![]() |
Add caption |
අද අපි තවත් දෙයක් ගැන සාකච්චා කරමු.. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල අන්ත දෙක අත හැරීම පිලිබදවයි.. මේ ලොව ඇති හැම දෙයකම මේ ද්වයතාවය දක්නට ඇත.. උනුසුම සීතල, තද, බුරුල්, අදී වශයෙනි.. අප මේ අන්ත දෙකෙන් එක අන්තයක ආශාවෙන් ඇලී ගියහොත් කුමක්ද වන්නේ? උදාහරනයක් ලෙස, අප සීතලට කැමති වුවහොත් ඒ නිසාම උනුසුමට අකමැති වේ.. ඉතින්, ඒ නිසාම අප ඒ අවස්තාවේ අත්විදින සීතල අනිත්‍යවී උනුසුම් ස්වභාවයකට පත් වුවහොත්, ඒ නි
සාම අපේ සිත දුකට පත්වේ.. මෙසේ මේ අනිත්‍ය ස්වභාවය දුකක් වන්නේ අප ද්වයතාවයේ එක් අන්තයක් තෘශ්නාවෙන් උපාදානය (අල්ලා ගැනීම) කිරීම නිසයි.. අප එක් අන්තයක් උපාදානය කිරීමෙන්ම රාග, ද්වේශ යන අන්ත දෙක පහලවේ.. මේ අන්ත දෙක සමුදය සත්‍ය (දුකට හේතුව) යි.. මේ අන්ත දෙකෙන් එකක් අල්ලා ගැනීම නිසාම කැමති තත්වය වෙනස් වීම නම් වූ දුක්ඛ සත්‍ය පහලවේ.. (ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ) අප්‍රිය ස්වභාවයට පත් වීම නම් වූ (අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ) දුක්ඛ සත්‍ය පහල වේ. ඔබ අප සෑම දෙනාම මේ අන්ත දෙකෙන් සිත මුදවා ගනිමින් ඒ ශාන්ත ප්‍රනීත වූ ඒ අමා නිවනට පත්වෙමු.. සැමට තෙරුවන් සරණයි
No comments:
Post a Comment