චතුසත්‍ය 1
 |
Add caption |
අද අප යලිත් අලුත් දහම් කරුනක් ගැන සාකච්චා කරමු.. අද අප සාකච්චා කරන්න යන්නෙ අප හැම දෙනම නිතර අත්විදින එහෙත් බොහෝ දෙනා නිවැරදිව හදුනා නොගත් දුක ගැනයි.. සමහර දෙනා කියන්නේ '' අපි ඉස්සරනම් දුක් වින්ද තමයි, එත් දැන් දෙයියනේ කියල සතුටින් ඉන්නව'' කියලයි.. තව සමහර දෙනා මෙසේද කියති '' අපි දැන් දුක් වින්දට ඉස්සර නම් සැපෙන් උන්න අය'' කියලයි.. මේ පෙර කිවූ කිසි කෙනෙක් සැබැවින්ම දුක හදුනා නොගත් අයයි.. දුකට සැබෑ හේතුව හදුනා නොගත් අයයි.. සැබෑ දුකනම් යමෙක් කැමත්තෙන් ඇලී ගිය දෙයක් හෝ කෙනෙක් වෙනස් වී අහිමි වී යාමයි.. මෙය ධර්මයට අනුව කියනවා නම්. ජරාවට මරනයට ලක් වීමයි.. ලෙඩ වීමද අයත් වන්නේ මේ වෙනස් වීමේ ධර්ම තාවයටමයි. දුකට හේතුව ලෙස සාමාන්‍ය ජනයා සලකන්නේ බාහිර හේතුන් නිසා දුක ඇති වූ බවයි.. එක්කෝ බාහිර පුද්ගලයෙකුගේ ක්‍රියාවක් ලෙසයි.. නැතිනම් ග්‍රහ අපලයක් නිසා බවයි.. එය මෙන්න මේ වගේ උදාහරනයකින් කියන්න පුළුවන්.. යමෙක් දැල්වෙන පහනක දැල්ල ඇල්ලීමෙන් පිලිස්සීමකට ලක්වේ.. නමුත් ඔහුට පිච්චීමට හේතුව ලෙස පෙනෙන්නේ පහන සාදා ඇති ද්‍රව්‍යයි.. මම පිච්චුනේ පහන වීදුරු වලින් සාදා තිබූ නිසයි වැනි වැරදි අදහසකි.. නැවතත් ඔහුට පහනක් දක්නට ලැබෙද්දීම ඔහු නැවත් එහි දැල්ල ඇල්ලීමට සිතයි.. ඔහු සිතන්නේ ගියවර පිලිස්සුනාට මෙවර පිලිස්සෙන්නෙ නැති බවයි.. මන්ද මෙවර ඇත්තේ මැටි වලින් සෑදූ පහනක් නිසයි.. එහෙත් ඔහු ඒ පහනේ දැල්ල අල්ලා නැවත පිලිස්සීමකට ලක්වේ.. එහෙත් ඔහු මෙවරද හේතුව ලෙස දකින්නේ වැරදි දෙයකි.. මෙවර ඔහු සිතන්නේ ඔහු පිලිස්සීමකට ලක්වූයේ පහනේ හැඩය නිසා බවයි.. මෙසේ ඔහු පහනක් දකින දකින වාරයක් පාසා පිලිස්සීමට ලක්වේ.. මන්ද පහනේ දැල්ල අල්වා ගැනීම පිලිස්සීමේ හේතුව ලෙස නොදැකීමයි..ඉතින් අපද අප අත්විදින්නාවූ දුකෙහි සැබෑ හේතුව වෙනස් වෙන දේට ඇලී යන්නාවූ තෘශ්නාව ලෙස වටහා නොගන්නා තාක්කල් සසර දුක් විදීමට සිදුවනු ඇත.. ඉතින් ඔබ අප හැම දෙනා සසර දුකට සැබෑ හේතුව හදුනාගෙන ඒ සැබෑ හේතුව දුරුකොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment