සංසාර සිර ගෙදරින් මිදෙමු...



නිවන් නොදුටු අපි හැමෝම ඉන්නෙ හිර ගෙදරක..ඒත් අපට ඒක දැනෙන්නෙ නෑ..අපට හිතෙන්නෙම අපි සුව පහසු මන්දිරයක ඉන්නව කියල..මෙ සංසාර මන්දිරය හිර ගෙදරක් කියල අපට හිතුනොතින් විතරයි අපි මේ හිර ගෙයින් නිදහස් වීමට හිතන්නෙ..අපි මේ හිර ගෙයි හිර වී සිටීමට එකම හේතුව අපි මේ හිර ගෙයට ආශා කිරීමයි..(මෙයයි සමුදය සත්‍ය)අපට හිර ගෙදර දොරටුව ඇරගන නිදහස් වීමට උදව් කරන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි..මේ කල්‍යාණ මිත්‍රයා තමයි අපට මේ හිර ගේ ඇරගන යන්න උවමනා කරන යතුර සපයන්නෙ..අන්න ඒ යතුර තමයි ශ්‍රී සත්ධර්මය. කල්‍යාණ මිත්‍රයා අපට පෙන්වා දෙනවා අප ඉන්නේ හිර ගෙදරක බව..එ‍යින් මිදීමට ඕනෑ කරන  ශ්‍රී සත්ධර්මය නමැති යතුර අපට ඕන වෙන්නේ අප හිර වෙලා ඉන්නවා කියල දැන ගත්තු දාටයි..කල්‍යාණ මිත්‍රයාගෙන් යතුර  ලබාගන්නා අප මීලගට හිතෙන්නේ  මේ යතුර උපයෝගී කරගන හිර  ගෙයින් නිදහස් වන්නේ කෙසේද කියායි..මෙයයි යොනිසෝ මනසිකාරය... මීලගට අප සිතිය යුතුවන්නේ  අප ලබාගත්  ශ්‍රී සත්ධර්මය නමැති  යතුර  උපයෝගී  කොටගෙන මේ සංසාර  හිර ගෙයින්  නිදහස් වීමට ක්‍රියා කිරීමයි..මෙයයි  ධම්මානුධම්ම ප්‍රතිපත්තිය..ඉතින් පින්වත්  මිතුරු මිතුරියනි..අප මුලින්ම කලයුතු වන්නේ
මේ සංසාර මන්දිරය සිර ගෙයක් ලෙසින් දැකීමයි..එයින්මයි  මෙයින් මිදීමට  කැමැත්තක් ඇති වන්නේ.. එයින්මයි  සත්පුරුෂ ඇසුරට කැමැත්තක් ඇතිවන්නේ..එයින්මයි ශ්‍රී සත්ධර්මය ඇසීමට කැමැත්තක් ඇතිවන්නේ..මෙයින්මයි ඇසූ ශ්‍රී සත්ධර්මය නුවනින්  මෙනෙහි කිරීමට සිත් වන්නේ..ඒ අනුව නුවන මෙහෙයවා මේ සංසාර හිර  ගෙදරින්  සදහටම නිදහස් වීමට කටයුතු කරන්නේ..පින්වත් මිතුරු මිතුරියනි..මේ දුක් සහිත සසර  හිර ගෙයක් ලෙසින්  නිතර මෙනෙහි කරමු..මෙයින් මිදීමට තියුනු කැමැත්තක් ඇති කරගනිමු...කල්‍යාණ මිත්‍රයා අපට ලබාදෙන ශ්‍රී සත්ධර්මය නමැති යතුරෙන්  අමා දොර හැර  සදහටම මේ දුක් සහිත සංසාර හිර ගෙදරින්  සදහටම නිදහස්  වෙමු...සාදු..සාදු...සාදු..!!! ඔබ සැමට තෙරුවන් සරණයි....!

No comments:

Post a Comment