නිවන් මග13

ඔන්න පින්වත් මිතුරු මිතුරියනි..හමුවෙනවා අපි අදත් සුවබර උදෑසනකදී...අපි හැමෝම දන්නවා සසර දුක නිවන එකම මගා ආර්ය අශ්ටාංගික මාර්ගය බව..ගොඩාක් දෙනා කැමති මේ දුක නිවන මග පුරුදු කරන්නත්..ඒත් ගොඩක් දෙනා දන්නෙ නෑ තමන් වර්තමාන මොහොතේ ආර්ය මාර්ගයේ ඉන්නවද නැද්ද කියල..ඉතිං අපි කොහොමද හරියටම දැනගන්නේ අපි ආර්ය මාර්ගයෙද සංසාර මාර්ගයේද ඉන්නේ කියල..ඔයාලට ඒක මෙන්න මෙහෙම දෑගන්න  පුලුවන්..මගේ හිතේ මේ වෙලාවෙ සම්මා සංකල්ප ද තියෙන්නේ,මිත්යා සංකල්පද තියෙන්නේ කියල හොඳින් බැලුවම තමන්තුල සම්මා සංකල්ප තියනවා කියල දැනුනොත්,ඔයාල ඉන්නෙ ආර්ය මාර්ගයේ..එහෙම නැත්නම් සංසාර මාර්ගයේ..අපි හැමෝම වගේ දන්නවා සම්මා සංකල්ප කියන්නෙ ඇලීමෙන් මිදීම කියන ''නෙක්ඛම්ම සංකල්ප''යයි අව්යාපාද,අවිහිංසා කියන කරුණාවයි මෛත්‍රියයි බව..කෙටියෙන්ම කියනවානම් සිහියෙන්, නුවනින් යුතුව ඇලීමෙනුයි ගැටීමෙනුයි ඉවත් වී සිටීම ම තමයි මේ කියන්නේ..දැන් අපි බලමු මේ සම්මා සංකල්ප ඇති වෙන්න හේතු වන්නේ මොකක්ද කියල..ඒ හේතුව තමයි අපිට නිවැරදි දැකීමක් තිබීම..ඒ කියන්නෙ සම්මා දිට්ඨියක් තිබීම..ඉතිං අපි සරලව වටහා ගන්න බලමු මේ සම්මා දිට්ඨිය කොහොමද සම්මා සංකල්පයට හේතු වන්නේ කියල..අපි දන්නව සම්මා දිට්ඨිය කියන්නෙ චතුරාර්ය සත්ය පිලිබද නිවැරදි දැකීම..යම්කෙනෙක්ට  මේ නිවැරදි දැකීම තියනවා නම්..ඒ පුද්ගලයාට මෙන්න මේ වගේ සිතිවිල්ලක් එනවා..අනේ මම දුකින් මිදිලා නෑ..මම වගේම ලෝකෙ අනිත් අයත් දුකින් තමයි ඉන්නේ..මෙන්න වගේ හිතෙන කෙනෙකුට කරුනා මෛත්‍රී(අවිහිංසා.අව්යාපාද)සිතිවිලි පහල වෙනවා.ඒ එක්කම එයා දකිනවා මේ දුක් ඇතිවෙන්න හේතුව ඇලීම ආශාව බව..එතකොට එයාඅ මෙහෙමත් හිතෙනවා..කරුනාව මෛත්ය දැක්වූවාට මෙයාලට මේවට ඇලෙන්න නම් හොඳ නැති බව..අන්න එතකොට එයා තුල නෙක්ඛම්ම සංකල්ප පහල වෙනවා..මෙන්න මේ විදියටයි කෙනෙක් තුල සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්ප පහල වන්නේ..මේ විදිහට තමන් තුල සම්මා සංකල්ප පහල කලගත් තැනැත්තා අනිත් අය එක්කා වචනයෙන් ඇලෙන්නේ නෑ..වචනයෙන් ගැටෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ඇලෙන්නෙත් නෑ..ක්‍රියාවෙන් ගැටෙන්නෙත් නෑ..ජීවත් වීම සඳ කරන රැකියාවද ඇලීමෙන් ගැටීමෙන් තොරව කරනවා..ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව සිටීමට වීර්ය කරනවා..ඒ සඳහාම සතිය පවත්වනවා..මෙන්න මේ විදියට ඇලීමෙන් ගැටීමෙන් වෙන්ව ජීවත් වන ඒ පුද්ගලයාගේ සිත සමාධිමත් වෙනවා..ඔන්න ඔය විදියටයි කෙනෙක්ට තමන් ඉන්නේ ආර්ය මාර්ගයේද, නැද්ද කියල දැනගන්න පුලුවන් වන්නේ..තව විදියකට කියනවනම් කායික ක්‍රියාවන් ද , මානසික ක්‍රියවන් ද ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව සම්මා සංකල්පයෙන් යුතුව කරවාට තමයි සතිපට්ඨානයෙන් ඉන්නවා කියන්නෙත්..ඉතිං පින්වත් මිතුරු මිතුරිනි..අපි හැමෝම නිවැරදි දැකීමෙන් යුතුව ඇලීම් ගැටීම් වලින් වෙන් වෙලා මේ සම්මා සංකල්ප දියුනු කරගමු..ඒ අමා නිවනිනින් නිවී සැනසෙමු.මා දයාබර ඔබ සැමට තෙරුවන් සරණයි..!

දුක දැකගමු..

ඔන්න ද්යාබර මිතුරු මිතුරියනේ අදත්  මම ආව ඔයාලත් එක්ක සඳහම් අමා මී බෙදාහදා  ගන්න..ඔයාල,මම අපි හැමෝම කැමති නේද අපි කැමති හැම දෙයක්ම ඒ විදියටම තියනවනම්..?ඒ වගේම අපි අකමැති දේවල් ඉක්මනටම නැති වී යනවනම්..ඒත් බොහොම වෙලාවට ඒක ඒ විදියටම වෙන්නෙ නෑ නේද?අන්න ඒ විදියට වෙන්නෙ නැති එකම නේද දුක කියල කියන්නෙ? දැන් අපි ටිකක් හොයා බලමු ඇයි අපි කැමති දේවල් ඒ විදියටම නොපවතින්නෙ?ඇයි අපි අකමැති දෙවල් ඉක්මනටම වෙනස් වෙලා නොයන්නෙ කියල..ඒකට හේතුව නම් මෙන්න මේකයි..අපි යමකට කැමතිනම් ඒ කැමති දෙය ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕන..ඉතිං අපි කැමති දෙය සිදු වෙන්න හේතු වෙච්ච කාරනය තවදුරටත් පවතින්නෙ නැත්නම් අපි කැමති කාරනය තව දුරටත් පවතින්නේ නෑ..ඒක හරියට මෙන්න මේ වගෙයි..යම් කෙනෙක් ඉර අව්ව්ට ගොඩාක් ආසයි..නමුත් ඒ පුද්ගලයා කොච්චර කැමති උනත් හවසට ඉර බැහැල යනකොටම අව්ව නැති වෙනවා..අව්ව පායන්න හේතු උන ඉර බැස්ස ගමන් අව්වත් නැති වෙනවා..මේක සත්ධර්මයෙ කියන්නෙ හේතුව නැති කල පලයද නැති වේ කියල..ඉති තවත් වෙලාවක අපි අකමති දේවල් අකමැති තත්වයන් අපි අකමැති උනත් වෙනස් නොවී තියනව.. ඒක වෙන්නෙ කොහොමද?කෙනෙකුගෙ කකුලෙ කට්ටක් ඇනෙනවා..ඉතිං ඒ පුද්ගලයාගේ කකුල කකියන්න ගන්නව...කොච්චර වේදනා නාශක බිව්වත් සුලු වෙලාවකින් නැවත් වේදනාව ඉස්මතු වෙනවා..මෙහෙම වෙන්නෙ ඇයි?කකුලේ වෙදනාවට හේතු වෙච්ච කටුව කකුලේ ඇනිල තියනකල්ම වේදනාවත් පවතිනවා.. මේකට සත්ධර්මයෙ කියන්නේ හේතුව ඇති තෙක් පලය පවති කියල..අපි බොහොම දෙනා උත්සා කරන්නෙ හේතුව නැති උනත් පලය පවත්වාගන යන්න..එහෙම නැත්නම් හේතුව තියෙද්දිම පලය නැති කරල දමන්න..මෙන්න මෙහෙම කරන්න බෑ කියල නොදැනීමමයි අවිද්‍යාව කියන්නෙ..ඔන්න ඔය බැරි දේවල් කරන්න ඇතිවන ආශාවමයි තෘශ්නාව කියන්නෙ..හේතුපල දහම නියම ලෙස වටහා ගන්නකලොය ලෙසමයි වන්නේ..අපි හැමොම හේතු පල දහම [පටිච්ච සමුප්පදය]නිවැරදි ලෙස වටහ්හගන සසර දුකෙන් මිදෙමු..ඒ අමා නිවනින් නිවී සැනසෙමු..මා දයාබර ඔයාල හැමෝටම උතුම් තෙරුවන් සරණයි..!

නිවන් මග 12


ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..ඔන්න අදත් අපි හමුවුනා සුපුරුදු දයාබරත්වයෙන් උතුම් ශ්‍රී සත්ධර්මය සමගින්.
.අද අපි බලමු දුක ඇතිවෙන හැටි ගැන වෙනස් විදිහකට..යමෙක් වෙනස් වී යන ක්‍රියාකාරිත්වයක් වෙනස් නොවන ලෙස වැරදියට දැක්කොත් එතන කෙනෙක්,දෙයක් ඈතිවෙනව..අන්න ඒ ලෙසට කෙනෙක්,දෙයක් බවට පත් වීමත් සමගමයි තෘශ්නාව උපදින්නේ.. ඒ සමගම කෙනෙක් දෙයක් වීමත් සමගම වෙනස් වීමත් ඇරබෙනවා..මෙන්න මේ ලෙසට අනිතය පහල වීමත් සමගම අනිත්යයේ නිත්ය සංඤාව පහලා වනවා..මෙසේ අවිද්යාව නිසාම පහල වන්නාවු අනිත්යද,අවිද්‍යාව නිසාම පහලවූ තෘශ්නාවද හේතුවෙනුයි දුක පහල වන්නේ..සසර දුක උපදවන්නාවූ මව් පියන් වන්නේ මේ අවිද්‍යාව සහ තෘශ්නාවමයි..මේ අවිද්යාව විසින් දෙයක් ඇත කිය සංකල්පයක් පහල වීමත් සමගම් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයක්ද පහලවේ..මෙන්න මේ ද්වයතාවය පහලවීමත් සමගම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා වෙනස් වීම නම් වූ ක්‍රියාකාරිත්වයක් හටගනී..මෙහිදී යමෙක් එක් අන්තයකට ඇලීයෑම නිසාම තමන් කැමති ස්වභාවය වෙනස් වී අකමැති ස්වභාවයට පත්වීම නම් වූ අනිත්‍යය පහල වේ..මෙයම දුකට හේතුවද වේ..දුක්ඛාර්ය සත්‍යට අයත් පිය විප්පයෝගෝ දුක්ඛෝ එනම් ප්‍රිය ස්වභාවයෙන් වෙන්වීමෙ දුක නම් මෙයයි..මෙසේ ප්‍රිය ස්වභාවයෙන් ඉවත්වීමත් සමගම අත්විදීමට සිදුවන්නේ තමන් අකමැති ස්වභාවය යි..මෙයනම් අප්පිය සම්පයෝගො දුක්ඛෝ නම් අප්‍රිය තත්වයන් අත්විදීමට සිදු වීමෙ දුකයි..මේ කිසි වක් සිදු වූ යේ තමන් කැමති ලෙස නොවේ..මෙයනම් යං පිච්චං නලභති තම්පි දුක්ඛං නම්වූ කැමති තත්වය නොලැබීමේ දුකයි..දැන් මොකද ඔයාල හිතන්නේ?මොකද්ද ඔය දුකට හේතුව?හොඳින් හිතා බලන්න යමෙක් එක් අන්තයකට ඇලී යෑම නිසාම නේද මේ ඔක්කොකොම දුක් පහල උනේ කියල..
මෙන්න මේ නිසා බුදු රජාණන් වහන්සේ දේශනා කරනාවා අන්ත වල නොඇලුනාවූ මද්‍යම ප්‍රතිපදාව..ඒ නම් ආර්ය අශ්ඨාංගික මාර්ගයයි.
.දැන් ඒ ගැන බලමු..කිසිදු දෘශ්ඨියකට නොබැදුන සම්මා දිට්ඨියද,කැමත්තෙන් මිදීම නම් වූ නෙක්ඛම්මයද අකමැත්තෙන් මිදීම නම් වූ අව්‍යාපාද අවිහිංසා වෙන් යුතු සම්මා සංකප්පයද,ඇලීම් ගැටීම් වලින් මිදී වචන පාවිච්චි කිරීම නන් වූ සම්මා වාචා ද,ඇලීම් ගැටීම් වලින් මිදී කරනු ලබන කායික ක්‍රියා නම් වූ සම්මා කම්මන්ත ද,අලීම් ගැටීම් වලින් මිදී දිවි පැවෑත්ම නම් වූ සම්මා ආජීවයද,ඇලීම් ගැටීම් වලින් මිදී සිහිය පැවත්වීම නම්වූ සම්මා සතියද, මේ කියපු මාර්ගාංග පවත්වාගන යෑමට අවශ්ය උත්සාහය නම් වූ සම්ම වායාමද,මුලින් කිව් කාරනා සම්පූර්න වීම නිසා ඇතිවූ සිතේ එකගකම් නම් වූ සම්මා සමාධිය ටයි මද්‍යම ප්‍රතිපදාව කියන්නේ..මෙන්න මේ ලෙසට අන්ත අත හරිමින් මාර්ගය වඩන්නාට අවසානයේ අන්ත වලින් මිදීමට පුලුවන් වෙනවා.. අන්තයන් ගෙන් මිදීම නිසා අන්තයන් දෙක අතර වෙනස් වීම නම් වූ අනිත්‍යයයෙන් ද මිදෙයි..ඒ නිසාම දුකෙන් මිදීමද සිදුවේ..පින්වත් මිතුරු මිතුරියනි ඔබද අපද මේ අන්තයන්ගෙන් මිදී සදා සැනසීම නම් වූ ඒ අමා නිවන් සුවයට පත්වීමට අද අදම උත්සාහ කරමු.. පින්වත් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි..!

විදසුන් ඇස11


තෙරුවන් සරණයි පින්වත් මිතුරු මිතුරියනේ..සුන්දර උදෑසනක යලිත් අප හමුවන්නේ උතුම් සත්ධර්මය සමගින්..මිතුරු මිතුරියනේ..අපට සත්ධර්මය ඕනැ වෙන්නෙ ඇයි..අපි සසර දුකින් පෙලෙන නිසා නේද?දැන් අපි බලමු කොහොමද මේ දුක ඇති වෙන්නේ..කොහොමද මේ දුක නැති කරගන්නේ කියල..මේ දුක ඇති වෙන්නෙ මෙන්න මේ ආකාරයටයි..අපි යම් දෙයකට හෝ කෙනෙකුට කැමති වෙනවා..ආශා කරනවා..අපි කැමති වන ආශා කරන දෙය හෝ පුද්ගලයා,වෙනස් වෙනවා..නැති වෙලා යනවා..කැඩී බිදී යනවා..මෙන්න මෙ විදියට අපි ආශා කරන දේවල් පුද්ගලයන් අනිත්‍ය වීමෙන් දුක ඇති වෙනවා..මේක මේ විදියටත් කියන්න පුලුවන්..අපි වෙනස් වී යන දෙයට ආශා කිරීමෙනුයි දුක හට ගන්නේ..ඉතිං කොහොමද අපි දුක නැති කර ගන්නේ? ඒක කරන්නේ අපට දුක ඇති වීමට හේතු වූ තත්වයන් නැති කිරීමෙනුයි..දැන් අපි බලමු අපට දුක ඇති වීමට හේතු වූ කරුන වෙනස් කරන්න පුලුවන් කියල..පළවෙනි හේතුව අපි ආශා කරන පුද්ගලයන්, දේවල් වෙනස් වී යෑම..මෙන්න මෙකෙන් ඇතිවෙන දුක අපට නැති කරගන්න පුලුවන් අපි ආශා කරන පුද්ගලයන් දේවල් වෙනස් නොවී පවත්වාගන යන්න පුලුවන්නම්..ඒත් එක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නොවෙයි..දැන් බලමු ඊලග හේතුව.. අපිට පුලුවන් වෙනස් වී යන පුද්ගලයන්ට දේ වලට ආශා නොකර සිටීමට...අන්න ඒකනම් අපට කරන්න පුලුවන් දෙයක්..එහෙම නේද ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..අපට පුලුවන්නම් ..අපට පෙනෙන ඇහෙන..දැනෙන.. හිතෙන හැම අරමුනක්ම වෙනස් වෙලා යන දේවල් හැටියට දකින්න..වෙනස් වෙලා යන දේවල් වලට ආශා කිරීම් දුකක් ලෙස දකින්න..මේ වෙනස් වීම පාලනය කරන්න බැරි දෙයක් ලෙස දකින්න..මෙන්න මෙහෙම දකින්න පුලුවන් උනොත් අපට පුලුවන් වෙනවා වෙනස් වෙන දේ වලට වෙනස්වන පුද්ගලයන්ට ආශා නොකර සිටීමට..අන්න එතකොට දුකට හේතු වූ කාරනය නැති නිසා දුක ඇති වන්නේත් නෑ.. ඉතිං පින්වත් මිතුරු මිතුරියනේ..දුක නිවන මග කියන්නෙත් මෙකටමයි..විදර්ශනාව කියන්නෙත් මෙකටමයි..පටිච්ච සමුප්පාදය  දැකීම කියන්නෙත් මේකටමයි..පින්වත් ඔබ අප හැම දෙනාම් උතුම් ශ්රී සත්ධර්මයේ පමනක් දක්නට ලැබෙන මේ උතුම් විදර්ශනාව වඩා චතුරාර්ය සත්‍යාවබෝධ කොට අමා නිවනින් නිවී සැනසෙමු..ඔයාල හැමෝටටම තෙරුවන් සරණයි..!