ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..ඔන්න අදත් අපි හමුවුනා සුපුරුදු දයාබරත්වයෙන් උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.
.අද අපි බලමු දුක ඇතිවෙන හැටි ගැන වෙනස් විදිහකට..යමෙක් වෙනස් වී යන ක්‍රියාකාරිත්වයක් වෙනස් නොවන ලෙස වැරදියට දැක්කොත් එතන කෙනෙක්,දෙයක් ඈතිවෙනව..අන්න ඒ ලෙසට කෙනෙක්,දෙයක් බවට පත් වීමත් සමගමයි තෘශ්නාව උපදින්නේ.. ඒ සමගම කෙනෙක් දෙයක් වීමත් සමගම වෙනස් වීමත් ඇරබෙනවා..මෙන්න මේ ලෙසට අනිතය පහල වීමත් සමගම අනිත්යයේ නිත්ය සංඤාව පහලා වනවා..මෙසේ අවිද්යාව නිසාම පහල වන්නාවු අනිත්යද,අවිද්‍යාව නිසාම පහලවූ තෘශ්නාවද හේතුවෙනුයි දුක පහල වන්නේ..සසර දුක උපදවන්නාවූ මව් පියන් වන්නේ මේ අවිද්‍යාව සහ තෘශ්නාවමයි..මේ අවිද්යාව විසින් දෙයක් ඇත කිය සංකල්පයක් පහල වීමත් සමගම් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයක්ද පහලවේ..මෙන්න මේ ද්වයතාවය පහලවීමත් සමගම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා වෙනස් වීම නම් වූ ක්‍රියාකාරිත්වයක් හටගනී..මෙහිදී යමෙක් එක් අන්තයකට ඇලීයෑම නිසාම තමන් කැමති ස්වභාවය වෙනස් වී අකමැති ස්වභාවයට පත්වීම නම් වූ අනිත්‍යය පහල වේ..මෙයම දුකට හේතුවද වේ..දුක්ඛාර්ය සත්‍යට අයත් පිය විප්පයෝගෝ දුක්ඛෝ එනම් ප්‍රිය ස්වභාවයෙන් වෙන්වීමෙ දුක නම් මෙයයි..මෙසේ ප්‍රිය ස්වභාවයෙන් ඉවත්වීමත් සමගම අත්විදීමට සිදුවන්නේ තමන් අකමැති ස්වභාවය යි..මෙයනම් අප්පිය සම්පයෝගො දුක්ඛෝ නම් අප්‍රිය තත්වයන් අත්විදීමට සිදු වීමෙ දුකයි..මේ කිසි වක් සිදු වූ යේ තමන් කැමති ලෙස නොවේ..මෙයනම් යං පිච්චං නලභති තම්පි දුක්ඛං නම්වූ කැමති තත්වය නොලැබීමේ දුකයි..දැන් මොකද ඔයාල හිතන්නේ?මොකද්ද ඔය දුකට හේතුව?හොඳින් හිතා බලන්න යමෙක් එක් අන්තයකට ඇලී යෑම නිසාම නේද මේ ඔක්කොකොම දුක් පහල උනේ කියල..
මෙන්න මේ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනාවා අන්ත වල නොඇලුනාවූ මද්‍යම ප්‍රතිපදාව..ඒ නම් ආර්ය අශ්ඨාංගික මාර්ගයයි.
.දැන් ඒ ගැන බලමු..කිසිදු දෘශ්ඨියකට නොබැදුන සම්මා දිට්ඨියද,කැමත්තෙන් මිදීම නම් වූ නෙක්ඛම්මයද අකමැත්තෙන් මිදීම නම් වූ අව්‍යාපාද අවිහිංසා වෙන් යුතු සම්මා සංකප්පයද,ඇලීම් ගැටීම් වලින් මිදී වචන පාවිච්චි කිරීම නන් වූ සම්මා වාචා ද,ඇලීම් ගැටීම් වලින් මිදී කරනු ලබන කායික ක්‍රියා නම් වූ සම්මා කම්මන්ත ද,අලීම් ගැටීම් වලින් මිදී දිවි පැවෑත්ම නම් වූ සම්මා ආජීවයද,ඇලීම් ගැටීම් වලින් මිදී සිහිය පැවත්වීම නම්වූ සම්මා සතියද, මේ කියපු මාර්ගාංග පවත්වාගන යෑමට අවශ්ය උත්සාහය නම් වූ සම්ම වායාමද,මුලින් කිව් කාරනා සම්පූර්න වීම නිසා ඇතිවූ සිතේ එකගකම් නම් වූ සම්මා සමාධිය ටයි මද්‍යම ප්‍රතිපදාව කියන්නේ..මෙන්න මේ ලෙසට අන්ත අත හරිමින් මාර්ගය වඩන්නාට අවසානයේ අන්ත වලින් මිදීමට පුලුවන් වෙනවා.. අන්තයන් ගෙන් මිදීම නිසා අන්තයන් දෙක අතර වෙනස් වීම නම් වූ අනිත්‍යයයෙන් ද මිදෙයි..ඒ නිසාම දුකෙන් මිදීමද සිදුවේ..පින්වත් මිතුරු මිතුරියනි ඔබද අපද මේ අන්තයන්ගෙන් මිදී සදා සැනසීම නම් වූ ඒ අමා නිවන් සුවයට පත්වීමට අද අදම උත්සාහ කරමු.. පින්වත් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!

No comments:
Post a Comment