තෙරුවන් සරණයි පින්වත් මිතුරු මිතුරියනි..ඔන්න මම අදත් ආවා..හැමදාම වගේ සදහම් අමා මී බිඳක් ඔයාලත් එක්ක බෙදා ගන්න..අපි හැමෝම දන්නව,ඒ අමා නිවන් සුව විදීමට නම්, ඒ උතුම් චතුරාර්ය සත්ය අවබෝධ කිරීමට නම් යහපත් වූ සිත එකග කමක් ඒ කියන්නෙ සම්මා සමාධියක් තියෙන්නම ඕනෑ බව..
ඒත් ඉතිං සම්මා සමාධිය කියන්නෙ නිකම්ම නිකං ලෞකික ධ්‍යානයක් නෙවෙයි..ඒ උතුම් සම්මා සමාධිය ලබා ගැනීමටනම් තවත් කරුණු 7 වැඩිය යුතු බවයි බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ..එයින් මුලටම ඇත්තේ මෙහී ඉතාම වටිනා ඉතාම වැදගත් දෙය වන ''සම්මා දිට්ඨිය'' යි.. යමෙකුට සම්මා සමාධියක් ලැබිය හැකි වන්නේ මෙන්න මේ ඉතා වටිනා ඉතා දුලබ දෙයක් වන සම්මා දිට්ඨිය ඇත්නම් පමණයි..මොකද කියනවනම්, යම් කෙනෙක්ට නිවන් මග වැඩීමට කැමත්තක් ඇති වන්නේම සසර දුකක් බව වැටහී යාමත් සමගම වීමයි..කෙටියෙන්ම කියනවානම් පංච උපාදානස්කන්දයක් ඉපදීම දුකක් බවත්, පංච උපාධානස්කන්දය පවත්වාගන යාමම දුකක් ලෙස වටහා ගැනීමෙනුයි..මී ලඟට වැටහෙන කරුන නම් සම්පූර්නයෙන් දුකක් වූ මේ පංච උපාදානස්කන්ධය ඇති වීමට හේතුවනම් මෙයට ඇති තෘශ්නාව බවයි..මේ තෘශ්නාව නැති කර ගනීමෙන් මේ පංච උපාදානස්කන්ධයේ හට නොගැනීම නම් සියලු දුකින් මිදීම බවයි..ඒ සදහා එකම මග ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් වැටහී යාමයි..මේ කියන වැටහීමකින් තොරව කිසිම කෙනෙක්ට සම්මා සමාධියක් ලබන්න බැරි වෙනවා..
ඒත් සමගම සම්මා සමාධියක් ලැබීමට තවත් කරුනු 6 සම්පූර්ණ වෙන්න ඕනැ වෙනවා..ඒවානම් පංච කාමයෙන් වෙන් වීම සහ කරුනා මෛත්රීවය නම් වූ සම්මා සංකප්පයද,කය, වචනයේ සංවරය නම් වූ සම්මා වාචා සහ සම්මා කම්මන්තයද.. මෙන්න මේ කරුනු වලින් යුතුව ජීවිතය ගත කිරීම නම් වූ සම්මා ආජීවය ද ඉහත කියවුනු කරුණු පවත් වා ගැනීමට අවශ්ය වන්නාවූ වීර්ය නම් වූ සම්මා වායාමයාද,මේවා පවත්වාගන යෑමට අත්යාවශ්ය වූ සම්මා සතියද ඇති කර ගත යුතුයි..
දැන් ඉතිං අපි බලමු, මේ කියපු දෙවල් නිසා කොහොමද සිතේ නොවෙනස් වන සුළු සමාධියක් ඇති වන්නේ කියල..කලින්ම කියපු සම්මා දිට්ඨිය ඇති කෙනෙක් තුල ඇති දුකින් මිදීමේ කැමැත්තක් ඇති වෙනවා.. ඒ දුකට හේතු වන්නාවූ තෘශ්නාව නැති කර ගැනීමී කැමත්තකුත් ඇති වෙනවා..තෘශ්නාව නම් ඇලීම සහ ගැටීම කියල තෙරුම් ගැනීමත් සමගම ඇලීමෙන් ගැටීමෙන් මිදීම සඳහා ඉන්ද්රිාය සංවර කරගන්නවා..ඉන්දිය සංවරයත් සමගම ඇලීම ගැටීම දුරු වීමෙන් හිත සංසිදෙනවා..මෙය අවබෝධයෙන් වන සංසිදීමක් නිසා ලෞකික ධ්‍යාන මෙන් ඉක්මනින් බිදී යාමක් වන්නේ නෑ..මෙසේ ඇති කරගන්නා සම්මා සමාධිය උපයෝගී කරගනිමිනුයි විදසුන් වැඩීම කරන්නේ..මෙසේ විදසුන් වැඩීම තුලිනුයි උතුම් චතුරාර්ය සත්යාවබෝධ වීමෙන් ඒ අමා නිවන් සුව ලබන්නේ..
පින්වත් ඔබ අප සැම් දෙනාම උතුම් සම්මා සමධියක් ඇති කොට ගෙන ඒ තුලින් විදසුන් වඩා ඒ උතුම් චතුරාර්ය සත්යාවබෝධ කොට ඒ අමා නිවන් සුව මේ ජීවිතයේදීම ලබමු..ඔයාල හැම දෙනාටම තෙරුවන් සරණයි..
No comments:
Post a Comment