.. ආර්‍යාශ්ටාගික මාර්ගයේ මුලින්ම දක්වා ඇති මාර්ගාංගය නම් සම්මා දිට්ඨියයි. එනම් සියළුම සත්වයෝ දුකින් පෙලෙන බවත් ඒ දුකට හේතුව තෘශ්නාව බවත් තෘශ්නාවෙන් මිදීමෙන් දුකින් මිදිය හැකි බවත් ඒ සදහා ඇති මග අර්ර්‍යාශ්ටාංගික මාර්ගය බවත් නුවණින් වටහා ගැනීමයි.. ඉන්පසු දෙවන මාර්ගාංගයේදී එනම් සම්මා සංකප්පයේදී දුකින් මිදීමටනම් ආශ්වාදයෙන් මිදීම නම් වූ නෙක්ඛම්ම සංකල්පය ඇති කර ගන්නේ සසර දුකට හේතුවක් වූ තෘෂ්ණාව දුරු කිරීමට නම් ආශ්වාදයෙන් මිදීම අත්‍යාවශ්‍ය වන නිසයි. මෙසේ ආශ්වාද්යෙන් මිදීම නම් වූ නෙක්ඛම්මයත් ද්වේශයෙන් මිදීම අව්‍යාපාද නම්වූ සංකපයත් හිංසාවෙන් මිදීම නම් වූ අවිහිංසා සංකල්පයත් ඇතුලත් වන්නේ ආර්‍යශ්ටාංගික මාර්ගයේ ප්‍රඥා කොටසටමය. මේවා මෙසේ දැක්වීමට සිදු වූයේ යමෙක් සීලයක් රැකිය යුත්තේ එයින් තමන්ට වන හානිය මෙන්ම අනුන්ට වන හානියද ප්‍රඥාවෙන් දැක ගැනීම තුලින් වීමයි.ප්‍රඥාව තුලින් යමෙක් මෙසේ සීලයක් රැකිය යුත්තේ කුමක් නිසාද කියා නොදකිනවා නම් ඔහුට හෝ ඇයට සීලය කරදරයක් දුකක් සේ දැනිය හැකිය. උදාහරනයක් ලෙස දක්වනවානම් යමෙක් උන සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලෙනවා නම් එයට ප්‍රතිකාරයක් ගැනීමට වෛද්‍යතුමෙක් වෙතට ගිය පසු වෛද්‍යතුමා ඔහුට හෝ ඇයට මෙසේ උපදෙස් දෙයි, '' ඔබ සීතල ජලය පාවිච්චි නොකරන්න.. සීතල සුලඟ නොවැදීමට පරිස්සම් වන්න. යනාදී වශයෙනි, ඒ රෝගියාට මේ වෛද්‍ය උපදෙස් කරදරයක් සේ නොදැනෙන්නේ වෛද්‍ය උපදෙස් පිලිපැද්දේ නැතිනම් තමන්ට එයින් වන හානිය හොදින් දන්නා නිසයි.. අප සීලය රැකිය යුත්තෙත් මෙලෙසින්මයි.. සීලය යනු තමන්ගේත් අනුන්ගේත් ආරක්ෂාව සදහා රැකිය යුතු දෙයක් ලෙස සිතන්නේ නම් සීලය හිරිහැරයක් සේ නොදැනෙනු ඇත.. එහෙත් මේ අයුරින් සීලය ගැන සිතීමටනම් ප්‍රඥාව සහ මෛත්‍රී කරුණා දෙක අනිවාර්යයෙන් සිත තුල තිබිය යුතුමය. යමෙක් ප්‍රඥාවෙන් තොරනම් ඔහු හෝ ඇය හැඟීම් පාලනයෙන් තොර වීම නිසා තමන් අනතුරේ වැටේ. කරුණා මෛත්‍රී නොමැති කමින් අනුන් අනතුරේ හෙලයි..තව ලෙසකින් කියනවා නම් සීලය යනු ඉවසීමයි.. ලැබෙන බාහිර අරමුනු වලට නොඇලී නොගැටී සිටීමට තරම් ඉවසීමක් යමෙක් තුල ඇත්නම් එවැන්නකුට කය වචනය ඉතා ලෙහෙසියෙන් සංවර කරගත හැක.. ප්‍රඥාවෙන් යුතුව සීලයෙන් සංවර වී සංවරවූ සමාධිමත් සිතින් චතුරාර්‍ය සත්‍යාවබෝධ කොට ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු,, ඔබ සැමට තෙරුවන් සරණයි..!
සිල් සුවඳ
අද පෝය දවස.. අද බොහෝ දෙනෙක් සිල් සමාදන් වී ඇති.. ඉතින් ඒ නිසා අද අප සීලය ගැන විමසා බලමු.. මූලික වශයෙන් කියනවානම් සීලය යනු හික්මිමයි.. සංවර භාවයයි.. කෙනෙක් තම කය වචනය ට ස්වයං පාලනයක් පනවා ගන්නවා නම් එය සීලයයි.. මේ අයුරින් ස්වයං පාලනයක් ඇතිකර ගත යුත්තේ ස්වයං අවබෝධය තුලිනුයි.. යම් අයෙක් සිල්වත් වියයුත්තේ ප්‍රඥාව තුලිනි.. මේ කරුන අපට ආදි බ්‍රහ්මචරිය සීලය නම් ආර්‍යාශ්ටාංගික මාර්ගය තුලින් මනාව දැකගත හැකිය
ආමිසයෙන් ප්‍රතිපත්තියට

අද අපි තරමක් වෙනස් මාතෘකාවක් සාකච්චා කරමු.ඒ තමයි ආමිසයෙන් ප්‍රතිපත්තියට යන්නයි. ඔයාල හිතන්නෙ භාග්‍යවතුන් වහන්සේට මල් පහන්. සුවඳ දුම් පූජාකොට වන්දනා කිරීම ආමිස පූජාවක් පමනයි කියල නේද? අපි දැන් බලමු මේවා ආමිස පූජාවක් පමණක්මද කියා.. අපි භාග්‍යවතුන් වහන්සේට ම පූජා කිරීමේදී කියනු ලබන ගාථාව මදක් සිහි කොට බලමු.. පුජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං.. පුප්ඵං මිලායාති යථාහි ධම්මේ කායෝ තථායාති
විනාස භාවං.. මේ ගාථාවෙන් කියවෙන්නේ පුදමි බුදු සමිදුට මේ මල්.. ඉන් ලැබේවා අම නිවන්.. මේ මල් මැලවෙන සේ මේ කයද යයි වැනසී. යන්නයි.. ඉතින් බලන්න බුදු සමිදු උදෙසා මල් පුදන මේ ගාථාව තුල වටිනා භාවනාවන් දෙකක් ඇතුලත් වී ඇති අයුරු.. ඒ වටිනා භාවනා දෙකනම් බුද්ධානුස්සතියත්, අසුබයත් යන භාවනා දෙකයි.. තව දුරටත් විමසා බැලුවහොත් අප නුවනින් දකිනවානම්, සඳුන් කූරු දැවී යන අයුරු තුලින්ද පොල් තෙල් පහනේ දැල්ල තුලින්ද යමෙකුට අනිත්‍ය දකිනත් පුලුවන්.. අප වන්දනා කිරීමට යොදා ගන්නා තව ගාථාවක් විමසා බැලුවහොත් ඒ තුල බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව,
අසුබ භාවනාව සහ මරණානුස්සතියද යන සතර කමටහන්ද දැකිය හැකිය. මේ ගාථාවනම්, '' නමාමි බුද්ධං ගුණසාගරන්තං[බුද්ධානුස්සති භාවනාව].සත්තා
චතුසත්‍යය 2
අද අපි සාකච්චා කිරීමට යන්නේ චතුරාර්‍ය සත්‍යයේ ඉතිරි සත්‍ය දෙක ගැනයි.. අපි ඊයේ දුක්ඛ සත්‍යය නිවැරදි ලෙස වටහාගන්නා අයුරුත්, සමුදය සත්‍යය නිවැරදි ලෙස වටහා ගන්න අයුරුත් පෙන්වා දුන්නා. ඉතින් අපි අද බලමු මේ දුක නැතිකල හැකිද? එසේ හැකිනම් කෙලෙසද එය කරන්නේ කියා.. අප බොහෝ දෙනා දුක නැති කිරීම සඳහා යොදන වැරදි ක්‍රම නිසා වන්නේ ඒ දුක තවත් වැඩි වීම පමණයි.. බොහෝ දෙනා දුක නැති කිරීම සඳහා යොදා ගන්නා සුලබ ක්‍රමයනම් ආශ්වාදයක් සෙවීමයි.. මෙය සැබැවින්ම පිපාසයට ලුනු වතුර පානය කිරීමක් වැනිය.. මෙයින් තාවකාලික සුවයක් ලැබුනද නැවත දුක නැගී එන්නේ තිබුනාටද වඩා ප්‍රබලවය.. මන්ද? ආශ්වාදය යනු දුකට හේතුව වන තන්හාවට ඇතුලත් කාම තන්හාව වීමයි.. සැබවින්ම දුකින් මිදීම යනු යම් යම් දේ වලට ඇති ආශාවෙන් මිදීමයි.. උදාහරනයක් ලෙස අපට යම් දෙයක් හෝ පුද්ගලයෙක් හිමි කරගැනීමට නොහැකි වීම නිසා දුක ඇති වූයේනම් ඒ දුක නැති කර ගැනීමේ එකම මගනම් ඒ පුද්ගලයා හෝ දෙය පිලිබඳව ඇති ආශාව දුරු කිරීමයි.. යම් දුකක් ඇති වීමට ඇති හේතුව නැතිකල කල්හී ඒ හේතුව නිසා ඇති වූ ඵලයද නැතිව යයි.. යමකට හේතුවූ තත්වය ඉවත්
නොකර ඒ නිසා ඇති වූ ඵලය ඉවත්කල නොහැක.. මෙය මෙන්න මේ උදාහරනයෙන් වටහා ගැනීමට උත්සාහ කරමු.. යමෙකුට යම් එලිමහන් භූමියකට සූර්‍යාලෝකය ලැබීමට අවශ්‍ය වුවත් එතැනට විශාල සෙවනැල්ලක් වැටීම නිසා දුකට පත්වේ.. ඉන්පසු ඔහු ඉදලක් රැගෙන සෙවනැල්ල පිසදා ඉවත් කිරීමට උත්සාහ කරයි..කොපමන පිස දැමුවත් සෙවනැල්ල ඉවත්ව නොයයි.. නැවතත් ඔහු උදැල්ලක් රැගෙන කොටමින් සෙවනැල්ල සහිත පස් ඉවත් කොට සෙවනැල්ල ඉවත් කිරීම උත්සාහ කරයි. නමුත් තවමත් සෙවනැල්ල එසේම පවතී.. මෙයට හේතුව කුමක්ද? සෙවනැල්ල වැටීමට හේතුවූ ගස තවමත් එතැනම පැවතීමයි.. පසුව මෙය නිවැරදිව තේරුම් ගත් ඒ තැනත්තා සෙවනැල්ල වැටීමට හේතුවූ ඒ ගස කපා ඉවත් කිරීමත් සමගම සෙවනැල්ලද ඉවත්ව යයි.. ඉතින් ඔබ අප සැමද සසර දුකට හේතුවන්නාවු ඒ තෘශ්නාව ඉවත්කොට ඒ තෘශ්නාව හේතුවෙන් අති වුනාවු දුකෙහි නිවීම නම්වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැම දෙනාටම තෙරුවන් සරණයි,,!

නොකර ඒ නිසා ඇති වූ ඵලය ඉවත්කල නොහැක.. මෙය මෙන්න මේ උදාහරනයෙන් වටහා ගැනීමට උත්සාහ කරමු.. යමෙකුට යම් එලිමහන් භූමියකට සූර්‍යාලෝකය ලැබීමට අවශ්‍ය වුවත් එතැනට විශාල සෙවනැල්ලක් වැටීම නිසා දුකට පත්වේ.. ඉන්පසු ඔහු ඉදලක් රැගෙන සෙවනැල්ල පිසදා ඉවත් කිරීමට උත්සාහ කරයි..කොපමන පිස දැමුවත් සෙවනැල්ල ඉවත්ව නොයයි.. නැවතත් ඔහු උදැල්ලක් රැගෙන කොටමින් සෙවනැල්ල සහිත පස් ඉවත් කොට සෙවනැල්ල ඉවත් කිරීම උත්සාහ කරයි. නමුත් තවමත් සෙවනැල්ල එසේම පවතී.. මෙයට හේතුව කුමක්ද? සෙවනැල්ල වැටීමට හේතුවූ ගස තවමත් එතැනම පැවතීමයි.. පසුව මෙය නිවැරදිව තේරුම් ගත් ඒ තැනත්තා සෙවනැල්ල වැටීමට හේතුවූ ඒ ගස කපා ඉවත් කිරීමත් සමගම සෙවනැල්ලද ඉවත්ව යයි.. ඉතින් ඔබ අප සැමද සසර දුකට හේතුවන්නාවු ඒ තෘශ්නාව ඉවත්කොට ඒ තෘශ්නාව හේතුවෙන් අති වුනාවු දුකෙහි නිවීම නම්වූ ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙමු.. සැම දෙනාටම තෙරුවන් සරණයි,,!
චතුසත්‍ය 1
![]() |
Add caption |
විදසුන් ඇස 3
අපි අද තව දුරටත් බුදු දහමටම විශේශ වූ ත්‍රිලක්ෂනය ගැන සාකච්චා කරමු.. අප යමක් අයත් කර ගැනීමට කැමති වන්නේ එය වටිනා දෙයක් නම් පමණි.. නොවටිනා දේ වලට කිසිවකුත් කැමති වන්නේ නැත.. අප යමක් වටිනා ලෙස සලකනවා නම් එසේ සලකන්නේ මෙන්න මේ ලක්ෂණ තුන ඒ තුල තිබෙනවානම් පමණි. .. දැන් අප බලමු ඒ ලක්ෂන තුන මොනවාද කියා.. පලවෙනි ලක්ෂනය කල්පවත්නා බවයි.. දෙවෙනි
ලක්ෂණ ය එහි ඇති ප්‍රයෝජනවත් හෝ ආශ්වාද ජනක බවයි.. තුන් වන
ලක්ෂණ ය එය
තමාට පහසු ලෙසින් හැසිරවිය හැකි බවයි.. මෙය වර්ත්තමානයේ හදුන් වන්නේ user friendnly ලෙසයි.. යමක් මිලදී ගන්න්වා නම් මේ ලක්ෂන තුන අනිවාර්යෙන්ම සලකා බැලේ.. ඉතින් මේ ලක්ෂන තුන නොමැත්තේනම් එය වටින බඩුවක් ලෙස නොසැලකේ.. අප අපගේ ශරීරය ගැනත් බාහිර පුද්ගලයන් සහ දේවල් ගැනත් හිතන්නේ මේ අයුරින්ම නේද? බොහෝ කල් පවතින, සුව, සුභ, කැමති සේ හැසිරවිය හැකි දේවල් ලෙසටම නේද? ඒ නිසාම නේද අප මේවාට ලොකු වටිනාකමක් දී මේ ශරීරයටම ඇලී ඉන්නේ.. දැන් යමෙක් යමක් දිගු කල් පාවිච්චි කිරීමට බැරිනම් එයින් ප්‍රයෝජනයක් සුවයක් නොලැබේනම් තමාට කැමති ලෙස හැසිරවිය නොහැකිනම් එය වටිනා යමක් ලෙස නොසලකනු ඇත.. එයට ආශාවෙන් ඇලී නොයනු ඇත.. ඉතින් අපද මේ ශරීරයටද, අන් අයටද, අන් දේවල් වලටද ඇති තෘෂ්ණාව ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඒවාට දී ඇති අධි වටිනාකම් ඉවත්කල යුතුයි.. මේ සදහා අපි මේ ශරීරයද අන් පුද්ගලයන්ද දේවල් ද, අනිත්‍ය ලෙස(වෙනස් වනසුලු) දුක්ඛ අනාත්ම, (තමන්ට කැමති ලෙස හැසිරවිය නොහැකි) ලෙස විදසුන් නුවණින් දැකිය යුතුයි.. ඉතින් අපි හැමද මෙසේ උතුම් ත්‍රිලක්ෂනය වඩා තෘෂ්ණාව දුරු කොට ඒ අම නිවනින් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!
විදසුන් ඇස 2
.jpg)
ාව දුකක් වන දෙවන ක්‍රමයනම් අප අප්‍රිය කරන්නා වූ තත්වයන් සැමදා එසේම පවතී යයි සිතා ඒ පිලිබද දුක් වීමයි.. මෙය ද උපමාවකින් කියනවානම් සූර්‍යාලෝකයට කැමැත්තෙන් බැඳුන අයෙක් රෑ බෝ වීමෙන් දුකට පත්වී අනේ මේ අඳුර හැමදාම පවතීවි මට නැවත කිසිදා සූර්‍යාලෝකය දැකීමට නොලැබේවි යයි දුකට පත් වෙන්නාක්මෙනි..මේ දුක හට ගන්නේ අප්‍රිය අරමුනු සමග ගැටීම නම්වූ ද්වේශය නිසයි,, ඉතින් ඔබ අප සැම දෙනා අනිත්‍ය සංඥාව වඩා මේ නිත්‍ය සංඥාව දුරු කොට සසර දුකින් මිදෙමු..
සැමට තෙරුවන් සරණයි..
සංසාර සිර ගෙදරින් මිදෙමු...
නිවන් නොදුටු අපි හැමෝම ඉන්නෙ හිර ගෙදරක..ඒත් අපට ඒක දැනෙන්නෙ නෑ..අපට හිතෙන්නෙම අපි සුව පහසු මන්දිරයක ඉන්නව කියල..මෙ සංසාර මන්දිරය හිර ගෙදරක් කියල අපට හිතුනොතින් විතරයි අපි මේ හිර ගෙයින් නිදහස් වීමට හිතන්නෙ..අපි මේ හිර ගෙයි හිර වී සිටීමට එකම හේතුව අපි මේ හිර ගෙයට ආශා කිරීමයි..(මෙයයි සමුදය සත්‍ය)අපට හිර ගෙදර දොරටුව ඇරගන නිදහස් වීමට උදව් කරන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි..මේ කල්‍යාණ මිත්‍රයා තමයි අපට මේ හිර ගේ ඇරගන යන්න උවමනා කරන යතුර සපයන්නෙ..අන්න ඒ යතුර තමයි ශ්‍රී සත්ධර්මය. කල්‍යාණ මිත්‍රයා අපට පෙන්වා දෙනවා අප ඉන්නේ හිර ගෙදරක බව..එයින් මිදීමට ඕනෑ කරන ශ්‍රී සත්ධර්මය නමැති යතුර අපට ඕන වෙන්නේ අප හිර වෙලා ඉන්නවා කියල දැන ගත්තු දාටයි..කල්‍යාණ මිත්‍රයාගෙන් යතුර ලබාගන්නා අප මීලගට හිතෙන්නේ මේ යතුර උපයෝගී කරගන හිර ගෙයින් නිදහස් වන්නේ කෙසේද කියායි..මෙයයි යොනිසෝ මනසිකාරය... මීලගට අප සිතිය යුතුවන්නේ අප ලබාගත් ශ්‍රී සත්ධර්මය නමැති යතුර උපයෝගී කොටගෙන මේ සංසාර හිර ගෙයින් නිදහස් වීමට ක්‍රියා කිරීමයි..මෙයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය..ඉතින් පින්වත් මිතුරු මිතුරියනි..අප මුලින්ම කලයුතු වන්නේ
මේ සංසාර මන්දිරය සිර ගෙයක් ලෙසින් දැකීමයි..එයින්මයි මෙයින් මිදීමට කැමැත්තක් ඇති වන්නේ.. එයින්මයි සත්පුරුෂ ඇසුරට කැමැත්තක් ඇතිවන්නේ..එයින්මයි ශ්‍රී සත්ධර්මය ඇසීමට කැමැත්තක් ඇතිවන්නේ..මෙයින්මයි ඇසූ ශ්‍රී සත්ධර්මය නුවනින් මෙනෙහි කිරීමට සිත් වන්නේ..ඒ අනුව නුවන මෙහෙයවා මේ සංසාර හිර ගෙදරින් සදහටම නිදහස් වීමට කටයුතු කරන්නේ..පින්වත් මිතුරු මිතුරියනි..මේ දුක් සහිත සසර හිර ගෙයක් ලෙසින් නිතර මෙනෙහි කරමු..මෙයින් මිදීමට තියුනු කැමැත්තක් ඇති කරගනිමු...කල්‍යාණ මිත්‍රයා අපට ලබාදෙන ශ්‍රී සත්ධර්මය නමැති යතුරෙන් අමා දොර හැර සදහටම මේ දුක් සහිත සංසාර හිර ගෙදරින් සදහටම නිදහස් වෙමු...සාදු..සාදු...සාදු..!!! ඔබ සැමට තෙරුවන් සරණයි....!
විදසුන් ඇස 1

දුක නිවන මග
ඒ හේතුවෙන් අපට ලැබෙන්නේම වයසට යෑමේ දුකයි, ලෙඩ වීමේ දුකයි.. මරණයට පත්වීමේ දුකයි, මන්ද? අපේක්ෂා කිරීම යනු සමුදය සත්‍යයි..අපේක්ෂා කිරීම හේතුවෙන් පහල වන්නේම දුක්ඛ සත්‍යයයි.. ඉතින් අපි යමෙකුට දුකින් මිදීමට අවශ්‍ය නම් කලයුත්තේ අපේක්ෂා කිරීම නොව අපේෂාවෙන් මිදී සිත උපේක්ෂාවට පත්කොටගෙන දුකින් මිදීමට අධිෂ්ඨානකොට ඒ අනුව කටයුතු කිරීමයි.. පින්වත් ඔබ සැම දෙනා තම සිත් සතන් අපේක්ෂා වන්ගෙන් මුදවා උපේක්ෂාවට පත්කොට සතර සතිපට්ඨාණය වඩා සසර දුකින් මිදෙත්වා..!
ද්වයතාව
![]() |
Add caption |
අද අපි තවත් දෙයක් ගැන සාකච්චා කරමු.. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාල අන්ත දෙක අත හැරීම පිලිබදවයි.. මේ ලොව ඇති හැම දෙයකම මේ ද්වයතාවය දක්නට ඇත.. උනුසුම සීතල, තද, බුරුල්, අදී වශයෙනි.. අප මේ අන්ත දෙකෙන් එක අන්තයක ආශාවෙන් ඇලී ගියහොත් කුමක්ද වන්නේ? උදාහරනයක් ලෙස, අප සීතලට කැමති වුවහොත් ඒ නිසාම උනුසුමට අකමැති වේ.. ඉතින්, ඒ නිසාම අප ඒ අවස්තාවේ අත්විදින සීතල අනිත්‍යවී උනුසුම් ස්වභාවයකට පත් වුවහොත්, ඒ නි
සාම අපේ සිත දුකට පත්වේ.. මෙසේ මේ අනිත්‍ය ස්වභාවය දුකක් වන්නේ අප ද්වයතාවයේ එක් අන්තයක් තෘශ්නාවෙන් උපාදානය (අල්ලා ගැනීම) කිරීම නිසයි.. අප එක් අන්තයක් උපාදානය කිරීමෙන්ම රාග, ද්වේශ යන අන්ත දෙක පහලවේ.. මේ අන්ත දෙක සමුදය සත්‍ය (දුකට හේතුව) යි.. මේ අන්ත දෙකෙන් එකක් අල්ලා ගැනීම නිසාම කැමති තත්වය වෙනස් වීම නම් වූ දුක්ඛ සත්‍ය පහලවේ.. (ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ) අප්‍රිය ස්වභාවයට පත් වීම නම් වූ (අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ) දුක්ඛ සත්‍ය පහල වේ. ඔබ අප සෑම දෙනාම මේ අන්ත දෙකෙන් සිත මුදවා ගනිමින් ඒ ශාන්ත ප්‍රනීත වූ ඒ අමා නිවනට පත්වෙමු.. සැමට තෙරුවන් සරණයි
Subscribe to:
Posts (Atom)