හමුවෙමු අදත් සුපුරුදු දයාබරත්වයෙන්,සදහම් අමා සිසිලෙන් නිවී සැනසීමට.. පින්වත් මිතුරු මිතුරියනි..අපි කලින් දවසෙ කතා කල දේවල් ඔයලට මතක ඇති නේද?සියළු බාහිර අරමුනු චිත්‍ර ලෙස දැකීමෙන් ඒවාට ඇතිවන බැදීම් අඩුවන හැටි..දේවල් සහ පුද්ගලයන් මේ පෙනෙන ලෙසටම පවතිනවා කියන හැගීමම තමයි භවය යයි කියන්නේ..මේ අපි ඉන්ද්රියයන්ගෙන් අත්විදින ලෝකය මේ ලෙසටම පවතිනවා කියන හැඟීම ඇතිවන්නේ අවිද්‍යාව නිසයි..මෙන්න මේ පවතිනවා කියන හැඟීම නිසයි පවතින දේවල් සහ පුද්ගලයන් ගැන ආශාව හෝ තරහ ඇති වන්නේ..අපේ ඉන්ද්‍රියන්ට දැනෙන අරමුනු ත්‍රිමාන ස්වභාවයෙන් දැනීම නිසා මේ ඇලීම් ගැටීම් තදින් දැනෙනවා..3 ඩී චිත්‍රපටි බලලා තියන අය දන්නවා ඇති ඒ චිත්‍රපටි වලින් සාමන්‍ය චිත්‍රපටි වලට වඩා වැඩි ආශ්වාදයක් සහ මේ දකින්නේ ඇත්තක්මයි කියන මුලාවක් ඇතිවන බව..3 ඩී චිත්‍රපටි බලපු අය දන්නවා ඇති ඒ චිත්‍රපටි 3 ඩී විදියට බලන්න ඕනෑ නම් විශේශ ඇස් කන්නාඩි යුවලක් දාගන්න ඕනෑ බව..අන්න ඒ කන්නාඩි දෙක දැම්මයින් පස්සෙයි අපට ඒ චිත්‍රපටිය ත්‍රිමාන ලෙස පෙනෙන්නේ..ඒත් අපි හැමෝටම අවිද්‍යාවෙන් නොමිලේම 3 ඩී කන්නාඩි ලැබිල තියනවා..අන්න ඒ අවිද්‍යා 3 ඩී කන්නාඩි තුලින් සංස්කරනයවූ ලෝකයක් තමයි අපි විඤ්ඤානය තුලින් අත්විදින්නේ..තවත් විදියකට කියනවානම් අපිට සිහිනයක් දකිනකොට ඒක සිහිනයක් කියා කොහොමවත් හිතෙන්නේ නැතිවා වගේම අරිහත් තත්වයට නොපත් හැම කෙනෙකුම මේ සංසාර සිහිනයේ ගිලී එයින්ම සතුටු වෙමින් ඒ සමගම ගැටෙමින් ඉන්නවා..ඒත් යම් කෙනෙක් තමන් සිහිනයක් දකිද්දී ඒය සිහිනයක් පමනක් බව වටහා ගන්නවානම් ඒ සිහිනයෙන් මිදෙන්න බැරි උනත් අවම වශයෙන් සිහිනයෙන් දකින් දේවල් සමග ඇතිවන ඇලීම් ගැටීම් අවම කරගන්න පුලුවන් වෙනවා..ඉතින් අවම වශයෙන් ආර්ය මාර්ගයේ සෝතාපන්න ඵලයට හෝ පත් වූ අයෙකුට පමණයි තමන් මේ ජීවත් වන්නේ සිහිනයක බවවත් වැටහෙන්නේ..තවමත් සංසාර සිහිනයෙන් අවදි වෙන්නට නොහැකි වුනත් ඒ පුද්ගලයා තමන් ජීවත්වන්නේ සිහිනයක බව වටහා ගැනීමෙන්ම තවමත් සංසාර සිහිනයට මුලාවී ඉන්න අයට වඩා ඇලීම සහ ගැටීම අවම කරගන්න පුලුවන් වෙනවා.. බුදු රජාණන් වහන්සේ පංච කාමයන් සිහිනයෙන් දුටු දේ වලට උපමා කිරීමෙන්ද(සුපිනූපමා කාමා) අපහට පෙන්වා දෙන්නේ මේ යථාර්තයයි.. බුදු, පසේ බුදු ,රහතන් වහන්සේලා සිහින නොදකින බව කියා ඇත්තේද මෙන්න මේ නිසයි.. ඒ වගේම ඒ උතුමන් වහන්සේලා අවදි වූවන් ලෙස හදුන්වන්නේ මේ නිසාමයි.. ඔයාලත් සමහර විට දැකලා ඇති චිත්‍ර පටියක් ටෙලි නාට්‍යයක් බලමින් ඒයින් මුලාවට පත්වී හඬන දොඩන සිනා නගන අය..සමහර විට ඔයල හිතලත් ඇති මේ මොන මෝඩ කමක් ද කියලා..ඒත් අපිද මුලාවට පත්වී ඇලෙමින් ගැටෙමින් ඉන්නේ අවිද්‍යාව විසින් සංස්කරනය කොට විඤ්ඤානය විසින් අධ්‍යක්ෂනය කල ලොව විශිශ්ටතම චිත්‍ර පටය වන ''සංසාර සිහිනය'' නම් චිත්‍ර පටයට බව ඔයාල සමහර විට නොදන්නවා වෙන්න පුලුවන්..අවිද්‍යාවෙන් සිදුකරන මේ සංස්කරන ක්‍රියාවලිය අපට වටහා ගන්න පුලුව්න් වන්නේ සතිපට්ඨානය තුලිනුයි..සතිපට්ඨානය තුලින් ඇතිවන,ඇතිවන අරමුනු ඒ ඒ අවස්ථාවේදීම බිඳ වැටෙන හැටි දකින්විට අවිද්‍යාව ඇති සංස්කරන කිරීමෙ හැකියාව දුර්වල වේ.. මේ ක්‍රියාවලිය අවසානයේදී ප්‍රඥා ආලෝකය පහලවී ඒ නිසා අවිද්‍යාවේ සංස්කරන ක්රියාවලියා බිඳ වැටීම නිසා විඤ්ඤාණ අධ්යක්ශකයාට ''සංසාර සිහිනය'' චිත්‍ර පටය අතරමග නවතා දැමීමට සිදුවෙනවා.. ඒවිට සතිපට්ඨානය තුලින් සංසාර සිහිනයෙන් මිදී ඒ අමා නිවන් සුව අත් විදීමට හැකිවෙනවා..අපද සතිපට්ඨානය වඩා අවම වශයෙන් මේ සංසාර සිහිනය සිහිනයක් බව වැටහෙන තත්වය හෝ පත්වෙමු..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!
චලන විත්රය
ඔන්න පින්වත් මිතුරු මිතුරියනේමම අදත් ආව උතුම් සත්ධර්මයෙන් බිඳක් ඔයාලත් එක්ක බෙදා ගන්න..ඉතිං මිතුරු මිතුරියනේ..ඇයි අපට සත්ධර්මයක් ඕකැ වෙන්නේ? අපිට සත්ධර්මයක් ඕන වෙන්නේ අපිට දුකක් තියන නිසානේ.. නේද?ඉතිං ඇයි අපට දුකක් ඇති වෙන්නේ?අපි හැමෝම වගේ දන්නව දුකට හේතුව තෘශ්නාව බව..අපි බොහොමයක් දෙනා හිතන්නේ අපට දැනෙන බාහිර අරමුනු නිසයි තෘශ්නාව රාගය ඇති වන්නේ කියල..ඒත් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ විසිතුරු දේවල් තුල රාගය නැති බවත් රාගය ඇති වන්නේ අප තුල ඇතිවන වැරදි සංකල්ප නිසා බවත් ය..දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියල..ඇත්තටම අපෙ ඇසට පෙනෙන දේවල්මද අපි දකින්නේ කියල පොඩ්ඩ්ඩක් බලමු..ඔන්න අපි කඩේකින් පත්තරයාක් ගන්නාව බලන්න..අපි පත්තරේ පිටු පෙරලනකොට අපි රූපයක් දකිනව..ඒත් එක්කම අපට හිතෙනව ශා..! මේ අර නිලියනේ..කියල. ඔහොම හිතෙනවාත් එක්කම එය දකින කෙනාගෙ හිතේ අශාවක් උපදිනවා..ඒත් ඇත්තටම එයාගේ ඇස් වලට පෙනුනේ මොකද්ද?ඇත්තටම ඔහුට පෙනුනේ යම් යම් වර්න සහ හැඩතල විතරයි..ඔහු තුල තිබූ අවිද්‍යාව හේතුවෙනුයි පෙනුන දෙය තුල ඇත්තටම තිබුන දෙය නොදැක පුද්ගල ප්‍රතිරූපයක් මැව්නෙ..ඔන්න ඕකට තමයි අවියාව නිසා සංස්කාර හට ගන්නව ඒ අවිදාවෙන් හටගන්න සංස්කාර නිසා විඤ්ඤානය හට ගන්නවා කියන්නේ..අන්න විඤ්ඤානයෙන් තමයි පවතින තත්වය නොදැක නොපවතින පුද්ගල සංඤාවක් දැක්කේ..අන්න ඒ නිසම තමයි දැක්ක දෙය ගැන වටිනා කමක් දෙන්නේ..වටිනාකම් දීම නිසයි තෘශ්නාවක් හට ගන්නේ..අපි අපිට දැනෙන අරමුනුවල මූලික ස්වරූපයෙන්ම ගන්නවානම් ඒවා ද්‍රව්‍ය ,පුද්ගල සංඤාවන් නැති චලන චිත්‍ර පමනක් වනවා..එහෙම නැතිව අපට ලැබෙන අරමුනු අවිද්‍යාව තුලින් සංස්කරනය කොට ඒ නිසා හට ගන්නා විඤ්ඤානයක් තුලින් දැන ගත්තොත් අපට ඒ තුලින් පුද්ගලයන් සහ දෙවල් දැනෙනු ඇත..එවිට ඒ ඒ දේවල් වලට වටිනාකම් දීම නිසා ඇලීම් ගැටීම් හටගනු ඇත..මෙය සත්ධර්මයේ සඳහන් පරිදි අසාරය සාරය ලෙස ගැනීමයි..මේ ලෙසට අසාරයම සාරය ලෙස ගන්නාතුරු කිසිවෙකුට අසාරයට ඇතිවන තෘශ්නාවෙන් මිදිය නොහැකි වනු ඇත..ඒ නිසාම දුකින් ද මිදිය නොහැකිවනු ඇත..යමෙක් ලැබෙන අරමුනු අවිද්‍යාව තුලින් සංස්කරනය නොකර මූලික ස්වභාවයෙන්ම ගන්නවානම් ඔහුට අරමුනු පුද්ගලයන් හෝ ද්‍රව්‍ය ලෙස නොහනෙගෙනු ඇත..අවිට ඔහු ඒවාට නො ඇලෙනු ,නොගැටෙනු ඇත.. මේ නිසාම ඒවා සමග ඇලීම් ගැටීම් ඇතිකර නොගනු ඇත.. මෙය සත්ධර්මයේ සඳහහන් අසාරය අසාරය ලෙසත් සාරය සාරය ලෙසත් ගැනීමයි..මේ ලෙස අරමුනු නිවැරදිව ගන්නා හට දැකීම දැකීමක් පමනක්ම වනු ඇත..ඇසීම ඇසීමක් පමනක්ම ද රස, ගඳ ,ස්පර්ශ දැනීම දැනීමක් පමනක්ම වනු ඇත..මෙය බාහිය පරිබ්‍රාජක තුමාට බුදු රජාණන් වහන්සේ දුන් උතුම් භාවනාවයි..ඔබ අපද අරමුනු ඒවාගේ මූලික ස්වභාවයෙන්ම ගෙන අවිද්‍යා තෘශ්නා දෙකෙන් මිදෙමු..සියලු සසර දුකින් මිදී ඒ අමා නිවනින් නිවී සැනසෙමු..ඔයල හැමෝටම තෙරුවන් සරනයි..!
මායාවෙන් එහා
පින්වත් මිතුරු මිතුරියනි..ඔන්න මේ පාර මම ඉක්මනින්ම ආවා ඔයාල හමු වෙන්න උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්..අපි මේ ජීවත් වෙනවා කියල මොකද කරන්නේ?ඔයාල මොකද හිතන්නේ?අපි ජීවත් වෙනවා කියල කරන්නේම දුකින් මිදීම සඳහා සැපක් හොයන එක නේද?ඒත් අපට සැපක් සැපක් හොයාගන්න පුලුවන් වෙනවාද?බැහැ..කිසි කෙනෙකුට මේ ලෝකය තුල ලෞකිකත්වයතුල අප හොයන සැප කිසිදාකවත් හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ..මොකද්ද ඉතිං මේකට හේතුව?මේකට හේතුව තමයි අපි හැම දෙනාම සැප හොයන්නේ සැප නැති තැනක වීම..එහෙම සැප නැති තැනක සැප හෙවීමට හේතුව තමයි ලෞකිකත්වය තුල සැපක් තියනවා කියලා ගන්න අවිද්‍යාව..මෙන්න මේ නොදන්නාකම නිසාම නැති තැනක නැති දෙයක් හෙවීමේ ආශාව ඇතිවෙනවා..මේ ආශාව නිසාම හොයනවා හොයනවා ..ඒත් කවදාවත් හොයන දේ නම් හම්බ වෙන්නේම නෑ..මෙන්න මේකටම තමයි දුක කියල කියන්නේ..උදාහරනයක් කිව්වොත් ..කාන්තාරයක් මායිමක මිනිහෙක් ඉන්නවා..එයාට ඉස්සරහින් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක් තියනවා..පිටිපස්ස පේත්තේ සරුසාර තන පිටියක් තියනවා..එක මදින් ලස්සන ගගකුත් ගලාගන යනවා..ඒත් මේ මිනිහට ඕව මොකුත් පෙනෙන්නෙ නෑ..ඒ මිනිහාට ඉස්සරහින් පෙනෙන්නෙ මහා කාන්තාරයක් විතරයි..ඔන්න ඔය වෙලවෙදී මේ මිනිහාට තදබල පිපාසයක් දැනෙනවා..ඉතිං ඒ මිනිහා බලනවා වතුර ටිකක් බොන්න තැනක් තියනවාද කියල..එතකොට ඒ මිනිහට පෙනෙනවා කාන්තාරෙ ඈත වතුර තියන තැනක්..වැවක් වගේ තැනක්..පිපාසය වැඩි කමට ඒ මිනිහා වේගෙන් දුවගන යනවා වතුර පෙනෙන දිහාවට..ඒත් කොච්චර දිව්වත් එයාට ඒ පෙනෙන වැවට කිට්ටු වෙන්නවත් බැරි වෙනවා..එයාට පෙනෙන්නෙ දුවන්න,දුවන්න ඒ වැව තව තව ඈතට යනවා වගෙයි..කාරනය මොකද්ද ඔහු වතුර හොයාගන දිව්වේ දිය මිරිඟුවක් පස්සේ..කොහොම උනත් ඔහුට හිතෙන්නේම තමන් දකින්නේ ඇත්තටම වතුර පිරිච්ච වැවක් ඈත තියන බවයි..මේක තදින්ම විස්වාස කරන තියනවාම කියලමයි..ඒක නිසා ඔහු නිකමටවත් පසුපස බලන්නේ ව්වත් නෑ..ඉතිං ඔහු කානාරයේ වතුර තිබේ කියන අදහස තියන කල්ම පසුපස බලන්නේ නෑ.,ඒතාක් කල්ම ඔහු පිපාසයෙන් මිදෙන්නෙත් නෑ..යම් කිසි දිනක යම් සත්පුරුශයෙක් ඔහුට හමු වෙනවා..හමු වෙලා කියනවා..ඔය පැත්තෙ වතුර නෑ..ඔයාට ඔය පෙනෙන්නේ දිය මිරිඟුවක්..ඕකට රැවටෙන්නෙ නැතිව ආපහු හැරිල බලන්න..ඔන්න පස්ස පැත්තෙ සරු බිමක් තියනවා..ඒකෙ ලස්සන ගඟකුත් ගලනවා..ඔයාට ඕන තරම් වතුර බොන්න පුලුවන් කියල.පිපාසෙන් පෙලෙන ඒ මිනිහා අර සත්පුරුශයාගේ වචන විස්වාස කලොත් ඔහු ආපහු හැරිල බලනවා..ඊට පස්සෙ ඔහුටම පෙනෙනවා ගස් වැල් තනකොළ වලින් පිරුන සරු මිම..ඔහු ආපහු හැරිල ඒ පැත්තට ගමන් කරනවා..ඔහුට ඉක්මනින්ම ඒ සරු බිමට ගිහින් තමන්ගෙ පිපාසය නිවා ගන්න පුලුවන් වෙනවා..මෙන්න මේ වගේම ත්Aඅමයි සාමන්‍ය මිනිහා ලෞකිකත්වය තුලම සැප හොයනවා..ඔහුට කවදාවත් සැප නම් ලැබෙන්නේ නෑ..ඒත් යම් දිනක ඔහුට කල්යාන මිතුරෙක් ලැබුනොත් ඒ සත්පුරුශයා පෙන්වාඅ දෙනවා මෙ සම්මුති ලෝකය තුල ඇත්තටම සැපක් නැති බවත් ඒකම සැපය නිවන පමනක් බවත්..ඒ සත්පුරුශගේ වචන විස්වාස කරන්න තරම් සද්ධාවක් ඒ මිනිහාට තිබුනොත් ඒ මිනිහා මේ ලෞකිකත්වාය තුල සැප සෙවීම අත් හැර ආර්ය මර්ගයට ඇවිත් අවසානයෙදී ඒ අමා නිවන් සුවයෙන් නිවී සැනසෙනවා..ඉතිං ප්න්වත් මිතුරු මිතුරියනේ අපත් උතුම් කල්යාන මිතුරකු ගේ ඇසුරෙන් ඒ උතුම් නිවන් මගට ඇතුලු වෙමු..ඔයාල අපි හැම දෙනාටම ඒ අමා නිවනෙන් නිවී සැනසේවා..ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!
Subscribe to:
Posts (Atom)
