බොජ්ජංග හඳුනා ගනිමු..!

තෙරුවන් සරණයි..
සැදැවත් පින්වත් ඔබ සැමට පින්බර වෙසත් සමයක් වේවා යයි පතමින් යලිත් හමුවෙමු මෙසේ අමා සදහම් බිඳක් ඔබ සමග බෙදා ගැනීම සඳහා...අද අපි නිවීම සඳහා යන ගමනේ අත්‍යාවංශ අංගක් වන සප්ත බොජ්ජංග හඳුනා ගනිමු..අප දැන් සප්ත බොජ්ංගයන් හී පළමවෙනි සම්බොජ්ංගය වන සති සංබොජ්ජංගය හඳුනා ගනිමු..සත්‍යාවබෝධයට අත්‍යාවශ්‍ය වන සතිය නම් ධර්මතාවය යනු යම් අරමුනක් ගැනීමේ දී ඒ අරමුණ ඉපදුන බව පැහැදිලිව දැන ගැනීම සහ ඒ ඒ අරමුණු වෙතම අවධානය පැවැත්වීමයි.අපි මේ සමගම දෙවන සංබොජ්ජංගය වන ධම්ම විචය සංබොජ්ජංගයද හඳුනා ගනිමු ..මෙය නම් අරමුනෙහි සැබෑ ස්වභාවය වටහා ගන්නා ධර්ම තාවයයි..අප මේ සඳහා ආනාපානසති කර්මතානය තුලින් බැලුවහොත් එහි හුස්ම ඉහල පහල යන ස්වභාවය ඒ ඒ අවස්ථාවේදීම දැනගන්නා ස්වභාවය සති සම්බොජ්ංගය වන අතර සුසුම් රැල්ලේ හට ගන්නා අවස්ථාව වෙනස්වෙමින් පවතින බව අවස්නි බව..ඒ ඒ අවස්ථාවේ සුසුමේ දිග තෙට බව ආදි තතිවයන් වටහා ගැනීම මෙයි ධම්ම විචය සම්බොජ්ංගයයි..මේ සමගම පහලවන අනෙක් සම්බොජ්ංගයනම් විර්‍ය්‍ය සම්බොජ්ංගයයි.. විර්‍ය්‍ය සම්බොජ්ංගය නම් උපන්නාවූ සති සම්බොජ්ංගයද ධම්ම විචය සම්බොජ්ංගය පවත්වාගන යෑමේ ක්‍රියාකාරිත්වයද මේ සම්බොජ්ංගයන් බිද වැටෙන විට නැවත ඉපදවීමේ ක්‍රියාකාරිත්වයයි..මෙසේ මේ සති සංබොජ්ජංගය ද ධම්ම විචය සංබොජ්ජංගය ද විර්‍ය්‍ය සම්බොජ්ංගය ද ක්‍රියකාරීව පැවතීමේදී ඒ හේතුවෙන් සිත් සතන් පිනායන සහ නීවරණයන් අවරහිර කරන ස්වභාවය වන ප්‍රීති සම්බොජ්ංගය ද සිත කයෙහි අපහසුතා දුරු කොට කායික මානසික පහසුව ඇති කරවන පස්සද්දි විර්‍ය්‍ය සම්බොජ්ංගය ද සිත් සතන් හී විසිරෙන ස්වභවය දුරුකොට එ්කාග්‍රතාව ඇතිකරවන සමාධි විර්‍ය්‍ය සම්බොජ්ංගය ද සිත මධ්‍යස්ත තාවයට පත්කරන උපේක්ෂා විර්‍ය්‍ය සම්බොජ්ංගය ද උපදී..මේ අප විසින් දක්වන ලද්දේ සම්බොජ්ංග නිවැරදිව හඳුනාගැනීමට උපකාරී වාය හැති කෙටි උපදෙස් කිහිපයකි..මේ උතුම් වෙසත් සමයෙහි ඒකායන මාර්ගය වන සති පට්ඨානය වැඩීම තුලින් සප්ත සම්බොජ්ංග උපදවා ගැනීමෙන් උතුම් වූ චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධ කොට ඒ අමා නිවන් සුවයට පත්වෙත්වා
ඔබ සැමට තෙරුවන් සරණයි..!