ඔන්න පින්වත් මිතුරු මිතුරියනි..හමුවෙනවා අපි අදත් සුවබර උදෑසනකදී...අපි හැමෝම දන්නවා සසර දුක නිවන එකම මගා ආර්ය අශ්ටාංගික මාර්ගය බව..ගොඩාක් දෙනා කැමති මේ දුක නිවන මග පුරුදු කරන්නත්..ඒත් ගොඩක් දෙනා දන්නෙ නෑ තමන් වර්තමාන මොහොතේ ආර්ය මාර්ගයේ ඉන්නවද නැද්ද කියල..ඉතිං අපි කොහොමද හරියටම දැනගන්නේ අපි ආර්ය මාර්ගයෙද සංසාර මාර්ගයේද ඉන්නේ කියල..ඔයාලට ඒක මෙන්න මෙහෙම දෑගන්න පුලුවන්..මගේ හිතේ මේ වෙලාවෙ සම්මා සංකල්ප ද තියෙන්නේ,මිත්යා සංකල්පද තියෙන්නේ කියල හොඳින් බැලුවම තමන්තුල සම්මා සංකල්ප තියනවා කියල දැනුනොත්,ඔයාල ඉන්නෙ ආර්ය මාර්ගයේ..එහෙම නැත්නම් සංසාර මාර්ගයේ..අපි හැමෝම වගේ දන්නවා සම්මා සංකල්ප කියන්නෙ ඇලීමෙන් මිදීම කියන ''නෙක්ඛම්ම සංකල්ප''යයි අව්යාපාද,අවිහිංසා කියන කරුණාවයි මෛත්‍රියයි බව..කෙටියෙන්ම කියනවානම් සිහියෙන්, නුවනින් යුතුව ඇලීමෙනුයි ගැටීමෙනුයි ඉවත් වී සිටීම ම තමයි මේ කියන්නේ..දැන් අපි බලමු මේ සම්මා සංකල්ප ඇති වෙන්න හේතු වන්නේ මොකක්ද කියල..ඒ හේතුව තමයි අපිට නිවැරදි දැකීමක් තිබීම..ඒ කියන්නෙ සම්මා දිට්ඨියක් තිබීම..ඉතිං අපි සරලව වටහා ගන්න බලමු මේ සම්මා දිට්ඨිය කොහොමද සම්මා සංකල්පයට හේතු වන්නේ කියල..අපි දන්නව සම්මා දිට්ඨිය කියන්නෙ චතුරාර්ය සත්ය පිලිබද නිවැරදි දැකීම..යම්කෙනෙක්ට මේ නිවැරදි දැකීම තියනවා නම්..ඒ පුද්ගලයාට මෙන්න මේ වගේ සිතිවිල්ලක් එනවා..අනේ මම දුකින් මිදිලා නෑ..මම වගේම ලෝකෙ අනිත් අයත් දුකින් තමයි ඉන්නේ..මෙන්න වගේ හිතෙන කෙනෙකුට කරුනා මෛත්‍රී(අවිහිංසා.අව්යාපාද)සිතිවිලි පහල වෙනවා.ඒ එක්කම එයා දකිනවා මේ දුක් ඇතිවෙන්න හේතුව ඇලීම ආශාව බව..එතකොට එයාඅ මෙහෙමත් හිතෙනවා..කරුනාව මෛත්ය දැක්වූවාට මෙයාලට මේවට ඇලෙන්න නම් හොඳ නැති බව..අන්න එතකොට එයා තුල නෙක්ඛම්ම සංකල්ප පහල වෙනවා..මෙන්න මේ විදියටයි කෙනෙක් තුල සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්ප පහල වන්නේ..මේ විදිහට තමන් තුල සම්මා සංකල්ප පහල කලගත් තැනැත්තා අනිත් අය එක්කා වචනයෙන් ඇලෙන්නේ නෑ..වචනයෙන් ගැටෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ඇලෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ගැටෙන්නෙත් නෑ..ජීවත් වීම සඳ කරන රැකියාවද ඇලීමෙන් ගැටීමෙන් තොරව කරනවා..ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව සිටීමට වීර්ය කරනවා..ඒ සඳහාම සතිය පවත්වනවා..මෙන්න මේ විදියට ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව ජීවත් වන ඒ පුද්ගලයාගේ සිත සමාධිමත් වෙනවා..ඔන්න ඔය විදියටයි කෙනෙක්ට තමන් ඉන්නේ ආර්ය මාර්ගයේද, නැද්ද කියල දැනගන්න පුලුවන් වන්නේ..තව විදියකට කියනවනම් කායික ක්‍රියාවන් ද , මානසික ක්‍රියවන් ද ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව සම්මා සංකල්පයෙන් යුතුව කරවාට තමයි සතිපට්ඨානයෙන් ඉන්නවා කියන්නෙත්..ඉතිං පින්වත් මිතුරු මිතුරිනි..අපි හැමෝම නිවැරදි දැකීමෙන් යුතුව ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා මේ සම්මා සංකල්ප දියුනු කරගමු..ඒ අමා නිවනිනින් නිවී සැනසෙමු.මා දයාබර ඔබ සැමට තෙරුවන් සරණයි..!
නිවන් මග13

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment