විදින්න පුලුවන්ද? අපි ටිකක් හොයල බලමු ඒ ගැන.. මිතුරු මිතුරියනේ. ඉතාම සරලව කියනවනම්..නිවන යනු නිවීමයි.. ඉතිං නිවෙන්න නම් දැවෙන්න එපායයි? ඉතිං ඒ කියන්නෙ අපි දැවෙනවාද? ඔව් අපි දැවෙනවානෙ.. ඒකනේ නිවන ඕන වෙන්නේ .. කොහොමද අපි දැවෙන්නේ? අපි ආශාවෙන් දැවෙනවා ද්වේශයෙන් දැවෙනවා.. මෝහයෙන් දැවෙනවා.. ඊලග ප්‍රශ්නෙ .. කොහොමද ඉතිං නිවෙන්නෙ.. මුලින්ම තමන් දැවෙන බව දැනගන්න ඕනෑ.. ඊලගට දැවීමට හේතුව දැන ගන්න ඕනෑ.. ඊට පස්සේ එයාට වැටහෙනවා හේතුවෙන් මිදීමෙන් නොදැවී ඉන්න පුලුවන් කියල.. දැන් අපි බලමු අපි දැවෙන්නේ මොකක් නිසාද කියල.. අපි ආශාවෙන් දැවෙනවා.. ද්වේශයෙන් දැවෙනව.. මෝහයෙන් දැවෙනවා.. නිවීමේ මුල්ම පියවර තමයි සීලය.. සීලයෙන් අපට යම් තරමක් නිවෙන්න පුලුවන්.. කොහොමද ඒ? අපි සතුන් මැරීමෙන් වැලකුනොත්.. අප නිවෙනවා.. මොකද කියනවා නම් සතෙක් මැරීමේදී අප තුල ඇති වන්නේ ද්වේෂයයි. ද්වේශයෙන් ඇති වන්නේ දැවීමයි..යමෙක් සොරකම් කරන්නේ තමන් යම් දෙයකට ආශා කිරීම නිසයි.. ආශාවෙන් දැවීම නිසයි..සොරකම් කිරීමේදීද ඉන්පසුවද සොරකම් කල පුද්ගලයාට ඇති වන්නේ බියයි.. බිය යනු ද්වේශයමයි.. ඉතින් යමෙක් සොරකම් නොකරනවා නම් එවැනි දැවීම් නොවේ.. නිවීමම වේ.. කාමයෙ වරදවා හැසිරෙන්නේම රාගයෙන් දැවීම නිසාමයි.. සිල්වත් පුද්ගලයා කාමයේ වරදවා නොහැසිරීමෙන් රාගයෙන් නොදැවේ.. බොරු කීම නිසාද, කේලාම් කීම නිසාද.. පරුශ වචන කීම නිසාද ද්වේශයෙන් දැවීම වේ.. නිසරු කතා කියමින් ඉන්නේ ආශ්වාදය සදහාම නිසා එයින් ආශාවෙන් දැවීම වේ.. මෙසේ පව් කරන්නා රාගයෙන් ද දැවේ.. ද්වේශයෙන්ද දැවේ.. සිල්වත් පුද්ගලයා තමා දැවෙන්නේ පව් කිරිම නිසා යයි නුවණින් දැක දැවීමට හේතුවන්නා වූ පව් නොකොට ඒ දැවීම් වලින් නිවේ.. මේ සීලයෙන් නිවීමයි.. මේ ලගට න්නිවීම ඇති කරගන්නා ක්‍රමය නම් සන්සුන් සිතක් ඇතිකර ගැනීමයි... නොසන්සුන් සිතක් ඇත්තා රාගයෙන් දැවේ.. ද්වේශයෙන් දැවේ..මේ නිසාම පසුතැවිල්ලෙන් දැවේ.. යමෙක් යම් භාවනාවකින් සමාධියක් වඩා සිත සන්සුන් කරගනීද ඒ පුද්ගලයා පෙර කිව් ලෙස නොදැවේ.. නිවී සැනසීමෙන් කල් යවයි.. මේ සමාධීය තුලින් නිවීමයි.. අප දැවෙන තුන්වන ආකාරය නම් මෝහයෙන් දැවීමයි.. අපි කැමති කෙනෙක් හෝ යමක් වෙනස් නොවේ.. නොකැඩේ.. නොමැරෙයි කියා මෝහයෙන් සිතුවොත් ඒ කැමති අය වෙනස් වීමෙන් මිය යාමෙන් දේවල් කැඩී බිදී යෑමෙන් ශෝකයෙන් දැවීමට පත්වේ.. යමෙක් හැම දෙයක්ම තමන්ට කැමති කැමති අයුරින් පාලනය කිරීමට පුලුවන් යැයි මෝහයෙන් සිතුවොත් එසේ කිරීමට නොහැකි වීමෙන් ද්වේහයෙන් දැවේ.. මේ තත්වයෙන් මිදී මෝහයෙන් ඇතිවන දැවීම නිවා ගන්නේ (අනිත්‍යයි ම දෙයක්ම වෙනස්වන සුළුයි (අනිත්‍යයි) වෙනස් නොවේ යයි සිතා ගත්තොත් දුකයි.. කැමති ලෙස පාලනයකල නොහැකියි.. (අනාත්මයි) යනුවෙන් විදසුන් නුවණින් දැකීමෙනුයි.. මේ ප්‍රඥාව තුලින් නිවීමයි.. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වඩමින් ක්‍රමයෙන් සිත නිවීමට පත්කර ගන්නාහට අවසානයෙදී ඒ අමා නිවනින් සදහටම නිවී සැනසීමට පත් වීමට හැකිවේ.. මෙය පිරිනිවනයි.. පූර්ණ ලෙස නිවීමයි.. අප සෑම දෙනාමද සීල සමාධි ප්‍රඥා දියුනු කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!
නිවන් මග9
පින්වත් මිතුරු මිතුරියනි.. ඔබ සැම සමග සදහම් මිහිර විදගන්නට ඔන්න මම අදත් ආවා වෙනදා වගේම.. බොදුනුවන්වන අපි හැමෝගෙම අවසන් ඉලක්කය වන්නේ මොකද්ද ඇහුවොත් හැමෝම කියාවි නිවන් දකින්නයි කියල.. ඉතින් මොකද්ද හැබෑට මේ නිවන? අපට මේ ජීවිතේදිම නිවන් සුව අත්
විදසුන් ඇස 9

නිවන් මග 8
පින්වත් මිතුරු මිතුරියනි.. අද මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්? අපි ඇත්තෙන්ම දුකට කැමතිද? හැමෝම කීයාවි අපිනම් අකමැතියි කියල.. නමුත් ඇත්ත තත්වයනම් අප නොදැනුවත්ව හෝ කැමති වන්නේම දුකට බවයි.. කොහොමද ඒ කියල පොඩ්ඩක් හොයලබලමු.. අපි හැමෝම දන්නවා
පොඩි දරුවෝ බෙහෙත් බොන්න අකමැතියි..ගොඩක් බෙහෙත් ජාති තිත්තයි නිසා.. මෙන්න මේ නිසා ගොඩක් තිත්ත බෙහෙත් පෙති හදන්නේ පැනිරස පිට වැස්මකුත් සමග.. ඉතිං ළමයින්ට ඒ බෙහෙත් පෙති දැනෙන්නෙ පැනිරස දේවල් හැටියට.. අන්න ඒ වැරදි වැටහීම නිසා ළමයි ඉතා කැමැත්තෙන් මේ තිත්ත බෙහෙත් බොනවා.. ඒත් පොඩ්ඩක් වැඩි වෙලා දිවේ තිබුනොත් බෙහෙත් පෙත්තේ සීනි කවරය දිය වෙලා තිත්ත මතු වෙනවා.. අපිත් ඔන්න ඔය වගේ රැවටීමකට හසු වෙලා තමයි දුක් සහිත කයකට සහ මනසකට කැමති වී ඇත්තේ.. බුදු රජාණන්වහසේ දේශනා කරන්නේ ලෝකය යනු දුකම බවයි.. සත්ධර්මයට අනුව, ලෝකය යනු ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන සයයි.. ඉතින් අපි මේ ලෝක සය දකින්නේ දුක ලෙස නොවෙයි.. හරියට දිව්‍ය ලෝක සය වගේ ප්‍රිය මිහිරි ලෙසයි අප මේ ආයතන සය දකින්නේ.. ඒත් ඇත්ත වශයෙන්ම මේ ආයතන සය පෙර කියපු පැනිරස කවරයකින් වසා ඇති තිත්ත බෙහෙත් පෙති වගේමයි.. අතීත භවයේදී මේ ආයතන සය ප්‍රිය මිහිරි ලෙස වැරදියට දැක ඒවාට ආශා කිරීමෙන් හටගත් කර්මයන් හී විපාක ලෙසිනුයි අපට මේ ආයතන සය ලැබී ඇත්තේ.. චුට්ටක් කල්පනා කරල බලන්නකෝ.. මේ ජීවිතයේ අපි යම් දුකක් වින්දානම් ඒ දුක වින්දේම මේ ආයතන සය නිසා නේද කියලා? මේ ආයතන සයේ යම් සුළු ආශ්වාදයකුත් නැත්තේම නෑ තමයි.. ඒත් මේ ආයතන නිසා අපට ලැබෙන දුක් ගැන සලකා බලද්දී ඒවායින් ලැබෙන ආශ්වාදය ඉතාම සුළු දෙයක් බව පෙනී යනවා.. මේකට උපමාවක් කියනවානම් හරියට, වැඩි මුදලක් වියදම් කරල නොවටිනා බඩුවක් ගත්තා වගෙයි.. ගත්තේ බාල බඩුවක් ගත්තු දවසේ ඉදල කැඩෙනව, හරියට අපට ඕනෑ විදියට වැඩ කරන්නේ නෑ.. අළුත්වැඩියා කරන්න සල්ලි වියදම් වෙනවා විතරයි.. ඉතිං අපේ කියල අපි ආසා කරන මේ ආයත්න සයත් නිතරම ලෙඩ වෙන.. කෑම බීම නිතරම සපයන්න වෙන එහෙම කලත් අපට ඕනෑ ලෙස පාවිච්චි කරන්න බැරි, බාල බඩු වගේමයි නේද? අපි වැඩි මිලක් දීල බාල බඩු ගන්නේ නොදන්නා කම නිසයි.. ඒ වගේම බොහෝ දුක් ඇති මේ ආයතන සයට අපි නැවත, නැවත, ආශා කරන්නේ නොදන්නා කම(අවිද්‍යාව) නිසාමයි.. මේ ආයතන සය කියන්නේ අතීත කර්මයක් විපාකයක්.. දැන් අපිත් සමහර වෙලාවට මොකක්හරි කරදරයක් උනාම කියන්නේ "හරිම විපාකයක් තමයි" කියල.. ඇත්තටම කියනවානම් මෙ ආයතන සයත් "හරිම විපාකයක්" තමයි.. මේ ආයතන වලට ලැබෙන අරමුනු වලට බැදී යෑම නිසා.. අපට කෙළෙස් ඇති වෙනවා.. ඒම ඇතිවෙන කෙළෙස් වලින් ඇතිවන පීඩනය නිසා කරන ක්‍රියා නිසා අපට බොහෝ ඇනුම් බැනුම් අහන්න වෙනව.. සමහරවිට දඩුවම් විදින්න වෙනවා.. හිරේ යන්න වෙනවා.. සමහර විට මැරුම් කන්නත් වෙනවා.. මේ ඔක්කෝටම වඩා භයානකම කාරනය නම් එසේ කෙළෙස් ඇති වීමෙන් කරනු ලබන ක්‍රියා හේතුවෙන් කල්ප ගනනාවක් අපායේ භයානක දුක් පීඩා විදින්න වෙනවා.. ඒත් අපට මේ භයානක තත්වයෙන් ගැලවීමකුත් තියනවා.. ඒ තමයි ශ්‍රී සත්ධර්මයේ පිහිට.. සත්ධර්මය තුලින් අපට මේ ආයතන සය දුකක් ලෙස දැකීමට හැකි වෙනවා.. මේ දුකට හේතුව ආයතන සහ එයි ලැබෙන අරමුනු ප්‍රිය මිහිරි ලෙස දැකීමේ තෘශ්නාව බව වටහ ගැනීමට හැකි වෙනවා..මේ දුකින් මිදීම නම් ආයතන සයට සහ ඒවගෙන් ලැබෙන අරමුනු වලට ඇති තෘශ්නාවෙන් මිදීමම බව වටහා ගැනීමට හැකි වෙනවා.. ආයතන නිසා ඇතිවන දුකින් මිදීමේ මාර්ගයක් ඇති බවද වටහා ගැනීමට හැකි වෙනවා.. ඉතින් පින්වත් මිතුරු මිතුරියනි.. අපද මේ ආයතනද, අරමුනුද, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදසුන් නුවණින් දැක ආයතන වලට ඇති ආශාව දුරුකොට චතුරාර්‍යසත්‍යාවබෝධ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. සැමට තෙරුවන් සරණයි..!
නිවන්මග 7
පින්වත් මිතුරු මිතුරියනි.. අදත් මම ඔයාල හමුවෙන්න ආවේ සදහම් අමා මී ඔබ සමග රසවිදින්නයි.. අද අපි සකාච්චා කිරීමට යන්නේ සදහම් මග යන්නාවූ කෙකෙන් වීම ගැනයි.. මේ සදහම් මාර්ගයේ හික්මෙන්නා ගැන සඳහන් වන්නේ සේඛ පුද්ගලයා ලෙසයි.. මූලිකවම සේඛ පුද්ගලයෙකුවීම සඳහා තිසරණයේ පිහිටිය යුතු අතර ඉන්පසු සිදුකලයුතු කාර්‍යයන් ගැනයි ඊලගට කතා කරන්න යන්නේ.. භාග්‍යවතුන් වහන්සේ සේඛ්iඅ පුද්ගලයා ට අනුශාසන කරන්නේ මේ ලෙසටයි.. "න නිමිත්තග්ගහී හෝති.. න අනුවයංජනග්ගාහී හෝතී.. " ලෙසටයි.. අපි දැන් මේ මොකද්ද කියල ටිකක් හොයා බලමු.. අපි යම් කෙනෙන් හෝ දෙයක් දකින විට අනේ මෙයානම් හරි ලස්සනයි.. මේක නම් හරි ලස්සනයි.. යනුවෙන් තමන් ගත් අරමුන ප්‍රිය මිහිරි ලෙසින් ගනී.. මේ නිසා ගත් අරමුන හිතේ කාවදී.. මෙන්න මෙය නිමිති ගැනීම ලෙස සැලකේ.. යමක් හෝ දෙයක් ප්‍රිය මිහිරි ලෙස ගැනීමත් සමගම තමන් ගත් අරමුන ගැන වැඩි දුරටත් සොයා බැලීමට පටන් ගනී.. ඉන්පසු තමන් ගත් අරමුන කොටස් වශයෙන් බලමින් ඒවාද ප්‍රිය මිහිරි ලෙස ගනී.. උදාහරනයක් ලෙස තමන් ගත් අරමුන තරුන ගැහැණු ළමයෙකු නම් ඇයගේ හිසකෙස්ද සමේ පැහැයද.. ඇයගේ සිනාවද ප්‍රිය මිහිරි ලෙස ගනී.. ඒවාද සිතට කාවද්දාගනී.. මෙසේ සම්පූර්න ලෙසටද කොටස් වශයෙන්ද තමන් දුටු අරමුන ප්‍රිය මිහිරි ලෙස ගැනීම නිසා තෘශ්නාව උපදී.. මෙය සතිපට්ඨාන සූත්‍රයේ මේලෙසින් සදහන් වේ.. චක්ඛුං ලෝකේ පියරූපං සාතරූප, එත්ථේසා තන්හා උප්පජ්ජමානා උප්පජ්ජති,එත්ථ නිසතිමානා නිවීසතී. ඇස යන ලෝකය ප්‍රිය මිහිරි ය,, එසේ ගැනීම නිසා ඒ තන්හාව හටගැනීම් වශයෙන් මෙහි හටගනී.. ඒ තන්හාව මෙහි තැන්පත් වීම් වශයෙන් මෙහි තැන්පත් වේ'' මෙන්න මේ නිසයි ලැබෙන අරමුනු ප්‍රිය මිහිරි ලෙස ගනිමින් ඒවා නිමිති අනුනිමිති ලෙස නොගන්නයයි දේශනාවෙ ඇත්තේ.. අද අපි සාකච්චා කරන අනෙක් කරුන නම් සේඛ පුද්ගලයා මේ අරමුනු උපයෝගී කරගනිමින් සම්මා දිට්ටිය ඇති කරගන්නා ආකාරයයි.. සම්මා දිට්ටි සූත්‍රයට අනුව සම්මා දිට්ටියට පත් වීමේ එක් ක්‍රමයක් නම් ආහාරය පූර්න වශයෙන් දැන ගැනීමයි.. එනම් ආහාරයේ චතුරාර්‍ය සත්‍ය දැකීමයි.. ආහාරම් සතර වර්ගයකි.. 1 කබලිකාරාහාරය.. 2 ඵස්සාහාරය.. 3මනෝසඤ්චේතනාහාරය.. 4විඤ්ඤාණාහාරය.. මේ අයුරින් ආහාර දැනගනී ..ආහාර සමුදය දැනගනී.. ආහාර නිරෝධය දැනගනී.. ආහාර නිරුද්ධ වීමේ මාර්ගය දැන ගනී.. මෙහි ආහාර සමුදය නම් මේ ආහාර ප්‍රිය මිහිරි ලෙස ගැනීමේ නන්දි රාගය සහ ඦන්ද රාගයයි..ආහාර නිරෝධය නම් ප්‍රිය මිහිරි ලෙස ගන්නා ඦන්ද රාගය සහ නන්දි රාගය දුරු කිරීමයි.. මෙන්න මේ සතර ආහාරය නිරුද්ධ වීමේ මාර්ගය යි අද කතා කරන්න යන්නේ..මේ ආහාරනම් අපගන්නා අරමුනු සහ ඒවා දැන ගැනීම, ඒවා විදීම, සහ ඒවා සිහිකිරීමයි.. අප අරමුනක් ගැනීමේදී ගන්නා අරමුන අනිත්‍ය ලෙස ද, නිත්‍ය ලෙස සැලකුවහොත් දුකක් වන්බවද,කැමති ලෙස පැවැතිවිය නොහැකි බවද එසේ කලහැක්කෙක් නොමැති බවද විදසුන් නුවනින් දකී.. මෙසේ විදසුන් නුවනින් දැකීමම ආහාර නිරුද්ධ කිරීමේ මාර්ගයයි.. මෙසේ විදසුන් වැඩීමේදී කබලිංකාහාරයෙන් ඇතිවෙන පංච කාම යේ නොඇලේ ..ඵස්සාහාරයෙන් ඇතිවන ඇලීම් ගැටීම් ආදී වේදණාවන්ගේ නොඇලේ.. මනෝසඤ්චේතනා නිසා ඇතිවන තෘශ්නාවෙ නොඇලේ.. වින්ග්ඤාණාහාරය නිසා හටගන්නා නාම රූපයේ නොඇලේ.. මෙසේ විදසුන් වඩන්නා හට සත්ධර්මයේ සදහන් වන්නේ අනිමිත්තවිහාරී පුද්ගලයා ලෙසටයි..නිමිත්තක වාසය නොකරන්න ලෙසටයි.. අපද මෙසේ විදසුන් වඩමින් අනිමිත්තසාරී පුද්ගලයෙක්ව වසමින් ආහාරය තුලින් සම්මා දිට්ටිය උපදවා ගනිමු..අවසානයේ දී උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධකොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.....
ද්වයතාව2

පින්වත් මිතුරු මිතුරියනි.. සුවබර නැවුම් උදෑසනක ඔබ අප යලිත් වරක් හමුවන්නේ සියළු දුක් නිමාකරවන උතුම් ශ්‍රී සත්ධර්මයත් සමගින්..! ඉතිං මම යමක් ඔබෙන් අහන්නම්? ඔබ දුකට කැමතිද? අකමැතිද? නිසැකවම ඔබ කියාවි.. කව්ද අප්පේ දුකට කැමති? අපි හැමෝම දුකට අකම
ැති කියල.. ඒත් මම යෝජනා කරනවා මෙහෙම.., බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා හැරුනුකොට ඔබ මම ඇතුළු අපි හැමෝම දුකට කැමතියි කියල.. ඇයි මම එහෙම කියන්නෙ? කියල ඔයාල හිතාවි.. දැන් අපි බලමු ඇයි මම එහෙම කියන්නෙ කියල.. ඔයා අපි හැමෝම දෙයක් ලැබෙනවට කැමති නේද? යහලුවෙක් යෙහෙලියක් ලැබෙනවට, බිරියක්, සැමියෙක් ලැබෙනවට, දරුවෙක් ලැබෙනවට හැමෝම කැමතියි.. යාන වාහන බඩු මුට්ටු ලැබෙනවට කැමතියි.. ඒත් දුකට අකමැතියි.. ඒත් අකමැති උනත් දුක ලැබෙනවා.. මොකද්ද මේකට හේතුව? හේතුව මෙන්න මේකයි.. කලින් කිව් පුද්ගලයන්ට දේවල් වලට දේවල් වලට කැමති කියන්නෙම අප දුකට කැමති උනා කියන එකමයි.. කොහොමද එහෙම වෙන්නෙ? අපි යමෙක්ට,යමකට,කැමති වෙනවා කියන්නෙම ඒ පුද්ගලයා ඒ දෙය අපේ හිතතුල උපදිනවා.. ඉපදීම දුකක් කියලයි සත්ධර්මයේ සදහන් වන්නේ.. මේ ඉපදීම නිසා ඇතිවන ඊලග තත්වය වන්නේ ජාරාවට පත් වීම සහ මියයෑම යි.. අප පෙර කිව් පුද්ගලයන්ට සහ දේවල් වලට කැමති වීම නිසාම ඒ අය ලෙඩ වෙනවිට , වයසට යනවිට, මිය යනවිට.. කැමති දේවල් පරන වනවිට කැඩෙන බිදෙන විට, නැතිවෙන විට අපි දුකට පත්වෙනවා.. පෙර කිව් අය අපට කැමති ලෙස නොසිටින විට, අපට අකීකරු වනවිට.. දුකට පත් වෙනවා.. ඔන්න ඔය දුක් සියල්ල අපට ලැබෙන්නේ අපි පෙර කිව් පුද්ගලයන්, දේවල් ලබාගැනීමට කැමති වීම නිසයි..(ජාතිපි දුක්ඛා) ඉපදීම දුකක් කියල සත්ධර්මයේ දැක්වෙන්නේ ඔන්න ඔය නිසයි..ඔයාල බොහෝ විට දැකල ඇති සමහර වෙලද දැන්වීම් වලින් ප්‍රචාරය කරනවා.. ඔවුන්ගේ යම් නිෂ්පාදනයක් මිලදී ගත්තොත් එකක් ගත්තොත් තව එකක් නොමිලේ දෙනවා කියල.. මෙන්න මේකත් හරියටම ඒ වගේමයි.. එකකට කැමති උනොත් තව කීපයක් නොමිලේ ලැබෙනවා.. ඉපදීමට කැමති උනොත් වයසට යෑමේ දුක සහ මිය යෑමේ දුක නොමිලේම ලැබෙනවා.. මෙන්න මේ ද්වයතාව නිසා එක පැත්තක් ඇතිවිට අනික් අනෙක් පැත්තද ඇතිවේ.. සුවයක් අපේක්ෂා කලවිට ඒ සමගම දුක ද උපදී.. නිත්‍ය අපේක්ෂා කලවිට ඒ සමගම අනිත්‍ය ද උපදී.. මෙසේ මේ අන්ත දෙක නුවණින් දකින ආර්‍ය ශ්‍රාවකයා අන්ත දෙකම අත්හැර මද්‍යම ප්‍රතිපදාවට පිවිසෙයි.. නිවනට එකම මගයයි දේශනාවෙ සදහන්වන සතිපට්ඨාන සූත්‍රයේ මෙය මෙසේ සදහන්වේ.. වීර්‍යයෙන්, නුවණින්, සතියෙන් යුතුව ලෝකයට ඇලීමෙන්, ගැටීමෙන් තොරව වාසය කරයි යනුවෙනි.. යම් විටක යමෙක් ඇලීම නුසුදුසුයි සිතා නෙක්ඛම්මය යයි වරදවා ගෙන ගැටීමට යයි.. යමෙක් ගැටීම නුසුදුසු යයි සිතා අව්‍යාපාද අවිහිංසා යයි වරදවා රාගයට හසුවෙයි.. යමෙක් මේ දෙකම නුසුදුසු යයි සිතා මෝඩ උපේක්ෂාවට යයි.. නිවැරදි වීර්‍යයෙන් යුතුව නුවණින් යුතුව සතිය පවත්වන ආර්‍යය ශ්‍රාවකයා ඇලිම් ගැටීම අන්ත දෙකක් බවත් මේ අන්ත දෙකම අනිත්‍ය බවත්, නිත්‍ය ලෙස ගැනීමම දුකක් බවත් මමත්වයෙන් පාලනය කලහැක්කක් නොවන බවත් දැක විදර්ශනා උපේක්ෂාවට පත් වේ.. මෙයම නිවනට මගවේ.. අප සැමද මේ අන්ත දෙක අතහැර විදර්ශනා උපේක්ෂාවෙන් යුතුව නිවන් මග වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..
විදසුන් ඇස 8

නිවන් මග3
පින්වත් මිතුරු මිතුරියනි.. සුන්දර උදෑසනක සුපුරුදු ලෙස අප යලිත් හමුවන්නේ සදහම් සිසිලෙන් සිත නිවා සනසා ගැනීමටයි.. අදත් අප ඒ සොඳුරු නිවන් මගෙහි තවත් පැතිකඩක් පිලිබඳව.. නිවන් මග යනු සිල,සමාධි ප්‍රඥා, යන මූලික කරුනු තුනෙනුයි.. එහෙම නැතිනම් ගුණ නුවණ, යන දෙකිනුයි.. මෙහි ගුණ යනු සීලය සහ සමාධියයි.. නුවණ යනු ප්‍රඥාවයි.. අපි දැන් සීල සමාධි අංග දෙකටම උපකාරී වෙන සම්මා සංකප්ප ගැන තව දුරටත් විමසා බලමු.. මෙහිදී
අව්‍යාපාද සංකප්ප යනු මෛත්‍රියයි..මෛත්‍රිය යන්නේ කොටස් දෙකකි.එනම් අනුන් සමග නොගැටී සිටීම සහ අන්‍යයන්ට යහපතක් වනවා දැකීමට කැමති බවයි.. යහපතක් කිරීමට කැමති බවයි... නමුත් යම් යම් අවස්ථාවන්හී දී, අප අන්‍යයන්ට යහපතක් කිරීමට යාම ම ඔවුන්ට අපහසුවක් වීමට ඉඩ තිබේ..
මෙහිදී අපතුල කරුණාව (අවිහිංසා සංකප්ප.)තිබුනේ නම් අප අන්‍යයන් අපහසුවට පත් කරමින් ඔවුන්ට උදව් කිරීමට නොයනු ඇත.
. ඌදාහරනයක් ලෙස ගහහොත් අපට පෙනීයනව යම් කෙනෙක් ආහාරයක් නැතිව බඩ ගින්නෙ ඉන්නෙ කියල ..ඉතිං අපි ඒ අය ලගට ගිහින් කියනවා අපි කෑම ටිකක් කමු නේද කියල.. ඒත් ඒ පුද්ගලය අපට කියනවා මම කෑම ගත් ගමන් ආවෙ ඒ නිසා මට බඩගිනි නැතෙයි කියා.. ඒත් අපි ඒ පුද්ගලයාට නැවත් නැවත කිව්වොත් කමක් නෑ අපි කෑම පොඩ්ඩක් කමු කියල ඒක ඒ පුද්ගලයාට පීඩාවක් වීමට ඉඩ ඇත.. මෙහිදී වන්නේ අපතුල මෛත්‍රිය තිබුනත් කරුණාව නොතිබීමයි.. යම් ලෙසකට අප තුල මෛත්‍රී කරුණා දෙකම පිහිටා තිබුනානම් ඒ පුද්ගලයා අපහසුවට පත් කරමින් අපෙන් කෑම ටිකක් කන්න යැයි නැවත් නැවත ඉල්ලීම් නොකරනු ඇත.. මීලග කාරණය වන්නේ අපතුල කරුණාව ඇතත් මෛත්‍රිය නොතිබීමයි.. උදාහරනයක් ලෙස ගතහොත්, අපගේ ගෙදර ඇති කරන පූසා ලේණෙකු අල්ල්වා ගන සිටිනු අප දකී.. අප ලේණාව පූසාගෙන් බේරා ගැනීමට උත්සාහ ගත්තත් එය අසාර්ථකවී ලේණා මියයයි.. අපට මෙහිදී ලේණා ගැන මහත් කරුණාවක් ඉපදුනත් පූසා ගැන ඇති වන්නේ ද්වේශයකි.. මේ නිසාම අප පූසා තදින් පහර දීමට පවා පෙලභෙනු ඇත.
. මෙහිදී අපතුල කරුණාව මෙන්ම මෛත්‍රියද තිබුනේනම් පූසා වෙතින් ලේණා මරණයට පත් වුවද අප පූසාට පහර නොදෙනු ඇත..
මේ සිද්ධීන් දෙකම මේ අයුරින් සිදු වීමට හේතුව නම් අප තුල නෙක්ඛම්ම සංකප්ප නොතිබීමයි... පළමු සිද්ධියේදී අප ඒ පුද්ගලයා කෑම අනවශ්‍යයයි කියා සිටියදී පවා ඒ පුද්ගලයාට කෑම දීමට පෙලඹුනේ ඒ උදව්ව කිරීමේ සතුට විඳීමේ කැමත්ත නිසයි..
අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් උපේක්ෂාවෙන් යුතුව නැවත ඉල්ලීම් නොකර සිටිනු ඇත.
දෙවෙනි අවස්ථාවේදී සිදු වූයේ ලේණා බේරා ගැනීමේ සතුට අහිමි වී යෑමෙන් අප තුල ද්වේශයක් පහල වීම නිසා පූසාට පහර දීමයි.. දෙවෙනි අවස්ථාවේදීද අපතුල නෙක්ඛම්ම සංකප්ප තිබුනේනම් අප පූසාට පහර නොදෙනු ඇත..
මේවා මෙසේ වීමට හේතුව නම් අපතුල ගුණ තිබුනද නුවණ නොතිබීමයි.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනි.. අප ගුණ නුවණ දෙකම වඩා නිවන් මග සම්පූර්ණ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි,,,!
නිවන්මග 2
පින්වත් මිතුරනේ අපි යලිත් හමුව්වෙන වෙලාව සුපුරුදු දයාබරත්වයෙන්.. දහම් අමා මී රස විදින වෙලාවයි මේ.. අපි හැම දෙනාටම ඕන කරන්නේ නිවෙන්න.. නිවෙන්න ඕනා වෙන්නේ දැවෙන නිසානේ.. මොනවද ඉතිං දැවෙන්නෙ? කයින් කරන දේ වලින් දැවෙනව.. පිට කරන වචනයෙන් දැවෙනවා. සිත සිතා දැවෙනවා.. ඉතිං අපි මුලින්ම වටහා ගන්න ඕන අපි දැවෙන බව.. අන්න එතනිනුයි නිවෙන මග ඇරඹෙන්නේ.. මේකට කියන්නේ හරි දැකීම කියල.. ඊට පස්සේ හරියට හිතල හරියට ඉදි
රි වැඩ කලාම නිවනෙන් නිවෙන්න පුලුවන් අපි හැමෝටම.. අපි නිවීම අරඹන්න ඕන හික්මීමෙන්.. සංවර වීමෙන් අපි සෑහෙන්න සිසිල් වෙනවා.. මුලින්ම අපි සිසිල් කරගන්නේ කයයි වචනයයි.. ඒ කියන්නේ කයෙන් කරන ක්‍රියා සිසිල් කරගන්නවා..පිටකරන වචන සිසිල් කරගන්නවා.. එතකොට අපි දැන්නෙත් නෑ.. අපි නිසා අනිත් අය දැර්වෙන්නෙත් නෑ.. ඔන්න ඔය සිසිල් කර ගැනීමේ ක්‍රමය තමයි සීලය කියන්නේ.. ඔය සීලයේ කොටස් දෙකක් තියනවනේ.. එකක් නරක දේ නොකර සිටීම.. ඒකට කියන්නේ වාරිත්‍ර සීලය.. අනික හොද දේ කිරීම.. ඒකට කියන්නේ චාරිත්‍ර සීලය.. උදාහරනයක් ලෙස ගත්තොත්.. අපි සතුන් නොමරනවා වෙන්න පුළුවන්. හිංසා නොකරනවා වෙන්නත් පුළුවන්.. ඒත් අපි සත්වයන්ට කරුණාව දක්වන්නෙ නැත්නම්, ඔවුන් මැරීම ගැන, හිංසා කිරීම ගැන ලජ්ජවට පත්නොවනම් සීලයේ කරන කොටස (චාරිත්‍ර සීලය) සම්පූරන නොවේ.. මේ උදාහරනයත් සලකා බලමු.. යමෙක් අන් අයෙකුගේ වටිනා වස්තුවක් අනාරක්ෂිතව තිබෙනු දකී.. ඒ පුද්ගලයා ඒ දෙය සොරකම් නොකරයි.. එහෙත් ඒ දෙයෙහි ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවේ.. මේ නිසා මේ පුද්ගලයාගෙන් ඒ සීලය සම්පූර්න නොවේ.. මෙයට හේතුව කුමක්දැයි සොයා බලමු.. මේ කය වචනයේ සංවරයට (සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ) හේතුවන්නේ සම්මා සංකප්පයයි.. (සම්මා සංකප්ප නම් නෙක්ඛම්ම සංකප්ප,) එනම් (නෙක්ඛම්ම සංකප්ප.) ආශ්වාදයෙන් මිදීමේ සිතුම්. (අව්‍යාපාද සංකප්ප,) මෛත්‍රිය, සහ (අවිහිංසා සංකප්ප.) කරුණාව යි.. යමෙක් තුල නෙක්ඛම්ම සංකප්ප පමණක් තිබී අව්‍යාපාද අවිහිංසා සංකප්ප නැතිවූ විට වාරිත්‍ර සීලය රකී.. නොකලයුතු දෙය නොකරයි.. නමුත් කලයුතු දෙයද නොකරයි මන්ද වාරිත්‍ර සීලය ඇත්තේම මෛත්‍රී කරුණා නිසාමයි.. යමෙක් තුල සම්මා සංකප්ප ඇතිද ඒ පුද්ගලයා නොකලයුතු දේ නොකරයි.. කලයුතු දෙය කරයි.. මේ ලෙසින් උතුම් සීලය සම්පූර්න කොට සමාධියද සම්පූර්න කොට විදසුනද වඩා ඒ උතුම් නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි.
නිවන් මග 1

.යමෙක්
තමන්ගේ කය ගැනත් කයට ලැබෙන අරමුණු ගැනත් සිහි නුවනින් සිටීනම් ඒ පුද්ගලයාට ඒ අරමුනු
වලට වහල් නොවී ..ඒ අරමුනු සමග ඇලීම් ගැටීම්, වලට නොයා සිටිය හැකිය .. මේ ඒ පුද්ගලයා
තුල වැඩෙන කායානුපස්සනාවයි.. යමෙක් ඒ අයුරින්
තමාට ලැබෙන අරමුනු ගැන සිහි නුවණින් සිටීනම් ,ඒ අරමුණු නිසා සුව වේදනා දුක් වේදනා,මැදිහත්
වේදනා ඇතිවන බව සිහි නුවණින් දැක ගැනීමට හැකිවේ
.. , ඒ පුද්ගලයා තුල වැඩෙන වේදනානුපස්සනාවයි.. යමෙක් තමන් තුල සැප වේදනා.. දුක් වේදනා
.. මැදිහත් වේදනා .. පහල වන බව සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ වේදනාවන් නිසා තම
සිත තුල ඇලීම්,ගැටීම්,නැතහොත් රාග ගිනි සිළු ද්වේෂ ගිනි සිළු දැල්වීගන එන අයුරු සිහි
නුවනින් දැකිය හැකිය .. මේ ඒ පුද්ගලයා තුල වැඩෙන චිත්තානුපස්සනාවයි ..යමෙක්
තමා තුල මෙසේ රාග ගිනි,ද්වේෂ ගිනි ඇවිලීගන එන අයුරු සිහි නුවනින් දැකීමට හැකිනම් ඒ
පුද්ගලයාට ඒ කෙළෙස් ගිනි ජාලාවක් වීමට පෙර නිවා ගත හැකිය..එමෙන්ම ඒ පුද්ගලයාට ඒ ඇලීම් ගැටීම්, තමන් තුල ඇති නිවන ආවරනය කරන්නාවූ
නීවරන බවට පත්වන බවත් සිහි නුවනින් දැකිය හැකිය.....මේ ඒ පුද්ගලයා තුල වැඩෙන ධම්මානුපස්සනාවයි
.. ..
මෙසේ අවම වශයෙන් දවස් සතක් හෝ උපරිම වශයෙන්
අවුරුදු සතක් හෝ මේ උතුම් සති පට්ඨාන භාවනව වඩන්නේනම් ඒ පුද්ගලයා නිසැක වශයෙන්ම අරිහත් ඵලයට හෝ අනාගාමී ඵලයට පත්වන
බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති..ඔබ සැම
දෙනාද මේ උතුම් සති පට්ඨාන භාවනව ප්‍රගුන කොට ඒ අමා නිවනෙන් නිවී සැනසේවා.ඔබ සැම දෙනාට
තෙරුඉවන් සරණයි ..!.
විදසුන් ඇස7
ඇස7
ඔන්න මිතුරනේ අදත් මම ආව ඔයාලත් එක්ක සදහම් අමා බිඳුවක් බෙදා හදා ගැනීම පිනිස. අද අපි සලකා බැලීමට යන්නේ සංසාරේ අප අතරමං කිරීමට හේතුවන්නාවූ සංකල්ප තුනක් ගැන.. ඒ තමයි..මේවා මගේ මේ මම මේ මගේ ආත්මය යන වැරදි සංකල්ප තුන..අපි දන්නවා ස්වාභාවික පරිසරය

ේ ඇති ක්‍රියා කාරිත්ව වන අව්ව වැස්ස, සුලඟ, වගේ තත්වයන් අපි කවුරුවත් මගේ කියා නොසකන බව.. ඒ නිසාම ඒවා පාලනය කිරීමට නොයන බව මොකදකියනවානම් අපි දන්නවා ස්වභාවික ක්‍රියාකාරිත්වයන් අපට පාලනය නොකලහැකි බව.ඉතින් අපි මේ කාරනයම උපයෝගී කරගෙන අපතුල ඇති මගේ යන සංකල්පය ඉවත් කර ගන්නා හැටියි.. අද කතා කරන්නේ..
අපි කලින් කිවුවා අප යම් දෙයක් ක්‍රියාකාරිත්වයක් ලෙස දුටුවොත් ඒවා මගේ කොට නොසලකන බව... ඒවා තමන්ට කැමති ලෙස පාලය කිරීමට නොයන බව..
ඉතින් යමෙක් විදසුන් නුවනින් මේ පංච උපාදානස්කන්දය හුදෙක් ක්‍රියාකාරිත්වයක් ලෙස දුටුවොත් ඒ කිසිවක් මගේ ලෙස නොගනියි..
මම ලෙස නොගනියි.. වේගයෙන් ඇතිව නැතිව යන ක්‍රියාකාරිත්වයක් තමන්ට පාලනය කලනොහැකිබව වටහාගනී.. වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයකට මම යැයි සිතා ගැනීම අනුවන කමක් බව වටහා ගනී.. එසේ වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයකට මම යැයි ගතහොත් එයම දුකක් වන බව නුවනින් වටහා ගනී.. එසේ වේගයෙන් වෙනස්වන ක්‍රියාකාරිත්වයක් පාලනය කිරීමට යෑමද දුකක් බවත් නිශ්පල ක්‍රියාවක් බවත් නුවනින් වටහා ගනී.. මෙසේ වන්නේ විදසුන් වදන යෝගියා සෑම දෙයක් ම අනිත්‍ය සංඥාවෙන් ගන්නා නිසා ඔහුතුල තිබූ නිත්‍ය සංඥාව නැතිව යන නිසාය.. මේ බව සත්ධර්මයේ සදහන් වන්නේ
අනිච්චානුපස්සි විහරත..නිච්ච සංඥා පජහත.
.
අනිත්‍ය අනුව දකිමින් නිත්‍ය සංඥාව දුරලන ලෙසයි
අපද මේ
උතුම් විදසුන් වඩා කෙලෙසුන් කඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.
. සැමට තෙරුවන් සරණයි..!
Subscribe to:
Posts (Atom)