චතුසච්ච 5

ඔන්න පින්වත් මිතුරු මිතුරියනේ.. ගොඩාක් දවසකට පස්සෙ අපි ආයෙත් හමුවෙනවා උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.. අද අපි හොයල බලමු චතුරාර්‍ය සත්‍යයට අයත් නිරෝධ සත්‍යය ගැන.. මේ ගැන සඳහන් වන උතුම් ගාථාවක් තියනවා.. අපි ඒ ගාතාවෙ මොනවද තියෙන්නේ කියල බලමු. මෙන
්න ඒ ගාථාව "ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමථෝ.. සබ්බූපධි පටිනිස්සග්ගෝ..තන්හක්ඛයෝ.. විරාගෝ.. නිරෝධෝ.. නිබ්බානං.. දැන් අපි බලමු ඒ උතුම් නිරෝධ සත්‍යය ගැන මේ ගාථාවේ සඳහන් වන කාරනය සහ මෙය යම් ආර්‍යයන් වහන්සේ නමක් අත්විදින ආකාරය ගැන.. මොකද කියන වානම් සත්ධර්මයේ ඇත්තේ දුක්ඛ සත්‍යය පිරිසිද දැකිය යුතු දෙයක් බව, සමුදය සත්‍යය ප්‍රහානය කලයුතු දෙයක් බව. නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක් බව.. අන්න ඒකයි අද අපි සොයා බලන්න යන්නේ.. ඒතං සන්තං ඒතං පනීතං යදිදං, මෙයම ශාන්තයි.. ඒ කියන්නේ නොසන්සුන් කම දුරුවී සන්සිදී යනසුලුයි... මෙයම ප්‍රනීතයි..ඒ කියන්නෙ අතිශයින් සුවදායකයි.. යදිදං සබ්බ සංඛාර සමථෝ.. මොකක් නිසාද මේ ශාන්ත බව සහ අතිශයින් සුවදායක බව ඇතිවන්නේ? සියළු සංස්ඛාරයන් සිදී යන නිසයි.. ඉතිං කොහොමද ඒක වෙන්නේ? කාය සංඛාර (ආශ්වාස ප්‍රශ්වාස )සංසිදී යනවා.. ශාන්ත වෙනවා.. වචී සංඛාර අරමුනු සිතට පැන නැගීම, අරමුනෙහි සිත හැසිරීමසංසිදී යනවා.(විතක්ක, විචාර.)මෙහිදී කාය සංඛාර වචී සංඛාර සංසිදීම නිසා වේදනා සංඥා (මනෝ සංඛාර )සංසිදී යනවා දැන් අපි බලමු සබ්බූපධි පටිනිස්සග්ගෝ ගැන.. මෙන්න මේ නිසාම පංච උපාදානස්ඛන්දයන් අත හැරී යනවා.. මහා බරකින් නිදහස් උනාක්මෙන්.. .. තන්හඛ්ඛයෝ.. මෙය වන්නේ තෘශ්නාව ක්ශය වීමත් සමගමයි..තෘශ්නාව ක්ශය වීමත් සමගම ආශාවෙන් ඇලීයාම,උපාදානය (විරාගෝ) නැති වෙනවා.. මේ සමගම භවය සකස් වීම නවතිනවා.. (නිරෝධෝ ) මේ පෙර කී සියල්ල නිරුද්ධ වීම සමගම නිවීම වෙනවා..නිබ්බාණං.. මෙන්න මෙයයි පින්වත් මිතුරු මිතුරියනි නිරෝධ සත්‍යය.. මෙයයි සියළුම ආර්‍යයන් වහන්සේ ලා මගපල සාක්ෂාත් කිරීමේදී අත් විදින්නේ.. පින්වත් ඔබ සෑම දෙනාටත් ඒ අමා නිවන්සුව මේ ජීවිතයේදීම අත්විදීමට ලැබේවා.. සැමට තෙරුවන් සරණයි..!

නිවන්මග 10


පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි සදා සැනසීම උදා කරදෙන උතුම් සදහම් මග ගැන තවත් යමක් ගැන විමසා බලමු..ඒ අමා නිවනට ඒකායන මාර්ගය වූ උතුම් සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව යොදාගෙන ආර්‍ය මාර්ගය වඩන්නේ කොහොමද කියල විමසා බලමු.. යමෙක් තම සිරුර ගැන මනා ලෙස සිහි නුවන පවත්වන්නේ නම්
 (කායානුපස්සනාව )ඒ පුද්ගලයාට තමා තුල ඇතිවන්නාවූ වේදනාවන් ගැන මනා සිහි නුවනින් දැක ගැනීමට හැකිවනු ඇත..මෙය මෙසේ (වේදනානුපස්සනාව)දැනගැනීමේ ප්‍රයෝජනය කුමක්ද?යමෙක් මෙසේ තමාතුල පහලවන්නාවූ වේදනාවන් සිහි නුවනින් දකීනම් ඒ පුද්ගලයාට ඒ තමන් තුල පහලවන්නාවූ වේදනා හේතු කොටගෙන පහලවන ඇලීම් ගැටීම් මුලාවීම් ද දැකගත හැකිවනු ඇත.. මේ චිත්තානුපස්සනාවයි.. මෙවා මෙසේ සිහි නුවනින් දැක ගන්නා පුද්ගලයා හට මේ නිසාම තමන් තුල හට ගන්නා නීවරනද නීවරන ද, නීවරන නැති වීමෙන් පසු වැඩෙන සප්ත බොජ්ජංගද දැකගත හැකිවනු ඇත.. දැන් අපි බලමු මේව මෙහෙම වෙන්නේ කොහොමද කියල.. යමෙක් කය ගැන මනා සිහි නුවන පවත්වන විට තමන්ගේ කයේ ඇති වන වේදනා මනා සිහි නුවනින් දකින්න පුලුවන් වෙනවා,,( දුක් වේදනාවක් නම් දුක් වේදනවක් යයි සිහි නුවනින් දැන ගනී.. සුඛ වේදනාව ද, මැදිහත් වේදනාවද, මේ ලෙසම සිහි නුවනින් දැන ගනී..) ඒ වේදනා නිසා තමන් තුල ඇලීම්, ගැටීම් ඇති වන බවත් දකිනව.. (සරාග සිතක් නම් සරාග සිතක් යයි සිහි නුවනින් දැන ගනී ද්වේශ සිතක්, මෝහ සිතක් මේ ලෙස ) යමෙක් දුක් වේදනාවක් විදීනම් ඒ වේදනාව නිසා තමන් තුල ද්වේශ සිතක් උපදින බව සිහි නුවනින් දකින්නාට මෙහෙම මෙනෙහි කරන්න හැකි වෙනවා.. මේ දුක් වේදනාව මට ඇති වෙන විදිහටම තමයි අනිත් අය තුලත් දුක් වේදනාව ඇති වෙන්නේ.. ඒ නිසාම මම මේ වේදනාව නිසා ඇතිවූ ද්වේශයෙන් අනිත් අය පීඩාවට පත් කරන්න හොද නෑ..යමෙක් මෙන්න මේ විදියට තමන් තුල ඇතිවූ වේදනා ගැනත්,ඒ නිසා ම ඇති වූ ද්වේශය ගැනත්, නුවනින් විමසා බලන්නේ නම්,මේ වේදනාව නිසා තමන් තුල පහල වූ ද්වේශය ද පහවී යනු ඇති..සුඛ වේදනව නිසා රාග සිතක් පහල උනා නම් ඒ බවද සිහි නුවනින් දැන ගන්නව..එහෙම දන ගන්න පුද්ගලයා ඒ නිසාම රාග සිත නිසා අනුන්ට හෝ තමන්ට වෙන්න පුලුවන් හානිය සිහි නුවනින් දැක ගන්නව.. මෙසේ සිහි නුවනින් කයද, වේදනාවන් ද, ඒ නිසාම ඇති වන කෙළෙස් සිත් ද සිහි නුවනින් දකින්නා හට, ඒ කෙළෙස් සිත් සංසිදීමෙන් තමන් තුල සප්ත බොජ්ජංග ඇති වන බව සිහි නුවනින් දකිනවා.. කායික තත්වයන්ගේ ද, වේදනාවන් ගේද, වේදනවන්ගේ ද, ඒ නිසා ඇති වන සිත වලද ඇති වීම් දකිනවා, නැති වීම් දකිනවා.. පංච උපාදානස් කන්දයන්ගේ ඇති වීම්,නැති වීම් ද දකිනවා..මේ උතුම් විදර්ශනාවයි..නැතිනම් ධම්මානුපස්සනාවයි..මෙසේ සිහි නුවන පවත්වනා හට තමන් තුල පහල වන්නාවූ දුක් දොම්නස් නැති කරගන්න හැකි වෙනවා..ශෝකය ද,හැඩීම් වැලපීම් නැති කරගැනීමට හැකි වෙනවා.. ඒ අමා නිවනින් නිවී සැනසීමට ද හැකි වෙනවා.. ඔබ අප සෑම දෙනාම මේ උතුම් සතිපට්ඨාන ය වඩා ඒ අමා නිවනින් නිවී සැනසෙමු.. ඔබ සැමට තෙරුවන් සරණයි..!

මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙමු..

 පින්වත් මිතුරු මිතුරියනි.. අද අපි ටිකක් වෙනස් දෙයක් කතා කරන්නයි  යන්නේ..ඒ තමයි වත්මන් සමාජයේ සත්ධර්මයේ නාමයෙන් පැතිරෙන්නාවූ මිත්‍යා මතයක් ගැන..අපි ටිකක් ඒ ගැන සොයා බලමු.. අපි හැමෝම දන්නවා භාග්‍යවතුන් වහන්සේ විසින් ඒකාන්හයෙන් ඇත යන අන්තයත්, ඒකාන්තයෙන් නැත අන්තයන් ප්‍රතික්ෂේප කල බව.. වර්ථමානයේ ඇතැමුන් මෙන්න මේ ඒකාන්තයෙන් ඇත යනකාරණය සහ ඒකාන්තයෙන් නැත යන කාරණය සමග ඇතිවීම සහ නැතිවීම යන කාරණා සමාන ලෙසින් සලකා ඇතිවීම සහ නැති වීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වැරදි දෘෂ්ටියකට බැසගනී.. දැන්  අපි බලමු මේ කාරණා දෙක සමාන ද, අසමාන ද, කියල.. මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකාන්තයෙන් ඇත යන්නෙන් අදහස් වන්නේ ශාස්තවත දෘශ්ටියයි, එනම් නොවෙනස් වූ සදාකාලික ආත්මයක් ඇත යන්නයි..නමුත් ඇති වීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ මේ අදහසට හාත්පසින්ම විරුද්ධ හේතුන් ඇති වීම නිසා ඵල ඇති වීමයි.. මිත්‍යා දෘශ්ටියක් වූ ඒකාන්තයෙන් නැත යනු උච්ඦේද දෘෂ්ටියයි.. එනම් ජීවත්ව සිටින සත්වයෙකු මියයෑමෙන් පසු සියල්ල අවසානය යන්නයි.. නමුත් "නැතිවීම" නම් ඇතිවීමට හේතුවූ තත්වයන් නැති වීම නිසා එයින් ඇතිවූ ඵලයද නැතිවී යෑමයි..සත්ධර්මයේ පෙන්වා  දෙන්නේ හේතු ඵල ක්‍රියාකාරිත්වයෙන් හටගන්නාවූ ධර්මතාවයක් වන ඇතිවීම සහ නැතිවීමයි..  මෙය කිසිසෙත්ම මිත්‍යා දෘෂ්ටියක් වූ ඒකානත්යෙන් ම නැත යන අන්තයට සමාන නැත.. මෙහි භයානක ප්‍රතිපලය නම් මේ හේතුවෙන් ඉහත ලෙස වැරදි දෘෂ්ටිහත වූවන් හේතුපල ධර්මයද, විදර්ශනාවද මේ නිසා අවුල් කරගැනීමයි.. ඉතා කරුණාවෙන් කියන වගනනම්, මෙය මෙසේ පෙන්වා දුන්නේ දෘෂ්ටිගත වූවන් ගේ දෘෂ්ටිය නිවැරදි කිරීමට නොව, අලුතෙන්  කෙනෙක් දෘෂ්ටිගත වීමෙන් වැලක්වීම සදහා බවයි.. සියළු දෙනාම මිත්‍යාදෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ටියට පැමිනෙත්වා..! සියළුම දෙනා ඒ අමා නිවනින් නිවී සැනසෙත්වා..! ඔබ සැමට තෙරුවන් සරණයි..!