පින්වත් ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

ඔන ගොඩාක් කාලෙකට පස්සෙ ඔබ සැම දෙනා හමු වෙන්න ආවා සදගම් ගඟුලත් සමගින්..

අද අපි  විමසා බලන්නේ නිවෙන්නෙ කෙසේද යන කාරනය..  පලමු කොටම අප නිවෙන්න අවශ්‍ය නම් නොදැවී ඉන්න අවශ්‍ය බව වටහා ගතයුතු වෙනවා..ඒ සමගම අප දැවීමට හේතු වන්නෙ මොනවානිසාදැයි වටහා ගත යුතු වනවා.. දැන් අප  මදක් සොයා බලමු නිවෙන්නේ කෙසේද කියා.. අපට යම් සිතිවිල්ලක් පහල වෙද්දීම යම් අපහසුවක් පීඩාවක් පහල වේනම් .. අපට යම් වේදණාවක් නිසා  මානසික පීඩාවක් පහල වේනම්.. එතැන අනිවාරය‍එන් ඒ සිතිල්ල දේවේෂය සමග ඇති වන්නක්, මෙන්න මැතැනදී අප වටහා ගත යුතු වෙනවා මේ දැනෙන්නා වූ පීඩන සන්තාප අයාත් වන්නේ දුක්ඛ සත්‍යයට,, යම් තැනක දුක උපදී නම් ඒ දුක උපදින්නේ ම කෙලෙස් නිසාවෙන්නමයි,, ඒ ආකාරයට වටහා ගැනීමෙන්ම අප ඒ ගැටීම් සිත අත් හල යුතු වේ නිවීමට අවශ්‍ය වේ නම්.. මෙන්න මේ ආකාරයට ඒ ඒ සිතිවිල්ල සමගම උපදනා කෙලෙස් සිත් හදුනා ගැනීම යෝනිසෝ මනසිකාර නම් වේ.. මෙසේ යෝනිසෝ මනසිකාරය තුලින්ම අපට උතුම් වූ චතුරාර්‍ය සත්‍යාවබෝධයටද ලැබිය හැකි වේ

.ඒ සමගම අප තව දෙයක් වටහා ගැනීමට උත්සහ කරමු.. එනම් පීඩාව යනු   පීඩනය සහ රත් වීමයි.. අපට දුක්ඛ සත්‍ය වටහා ගැනීමට ලබා දී ඇති Pressure and heat senser

එක නම් යෝනිසෝ මනසිකාරයය‍
). එයින් අප රත්වී පීඩනයට පත් වීගන එන බව දැනුම් දේ..දැවෙන තැවෙන දේ අත්හල යුතු බව දැනුම් දේ.. දේවේෂය මෙන්ම ආශාවන් ද අපව රත් කිරීමට පීඩනයට පත් කලත් ඒ රත් වීම හෝ පීඩනය අපට දුකක් ලෙස නොදැනෙන්නේ ඒ වන විටත් ඒ රත්වීම සහ පීඩනය අපට සුවයක් සේ දැනෙන නිසයි..අපේ Pressure and heat senser එක (යෝනිසෝ මනසිකාරය)හොඳින් ක්‍රියාත්මක වේනම් අපට ඒ අවස්තාවේදීම රත්වීගන පීඩනයට පත්වීගන ඒම වටහා ගත් හැකි වෙනු ඇත... අවසන් වශ්‍යයෙන් අප හැමෝම  නිවීමට අවශ්‍ය නම් Pressure and heat senser  (යෝනිසෝ මනසිකාරය) පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වන බව කිව යුතුම වේ.. එන්න අප ප්‍රායෝගිකව නිවීමට කටයුතු කිරීමට..  

සැමට තෙරුවන් සරනයි   


මෙත් මලින් සමිදු පුදමු


 තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට

අද මම ඔබ සැමගෙන් වැදගත් යමක් අසන්නයි යන්නෙ..පින්වත් ඔබලාගෙන් යමෙක්ට සිහිනයෙන් හෝ බුදු සමිදුට ලෝ දිය හෝ ගිනි අගුරු පූජා කිරීමට සිතේද? නිසැක ලෙසම කිසිවකුටත් සිහිනයකින් පවා එවැන්නකත් නොසිතෙන බවට නොඅනුමානය.. මන්නද ලෝ දිය හෝ ගිණි අගුරු කර්ම විපාක ලෙ ලැබෙන්නෙ නිරයේ නිරි සත්වයන්ට පමණක් නිසාය.. මුත් පිවත් ඔබේ හද මඩල සම්මා සම්බුදු රජානන් වහන්සේ වැඩ වෙසෙන බුද්ධ මන්දිරයක් වේනම් ඔබ තුල හටගන්නා ද්වේෂ මූල සිත් භාග්‍යවතුන් වහන්සේට ලෝ දිය සහ ගිණි අගුරු සැපයීමක් ලෙස හදුන්වා දිය හැක... පින්වත් ඔබ සැමගේ හද මඩලේ ඇති සුගක්ධ කුටියේ ඇති පූජාසනයේ අප පිදිය යුතුතේ ලෝ දිය සහ ගිණි අගුරු වන් ද්වේෂ සිත් නොව මෙත් මල් සහ සදහම් අමා පැන් නොවේද?  ප්‍ර්‍රතිපත්තියෙන් සිදු කල යුතු නියම සම්බුද්ධ පූජාව එයම නොවේද? අද මේ සටහන කියවු පසුව හෝ පින්වත් ඔබ සැම දෙනා හද මඩලේ වැඩ වෙසෙන සම්මා සම්බුදු රාඩානන් වහන්සේ උදෙසා ලෝ දිය සහ ගිනිා අගුරු වන් ද්වේෂ සිත නොයෙදිමට ද සම්බුද්ධ පූජාව සදහා මෙත් මල් සහ සදහම් අමා පැන් යොදා ගැනකීමට උත්සාහ කරන්න 

පින්වත් ඔබ සියළු ‍ෙනාටම යහපතක්ම ‍වේවා....

නාම රූපයට නොඅැලුන නොබැදුන මුලා නොවුන විඤ්ඤාණය..නාම රූප සිර ගෙය රජ මැදුරක් සේ මුලාව එහිම සිරගත වු විඤඤාණය.. මුලාව වැටහුන දා සිර ගෙදරින් මිදි අනන්ත අපරිමාන ස්වභාවයට..ගොඩ නැගීමක් නැති නඩත්ත්තු කිරිමක් නැති පවත්වාගන යාමක්ද නැති..කැඩි බිදී යාමක්ද නැති අනන්ත අපරිමා
න තත්වයට..(ද්විත්වයෙන් මිදීම)

බොජ්ජංග හඳුනා ගනිමු..!

තෙරුවන් සරණයි..
සැදැවත් පින්වත් ඔබ සැමට පින්බර වෙසත් සමයක් වේවා යයි පතමින් යලිත් හමුවෙමු මෙසේ අමා සදහම් බිඳක් ඔබ සමග බෙදා ගැනීම සඳහා...අද අපි නිවීම සඳහා යන ගමනේ අත්‍යාවංශ අංගක් වන සප්ත බොජ්ජංග හඳුනා ගනිමු..අප දැන් සප්ත බොජ්ංගයන් හී පළමවෙනි සම්බොජ්ංගය වන සති සංබොජ්ජංගය හඳුනා ගනිමු..සත්‍යාවබෝධයට අත්‍යාවශ්‍ය වන සතිය නම් ධර්මතාවය යනු යම් අරමුනක් ගැනීමේ දී ඒ අරමුණ ඉපදුන බව පැහැදිලිව දැන ගැනීම සහ ඒ ඒ අරමුණු වෙතම අවධානය පැවැත්වීමයි.අපි මේ සමගම දෙවන සංබොජ්ජංගය වන ධම්ම විචය සංබොජ්ජංගයද හඳුනා ගනිමු ..මෙය නම් අරමුනෙහි සැබෑ ස්වභාවය වටහා ගන්නා ධර්ම තාවයයි..අප මේ සඳහා ආනාපානසති කර්මතානය තුලින් බැලුවහොත් එහි හුස්ම ඉහල පහල යන ස්වභාවය ඒ ඒ අවස්ථාවේදීම දැනගන්නා ස්වභාවය සති සම්බොජ්ංගය වන අතර සුසුම් රැල්ලේ හට ගන්නා අවස්ථාව වෙනස්වෙමින් පවතින බව අවස්නි බව..ඒ ඒ අවස්ථාවේ සුසුමේ දිග තෙට බව ආදි තතිවයන් වටහා ගැනීම මෙයි ධම්ම විචය සම්බොජ්ංගයයි..මේ සමගම පහලවන අනෙක් සම්බොජ්ංගයනම් විර්‍ය්‍ය සම්බොජ්ංගයයි.. විර්‍ය්‍ය සම්බොජ්ංගය නම් උපන්නාවූ සති සම්බොජ්ංගයද ධම්ම විචය සම්බොජ්ංගය පවත්වාගන යෑමේ ක්‍රියාකාරිත්වයද මේ සම්බොජ්ංගයන් බිද වැටෙන විට නැවත ඉපදවීමේ ක්‍රියාකාරිත්වයයි..මෙසේ මේ සති සංබොජ්ජංගය ද ධම්ම විචය සංබොජ්ජංගය ද විර්‍ය්‍ය සම්බොජ්ංගය ද ක්‍රියකාරීව පැවතීමේදී ඒ හේතුවෙන් සිත් සතන් පිනායන සහ නීවරණයන් අවරහිර කරන ස්වභාවය වන ප්‍රීති සම්බොජ්ංගය ද සිත කයෙහි අපහසුතා දුරු කොට කායික මානසික පහසුව ඇති කරවන පස්සද්දි විර්‍ය්‍ය සම්බොජ්ංගය ද සිත් සතන් හී විසිරෙන ස්වභවය දුරුකොට එ්කාග්‍රතාව ඇතිකරවන සමාධි විර්‍ය්‍ය සම්බොජ්ංගය ද සිත මධ්‍යස්ත තාවයට පත්කරන උපේක්ෂා විර්‍ය්‍ය සම්බොජ්ංගය ද උපදී..මේ අප විසින් දක්වන ලද්දේ සම්බොජ්ංග නිවැරදිව හඳුනාගැනීමට උපකාරී වාය හැති කෙටි උපදෙස් කිහිපයකි..මේ උතුම් වෙසත් සමයෙහි ඒකායන මාර්ගය වන සති පට්ඨානය වැඩීම තුලින් සප්ත සම්බොජ්ංග උපදවා ගැනීමෙන් උතුම් වූ චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධ කොට ඒ අමා නිවන් සුවයට පත්වෙත්වා
ඔබ සැමට තෙරුවන් සරණයි..!

දුකට කැමතිවීම හෙවත් කැමැත්තෙන් දුක් විදීම

ඔන්න මම ආයෙත් ආවා ගොඩක් කාලෙකට පස්සෙ උතුම් සදහම් අමා මී ඔයාලත් එක්ක බෙදා හදාගන්න.. ඉතිං අපි හැමෝම දන්නව අපි හැමොටම යම්යම දුක් තියනබව...ඒත් අපි බොහෝ දෙනෙක් දන්නෙ නෑ අපි දුක් විදින්නෙ මොකක් නිසාද කියල...ඒක මෙන්න මේ වගේ දෙයක්...
.යම් පුද්ගලයෙක් ඉන්නවා ගිනියම් වෙලා රතු පාටින් දිලසෙක යකඩයක් තදින් අතින් අල්ලාගන..මේ නිසාම එයාගෙ අත තදින් පිලිස්දීමකට ලක් වෙනවා..ඒ එක්කම එයා වේදනාවෙන් කෑ ගසනවා මේ විදියට..අනේ මගේ අත පිච්චෙනවෝ...අනේ කව්රුහරි උදව් කරන්නකෝ...ඔන්න ඔය විදියට...ඔය වෙලාවෙ කව්රුහරි සත්පුරරුෂයෙකුට මෙයා කෑ ගසනවා ඇහිල ඇවිත් බලනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියල..ඒතකොට ඒ සත් පුරුෂයට පේනවා මේ පුද්ගලය ගිනිම් වූ යකඩයක් අල්ලාගන සිටීම නිසයි මේ දුකට පත්වී ඇත්තේ කියල...ඉතිං ඒ සත්පුරුෂයා  අර පීඩාවට පත්චේච්ච පුදගලයාට කියනවා මෙහෙම....ඉක්මනට ඔයා ඔය අල්ලාගන ඉන්න යකඩය අත අරින්න..එතකොට ඔය දුකින් මිදෙන්න පුලුවන් කියල...එතකොට අර ගිණියම් වූ යකඩය අල්ලාගන ඉන්න පුද්ගලයා මෙහෙම කියනවා...ඒකනම් මමත් දන්නවා...ඒත් මෙච්චර ලස්සන යකඩයක් අත අරින්න මට ඕනැ නෑ...මම උදව් ඉල්ලුවෙ මේකෙන මාව පිච්චෙන එකෙන් බේරෙන්න..අනේ මේකනම් අත අරින්න කියන්න එා...පුලුවන්නනම් මේ යකඩය සීතල කරගන්න හැටි කියන්න‍කෝ..ඔන්න ඔය විදියටයි ඒ පුද්ගලයා කියන්නෙ...
ඉතිං මේ සසරේ දුක් විදින අපි බොහෝ දෙනෙකුට දුකින් මිදීම ගැන සිතෙන්නෙ ඔය විදිහට නේද? යම් වෙලාවක අර ගිනියම් වූ යකඩය අල්ලාගන සිටින පුද්ගලයාට වැටහුනොත් මම මේ දුක් විදින්නේ මේ ගිනියම් වූ යකඩයක් අල්ලාගන සිටීම නිසානේද කියල..ඒ පුද්ගලයා ඒ වෙලාවේම ඒ යකඩය අත අරිනවා...පිලිස්සීමේ දුකින් මිදෙනවා...බලන්න අපිත් ඔන්න ඔහොමම නේද...ඉතිං අපිත් දුක් විදින්න කැමති නැතිවූනාට,දුක අත අරින්නත් කැමැත්තක් නෑ..දුක අත අරින්න කැමතිනැති වන්නෙ මොකද කියල බැලුවොත් පෙනෙන්නෙ දුකට යම් වටිනාකමක් දීල දුකම මම කරගන දුකම මගේ කරගන ඉන්න බවයි..අද අපි මම කරගන මගේ කරගන ඉන්නෙ අපිව පීඩාවට පත්කරවන දුකම කියල වටහාගත් දිනක අපි හැමෝටම මේ බියකරු සසර දුකින් නිවී සැනසීමට පත්වනවා ඇති..ඉතිං සැදැහැවත් මිතුරු මිතුරියන් මේ ජීවිතයේදීම අප මම මගේ කියා අල්ලාගන සිටින්නේ දුකම බව වැටහේවා...! එසේ අලිලාගන සිටීමම දුකට හේතුවලෙස වැටහේවා...! එසේ අල්ලාගත් සියල්ල අතහැරීමෙන් සසර දුක නිවෙන බව වැටහේවා..! එසේ අතහැරීමට ගතයුතු ක්‍රියා මාර්ගයද වැ‍ටහේවා...! මේ උතුම් චතුරායර්‍ සත්‍යාවබෝධයෙන් මේ ජීවිතයේදීම ඒ අමා නිවනින් නිවී සැනසේවා...සාධු...!සාධු...! සාධු...!

දුක නිවන මග..

ඔන්න දයාබර මිතුරු මිතුරියනේ .. ගොඩාක් කාලෙකට පස්සේ  හාමුවෙන්න ආව නැවතත් උතුම් සදහම් අමා මී ඔයාලත් එක්ක බෙදා හදා ගන්න.. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න බොහො දේ තිබුනත් දවසින් දවසම ඔයාලව හමු වෙන එක ප්‍රමාද උනා.. ඉතින් ඔන්න අදනම් ආව ඔයාලව හමු වෙන්න සුපුරුදු දයාබරත්වයෙන්.. මේ කාලය තුලදී හමු වුන ගොඩක් දෙනා අපිත් නිවන් දකින්න කැමති කියල ..ඉතින්  කොහොමද නිවන් දකින්නේ කියල ඇහුවම හැමදෙනාම  චතුරාර්ය සත්‍යාවබෝධ කරලා තමයි නිවන් දකින්නේ කියලා..  එත් ඉතිං චතුරාර්ය සත්‍යාවබෝධ කරන්නේ කොහොමද කියල ඇහුවම බොහොමයක් දෙනාට එකට පැහැදිලි උත්තරයක් නෑ ,,
ඔන්න ඔය කාරණය නිසා  හිතුන ඔයාලත් එක්ක මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න  කරන්න ඔනෑ කියල..
දැන් ඉතිං අපි මේ ගැන ටිකක් හොයල බලමු.. ඔයාල හිතන්නේ  දුකක් දැනෙනවානම් ඒ දුක දැනෙන්නේ කොහොමද? ඔන්න එතකොට අපි හැමෝටම තේරෙනවා අපි ඕනෑ  කෙනෙක්ට වැටහෙනවා අපිට දුකක් දැනෙනවා නම් දැ නෙන්නෙම මේ ඇස් කන් ආදී ආයතන 6 නිසාම බව..ඒ එක්කම අපට වැටහෙන්න ඕනෑ අපි මම කියල ගන්නෙම මේ ආයතන 6ම බව..ඉතිං අපි කවුරුවත් අපට දුකක්ම වන මේ ආයතන 6 දුකක් විදියට දකිනවාද? අඩුම ගනනේ මේ ආයතන කියන්නේ මොකද්ද කියලා දන්නවද?අපි ටිකක් ඒ ගැන හොයල බලමු..  උදාහරණයක් ලෙස ඇස කියන්නේ මොකද්ද?කවුරුහරි ඇස දැකල තියනවද ? ඔයාල හැමෝම කියාවි අර සුදු ඉංගිරියාවක් මැද්දේ කළු බෝලයක් තියන එක නේ ඇස කියන්නේ කියල. ඉතින් එක එහෙම නම් මැරිච්ච මනුස්සයකුටත් ඇස් පෙනෙන්න ඕනෑ නේ.. නේද?  .ඉතින් කොහොමද අපි ආයතන කියන්නේ මොනවද කියල හරියටම දැනගන්නේ? අපි එක මෙහෙම බලමු..ඔයාල දන්නවා..ආයතන සහ අරමුණූ කියල දෙවර්ගයක් ඇති බව..ඉතින්‍ යමක් අරමුණක්        වනවානම් ඒක අරමුණක් මිසක් ආයතනයක් නොවන බව ඔයාලටත් ලේසියෙන්ම වැටහෙනවා ඇති.. ඉතිං ඔන්න ඔය විදියට බලනකොට අපට ඇසක් පේනවනම් කනක් දිවක් නාසයක් පේනවනම් ඒවා අරමුණු මිසක් ආයතන නොවන බව වැටහෙනවා ඇති..ඉතිං ඇත්තටම අපි ආයතන දැනගන්නේ කොහොමද බලමු දැන්.. උදාහරණයයක් ලෙස ඇසම අරගන බලමු.. ඇස කියන්නේ මොකක්ද?ඇස කියන්නේ රූප දැකීමේ කියාව සහ ඒ ක්‍රියාව සමග නැවතත් රූප දැකීම සදහා කර්ම සකස් කිරිමේ    ක්‍රියාකාරිත්වයටයි චක්කයතනය (ඇස)කියන්නේ..ඒ ලෙසට ලෙසට  කණ නැත්නම් සොතායතනය කියන්නේ ශබ්ද ඇසීමේ ක්‍රියාකාරිත්වය සහ නැවතත් ශබ්ද ඇසීම සදහා කර්ම සකස් කිරීමේ ක්‍රියා කාරිත්වයටයි .දැන් අපි බලමු ඔය කියපු ආයතන 6 මෙසේ ක්‍රියාකාරිත්වයන් ලෙස නොගෙන පවතින දකින්න පුළුවන් දේවල් කියල වැරදියට දැකීමෙන් වෙන.දෙය. ඒ දෙය තමයි සැබවින්ම නොපවතින මමක් නිර්මාණය වීමයි මෙයි වන්නේ..පොඩ්ඩක් බලන්න අපි මම කියල ගන්නේම ඔය ආයතන 6 ම නේද කියල..මෙන්න මේ ලෙස නිවදිව ආයතන සහ අරමුණු ගැන යමෙක් වටහා ගන්නවානම් මේ ආයතන 6 මම නොවන මාගේ නොවන හේතුන් නිසා හටගත් ක්‍රියාකාරිත්වයක් පමණක් බවත්..මේ ආයතන 6 ම දුක්ඛ සත්‍ය බවත් මේ ආයතන ක්‍රියාකාරිත්වයට ආශා කිරීම එනම් දැකීමට ඇසීමට සුවද දැනීමට රස දැනීමට පහස දැනීමට සහ සිතීමට තෘෂ්ණා කිරීම දුක ඉපදීමට (ආයතන හට ගැනීමට)  හේතුව ලෙසත්   එසේ  මේ ආයතන ක්‍රියාකාරිත්වයට තෘෂ්ණා නොකිරීම ආයතන නිරෝධය (දුක්ඛ නිරෝධය)බවත් ආයතන නිරුද්ධ කිරීමේ මග නම් සම්මා සතියෙන් නුවනින් කෙලෙස් තවන වීර්යයෙන් යුතුව ක්‍රියා කිරීම (සතිපට්ඨාණය)වැඩිම නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් වටහා ගැනීමට හැකිවේ..අද මම ඔයාලත් එක්ක සාකච්චා කලේ  සත්‍ය දැකීමේ රක ක්‍රමයක් .ගැනයි. ඉතින් අපි හැම දෙනාම හැකිතාක් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කොට ඒ අම නිවනින් නිවී සැනසෙමු...! මා දයාබර ඔයාල හැම දෙනාටම තෙරුවන් .. සරණයි.!

සංසාර සිහිනය