ඔන්න මම ආයෙත් ආවා ගොඩක් කාලෙකට පස්සෙ උතුම් සදහම් අමා මී ඔයාලත් එක්ක බෙදා හදාගන්න.. ඉතිං අපි හැමෝම දන්නව අපි හැමොටම යම්යම දුක් තියනබව...ඒත් අපි බොහෝ දෙනෙක් දන්නෙ නෑ අපි දුක් විදින්නෙ මොකක් නිසාද කියල...ඒක මෙන්න මේ වගේ දෙයක්...
.යම් පුද්ගලයෙක් ඉන්නවා ගිනියම් වෙලා රතු පාටින් දිලසෙක යකඩයක් තදින් අතින් අල්ලාගන..මේ නිසාම එයාගෙ අත තදින් පිලිස්දීමකට ලක් වෙනවා..ඒ එක්කම එයා වේදනාවෙන් කෑ ගසනවා මේ විදියට..අනේ මගේ අත පිච්චෙනවෝ...අනේ කව්රුහරි උදව් කරන්නකෝ...ඔන්න ඔය විදියට...ඔය වෙලාවෙ කව්රුහරි සත්පුරරුෂයෙකුට මෙයා කෑ ගසනවා ඇහිල ඇවිත් බලනවා මොකද්ද වෙලා තියෙන්නෙ කියල..ඒතකොට ඒ සත් පුරුෂයට පේනවා මේ පුද්ගලය ගිනිම් වූ යකඩයක් අල්ලාගන සිටීම නිසයි මේ දුකට පත්වී ඇත්තේ කියල...ඉතිං ඒ සත්පුරුෂයා අර පීඩාවට පත්චේච්ච පුදගලයාට කියනවා මෙහෙම....ඉක්මනට ඔයා ඔය අල්ලාගන ඉන්න යකඩය අත අරින්න..එතකොට ඔය දුකින් මිදෙන්න පුලුවන් කියල...එතකොට අර ගිණියම් වූ යකඩය අල්ලාගන ඉන්න පුද්ගලයා මෙහෙම කියනවා...ඒකනම් මමත් දන්නවා...ඒත් මෙච්චර ලස්සන යකඩයක් අත අරින්න මට ඕනැ නෑ...මම උදව් ඉල්ලුවෙ මේකෙන මාව පිච්චෙන එකෙන් බේරෙන්න..අනේ මේකනම් අත අරින්න කියන්න එා...පුලුවන්නනම් මේ යකඩය සීතල කරගන්න හැටි කියන්නකෝ..ඔන්න ඔය විදියටයි ඒ පුද්ගලයා කියන්නෙ...
ඉතිං මේ සසරේ දුක් විදින අපි බොහෝ දෙනෙකුට දුකින් මිදීම ගැන සිතෙන්නෙ ඔය විදිහට නේද? යම් වෙලාවක අර ගිනියම් වූ යකඩය අල්ලාගන සිටින පුද්ගලයාට වැටහුනොත් මම මේ දුක් විදින්නේ මේ ගිනියම් වූ යකඩයක් අල්ලාගන සිටීම නිසානේද කියල..ඒ පුද්ගලයා ඒ වෙලාවේම ඒ යකඩය අත අරිනවා...පිලිස්සීමේ දුකින් මිදෙනවා...බලන්න අපිත් ඔන්න ඔහොමම නේද...ඉතිං අපිත් දුක් විදින්න කැමති නැතිවූනාට,දුක අත අරින්නත් කැමැත්තක් නෑ..දුක අත අරින්න කැමතිනැති වන්නෙ මොකද කියල බැලුවොත් පෙනෙන්නෙ දුකට යම් වටිනාකමක් දීල දුකම මම කරගන දුකම මගේ කරගන ඉන්න බවයි..අද අපි මම කරගන මගේ කරගන ඉන්නෙ අපිව පීඩාවට පත්කරවන දුකම කියල වටහාගත් දිනක අපි හැමෝටම මේ බියකරු සසර දුකින් නිවී සැනසීමට පත්වනවා ඇති..ඉතිං සැදැහැවත් මිතුරු මිතුරියන් මේ ජීවිතයේදීම අප මම මගේ කියා අල්ලාගන සිටින්නේ දුකම බව වැටහේවා...! එසේ අලිලාගන සිටීමම දුකට හේතුවලෙස වැටහේවා...! එසේ අල්ලාගත් සියල්ල අතහැරීමෙන් සසර දුක නිවෙන බව වැටහේවා..! එසේ අතහැරීමට ගතයුතු ක්‍රියා මාර්ගයද වැටහේවා...! මේ උතුම් චතුරායර් සත්‍යාවබෝධයෙන් මේ ජීවිතයේදීම ඒ අමා නිවනින් නිවී සැනසේවා...සාධු...!සාධු...! සාධු...!
No comments:
Post a Comment