සුවපත්වෙමු !!!

ඔන්න පින්වත් මිතුරු මිතුරියනේ..ගොඩාක් කාලෙකට පස්සෙ ඔයාලව ඔයලව හමුවෙන්න ආව..සදහම් අමා රස ඔයාලත් එක්ක බෙදාහදා ගන්න.පහුගිය ටිකේ වැටුන අනෝරා වෑස්සත් එක්ක හෙම්බිරිස්සා උන හැම තැනම..ඉතිං අපි හෙම්බිස්සා උන හැදුනම මොකද කරන්නෙ? අපි දොස්තර මහත්තයෙක්ට පෙන්වල බෙහෙත් ඉල්ලා ගන්නවනේ..ඉතිං දොස්තර මහත්තයත් අපට බෙහෙත් දෙනගමන් මෙන්න මේ විදියට අපට උපදෙස් දෙනව..මේ සීත දවවල බොහොම පරිස්සම් වෙන්න ඕන..වැහි පිණි වදින්න හොඳ නෑ..හුලං වදින්න හොඳ නෑ..එලිපහලියට යනවනම් හොඳට ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳල පිණි බානවට මොකක්හරි පොරවල යන්න..ඇල්වතුර අල්ලන්න එපා..සීතල කෑම බීම ගන්න එපා..ඔයවගේ උපදෙස් ගොඩක් දෙනව..ඒ එක්කම කියනව මේ බෙහෙත් ට්ක නොවරදවාම නොකඩවාම ගන්න ඕන..මම එපා කියපුව නොකර,මම කියපු විදියට එක දිගට බෙහෙත් පාවිච්චි කලොත්නම් ලෙඩේ හොඳ කරගන්න පුලුවන් වෙයි..හැබැයි මම කියන විදියට නොකලොත්නම්,ලෙඩේ වැඩි වෙලා නිව්මෝනියාවට ඇවිත් මැරෙන්නත් පුලුවන්..ඉතිං අපි මොකද කරන්නෙ?දොස්තර මහත්තය නොකර ඉන්න කියපු දේවල් කරනවද?බොන්න කියපු විදියට බෙහෙත් නොබී ඉන්නවද?නෑ..අපි දොස්තර මහත්තය උපදෙස් දුන්න විදියටම කරන්න එපා කිව් දේවල් නොකර ඉන්නව.. පාවිච්චි කරන්න කිව් විදියටම බෙහෙත් පාව්හිං අපීච්චි කරනව.. දොස්තර මහත්තයගෙ උපදෙස් ඒ විදියටම පිලිපැද්දම ලෙඩේ සනීප වෙනව.. 
දැන් අපි බලමු නිවන් මගට මේ ක්‍රමය ගලපන්න පුලුවන්ද කියල..බුදු හාමුදුරුවො දේශනා කරල තියන විදියට භයානකම ලෙඩේ තමයි සංසාර රෝගය..{සංසාරෝගා මහබ්බයා}ඉතිං අපි හැමෝම ඒ සංසාර රෝගය හැදිච්ච ලෙඩ්ඩු..කාටහරි මෙන්න මේ සංසාර ලෙඩේ හොඳ කරගන්න ඕනනම් කල්යාණ මිත්‍රයෙක් ලඟට යන්නම වෙනව..හරියට උන හෙම්බිරිස්සව හැදුනම දොස්තර මහත්තයෙක් ලඟට යන්න වෙනව වගේ..ඉතිං ඒ උතුම් කල්යාණ මිත්‍රයනන් අපට උපදෙස් දෙනවා මේ සංසාර රෝගය සුව කරගන්න ඕනැනම් ඉන්ද්‍රිය සංවර කරගන්න..ආහාරයේ පමන දැනගන්න..අනිත් අයට කෙලෙස් ඇති නොවීමටත් තමන්ගේ ආරක්ශාව පිනිසත් ඇදුම් පැලඳුමෙන් සංවර වෙන්න ආදී වශයෙන්..හරියට දොස්තර මහත්තයා වැස්සෙ පින්නෙ යන්න එපා...ඇල්වතුර අල්ලන්න එපා..ඔය වගේ උපදෙස් දෙනව වගේ..ඒ එක්කම කල්යාණ මිත්‍රයා උපදෙස් දෙනවා..සතර කමටහන් වඩන්න.. සතර සතිපට්ඨානය වඩන්න කියල...ඒක හරියටම දොස්තර මහත්තය දීපු බෙහෙත් නොකඩවා නොවරදවා බොන්න කිව්ව වගේ..කෙනෙක් මෙන්න මෙහෙම හිතුවොත් මොකක් වේවිද? ඔය දොස්තරල කිව්වට අපිට තියන වැඩ එක්ක කොහොමද වැහිපිණි නොවැදී ඉන්නෙ?කොහොමද ඔය කියන දේවල් නොකර ඉන්නෙ?ඔන්න ඔය දීපු බෙහෙත් ටික බීල හිටියම ඇති..ඔහොම හිතුවොත් මොකක් වේවිද? නිසැක ලෙස ලෙඩේ අමාරු වෙනවා..සුවයක් වෙන්නෙනම් නෑ..ඔන්න ඔය වගේ තමයි ,සමහරු ඉන්ද්‍රිය සංවර කරගන්න උත්සාහ ගන්නෙ නෑ..සීලයක් රකින්න උත්සාහ කරන්නෙ නෑ..භාවනවක් වැඩුවම ඇති කියල හිතං ඉන්නවා..ඉතිං ඒ අයගේ සංසාර රෝගය සුව වෙයිද?කවදාවත් නෑ..
ඉතිං පින්වත් මිතුරු මිතුරියනි..අපි උන හෙම්බිරිස්සාවකට දක්වන සැලකිල්ල තරම් වත් සැලකිල්ලක් සංසාර රෝගය සුවකර ගැනීමට දක්වනවාද කියා ටිකක් හිතල බලන්න..සාමන්ය උන හෙම්බිරිස්සාවකට වඩා සංසාර රෝගය දුකක් බව වටහාගන කල්යාණ මිත්‍රයාගේ උපදෙස් ඒ ලෙසටම පිලිපැද මේ බියකරු සසර දුකෙන් මිදෙමු..ඒ අමා නිවනින් නිවී සැනසෙමු..ඔයල හැමෝටම තෙරුවන් සරණයි..!

No comments:

Post a Comment