දුක නිවන මග..

ඔන්න දයාබර මිතුරු මිතුරියනේ .. ගොඩාක් කාලෙකට පස්සේ  හාමුවෙන්න ආව නැවතත් උතුම් සදහම් අමා මී ඔයාලත් එක්ක බෙදා හදා ගන්න.. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න බොහො දේ තිබුනත් දවසින් දවසම ඔයාලව හමු වෙන එක ප්‍රමාද උනා.. ඉතින් ඔන්න අදනම් ආව ඔයාලව හමු වෙන්න සුපුරුදු දයාබරත්වයෙන්.. මේ කාලය තුලදී හමු වුන ගොඩක් දෙනා අපිත් නිවන් දකින්න කැමති කියල ..ඉතින්  කොහොමද නිවන් දකින්නේ කියල ඇහුවම හැමදෙනාම  චතුරාර්ය සත්‍යාවබෝධ කරලා තමයි නිවන් දකින්නේ කියලා..  එත් ඉතිං චතුරාර්ය සත්‍යාවබෝධ කරන්නේ කොහොමද කියල ඇහුවම බොහොමයක් දෙනාට එකට පැහැදිලි උත්තරයක් නෑ ,,
ඔන්න ඔය කාරණය නිසා  හිතුන ඔයාලත් එක්ක මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න  කරන්න ඔනෑ කියල..
දැන් ඉතිං අපි මේ ගැන ටිකක් හොයල බලමු.. ඔයාල හිතන්නේ  දුකක් දැනෙනවානම් ඒ දුක දැනෙන්නේ කොහොමද? ඔන්න එතකොට අපි හැමෝටම තේරෙනවා අපි ඕනෑ  කෙනෙක්ට වැටහෙනවා අපිට දුකක් දැනෙනවා නම් දැ නෙන්නෙම මේ ඇස් කන් ආදී ආයතන 6 නිසාම බව..ඒ එක්කම අපට වැටහෙන්න ඕනෑ අපි මම කියල ගන්නෙම මේ ආයතන 6ම බව..ඉතිං අපි කවුරුවත් අපට දුකක්ම වන මේ ආයතන 6 දුකක් විදියට දකිනවාද? අඩුම ගනනේ මේ ආයතන කියන්නේ මොකද්ද කියලා දන්නවද?අපි ටිකක් ඒ ගැන හොයල බලමු..  උදාහරණයක් ලෙස ඇස කියන්නේ මොකද්ද?කවුරුහරි ඇස දැකල තියනවද ? ඔයාල හැමෝම කියාවි අර සුදු ඉංගිරියාවක් මැද්දේ කළු බෝලයක් තියන එක නේ ඇස කියන්නේ කියල. ඉතින් එක එහෙම නම් මැරිච්ච මනුස්සයකුටත් ඇස් පෙනෙන්න ඕනෑ නේ.. නේද?  .ඉතින් කොහොමද අපි ආයතන කියන්නේ මොනවද කියල හරියටම දැනගන්නේ? අපි එක මෙහෙම බලමු..ඔයාල දන්නවා..ආයතන සහ අරමුණූ කියල දෙවර්ගයක් ඇති බව..ඉතින්‍ යමක් අරමුණක්        වනවානම් ඒක අරමුණක් මිසක් ආයතනයක් නොවන බව ඔයාලටත් ලේසියෙන්ම වැටහෙනවා ඇති.. ඉතිං ඔන්න ඔය විදියට බලනකොට අපට ඇසක් පේනවනම් කනක් දිවක් නාසයක් පේනවනම් ඒවා අරමුණු මිසක් ආයතන නොවන බව වැටහෙනවා ඇති..ඉතිං ඇත්තටම අපි ආයතන දැනගන්නේ කොහොමද බලමු දැන්.. උදාහරණයයක් ලෙස ඇසම අරගන බලමු.. ඇස කියන්නේ මොකක්ද?ඇස කියන්නේ රූප දැකීමේ කියාව සහ ඒ ක්‍රියාව සමග නැවතත් රූප දැකීම සදහා කර්ම සකස් කිරිමේ    ක්‍රියාකාරිත්වයටයි චක්කයතනය (ඇස)කියන්නේ..ඒ ලෙසට ලෙසට  කණ නැත්නම් සොතායතනය කියන්නේ ශබ්ද ඇසීමේ ක්‍රියාකාරිත්වය සහ නැවතත් ශබ්ද ඇසීම සදහා කර්ම සකස් කිරීමේ ක්‍රියා කාරිත්වයටයි .දැන් අපි බලමු ඔය කියපු ආයතන 6 මෙසේ ක්‍රියාකාරිත්වයන් ලෙස නොගෙන පවතින දකින්න පුළුවන් දේවල් කියල වැරදියට දැකීමෙන් වෙන.දෙය. ඒ දෙය තමයි සැබවින්ම නොපවතින මමක් නිර්මාණය වීමයි මෙයි වන්නේ..පොඩ්ඩක් බලන්න අපි මම කියල ගන්නේම ඔය ආයතන 6 ම නේද කියල..මෙන්න මේ ලෙස නිවදිව ආයතන සහ අරමුණු ගැන යමෙක් වටහා ගන්නවානම් මේ ආයතන 6 මම නොවන මාගේ නොවන හේතුන් නිසා හටගත් ක්‍රියාකාරිත්වයක් පමණක් බවත්..මේ ආයතන 6 ම දුක්ඛ සත්‍ය බවත් මේ ආයතන ක්‍රියාකාරිත්වයට ආශා කිරීම එනම් දැකීමට ඇසීමට සුවද දැනීමට රස දැනීමට පහස දැනීමට සහ සිතීමට තෘෂ්ණා කිරීම දුක ඉපදීමට (ආයතන හට ගැනීමට)  හේතුව ලෙසත්   එසේ  මේ ආයතන ක්‍රියාකාරිත්වයට තෘෂ්ණා නොකිරීම ආයතන නිරෝධය (දුක්ඛ නිරෝධය)බවත් ආයතන නිරුද්ධ කිරීමේ මග නම් සම්මා සතියෙන් නුවනින් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ක්‍රියා කිරීම (සතිපට්ඨාණය)වැඩිම නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් වටහා ගැනීමට හැකිවේ..අද මම ඔයාලත් එක්ක සාකච්චා කලේ  සත්‍ය දැකීමේ රක ක්‍රමයක් .ගැනයි. ඉතින් අපි හැම දෙනාම හැකිතාක් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කොට ඒ අම නිවනින් නිවී සැනසෙමු...! මා දයාබර ඔයාල හැම දෙනාටම තෙරුවන් .. සරණයි.!

සංසාර සිහිනය



චලන විත්‍රය

ඔන්න පින්වත් මිතුරු මිතුරියනේමම අදත් ආව උතුම් සත්ධර්මයෙන් බිඳක් ඔයාලත් එක්ක බෙදා ගන්න..ඉතිං මිතුරු මිතුරියනේ..ඇයි අපට සත්ධර්මයක් ඕකැ වෙන්නේ? අපිට සත්ධර්මයක් ඕන වෙන්නේ අපිට දුකක් තියන නිසානේ.. නේද?ඉතිං ඇයි අපට දුකක් ඇති වෙන්නේ?අපි හැමෝම වගේ දන්නව දුකට හේතුව තෘශ්නාව බව..අපි බොහොමයක් දෙනා හිතන්නේ අපට දැනෙන බාහිර අරමුනු නිසයි තෘශ්නාව රාගය ඇති වන්නේ කියල..ඒත් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ විසිතුරු දේවල් තුල රාගය නැති බවත්  රාගය ඇති වන්නේ අප තුල ඇතිවන වැරදි සංකල්ප නිසා බවත් ය..දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියල..ඇත්තටම අපෙ ඇසට පෙනෙන දේවල්මද අපි දකින්නේ කියල පොඩ්ඩ්ඩක් බලමු..ඔන්න අපි කඩේකින් පත්තරයාක් ගන්නාව බලන්න..අපි පත්තරේ පිටු පෙරලනකොට අපි රූපයක් දකිනව..ඒත් එක්කම අපට හිතෙනව ශා..! මේ අර නිලියනේ..කියල. ඔහොම හිතෙනවාත් එක්කම එය දකින කෙනාගෙ හිතේ අශාවක් උපදිනවා..ඒත් ඇත්තටම එයාගේ ඇස් වලට පෙනුනේ මොකද්ද?ඇත්තටම ඔහුට පෙනුනේ යම් යම් වර්න සහ හැඩතල විතරයි..ඔහු තුල තිබූ අවිද්‍යාව හේතුවෙනුයි පෙනුන දෙය තුල ඇත්තටම තිබුන දෙය නොදැක පුද්ගල ප්‍රතිරූපයක් මැව්නෙ..ඔන්න ඕකට තමයි අවියාව නිසා සංස්කාර හට ගන්නව ඒ අවිදාවෙන් හටගන්න සංස්කාර නිසා විඤ්ඤානය හට ගන්නවා කියන්නේ..අන්න විඤ්ඤානයෙන් තමයි පවතින තත්වය නොදැක නොපවතින පුද්ගල සංඤාවක් දැක්කේ..අන්න ඒ නිසම තමයි දැක්ක දෙය ගැන වටිනා කමක් දෙන්නේ..වටිනාකම් දීම නිසයි තෘශ්නාවක් හට ගන්නේ..අපි අපිට දැනෙන අරමුනුවල මූලික ස්වරූපයෙන්ම ගන්නවානම් ඒවා ද්‍රව්ය ,පුද්ගල සංඤාවන් නැති චලන චිත්‍ර පමනක් වනවා..එහෙම නැතිව අපට ලැබෙන අරමුනු අවිද්යාව තුලින් සංස්කරනය කොට ඒ නිසා හට ගන්නා විඤ්ඤානයක් තුලින් දැන ගත්තොත් අපට ඒ තුලින් පුද්ගලයන් සහ දෙවල් දැනෙනු ඇත..එවිට ඒ ඒ දේවල් වලට  වටිනාකම් දීම නිසා ඇලීම් ගැටීම් හටගනු ඇත..මෙය සත්ධර්මයේ සඳහන් පරිදි අසාරය සාරය ලෙස ගැනීමයි..මේ ලෙසට අසාරයම සාරය ලෙස ගන්නාතුරු කිසිවෙකුට අසාරයට ඇතිවන තෘශ්නාවෙන් මිදිය නොහැකි වනු ඇත..ඒ නිසාම දුකින් ද මිදිය නොහැකිවනු ඇත..යමෙක් ලැබෙන අරමුනු අවිද්යාව තුලින් සංස්කරනය නොකර මූලික ස්වභාවයෙන්ම ගන්නවානම් ඔහුට අරමුනු පුද්ගලයන් හෝ ද්‍රව්ය ලෙස නොහනෙගෙනු ඇත..අවිට ඔහු ඒවාට නො ඇලෙනු ,නොගැටෙනු ඇත.. මේ නිසාම ඒවා සමග ඇලීම් ගැටීම් ඇතිකර නොගනු ඇත.. මෙය සත්ධර්මයේ සඳහහන් අසාරය අසාරය ලෙසත් සාරය සාරය ලෙසත් ගැනීමයි..මේ ලෙස අරමුනු නිවැරදිව ගන්නා හට දැකීම දැකීමක් පමනක්ම වනු ඇත..ඇසීම ඇසීමක් පමනක්ම ද රස, ගඳ ,ස්පර්ශ දැනීම දැනීමක් පමනක්ම වනු ඇත..මෙය බාහිය පරිබ්‍රාජක තුමාට බුදු රජාණන් වහන්සේ දුන් උතුම් භාවනාවයි..ඔබ අපද අරමුනු ඒවාගේ මූලික ස්වභාවයෙන්ම ගෙන අවිද්යා තෘශ්නා දෙකෙන් මිදෙමු..සියලු සසර දුකින් මිදී ඒ අමා නිවනින් නිවී සැනසෙමු..ඔයල හැමෝටම තෙරුවන් සරනයි..!

මායාවෙන් එහා

පින්වත් මිතුරු මිතුරියනි..ඔන්න මේ පාර මම ඉක්මනින්ම ආවා ඔයාල හමු වෙන්න උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්..අපි මේ ජීවත් වෙනවා කියල මොකද කරන්නේ?ඔයාල මොකද හිතන්නේ?අපි ජීවත් වෙනවා කියල කරන්නේම දුකින් මිදීම සඳහා සැපක් හොයන එක නේද?ඒත් අපට සැපක් සැපක් හොයාගන්න පුලුවන් වෙනවාද?බැහැ..කිසි කෙනෙකුට මේ ලෝකය තුල ලෞකිකත්වයතුල අප හොයන සැප කිසිදාකවත් හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ..මොකද්ද ඉතිං මේකට හේතුව?මේකට හේතුව තමයි අපි හැම දෙනාම සැප හොයන්නේ සැප නැති තැනක වීම..එහෙම සැප නැති තැනක සැප හෙවීමට හේතුව තමයි ලෞකිකත්වය තුල සැපක් තියනවා කියලා ගන්න අවිද්යාව..මෙන්න මේ නොදන්නාකම නිසාම නැති තැනක නැති දෙයක් හෙවීමේ ආශාව ඇතිවෙනවා..මේ ආශාව නිසාම හොයනවා හොයනවා ..ඒත් කවදාවත් හොයන දේ නම් හම්බ වෙන්නේම නෑ..මෙන්න මේකටම තමයි දුක කියල කියන්නේ..උදාහරනයක් කිව්වොත් ..කාන්තාරයක් මායිමක මිනිහෙක් ඉන්නවා..එයාට ඉස්සරහින් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක් තියනවා..පිටිපස්ස පේත්තේ සරුසාර තන පිටියක් තියනවා..එක මදින් ලස්සන ගගකුත් ගලාගන යනවා..ඒත් මේ මිනිහට ඕව මොකුත් පෙනෙන්නෙ නෑ..ඒ මිනිහාට ඉස්සරහින් පෙනෙන්නෙ මහා කාන්තාරයක් විතරයි..ඔන්න ඔය වෙලවෙදී  මේ මිනිහාට තදබල පිපාසයක් දැනෙනවා..ඉතිං ඒ මිනිහා බලනවා වතුර ටිකක් බොන්න තැනක් තියනවාද කියල..එතකොට ඒ මිනිහට පෙනෙනවා  කාන්තාරෙ ඈත වතුර තියන තැනක්..වැවක් වගේ තැනක්..පිපාසය වැඩි කමට ඒ මිනිහා වේගෙන් දුවගන යනවා වතුර පෙනෙන දිහාවට..ඒත් කොච්චර දිව්වත් එයාට ඒ පෙනෙන වැවට කිට්ටු වෙන්නවත් බැරි වෙනවා..එයාට පෙනෙන්නෙ දුවන්න,දුවන්න ඒ වැව තව තව ඈතට යනවා වගෙයි..කාරනය මොකද්ද ඔහු වතුර හොයාගන දිව්වේ දිය මිරිඟුවක් පස්සේ..කොහොම උනත් ඔහුට හිතෙන්නේම තමන් දකින්නේ ඇත්තටම වතුර පිරිච්ච වැවක් ඈත තියන බවයි..මේක තදින්ම විස්වාස කරන තියනවාම කියලමයි..ඒක නිසා ඔහු නිකමටවත් පසුපස බලන්නේ ව්වත් නෑ..ඉතිං ඔහු කානාරයේ වතුර තිබේ කියන අදහස තියන කල්ම පසුපස බලන්නේ නෑ.,ඒතාක් කල්ම ඔහු පිපාසයෙන් මිදෙන්නෙත් නෑ..යම් කිසි දිනක යම් සත්පුරුශයෙක් ඔහුට හමු වෙනවා..හමු වෙලා කියනවා..ඔය පැත්තෙ වතුර නෑ..ඔයාට ඔය පෙනෙන්නේ දිය මිරිඟුවක්..ඕකට රැවටෙන්නෙ නැතිව ආපහු හැරිල බලන්න..ඔන්න පස්ස පැත්තෙ  සරු බිමක් තියනවා..ඒකෙ ලස්සන ගඟකුත් ගලනවා..ඔයාට ඕන තරම් වතුර බොන්න පුලුවන් කියල.පිපාසෙන් පෙලෙන ඒ  මිනිහා අර සත්පුරුශයාගේ වචන විස්වාස කලොත් ඔහු ආපහු හැරිල බලනවා..ඊට පස්සෙ ඔහුටම පෙනෙනවා ගස් වැල් තනකොළ වලින් පිරුන සරු මිම..ඔහු ආපහු හැරිල ඒ පැත්තට ගමන් කරනවා..ඔහුට ඉක්මනින්ම ඒ සරු බිමට ගිහින් තමන්ගෙ පිපාසය නිවා ගන්න පුලුවන් වෙනවා..මෙන්න මේ වගේම ත්Aඅමයි සාමන්ය මිනිහා ලෞකිකත්වය තුලම සැප හොයනවා..ඔහුට කවදාවත් සැප නම් ලැබෙන්නේ නෑ..ඒත් යම් දිනක ඔහුට කල්යාන මිතුරෙක් ලැබුනොත් ඒ සත්පුරුශයා පෙන්වාඅ දෙනවා  මෙ සම්මුති ලෝකය තුල ඇත්තටම සැපක් නැති බවත් ඒකම සැපය නිවන පමනක් බවත්..ඒ සත්පුරුශගේ වචන විස්වාස කරන්න තරම් සද්ධාවක් ඒ මිනිහාට තිබුනොත් ඒ මිනිහා මේ ලෞකිකත්වාය තුල සැප සෙවීම අත් හැර ආර්ය මර්ගයට ඇවිත් අවසානයෙදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙනවා..ඉතිං ප්න්වත් මිතුරු මිතුරියනේ අපත් උතුම් කල්යාන මිතුරකු ගේ ඇසුරෙන් ඒ උතුම් නිවන් මගට ඇතුලු වෙමු..ඔයාල අපි හැම දෙනාටම ඒ අමා නිවනෙන් නිවී සැනසේවා..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!

නිවන් මග13

ඔන්න පින්වත් මිතුරු මිතුරියනි..හමුවෙනවා අපි අදත් සුවබර උදෑසනකදී...අපි හැමෝම දන්නවා සසර දුක නිවන එකම මගා ආර්ය අශ්ටාංගික මාර්ගය බව..ගොඩාක් දෙනා කැමති මේ දුක නිවන මග පුරුදු කරන්නත්..ඒත් ගොඩක් දෙනා දන්නෙ නෑ තමන් වර්තමාන මොහොතේ ආර්ය මාර්ගයේ ඉන්නවද නැද්ද කියල..ඉතිං අපි කොහොමද හරියටම දැනගන්නේ අපි ආර්ය මාර්ගයෙද සංසාර මාර්ගයේද ඉන්නේ කියල..ඔයාලට ඒක මෙන්න මෙහෙම දෑගන්න  පුලුවන්..මගේ හිතේ මේ වෙලාවෙ සම්මා සංකල්ප ද තියෙන්නේ,මිත්යා සංකල්පද තියෙන්නේ කියල හොඳින් බැලුවම තමන්තුල සම්මා සංකල්ප තියනවා කියල දැනුනොත්,ඔයාල ඉන්නෙ ආර්ය මාර්ගයේ..එහෙම නැත්නම් සංසාර මාර්ගයේ..අපි හැමෝම වගේ දන්නවා සම්මා සංකල්ප කියන්නෙ ඇලීමෙන් මිදීම කියන ''නෙක්ඛම්ම සංකල්ප''යයි අව්යාපාද,අවිහිංසා කියන කරුණාවයි මෛත්‍රියයි බව..කෙටියෙන්ම කියනවානම් සිහියෙන්, නුවනින් යුතුව ඇලීමෙනුයි ගැටීමෙනුයි ඉවත් වී සිටීම ම තමයි මේ කියන්නේ..දැන් අපි බලමු මේ සම්මා සංකල්ප ඇති වෙන්න හේතු වන්නේ මොකක්ද කියල..ඒ හේතුව තමයි අපිට නිවැරදි දැකීමක් තිබීම..ඒ කියන්නෙ සම්මා දිට්ඨියක් තිබීම..ඉතිං අපි සරලව වටහා ගන්න බලමු මේ සම්මා දිට්ඨිය කොහොමද සම්මා සංකල්පයට හේතු වන්නේ කියල..අපි දන්නව සම්මා දිට්ඨිය කියන්නෙ චතුරාර්ය සත්ය පිලිබද නිවැරදි දැකීම..යම්කෙනෙක්ට  මේ නිවැරදි දැකීම තියනවා නම්..ඒ පුද්ගලයාට මෙන්න මේ වගේ සිතිවිල්ලක් එනවා..අනේ මම දුකින් මිදිලා නෑ..මම වගේම ලෝකෙ අනිත් අයත් දුකින් තමයි ඉන්නේ..මෙන්න වගේ හිතෙන කෙනෙකුට කරුනා මෛත්‍රී(අවිහිංසා.අව්යාපාද)සිතිවිලි පහල වෙනවා.ඒ එක්කම එයා දකිනවා මේ දුක් ඇතිවෙන්න හේතුව ඇලීම ආශාව බව..එතකොට එයාඅ මෙහෙමත් හිතෙනවා..කරුනාව මෛත්ය දැක්වූවාට මෙයාලට මේවට ඇලෙන්න නම් හොඳ නැති බව..අන්න එතකොට එයා තුල නෙක්ඛම්ම සංකල්ප පහල වෙනවා..මෙන්න මේ විදියටයි කෙනෙක් තුල සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්ප පහල වන්නේ..මේ විදිහට තමන් තුල සම්මා සංකල්ප පහල කලගත් තැනැත්තා අනිත් අය එක්කා වචනයෙන් ඇලෙන්නේ නෑ..වචනයෙන් ගැටෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ඇලෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ගැටෙන්නෙත් නෑ..ජීවත් වීම සඳ කරන රැකියාවද ඇලීමෙන් ගැටීමෙන් තොරව කරනවා..ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව සිටීමට වීර්ය කරනවා..ඒ සඳහාම සතිය පවත්වනවා..මෙන්න මේ විදියට ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව ජීවත් වන ඒ පුද්ගලයාගේ සිත සමාධිමත් වෙනවා..ඔන්න ඔය විදියටයි කෙනෙක්ට තමන් ඉන්නේ ආර්ය මාර්ගයේද, නැද්ද කියල දැනගන්න පුලුවන් වන්නේ..තව විදියකට කියනවනම් කායික ක්‍රියාවන් ද , මානසික ක්‍රියවන් ද ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව සම්මා සංකල්පයෙන් යුතුව කරවාට තමයි සතිපට්ඨානයෙන් ඉන්නවා කියන්නෙත්..ඉතිං පින්වත් මිතුරු මිතුරිනි..අපි හැමෝම නිවැරදි දැකීමෙන් යුතුව ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා මේ සම්මා සංකල්ප දියුනු කරගමු..ඒ අමා නිවනිනින් නිවී සැනසෙමු.මා දයාබර ඔබ සැමට තෙරුවන් සරණයි..!

දුක දැකගමු..

ඔන්න ද්යාබර මිතුරු මිතුරියනේ අදත්  මම ආව ඔයාලත් එක්ක සඳහම් අමා මී බෙදාහදා  ගන්න..ඔයාල,මම අපි හැමෝම කැමති නේද අපි කැමති හැම දෙයක්ම ඒ විදියටම තියනවනම්..?ඒ වගේම අපි අකමැති දේවල් ඉක්මනටම නැති වී යනවනම්..ඒත් බොහොම වෙලාවට ඒක ඒ විදියටම වෙන්නෙ නෑ නේද?අන්න ඒ විදියට වෙන්නෙ නැති එකම නේද දුක කියල කියන්නෙ? දැන් අපි ටිකක් හොයා බලමු ඇයි අපි කැමති දේවල් ඒ විදියටම නොපවතින්නෙ?ඇයි අපි අකමැති දෙවල් ඉක්මනටම වෙනස් වෙලා නොයන්නෙ කියල..ඒකට හේතුව නම් මෙන්න මේකයි..අපි යමකට කැමතිනම් ඒ කැමති දෙය ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕන..ඉතිං අපි කැමති දෙය සිදු වෙන්න හේතු වෙච්ච කාරනය තවදුරටත් පවතින්නෙ නැත්නම් අපි කැමති කාරනය තව දුරටත් පවතින්නේ නෑ..ඒක හරියට මෙන්න මේ වගෙයි..යම් කෙනෙක් ඉර අව්ව්ට ගොඩාක් ආසයි..නමුත් ඒ පුද්ගලයා කොච්චර කැමති උනත් හවසට ඉර බැහැල යනකොටම අව්ව නැති වෙනවා..අව්ව පායන්න හේතු උන ඉර බැස්ස ගමන් අව්වත් නැති වෙනවා..මේක සත්ධර්මයෙ කියන්නෙ හේතුව නැති කල පලයද නැති වේ කියල..ඉති තවත් වෙලාවක අපි අකමති දේවල් අකමැති තත්වයන් අපි අකමැති උනත් වෙනස් නොවී තියනව.. ඒක වෙන්නෙ කොහොමද?කෙනෙකුගෙ කකුලෙ කට්ටක් ඇනෙනවා..ඉතිං ඒ පුද්ගලයාගේ කකුල කකියන්න ගන්නව...කොච්චර වේදනා නාශක බිව්වත් සුලු වෙලාවකින් නැවත් වේදනාව ඉස්මතු වෙනවා..මෙහෙම වෙන්නෙ ඇයි?කකුලේ වෙදනාවට හේතු වෙච්ච කටුව කකුලේ ඇනිල තියනකල්ම වේදනාවත් පවතිනවා.. මේකට සත්ධර්මයෙ කියන්නේ හේතුව ඇති තෙක් පලය පවති කියල..අපි බොහොම දෙනා උත්සා කරන්නෙ හේතුව නැති උනත් පලය පවත්වාගන යන්න..එහෙම නැත්නම් හේතුව තියෙද්දිම පලය නැති කරල දමන්න..මෙන්න මෙහෙම කරන්න බෑ කියල නොදැනීමමයි අවිද්‍යාව කියන්නෙ..ඔන්න ඔය බැරි දේවල් කරන්න ඇතිවන ආශාවමයි තෘශ්නාව කියන්නෙ..හේතුපල දහම නියම ලෙස වටහා ගන්නකලොය ලෙසමයි වන්නේ..අපි හැමොම හේතු පල දහම [පටිච්ච සමුප්පදය]නිවැරදි ලෙස වටහ්හගන සසර දුකෙන් මිදෙමු..ඒ අමා නිවනින් නිවී සැනසෙමු..මා දයාබර ඔයාල හැමෝටම උතුම් තෙරුවන් සරණයි..!

නිවන් මග 12


ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..ඔන්න අදත් අපි හමුවුනා සුපුරුදු දයාබරත්වයෙන් උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.
.අද අපි බලමු දුක ඇතිවෙන හැටි ගැන වෙනස් විදිහකට..යමෙක් වෙනස් වී යන ක්‍රියාකාරිත්වයක් වෙනස් නොවන ලෙස වැරදියට දැක්කොත් එතන කෙනෙක්,දෙයක් ඈතිවෙනව..අන්න ඒ ලෙසට කෙනෙක්,දෙයක් බවට පත් වීමත් සමගමයි තෘශ්නාව උපදින්නේ.. ඒ සමගම කෙනෙක් දෙයක් වීමත් සමගම වෙනස් වීමත් ඇරබෙනවා..මෙන්න මේ ලෙසට අනිතය පහල වීමත් සමගම අනිත්යයේ නිත්ය සංඤාව පහලා වනවා..මෙසේ අවිද්යාව නිසාම පහල වන්නාවු අනිත්යද,අවිද්‍යාව නිසාම පහලවූ තෘශ්නාවද හේතුවෙනුයි දුක පහල වන්නේ..සසර දුක උපදවන්නාවූ මව් පියන් වන්නේ මේ අවිද්‍යාව සහ තෘශ්නාවමයි..මේ අවිද්යාව විසින් දෙයක් ඇත කිය සංකල්පයක් පහල වීමත් සමගම් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයක්ද පහලවේ..මෙන්න මේ ද්වයතාවය පහලවීමත් සමගම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා වෙනස් වීම නම් වූ ක්‍රියාකාරිත්වයක් හටගනී..මෙහිදී යමෙක් එක් අන්තයකට ඇලීයෑම නිසාම තමන් කැමති ස්වභාවය වෙනස් වී අකමැති ස්වභාවයට පත්වීම නම් වූ අනිත්‍යය පහල වේ..මෙයම දුකට හේතුවද වේ..දුක්ඛාර්ය සත්‍යට අයත් පිය විප්පයෝගෝ දුක්ඛෝ එනම් ප්‍රිය ස්වභාවයෙන් වෙන්වීමෙ දුක නම් මෙයයි..මෙසේ ප්‍රිය ස්වභාවයෙන් ඉවත්වීමත් සමගම අත්විදීමට සිදුවන්නේ තමන් අකමැති ස්වභාවය යි..මෙයනම් අප්පිය සම්පයෝගො දුක්ඛෝ නම් අප්‍රිය තත්වයන් අත්විදීමට සිදු වීමෙ දුකයි..මේ කිසි වක් සිදු වූ යේ තමන් කැමති ලෙස නොවේ..මෙයනම් යං පිච්චං නලභති තම්පි දුක්ඛං නම්වූ කැමති තත්වය නොලැබීමේ දුකයි..දැන් මොකද ඔයාල හිතන්නේ?මොකද්ද ඔය දුකට හේතුව?හොඳින් හිතා බලන්න යමෙක් එක් අන්තයකට ඇලී යෑම නිසාම නේද මේ ඔක්කොකොම දුක් පහල උනේ කියල..
මෙන්න මේ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනාවා අන්ත වල නොඇලුනාවූ මද්‍යම ප්‍රතිපදාව..ඒ නම් ආර්ය අශ්ඨාංගික මාර්ගයයි.
.දැන් ඒ ගැන බලමු..කිසිදු දෘශ්ඨියකට නොබැදුන සම්මා දිට්ඨියද,කැමත්තෙන් මිදීම නම් වූ නෙක්ඛම්මයද අකමැත්තෙන් මිදීම නම් වූ අව්‍යාපාද අවිහිංසා වෙන් යුතු සම්මා සංකප්පයද,ඇලීම් ගැටීම් වලින් මිදී වචන පාවිච්චි කිරීම නන් වූ සම්මා වාචා ද,ඇලීම් ගැටීම් වලින් මිදී කරනු ලබන කායික ක්‍රියා නම් වූ සම්මා කම්මන්ත ද,අලීම් ගැටීම් වලින් මිදී දිවි පැවෑත්ම නම් වූ සම්මා ආජීවයද,ඇලීම් ගැටීම් වලින් මිදී සිහිය පැවත්වීම නම්වූ සම්මා සතියද, මේ කියපු මාර්ගාංග පවත්වාගන යෑමට අවශ්ය උත්සාහය නම් වූ සම්ම වායාමද,මුලින් කිව් කාරනා සම්පූර්න වීම නිසා ඇතිවූ සිතේ එකගකම් නම් වූ සම්මා සමාධිය ටයි මද්‍යම ප්‍රතිපදාව කියන්නේ..මෙන්න මේ ලෙසට අන්ත අත හරිමින් මාර්ගය වඩන්නාට අවසානයේ අන්ත වලින් මිදීමට පුලුවන් වෙනවා.. අන්තයන් ගෙන් මිදීම නිසා අන්තයන් දෙක අතර වෙනස් වීම නම් වූ අනිත්‍යයයෙන් ද මිදෙයි..ඒ නිසාම දුකෙන් මිදීමද සිදුවේ..පින්වත් මිතුරු මිතුරියනි ඔබද අපද මේ අන්තයන්ගෙන් මිදී සදා සැනසීම නම් වූ ඒ අමා නිවන් සුවයට පත්වීමට අද අදම උත්සාහ කරමු.. පින්වත් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!

විදසුන් ඇස11


තෙරුවන් සරණයි පින්වත් මිතුරු මිතුරියනේ..සුන්දර උදෑසනක යලිත් අප හමුවන්නේ උතුම් සත්ධර්මය සමගින්..මිතුරු මිතුරියනේ..අපට සත්ධර්මය ඕනැ වෙන්නෙ ඇයි..අපි සසර දුකින් පෙලෙන නිසා නේද?දැන් අපි බලමු කොහොමද මේ දුක ඇති වෙන්නේ..කොහොමද මේ දුක නැති කරගන්නේ කියල..මේ දුක ඇති වෙන්නෙ මෙන්න මේ ආකාරයටයි..අපි යම් දෙයකට හෝ කෙනෙකුට කැමති වෙනවා..ආශා කරනවා..අපි කැමති වන ආශා කරන දෙය හෝ පුද්ගලයා,වෙනස් වෙනවා..නැති වෙලා යනවා..කැඩී බිදී යනවා..මෙන්න මෙ විදියට අපි ආශා කරන දේවල් පුද්ගලයන් අනිත්‍ය වීමෙන් දුක ඇති වෙනවා..මේක මේ විදියටත් කියන්න පුලුවන්..අපි වෙනස් වී යන දෙයට ආශා කිරීමෙනුයි දුක හට ගන්නේ..ඉතිං කොහොමද අපි දුක නැති කර ගන්නේ? ඒක කරන්නේ අපට දුක ඇති වීමට හේතු වූ තත්වයන් නැති කිරීමෙනුයි..දැන් අපි බලමු අපට දුක ඇති වීමට හේතු වූ කරුන වෙනස් කරන්න පුලුවන් කියල..පළවෙනි හේතුව අපි ආශා කරන පුද්ගලයන්, දේවල් වෙනස් වී යෑම..මෙන්න මෙකෙන් ඇතිවෙන දුක අපට නැති කරගන්න පුලුවන් අපි ආශා කරන පුද්ගලයන් දේවල් වෙනස් නොවී පවත්වාගන යන්න පුලුවන්නම්..ඒත් එක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නොවෙයි..දැන් බලමු ඊලග හේතුව.. අපිට පුලුවන් වෙනස් වී යන පුද්ගලයන්ට දේ වලට ආශා නොකර සිටීමට...අන්න ඒකනම් අපට කරන්න පුලුවන් දෙයක්..එහෙම නේද ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..අපට පුලුවන්නම් ..අපට පෙනෙන ඇහෙන..දැනෙන.. හිතෙන හැම අරමුනක්ම වෙනස් වෙලා යන දේවල් හැටියට දකින්න..වෙනස් වෙලා යන දේවල් වලට ආශා කිරීම් දුකක් ලෙස දකින්න..මේ වෙනස් වීම පාලනය කරන්න බැරි දෙයක් ලෙස දකින්න..මෙන්න මෙහෙම දකින්න පුලුවන් උනොත් අපට පුලුවන් වෙනවා වෙනස් වෙන දේ වලට වෙනස්වන පුද්ගලයන්ට ආශා නොකර සිටීමට..අන්න එතකොට දුකට හේතු වූ කාරනය නැති නිසා දුක ඇති වන්නේත් නෑ.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..දුක නිවන මග කියන්නෙත් මෙකටමයි..විදර්ශනාව කියන්නෙත් මෙකටමයි..පටිච්ච සමුප්පාදය  දැකීම කියන්නෙත් මේකටමයි..පින්වත් ඔබ අප හැම දෙනාම් උතුම් ශ්රී සත්ධර්මයේ පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදර්ශනාව වඩා චතුරාර්ය සත්‍යාවබෝධ කොට අමා නිවනින් නිවී සැනසෙමු..ඔයාල හැමෝටටම තෙරුවන් සරණයි..!