පින්වත් ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

ඔන ගොඩාක් කාලෙකට පස්සෙ ඔබ සැම දෙනා හමු වෙන්න ආවා සදගම් ගඟුලත් සමගින්..

අද අපි  විමසා බලන්නේ නිවෙන්නෙ කෙසේද යන කාරනය..  පලමු කොටම අප නිවෙන්න අවශ්‍ය නම් නොදැවී ඉන්න අවශ්‍ය බව වටහා ගතයුතු වෙනවා..ඒ සමගම අප දැවීමට හේතු වන්නෙ මොනවානිසාදැයි වටහා ගත යුතු වනවා.. දැන් අප  මදක් සොයා බලමු නිවෙන්නේ කෙසේද කියා.. අපට යම් සිතිවිල්ලක් පහල වෙද්දීම යම් අපහසුවක් පීඩාවක් පහල වේනම් .. අපට යම් වේදණාවක් නිසා  මානසික පීඩාවක් පහල වේනම්.. එතැන අනිවාරය‍එන් ඒ සිතිල්ල දේවේෂය සමග ඇති වන්නක්, මෙන්න මැතැනදී අප වටහා ගත යුතු වෙනවා මේ දැනෙන්නා වූ පීඩන සන්තාප අයාත් වන්නේ දුක්ඛ සත්‍යයට,, යම් තැනක දුක උපදී නම් ඒ දුක උපදින්නේ ම කෙලෙස් නිසාවෙන්නමයි,, ඒ ආකාරයට වටහා ගැනීමෙන්ම අප ඒ ගැටීම් සිත අත් හල යුතු වේ නිවීමට අවශ්‍ය වේ නම්.. මෙන්න මේ ආකාරයට ඒ ඒ සිතිවිල්ල සමගම උපදනා කෙලෙස් සිත් හදුනා ගැනීම යෝනිසෝ මනසිකාර නම් වේ.. මෙසේ යෝනිසෝ මනසිකාරය තුලින්ම අපට උතුම් වූ චතුරාර්‍ය සත්‍යාවබෝධයටද ලැබිය හැකි වේ

.ඒ සමගම අප තව දෙයක් වටහා ගැනීමට උත්සහ කරමු.. එනම් පීඩාව යනු   පීඩනය සහ රත් වීමයි.. අපට දුක්ඛ සත්‍ය වටහා ගැනීමට ලබා දී ඇති Pressure and heat senser

එක නම් යෝනිසෝ මනසිකාරයය‍
). එයින් අප රත්වී පීඩනයට පත් වීගන එන බව දැනුම් දේ..දැවෙන තැවෙන දේ අත්හල යුතු බව දැනුම් දේ.. දේවේෂය මෙන්ම ආශාවන් ද අපව රත් කිරීමට පීඩනයට පත් කලත් ඒ රත් වීම හෝ පීඩනය අපට දුකක් ලෙස නොදැනෙන්නේ ඒ වන විටත් ඒ රත්වීම සහ පීඩනය අපට සුවයක් සේ දැනෙන නිසයි..අපේ Pressure and heat senser එක (යෝනිසෝ මනසිකාරය)හොඳින් ක්‍රියාත්මක වේනම් අපට ඒ අවස්තාවේදීම රත්වීගන පීඩනයට පත්වීගන ඒම වටහා ගත් හැකි වෙනු ඇත... අවසන් වශ්‍යයෙන් අප හැමෝම  නිවීමට අවශ්‍ය නම් Pressure and heat senser  (යෝනිසෝ මනසිකාරය) පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වන බව කිව යුතුම වේ.. එන්න අප ප්‍රායෝගිකව නිවීමට කටයුතු කිරීමට..  

සැමට තෙරුවන් සරනයි   


No comments:

Post a Comment