙස වටහාගන්නා අයුරුත්, සමුදය සත්‍යය නිවැරදි ලෙස වටහා ගන්න අයුරුත් පෙන්වා දුන්නා. ඉතින් අපි අද බලමු  මේ දුක නැතිකල හැකිද? එසේ හැකිනම් කෙලෙසද එය කරන්නේ කියා.. අප බොහෝ දෙනා දුක නැති  කිරීම සඳහා යොදන වැරදි ක්‍රම නිසා වන්නේ ඒ දුක තවත් වැඩි වීම පමණයි.. බොහෝ දෙනා දුක නැති කිරීම සඳහා යොදා ගන්නා සුලබ ක්‍රමයනම් ආශ්වාදයක් සෙවීමයි.. මෙය සැබැවින්ම පිපාසයට ලුනු වතුර පානය කිරීමක් වැනිය.. මෙයින් තාවකාලික සුවයක් ලැබුනද නැවත දුක නැගී එන්නේ තිබුනාටද වඩා ප්‍රබලවය.. මන්ද? ආශ්වාදය යනු දුකට හේතුව වන තන්හාවට ඇතුලත් කාම තන්හාව වීමයි.. සැබවින්ම දුකින් මිදීම යනු යම් යම් දේ වලට ඇති ආශාවෙන් මිදීමයි.. උදාහරනයක් ලෙස අපට යම් දෙයක් හෝ පුද්ගලයෙක් හිමි කරගැනීමට නොහැකි වීම නිසා දුක ඇති වූයේනම් ඒ දුක නැති කර ගැනීමේ එකම මගනම් ඒ පුද්ගලයා හෝ දෙය පිලිබඳව ඇති ආශාව දුරු කිරීමයි.. යම් දුකක් ඇති වීමට ඇති හේතුව නැතිකල කල්හී ඒ හේතුව නිසා ඇති වූ ඵලයද නැතිව යයි.. යමකට හේතුවූ තත්වය ඉවත්

 නොකර ඒ නිසා ඇති වූ ඵලය ඉවත්කල නොහැක.. මෙය මෙන්න මේ උදාහරනයෙන් වටහා ගැනීමට උත්සාහ කරමු.. යමෙකුට යම් එලිමහන් භූමියකට සූර්‍යාලෝකය ලැබීමට අවශ්‍ය වුවත් එතැනට විශාල සෙවනැල්ලක් වැටීම නිසා දුකට පත්වේ.. ඉන්පසු ඔහු ඉදලක් රැගෙන සෙවනැල්ල පිසදා ඉවත් කිරීමට උත්සාහ කරයි..කොපමන පිස දැමුවත් සෙවනැල්ල ඉවත්ව නොයයි.. නැවතත් ඔහු උදැල්ලක් රැගෙන කොටමින් සෙවනැල්ල සහිත පස් ඉවත් කොට සෙවනැල්ල ඉවත් කිරීම උත්සාහ කරයි. නමුත් තවමත් සෙවනැල්ල එසේම පවතී.. මෙයට හේතුව කුමක්ද? සෙවනැල්ල වැටීමට හේතුවූ ගස තවමත් එතැනම පැවතීමයි.. පසුව මෙය නිවැරදිව තේරුම් ගත් ඒ තැනත්තා සෙවනැල්ල වැටීමට හේතුවූ ඒ ගස කපා ඉවත් කිරීමත් සමගම සෙවනැල්ලද ඉවත්ව යයි.. ඉතින් ඔබ අප සැමද සසර දුකට හේතුවන්නාවු ඒ තෘශ්නාව ඉවත්කොට ඒ තෘශ්නාව හේතුවෙන් අති වුනාවු දුකෙහි නිවීම නම්වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැම දෙනාටම තෙරුවන් සරණයි,,!

No comments:

Post a Comment