මෙත් මලින් සමිදු පුදමු


 තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට

අද මම ඔබ සැමගෙන් වැදගත් යමක් අසන්නයි යන්නෙ..පින්වත් ඔබලාගෙන් යමෙක්ට සිහිනයෙන් හෝ බුදු සමිදුට ලෝ දිය හෝ ගිනි අගුරු පූජා කිරීමට සිතේද? නිසැක ලෙසම කිසිවකුටත් සිහිනයකින් පවා එවැන්නකත් නොසිතෙන බවට නොඅනුමානය.. මන්නද ලෝ දිය හෝ ගිණි අගුරු කර්ම විපාක ලෙ ලැබෙන්නෙ නිරයේ නිරි සත්වයන්ට පමණක් නිසාය.. මුත් පිවත් ඔබේ හද මඩල සම්මා සම්බුදු රජානන් වහන්සේ වැඩ වෙසෙන බුද්ධ මන්දිරයක් වේනම් ඔබ තුල හටගන්නා ද්වේෂ මූල සිත් භාග්‍යවතුන් වහන්සේට ලෝ දිය සහ ගිණි අගුරු සැපයීමක් ලෙස හදුන්වා දිය හැක... පින්වත් ඔබ සැමගේ හද මඩලේ ඇති සුගක්ධ කුටියේ ඇති පූජාසනයේ අප පිදිය යුතුතේ ලෝ දිය සහ ගිණි අගුරු වන් ද්වේෂ සිත් නොව මෙත් මල් සහ සදහම් අමා පැන් නොවේද?  ප්‍ර්‍රතිපත්තියෙන් සිදු කල යුතු නියම සම්බුද්ධ පූජාව එයම නොවේද? අද මේ සටහන කියවු පසුව හෝ පින්වත් ඔබ සැම දෙනා හද මඩලේ වැඩ වෙසෙන සම්මා සම්බුදු රාඩානන් වහන්සේ උදෙසා ලෝ දිය සහ ගිනිා අගුරු වන් ද්වේෂ සිත නොයෙදිමට ද සම්බුද්ධ පූජාව සදහා මෙත් මල් සහ සදහම් අමා පැන් යොදා ගැනකීමට උත්සාහ කරන්න 

පින්වත් ඔබ සියළු ‍ෙනාටම යහපතක්ම ‍වේවා....

No comments:

Post a Comment