විදසුන් ඇස 1
අද මම කියන්නම් අපි හැමෝම අත්විද ඇති අත්දැකීමක්. අප වේගයෙන් කරකැවෙන පංකාවක් දුටුවොත් අපට එහි පංකා පෙති කරකැවෙන බවක් දකින්න ලැබෙන්නේ නෑ. දක්නට ලැබෙන්නේ නිශ්චලව පවතින චක්‍රයක් පමනයි.. මේ සංසිද්ධිය සත්ධර්මය තුලින් බැලුවොත් අපට කියන්න පුළුවන් මෙයට '' අනිත්‍යයෙ නිත්‍ය සංඥාව ලෙස. ඉතින් යම් කෙනෙකුට මේ නිශ්චලව පවතින්නක්මෙන් පෙනෙන අධි වේගී ක්‍රියාකාරිත්වයට ආශාවක් ඇති වෙන්න පුලුවන්. මෙය සත්ධර්මය තුලින් දුටුවොත් අපට ඒ ගැන කියන්න පුලුවන්.. එසේ ආශාවක් ඇතිවී ඒ පුද්ගලයා ඒ වේගවත් ක්‍රියාකාරිත්වය අල්වා ගැනීමට ගත්තොත් වෙනදේ අප ඕනෑම කෙනෙක්ට හිතා ගන්න පුළුවන්..මෙසේ විදින්නා වූ වේදනාවද සුවයක් ලෙස යම් කෙනෙක් සිතන්නට පුලුවන්.. මෙය දුක්ඛයෙ සුඛ සංඥාව ලෙස සත්ධර්මය තුලින් දකින්න පුලුවන්. තවද මේ පංකාවේ ක්‍රියාකාරිත්වයට හේතුවන විදුලිය විසන්දි වීමකින් තොරව පංකාවෙ ක්‍රියාකාරිත්වය නතරකලහැකි යයි සිතන්නේ නම් මෙය සත්ධර්මය තුලින් කියන්න පුලුවන් අනාත්මයේ ආත්ම සංඥාව ලෙස ....ඉතින් මිතුරනි අප මේ ජීවිතයේදී කරන්නේද මෙයම නේද? අප දකින ඇහෙන දැනෙන හිතෙන හැම දෙයක්ම වේගයෙන් වෙනස්වන ලෙස නොව දෙයක් ලෙස දැක ඒ දෙයට ආශාවෙන් ඇලී ගොස් වේගයෙන් කරකැවෙන පංකා පෙති නිශ්චල දෙයක්ලෙස දැක එය අල්ලා අනතුරකට පත්වේ.. ඉතින් අප හැම දෙන අනිත්‍ය අනිත්‍ය ලෙසම දැක එය නිත්‍ය සංඥාවෙන් ගෙන අල්ලා ගැනීම දුකට හේතුවන බව මේ ක්‍රියාකාරිත්වය තමන්ට කැමති ලෙස පාලනය කල නොහැකිබව අනාත්ම සංඥවෙන් දැක මේ උතුම් විදර්ශනාව වඩා සසර දුකින් මිදෙත්වා.. ඒ අමා නිවන් සුව ලබත්වා..!
No comments:
Post a Comment