හමුවෙමු අදත් සුපුරුදු දයාබරත්වයෙන්,සදහම් අමා සිසිලෙන් නිවී සැනසීමට.. පින්වත් මිතුරු මිතුරියනි..අපි කලින් දවසෙ කතා කල දේවල් ඔයලට මතක ඇති නේද?සියළු බාහිර අරමුනු චිත්‍ර ලෙස දැකීමෙන් ඒවාට ඇතිවන බැදීම් අඩුවන හැටි..දේවල් සහ පුද්ගලයන් මේ පෙනෙන ලෙසටම පවතිනවා කියන හැගීමම තමයි භවය යයි කියන්නේ..මේ අපි ඉන්ද්රියයන්ගෙන් අත්විදින ලෝකය මේ ලෙසටම පවතිනවා කියන හැඟීම ඇතිවන්නේ අවිද්‍යාව නිසයි..මෙන්න මේ පවතිනවා කියන හැඟීම නිසයි පවතින දේවල් සහ පුද්ගලයන් ගැන ආශාව හෝ තරහ ඇති වන්නේ..අපේ ඉන්ද්‍රියන්ට දැනෙන අරමුනු ත්‍රිමාන ස්වභාවයෙන් දැනීම නිසා මේ ඇලීම් ගැටීම් තදින් දැනෙනවා..3 ඩී චිත්‍රපටි බලලා තියන අය දන්නවා ඇති ඒ චිත්‍රපටි වලින් සාමන්‍ය චිත්‍රපටි වලට වඩා වැඩි ආශ්වාදයක් සහ මේ දකින්නේ ඇත්තක්මයි කියන මුලාවක් ඇතිවන බව..3 ඩී චිත්‍රපටි බලපු අය දන්නවා ඇති ඒ චිත්‍රපටි 3 ඩී විදියට බලන්න ඕනෑ නම් විශේශ ඇස් කන්නාඩි යුවලක් දාගන්න ඕනෑ බව..අන්න ඒ කන්නාඩි දෙක දැම්මයින් පස්සෙයි අපට ඒ චිත්‍රපටිය ත්‍රිමාන ලෙස පෙනෙන්නේ..ඒත් අපි හැමෝටම අවිද්‍යාවෙන් නොමිලේම 3 ඩී කන්නාඩි ලැබිල තියනවා..අන්න ඒ අවිද්‍යා 3 ඩී කන්නාඩි තුලින් සංස්කරනයවූ ලෝකයක් තමයි අපි විඤ්ඤානය තුලින් අත්විදින්නේ..තවත් විදියකට කියනවානම් අපිට සිහිනයක් දකිනකොට ඒක සිහිනයක් කියා කොහොමවත් හිතෙන්නේ නැතිවා වගේම අරිහත් තත්වයට නොපත් හැම කෙනෙකුම මේ සංසාර සිහිනයේ ගිලී එයින්ම සතුටු වෙමින් ඒ සමගම ගැටෙමින් ඉන්නවා..ඒත් යම් කෙනෙක් තමන් සිහිනයක් දකිද්දී ඒය සිහිනයක් පමනක් බව වටහා ගන්නවානම් ඒ සිහිනයෙන් මිදෙන්න බැරි උනත් අවම වශයෙන් සිහිනයෙන් දකින් දේවල් සමග ඇතිවන ඇලීම් ගැටීම් අවම කරගන්න පුලුවන් වෙනවා..ඉතින් අවම වශයෙන් ආර්ය මාර්ගයේ සෝතාපන්න ඵලයට හෝ පත් වූ අයෙකුට පමණයි තමන් මේ ජීවත් වන්නේ සිහිනයක බවවත් වැටහෙන්නේ..තවමත් සංසාර සිහිනයෙන් අවදි වෙන්නට නොහැකි වුනත් ඒ පුද්ගලයා තමන් ජීවත්වන්නේ සිහිනයක බව වටහා ගැනීමෙන්ම තවමත් සංසාර සිහිනයට මුලාවී ඉන්න අයට වඩා ඇලීම සහ ගැටීම අවම කරගන්න පුලුවන් වෙනවා.. බුදු රජාණන් වහන්සේ පංච කාමයන් සිහිනයෙන් දුටු දේ වලට උපමා කිරීමෙන්ද(සුපිනූපමා කාමා) අපහට පෙන්වා දෙන්නේ මේ යථාර්තයයි.. බුදු, පසේ බුදු ,රහතන් වහන්සේලා සිහින නොදකින බව කියා ඇත්තේද මෙන්න මේ නිසයි.. ඒ වගේම ඒ උතුමන් වහන්සේලා අවදි වූවන් ලෙස හදුන්වන්නේ මේ නිසාමයි.. ඔයාලත් සමහර විට දැකලා ඇති චිත්‍ර පටියක් ටෙලි නාට්‍යයක් බලමින් ඒයින් මුලාවට පත්වී හඬන දොඩන සිනා නගන අය..සමහර විට ඔයල හිතලත් ඇති මේ මොන මෝඩ කමක් ද කියලා..ඒත් අපිද මුලාවට පත්වී ඇලෙමින් ගැටෙමින් ඉන්නේ අවිද්‍යාව විසින් සංස්කරනය කොට විඤ්ඤානය විසින් අධ්‍යක්ෂනය කල ලොව විශිශ්ටතම චිත්‍ර පටය වන ''සංසාර සිහිනය'' නම් චිත්‍ර පටයට බව ඔයාල සමහර විට නොදන්නවා වෙන්න පුලුවන්..අවිද්‍යාවෙන් සිදුකරන මේ සංස්කරන ක්‍රියාවලිය අපට වටහා ගන්න පුලුව්න් වන්නේ සතිපට්ඨානය තුලිනුයි..සතිපට්ඨානය තුලින් ඇතිවන,ඇතිවන අරමුනු ඒ ඒ අවස්ථාවේදීම බිඳ වැටෙන හැටි දකින්විට අවිද්‍යාව ඇති සංස්කරන කිරීමෙ හැකියාව දුර්වල වේ.. මේ ක්‍රියාවලිය අවසානයේදී ප්‍රඥා ආලෝකය පහලවී ඒ නිසා අවිද්‍යාවේ සංස්කරන ක්රියාවලියා බිඳ වැටීම නිසා විඤ්ඤාණ අධ්යක්ශකයාට ''සංසාර සිහිනය'' චිත්‍ර පටය අතරමග නවතා දැමීමට සිදුවෙනවා.. ඒවිට සතිපට්ඨානය තුලින් සංසාර සිහිනයෙන් මිදී ඒ අමා නිවන් සුව අත් විදීමට හැකිවෙනවා..අපද සතිපට්ඨානය වඩා අවම වශයෙන් මේ සංසාර සිහිනය සිහිනයක් බව වැටහෙන තත්වය හෝ පත්වෙමු..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment