අපි අද තව දුරටත් බුදු දහමටම විශේශ වූ ත්‍රිලක්ෂනය ගැන සාකච්චා කරමු.. අප යමක් අයත් කර ගැනීමට කැමති වන්නේ එය වටිනා දෙයක් නම් පමණි.. නොවටිනා දේ වලට කිසිවකුත් කැමති වන්නේ නැත.. අප යමක් වටිනා ලෙස සලකනවා නම් එසේ සලකන්නේ මෙන්න මේ ලක්ෂණ තුන ඒ තුල තිබෙනවානම් පමණි. .. දැන් අප බලමු ඒ ලක්ෂන තුන මොනවාද කියා.. පලවෙනි ලක්ෂනය කල්පවත්නා බවයි.. දෙවෙනි
ලක්ෂණ ය එහි ඇති ප්‍රයෝජනවත් හෝ ආශ්වාද ජනක බවයි.. තුන් වන
ලක්ෂණ ය එය
තමාට පහසු ලෙසින් හැසිරවිය හැකි බවයි.. මෙය වර්ත්තමානයේ හදුන් වන්නේ user friendnly ලෙසයි.. යමක් මිලදී ගන්න්වා නම් මේ ලක්ෂන තුන අනිවාර්යෙන්ම සලකා බැලේ.. ඉතින් මේ ලක්ෂන තුන නොමැත්තේනම් එය වටින බඩුවක් ලෙස නොසැලකේ.. අප අපගේ ශරීරය ගැනත් බාහිර පුද්ගලයන් සහ දේවල් ගැනත් හිතන්නේ මේ අයුරින්ම නේද? බොහෝ කල් පවතින, සුව, සුභ, කැමති සේ හැසිරවිය හැකි දේවල් ලෙසටම නේද? ඒ නිසාම නේද අප මේවාට ලොකු වටිනාකමක් දී මේ ශරීරයටම ඇලී ඉන්නේ.. දැන් යමෙක් යමක් දිගු කල් පාවිච්චි කිරීමට බැරිනම් එයින් ප්‍රයෝජනයක් සුවයක් නොලැබේනම් තමාට කැමති ලෙස හැසිරවිය නොහැකිනම් එය වටිනා යමක් ලෙස නොසලකනු ඇත.. එයට ආශාවෙන් ඇලී නොයනු ඇත.. ඉතින් අපද මේ ශරීරයටද, අන් අයටද, අන් දේවල් වලටද ඇති තෘෂ්ණාව ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඒවාට දී ඇති අධි වටිනාකම් ඉවත්කල යුතුයි.. මේ සදහා අපි මේ ශරීරයද අන් පුද්ගලයන්ද දේවල් ද, අනිත්‍ය ලෙස(වෙනස් වනසුලු) දුක්ඛ අනාත්ම, (තමන්ට කැමති ලෙස හැසිරවිය නොහැකි) ලෙස විදසුන් නුවණින් දැකිය යුතුයි.. ඉතින් අපි හැමද මෙසේ උතුම් ත්‍රිලක්ෂනය වඩා තෘෂ්ණාව දුරු කොට ඒ අම නිවනින් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment