විදසුන් ඇස10
තෙරුවන් සරණයි පින්වත් මිතුරු මිතුරියනේ..සුන්දර උදෑසනක යලිත් අප හමුවන්නේ උතුම් සත්ධර්මය සමගින්..මිතුරු මිතුරියනේ..අපට සත්ධර්මය ඕනැ වෙන්නෙ ඇයි..අපි සසර දුකින් පෙලෙන නිසා නේද?දැන් අපි බලමු කොහොමද මේ දුක ඇති වෙන්නේ..කොහොමද මේ දුක නැති කරගන්නේ කියල..මේ දුක ඇති වෙන්නෙ මෙන්න මේ ආකාරයටයි..අපි යම් දෙයකට හෝ කෙනෙකුට කැමති වෙනවා..ආශා කරනවා..අපි කැමති වන ආශා කරන ඒ දෙය හෝ ඒ පුද්ගලයා,වෙනස් වෙනවා..නැති වෙලා යනවා..කැඩී බිදී යනවා..මෙන්න මෙ විදියට අපි ආශා කරන දේවල් පුද්ගලයන් අනිත්‍ය වීමෙන් දුක ඇති වෙනවා..මේක මේ විදියටත් කියන්න පුලුවන්..අපි වෙනස් වී යන දෙයට ආශා කිරීමෙනුයි දුක හට ගන්නේ..ඉතිං කොහොමද අපි දුක නැති කර ගන්නේ? ඒක කරන්නේ අපට දුක ඇති වීමට හේතු වූ තත්වයන් නැති කිරීමෙනුයි..දැන් අපි බලමු අපට දුක ඇති වීමට හේතු වූ කරුන වෙනස් කරන්න පුලුවන් ද කියල..පළවෙනි හේතුව අපි ආශා කරන පුද්ගලයන්, දේවල් වෙනස් වී යෑම..මෙන්න මෙකෙන් ඇතිවෙන දුක අපට නැති කරගන්න පුලුවන් අපි ආශා කරන පුද්ගලයන් දේවල් වෙනස් නොවී පවත්වාගන යන්න පුලුවන්නම්..ඒත් එක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නොවෙයි..දැන් බලමු ඊලග හේතුව.. අපිට පුලුවන් වෙනස් වී යන පුද්ගලයන්ට දේ වලට ආශා නොකර සිටීමට...අන්න ඒකනම් අපට කරන්න පුලුවන් දෙයක්..එහෙම නේද ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..අපට පුලුවන්නම් ..අපට පෙනෙන ඇහෙන..දැනෙන.. හිතෙන හැම අරමුනක්ම වෙනස් වෙලා යන දේවල් හැටියට දකින්න..වෙනස් වෙලා යන දේවල් වලට ආශා කිරීම් දුකක් ලෙස දකින්න..මේ වෙනස් වීම පාලනය කරන්න බැරි දෙයක් ලෙස දකින්න..මෙන්න මෙහෙම දකින්න පුලුවන් උනොත් අපට පුලුවන් වෙනවා වෙනස් වෙන දේ වලට වෙනස්වන පුද්ගලයන්ට ආශා නොකර සිටීමට..අන්න එතකොට දුකට හේතු වූ කාරනය නැති නිසා දුක ඇති වන්නේත් නෑ.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..දුක නිවන මග කියන්නෙත් මෙකටමයි..විදර්ශනාව කියන්නෙත් මෙකටමයි..පටිච්ච සමුප්පාදය දැකීම කියන්නෙත් මේකටමයි..පින්වත් ඔබ අප හැම දෙනාම් උතුම් ශ්රී සත්ධර්මයේ පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදර්ශනාව වඩා චතුරාර්ය සත්‍යාවබෝධ කොට ඒ අමා නිවනින් නිවී සැනසෙමු..ඔයාල හැමෝටටම තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment