දුක දැකගමු..
ඔන්න ද්යාබර මිතුරු මිතුරියනේ අදත් මම ආව ඔයාලත් එක්ක සඳහම් අමා මී බෙදාහදා ගන්න..ඔයාල,මම අපි හැමෝම කැමති නේද අපි කැමති හැම දෙයක්ම ඒ විදියටම තියනවනම්..?ඒ වගේම අපි අකමැති දේවල් ඉක්මනටම නැති වී යනවනම්..ඒත් බොහොම වෙලාවට ඒක ඒ විදියටම වෙන්නෙ නෑ නේද?අන්න ඒ විදියට වෙන්නෙ නැති එකම නේද දුක කියල කියන්නෙ? දැන් අපි ටිකක් හොයා බලමු ඇයි අපි කැමති දේවල් ඒ විදියටම නොපවතින්නෙ?ඇයි අපි අකමැති දෙවල් ඉක්මනටම වෙනස් වෙලා නොයන්නෙ කියල..ඒකට හේතුව නම් මෙන්න මේකයි..අපි යමකට කැමතිනම් ඒ කැමති දෙය ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕන..ඉතිං අපි කැමති දෙය සිදු වෙන්න හේතු වෙච්ච කාරනය තවදුරටත් පවතින්නෙ නැත්නම් අපි කැමති කාරනය තව දුරටත් පවතින්නේ නෑ..ඒක හරියට මෙන්න මේ වගෙයි..යම් කෙනෙක් ඉර අව්ව්ට ගොඩාක් ආසයි..නමුත් ඒ පුද්ගලයා කොච්චර කැමති උනත් හවසට ඉර බැහැල යනකොටම අව්ව නැති වෙනවා..අව්ව පායන්න හේතු උන ඉර බැස්ස ගමන් අව්වත් නැති වෙනවා..මේක සත්ධර්මයෙ කියන්නෙ හේතුව නැති කල පලයද නැති වේ කියල..ඉති තවත් වෙලාවක අපි අකමති දේවල් අකමැති තත්වයන් අපි අකමැති උනත් වෙනස් නොවී තියනව.. ඒක වෙන්නෙ කොහොමද?කෙනෙකුගෙ කකුලෙ කට්ටක් ඇනෙනවා..ඉතිං ඒ පුද්ගලයාගේ කකුල කකියන්න ගන්නව...කොච්චර වේදනා නාශක බිව්වත් සුලු වෙලාවකින් නැවත් වේදනාව ඉස්මතු වෙනවා..මෙහෙම වෙන්නෙ ඇයි?කකුලේ වෙදනාවට හේතු වෙච්ච කටුව කකුලේ ඇනිල තියනකල්ම වේදනාවත් පවතිනවා.. මේකට සත්ධර්මයෙ කියන්නේ හේතුව ඇති තෙක් පලය පවති කියල..අපි බොහොම දෙනා උත්සා කරන්නෙ හේතුව නැති උනත් පලය පවත්වාගන යන්න..එහෙම නැත්නම් හේතුව තියෙද්දිම පලය නැති කරල දමන්න..මෙන්න මෙහෙම කරන්න බෑ කියල නොදැනීමමයි අවිද්‍යාව කියන්නෙ..ඔන්න ඔය බැරි දේවල් කරන්න ඇතිවන ආශාවමයි තෘශ්නාව කියන්නෙ..හේතුපල දහම නියම ලෙස වටහා ගන්නකලොය ලෙසමයි වන්නේ..අපි හැමොම හේතු පල දහම [පටිච්ච සමුප්පදය]නිවැරදි ලෙස වටහ්හගන සසර දුකෙන් මිදෙමු..ඒ අමා නිවනින් නිවී සැනසෙමු..මා දයාබර ඔයාල හැමෝටම උතුම් තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment